න චෙතනාකරණීය සුත‍්තං
11. 1. 2.
11. 1. 2.
න චෙතනාකරණීය සුත‍්තං
න චේතනාය කරණීය සූත්‍රය
සීලවතො භික‍්ඛවෙ සීලසම‍්පන‍්නස‍්ස න චෙතනාය කරණීයං ‘අවිප‍්පටිසාරො මෙ උප‍්පජ‍්ජතූ’ති. ධම‍්මතා ඛො එසා භික‍්ඛවෙ යං සීලවතො සීලසම‍්පන‍්නස‍්ස අවිප‍්පටිසාරො උප‍්පජ‍්ජති.
මහණෙනි, සිල්සපන් සිල්වත්හට ‘මට අවිප්‍රතිසාරය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, සිල්පහන් සිල්වත්හට අවිප්‍රතිසාරය උපදනේය යන, තෙල ධර්‍මතාහෙයිනි.
අවිප‍්පටිසාරිස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං ‘පාමොජ‍්ජං මෙ උප‍්පජ‍්ජතූ’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං අවිප‍්පටිසාරිස‍්ස පාමොජ‍්ජං උප‍්පජ‍්ජති.
මහණෙනි, අවිප්‍රතිසාරය අතියහුට ‘මට ප්‍රමෝදය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, අවිප්‍රතිසාරය ඇතියහුට ප්‍රමෝදය උපදනේය යන තෙල ධර්‍මතා හෙයිනි.
පමුදිතස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං. පීති මෙ උප‍්පජ‍්ජතූ’ති ධම‍්මතා එසා භික‍්ඛවෙ යං පමුදිතස‍්ස පීති උප‍්පජ‍්ජති.
මහණෙනි, ප්‍රමුදිතයාහට ‘මට ප්‍රීතිය උපදීවා’යි චේතනායෙන් කර්‍තව්‍යයෙක් නැත. මහණෙනි, ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදීය යන, තෙල ධර්‍මතා හෙයිනි.
පීතිමනස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං ‘කායො මෙ පස‍්සම‍්භතූති. ධම‍්මතා එසා භික‍්ඛවෙ පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති.
මහණෙනි, ප්‍රීතමනස් ඇත්තාහට ‘මාගේ නාමකාය සන්හිඳේවා’යි චේතනායෙන් කටයුතු නැත. මහණෙනි, ප්‍රීතමනස්කයාගේ කය සන්හිඳෙන්නේ ය යන තෙල ධර්‍මතා හෙයිනි.
පස‍්සද‍්ධකායස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං ‘සුඛං වෙදියාමී’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං පස‍්සද‍්ධකායස‍්ස සුඛං උප‍්පජ‍්ජති.
මහණෙනි, සන්හුන් කය ඇතියහුට ‘සුඛවේදනා විඳිනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සන්හුන් කය ඇතියහුට සුඛය උපදනේ ය යන තෙල ධර්‍මතා හෙයිනි.
සුඛිනො භික‍්ඛවෙ න චෙතනාය කරණීයං ‘චිත‍්තං මෙ සමාධීයතූ’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං සුඛිනො චිත‍්තං සමාධියති.
මහණෙනි, සුඛ ඇතියහුට’මාගේ සිත සමාධි වේවා’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, සුඛ ඇතියහුගේ සිත සමාහිත වේ ය යන තෙල ධර්‍මතායෙක.
සමාහිතස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං ‘යථාභූතං පජානාමි, පස‍්සාමී’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං සමාහිතො යථාභූතං පජානාති පස‍්සති.
මහණෙනි, සමාධිගත සිත් ඇත්තාහට ‘යථාභූත ව දන්මි දක්මි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, සමාධිගත සිතැතියේ යථාභූත ව දන්නේ දක්නේ ය යන තෙල ධර්‍මතායෙක.
යථාභූතං භික‍්ඛවෙ ජානතො පස‍්සතො න චෙතනාය කාරණීයං ‘නිබ‍්බින්‍දාමී’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං යථාභූතං ජානං පස‍්සං නිබ‍්බින්‍දති.
මහණෙනි, යථාභූත ව දන්නා දක්නාහට ‘සසරට කලකිරෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, යථාභූත ව දන්නේ දක්නේ සසර කලකිරෙයි යන, තෙල ධර්‍මතායෙක.
නිබ‍්බින‍්නස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං ‘විරජ‍්ජාමී’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං නිබ‍්බින‍්නො විරජ‍්ජති.
මහණෙනි, නිර්වේදයට පැමිණියහුට ‘විරාගයට පැමිණෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, නිර්විග්න වූයේ නො ඇලේ යන තෙල ධර්‍මතායෙක.
විරත‍්තස‍්ස භික‍්ඛවෙ න චෙතනාය කරණීයං ‘විමුත‍්තිඤාණදස‍්සනං සච‍්ඡිකරොමී’ති. ධම‍්මතා එසා භික‍්ඛවෙ යං විරත‍්තො විමුත‍්තිඤාණදස‍්සනං සච‍්ඡිකරොති.
මහණෙනි, විරක්තයාහට ‘විමුක්තිඥානදර්‍ශනය පසක් කෙරෙමි’යි චේතනායෙන් කරණී නැති. මහණෙනි, විරක්ත වූයේ විමුක්තිඥානදර්‍ශන පසක් කෙරේ යන, තෙල ධර්‍මතායෙකි.
ඉති ඛො භික‍්ඛවෙ විරාගො විමුත‍්තිඤාණදස‍්සනත්‍ථො විමුත‍්තිඤාණදස‍්සනානිසංසො. නිබ‍්බිදා විරාගත්‍ථා විරාගානිසංසා. යථාභූතඤාණදස‍්සනං නිබ‍්බිදත්‍ථං නිබ‍්බිදානිසංසං. සමාධි යථාභූතඤාණදස‍්සනත්‍ථො යථාභූතඤාණදස‍්සනානිසංසො. සුඛං සමාධත්‍ථං සමාධානිසංසං. පස‍්සද‍්ධි සුඛත්‍ථා සුඛානිසංසා. පීති පස‍්සද‍්ධත්‍ථා පස‍්සද‍්ධානිසංසා.
මහණෙනි, මෙසේ විරාගය විමුක්තිඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට ඇත. විමුක්තිඥානදර්‍ශනය අනුසස් කොට ඇත. නිර්වේදය විරාගය අර්‍ත්‍ථ කොට විරාගය අනුසස් කොට ඇත. යථාභූතඥානදර්‍ශනය නිර්වේදය අර්‍ත්‍ථ කොට නිර්වේදය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්‍ශනය අර්‍ත්‍ථ කොට යථාභූතඥානදර්‍ශනය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්‍ත්‍ථ කොට සමාධිය අනුසස් කොට ඇත. ප්‍රශ්‍රබ්ධිය සුඛය අර්‍ත්‍ථ කොට සුඛය අනුසස් කොට ඇත. ප්‍රීතිය ප්‍රශ්‍රබ්ධිය අර්‍ත්‍ථ කොට ප්‍රශ්‍රබ්ධිය අනුසස් කොට ඇත.
පාමොජ‍්ජං පීතත්‍ථං පීතානිසංසං. අවිප‍්පටිසාරො පාමොජ‍්ජත්‍ථො පාමොජ‍්ජානිසංසො. කුසලානි සීලානි අවිප‍්පටිසාරත්‍ථානි අවිප‍්පටිසාරානිසංසානි.
ප්‍රමෝදය ප්‍රීතිය අර්‍ත්‍ථ කොට ප්‍රීතිය අනුසස් කොට ඇත. අවිප්‍රතිසාරය ප්‍රමෝදය අර්‍ත්‍ථ කොට ප්‍රමෝදය අනුසස් කොට ඇත. කුශලශීලයෝ අවිප්‍රතිසාරය අර්‍ත්‍ථ කොට අවිප්‍රතිසාරය අනුසස් කොට ඇත.
ඉති ඛො භික‍්ඛවෙ ධම‍්මා ච ධම‍්මෙ අභිසන්‍දෙන‍්ති. ධම‍්මා ච ධම‍්මෙ පරිපූරෙන‍්ති අපාරා පාරඞ‍්ගමනායාති.
මහණෙනි, මෙසේ ධර්‍මයෝ ම ධර්‍මයන් පවත්වන්නාහ. ධර්‍මයෝ ම මෙ ත්‍රෛභූමික වර්‍තතීරයෙන් නිර්‍වාණ සඞ්ඛ්‍යාත පාරිමතීරයට යනු සඳහා ධර්‍මයන් ද පුරන්නාහයි.