3. සාධුවග්ගො
3. සාධු වර්ගය
10. 4. 3. 1.
10. 4. 3. 1.
සාධු සුත්තං
සාධු සූත්‍රය
සාධුඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අසාධුඤ්ච, තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස්සාමී’ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
මහණෙනි, තොපට සාධුත්වය හා අසාධුත්‍වය හා දේශනා කරන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ යයි එ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
කතමඤ්ච භික්ඛවෙ අසාධු:
මහණෙනි, අසාධුත්‍වය කවර යත්:
පාණාතිපාතො, අදින්නාදානං, කාමෙසු මිච්ඡාචාරො, මුසාවාදො, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාපො, අභිජ්ඣා, ව්යාපාදො, මිච්ඡාදිට්ඨි. ඉදං වුච්චති භික්ඛවෙ අසාධු.
ප්‍රාණඝාතය අදින්නාදානය කාමයන්හි මිථ්‍යාචාරය, මුසාවාදය, පිශුනාවාචාය, පරුෂවාග්ය, සම්ඵප්‍රලාපය, අභිධ්‍යාය, ව්‍යාපාදය, මිත්යාදෘෂ්ටියයි. මහණෙනි, මෙ අසාධුයයි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ සාධු:
මහණෙනි, සාධුත්වය කවර යත්:
පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී, කාමෙසු මිච්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, පිසුණාය වාචාය වෙරමණී, ඵරුසාය වාචාය වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී, අනභිජ්ඣා, අව්යාපාදො, සම්මාදිට්ඨි.
පණිවායෙන් විරමණය, අයිනාදනින් විරමණය, කාමයන්හි මිථ්‍යාචාරයෙන් විරමණය, මුසාවාදයෙන් විරමණය, පිසුනුබසින් විරමණය, පරොස්බසින් විරමණය, සම්ඵප්‍රලාපයෙන් විරමණය, අනභිධ්යාය, අව්‍යාපාදය, සම්‍යග්දෘෂ්ටියයි.
ඉදං වුච්චති භික්ඛවෙ සාධූතී.
මහණෙනි, මෙ සාධුත්වයයි කියනු ලැබේ.
10. 4. 3. 2.
10. 4. 3. 2.
අරියධම්ම සුත්තං
අරියධම්ම සූත්‍රය
අරියධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අනරියධම්මඤ්ච තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට ආර්ය්යධර්මය ද අනාර්‍ය්‍යධර්‍මය ද දෙසන්නෙමි. එ අසව …
කතමො ච භික්ඛවෙ අනරියො ධම්මො:
මහණෙනි, අනාර්‍ය්‍යධර්‍ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අනරියො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනාර්‍ය්‍යධර්‍මයයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ අරියො ධම්මො:
මහණෙනි, ආර්‍ය්‍ය ධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යග්දෘෂ්ටියයි.
අයං වුච්චති භික්ඛවෙ අරියො ධම්මොති.
මහණෙනි, මේ ආර්‍ය්‍යධර්‍මයයි කියනු ලැබේ.
10. 4. 3. 3.
10. 4. 3. 3.
කුසල සුත්තං
කුසල සූත්‍රය
කුසලඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අකුසලඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට කුසල් ද අකුසල් ද දෙසමි. එ අසවු ...
කතමඤ්ච භික්ඛවෙ අකුසලං:
මහණෙනි, අකුසල කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. ඉදං වුච්චති භික්ඛවෙ අකුසලං.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අකුසලයි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ කුසලං:
මහණෙනි, කුසල කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යග්දෘෂ්ටියයි.
ඉදං වුච්චති භික්ඛවෙ කුසලන්ති.
මහණෙනි, මේ කුසලයි කියනු ලැබේ.
10. 4. 3. 4.
10. 4. 3. 4.
අත්ථ සුත්තං
අර්ත්ථ සූත්‍රය
අත්ථඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අනත්ථඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට අර්ත්ථ හා අනර්‍ත්‍ථ හා දෙසමි. එ අසවු ...
කතමො ච භික්ඛවෙ අනත්ථො:
මහණෙනි, අනර්‍ත්‍ථ කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අනත්ථො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අනර්‍ත්‍ථයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ අත්ථො:
මහණෙනි, අර්ත්ථය කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨීති.
පණිවායෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ අත්ථො ති.
මහණෙනි, මේ අර්‍ත්‍ථයි කියනු ලැබේ.
10. 4. 3. 5.
10. 4. 3. 5.
ධම්ම සුත්තං
ධර්ම සූත්‍රය
ධම්මඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි, අධම්මඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට ධර්ම හා අධර්ම හා දෙසමි. එ අසවු ...
කතමො ච භික්ඛවෙ අධම්මො:
මහණෙනි, අධර්ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ අධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ අධර්‍මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ ධම්මො:
මහණෙනි, ධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියයි.
අයං වුච්චති භික්ඛවෙ ධම්මො ති.
මහණෙනි, මේ ධර්මයි කියනු ලැබේ.
10. 4. 3. 6.
10. 4. 3. 6.
සාසවධම්ම සුත්තං
සාසවධම්ම සූත්‍රය
සාසවඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අනාසවඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, සාස්‍රවධර්‍ම හා අනාස්‍රවධර්‍ම හා දෙසමි. එ අසවු ...
කතමො ච භික්ඛවෙ සාසවො ධම්මො:
මහණෙනි, සාස්‍රවධර්‍ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ සාසවො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ සාස්රවධර්මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ අනාසවො ධම්මො:
මහණෙනි, අනාස්‍රවධර්‍ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
ප්‍රාණඝාතයෙන් විරමණය ... සම්‍යක් දෘෂ්ටියයි.
අයං වුච්චති භික්ඛවෙ අනාසවො ධම්මො ති.
මහණෙනි, මේ අනාස්‍රව ධර්ම යි කියනු ලැබේ.
10. 4. 3. 7.
10. 4. 3. 7.
සාවජ්ජ සුත්තං
සාවද්‍ය සූත්‍රය
සාවජ්ජඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අනවජ්ජඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට සාවද්‍යධර්‍ම හා අනවද්‍යධර්‍ම හා දෙසමි. එ අසවු ...
කතමො ච භික්ඛවෙ සාවජ්ජො ධම්මො:
මහණෙනි, සාවද්‍යධර්‍ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ සාවජ්ජො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ සාවද්‍යධර්‍මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ අනවජ්ජො ධම්මො:
මහණෙනි, අනවද්‍යධර්‍ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම .. සම්‍යක් දෘෂ්ටියයි.
අයං වුච්චති භික්ඛවෙ අනවජ්ජො ධම්මො ති.
මහණෙනි, මේ අනවද්‍යධර්‍මයි කියනු ලැබේ.
10. 4. 3. 8.
10. 4. 3. 8.
තපනීය සුත්තං
තපනීය සූත්‍රය
තපනීයඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අතපනීයඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට තපනීය ධර්ම හා අතපනීයධර්‍ම හා දෙසමි. එ අසවු ...
කතමො ච භික්ඛවෙ තපනීයො ධම්මො:
මහණෙනි, තපනීයධර්‍ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ තපනීයො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි.
කතමො ච භික්ඛවෙ අතපනීයො ධම්මො:
මහණෙනි, අතපනීයධර්‍ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් වෙන්වීම ... සම්‍යක්දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ අතපනීයො ධම්මො ති.
මහණෙනි, මේ අතපනීයධර්‍මයි කියනු ලැබේ.
10. 4. 3. 9.
10. 4. 3. 9.
ආචයගාමී සුත්තං
ආචයගාමී සූත්‍රය
ආචයගාමිඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, අපචයගාමිඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට ආචයගාමීධර්‍ම හා අපචයගාමීධර්‍ම හා දෙසමි. එ අසවු:
කතමො ච භික්ඛවෙ ආචයගාමී ධම්මො:
මහණෙනි, ආචයගාමීධර්‍ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ ආචයගාමී ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටි යි. මහණෙනි, මේ ආචයගාමීධර්‍ම යි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ අපචයගාමී ධම්මො:
මහණෙනි, අපචයාගාමී ධර්ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ අපචයගාමී ධම්මො ති.
මහණෙනි, මේ අපචයගාමීධර්‍ම යි කියනු ලැබේ.
10. 4. 3. 10.
10. 4. 3. 10.
දුක්ඛුද්‍රය සුත්තං
දුක්ඛුද්‍රය සූත්‍රය
දුක්ඛුද්රයඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, සුඛුද්රයඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට දුක්ඛුද්‍රයධර්‍ම හා සුඛුද්‍රයධර්‍ම හා දෙසමි. එ අසවු ...
කතමො ච භික්ඛවෙ දුක්ඛුද්රයො ධම්මො:
මහණෙනි, දුක්ඛුද්‍රයධර්‍ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛුද්රයො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ දුක්ඛුද්රයධර්මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ සුඛුද්රයො ධම්මො:
මහණෙනි, සුඛුද්‍රයධර්‍ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක් දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ සුඛුද්රයො ධම්මො ති.
මහණෙනි, මේ සුඛුද්‍රයධර්‍ම යි කියනු ලැබේ.
10. 4. 3. 11.
10. 4. 3. 11.
දුක්ඛවිපාක සුත්තං
දුක්ඛවිපාක සූත්‍රය
දුක්ඛවිපාකඤ්ච වො භික්ඛවෙ ධම්මං දෙසිස්සාමි, සුඛවිපාකඤ්ච. තං සුණාථ -පෙ-
මහණෙනි, තොපට දුක්ඛවිපාකධර්‍ම හා සුඛවිපාකධර්‍ම හා දෙසමි. එ අසවු ...
කතමො ච භික්ඛවෙ දුක්ඛවිපාකො ධම්මො:
මහණෙනි, දුක්ඛවිපාකධර්‍ම කවරේය යත්:
පාණාතිපාතො -පෙ- මිච්ඡාදිට්ඨි. අයං වුච්චති භික්ඛවෙ දුක්ඛවිපාකො ධම්මො.
ප්‍රාණඝාතය ... මිථ්‍යාදෘෂ්ටියි. මහණෙනි, මේ දුක්ඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
කතමො ච භික්ඛවෙ සුඛවිපාකො ධම්මො:
මහණෙනි, සුඛවිපාකධර්‍ම කවරේය යත්:
පාණාතිපාතා වෙරමණී -පෙ- සම්මාදිට්ඨි.
පණිවායෙන් දුරුවීම ... සම්‍යක්දෘෂ්ටියි.
අයං වුච්චති භික්ඛවෙ සුඛවිපාකො ධම්මො ති.
මහණෙනි, මේ සුඛවිපාකධර්‍මයි කියනු ලැබේ.
සාධුවග්ගො තතියො.
තුන්වැනි සාධූවර්‍ග යි.