1. නිස්සයවග්ගො අට්ඨකථා
1. නිස්සය වර්ගය
1-6. කිමත්ථිය සුත්තාදිවණ්ණනා
1-6. කිමත්ථිය ආදි සූත්‍ර වර්ණනා
එකාදසකනිපාතස්ස පඨමාදීනි හෙට්ඨා වුත්තනයානෙව. කෙවලඤ්චෙත්ථ ආදිතො පඤ්චසු නිබ්බිදාවිරාගං ද්විධා භින්දිත්වා එකාදසඞ්ගානි කතානි. ඡට්ඨෙ සික්ඛාපච්චක්ඛානං අධිකං.
එකාදසක නිපාතයෙහි පළමු සූත්‍රාදිය යට කියනලද ආකාර ඇත්තේය. එහි හුදෙක් මුලින් සූත්‍ර පසක නිබ්බිදාවිරාගය දෙකට බිඳ අංග එකොළසක් කරනලදි. සවැන්නෙහි ශික්ෂාප්රත්යඛ්යානය අධිකය.
7-8. පඨම සඤ්ඤා සුත්තාදිවණ්ණනා
7-8. පඨම සඤ්ඤා ආදි සූත්‍ර වර්ණනා
සත්තමෙ අත්ථෙන අත්ථොති අත්ථෙන සද්ධිමත්ථො. බ්යඤ්ජනෙන බ්යඤ්ජනන්ති බ්යඤ්ජනෙන සද්ධිං බ්යඤ්ජනං. සංසන්දිස්සතීති සම්පවත්තිස්සති. සමෙස්සතීති සමානං භවිස්සති. න විග්ගය්හිස්සතීති න විරජ්ඣිස්සති. අග්ගපදස්මින්ති නිබ්බානෙ. අට්ඨමෙ පච්චවෙක්ඛණා කථිතා.
සත්වැන්නෙහි දිට්ඨි ආදියයි. අත්ථෙන අත්ථො යනු අර්ත්ථය සමඟ අර්ත්ථයයි, ඛ්යඤ්ජනෙන ඛ්‍යඤ්ජනං යනු ව්‍යඤ්ජනය සමඟ ව්‍යඤ්ජනයයි, සංසන්දිස්සති යනු මනාව පවතියි, සමෙස්සති යනු සමාන වන්නේය, න විග්ගයහිස්සති යනු නොවරදින්නේය, අග්ගපදස්මිං යනු නිවනෙහියි. අටවැන්නෙහි ප්රත්යවෙක්ෂණාව කියන ලදි,
9. සන්ධ සුත්තවණ්ණනා
9. සන්ධ සූත්‍ර වර්ණනාව
නවමෙ දොණියා බද්ධොති යවසස්සදොණියා සමීපෙ බද්ධො. අන්තරං කරිත්වාති අබ්භන්තරෙ කත්වා. ඣායතීති චින්තෙති. පජ්ඣායතීති ඉතො චිතො ච නානප්පකාරකං ඣායති. නිජ්ඣායතීති නිරන්තරවසෙන නිබද්ධං ඣායති. පථවිම්පි නිස්සාය ඣායතීති සමාපත්තියං සනිකන්තිකවසෙනෙතං වුත්තං. සමාපත්තියඤ්හි සනිකන්තිකත්තා එස ඛළුඞ්කො නාම කතො. ආපාදීසුපි එසෙව නයො.
නවවැන්නෙහි දොණියා බද්ධො යනු යව ධාන්‍ය දෙණ (ද්‍රොණිය) සමීපයෙහි බඳනා ලද්දේයි. අන්තරං කරිත්වා යනු ඇතුළත් කොටයි, ඣායති යනු සිතයි, පජ්ඣායති යනු ඔබිනොබින් නොයෙක් දේ සිතයි, (නිජ්ඣායති) යනු අතරක් නැතිව නිබඳව ධ්‍යාන කරයි, පඨවිම්පි නිස්සාය ඣායති සමවතෙහි ඇලුම් කිරීම් වශයෙන් මෙය කියන ලදි. සමවතෙහි ඇලුම්කරන බැවින් මෙය ඛුද්දක නම් කරන ලදි. අපො ආදියෙහි ද මේ ක්‍රමයමයි.
කථඤ්ච සද්ධ ආජානීයඣායිතං හොතීති කථං කාරණාකාරණං ජානන්තස්ස සින්ධවස්ස ඣායිතං හොති. යථා ඉණන්තිආදීසු ඉණසදිසං බන්ධනසදිසං ධනජානිසදිසං කලිසඞ්ඛාතමහාපරාධසදිසඤ්ච කත්වා අත්තනො අභිමුඛස්ස පතොදස්ස අජ්ඣොහරණසඞ්ඛාතං පතනං විපස්සතීති අත්ථො. නෙව පථවිං නිස්සාය ඣායතීති සමාපත්තිසුඛනිකන්තියා අභාවෙන පථවිආරම්මණාය චතුක්කපඤ්චකජ්ඣානසඤ්ඤාය න ඣායති, නියන්තියා අභාවෙනෙව සො ආජානීයො නාම හොතීති. ඣායති ච පනාති නිබ්බානාරම්මණාය ඵලසමාපත්තියා ඣායති. පථවියං පථවිසඤ්ඤා විභූතා හොතීති පථවාරම්මණෙ උප්පන්නා චතුක්කපඤ්චකජ්ඣානසඤ්ඤා විභූතා පාකටා හොති. “විභූතා, භන්තෙ, රූපසඤ්ඤා අවිභූතා අට්ඨිකසඤ්ඤා”ති ඉමස්මිඤ්හි සුත්තෙ සමතික්කමස්ස අත්ථිතාය විභූතතා වුත්තා, ඉධ පන විපස්සනාවසෙන අනිච්චදුක්ඛානත්තතො දිට්ඨත්තා විභූතා නාම ජාතා. ආපොසඤ්ඤාදීසුපි එසෙව නයො. එවමෙත්ථ හෙට්ඨා විය සමාපත්තිවසෙන සමතික්කමං අවත්වා විපස්සනාචාරවසෙන සමතික්කමො වුත්තො. එවං ඣායීති එවං විපස්සනාපටිපාටියා ආගන්ත්වා උප්පාදිතාය ඵලසමාපත්තියා ඣායන්තො.
කථඤ්ච සන්ධ ආජානීයඣායිතං හොති යනු කෙසේ කරුණු නොකරුණු දන්නා අශ්වයා පිළිබඳව සිතන ලද්දේ වෙයිද? යථා ඉණං යනාදියෙහි ණයක් මෙන් බැඳීමක් මෙන් හානියක් මෙන් කලිනම්වූ මහා අපරාධයක් මෙන් කොට තමා ඉදිරියෙහි වූ කෙවිටේ ගිලීම නම්වූ වැටීම දකියි යන අරුත්ය. නෙව පඨවිං නිස්සාය ඣායති යනු සමවත් සුව ඇල්ම නැතිවීමෙනි, පඨවි අරමුණ ඇති චතුෂ්ක පඤ්චක ධ්‍යාන සංඥාවෙන් ධ්‍යාන නොකරයි, ඇල්ම නැතිබැවින්ම ශ්‍රේෂ්ඨයෙක් නම් වේයයි පැහැදිව ධ්‍යාන කරයි. නිවන් අරමුණු කොට ඇති ඵලසමවතින් ධ්‍යාන කරයි, පඨවියං පඨවි සඤ්ඤා විභුතා හොති යනු පඨවි අරමුණෙන් උපන් චතුෂ්ක පඤ්චක ධ්‍යාන සංඥාව ප්‍රකට වෙයි. “විභුතා භන්තෙ රූපසඤ්ඤා අවිභුතා අට්ඨිකසඤ්ඤා” යන මේ සූත්‍රයෙහි සමතික්‍රමය (ඉක්මවීම) ඇති බැවින් පැහැදිලි බව කියන ලදි. මෙහි විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දුටු බැවින් විභූත නම් විය. ආපොසංඥාදියෙහි ද මේ ක්‍රමයමයි, මෙසේ මෙහි යට මෙන් සමවත් වශයෙන් ඉක්මීම නොකියා විදර්ශනාචාර වශයෙන් සමතික්‍රමය (ඉක්මීම) කියන ලදි. එවංඣායී යනු මෙසේ විදසුන් පිළිවෙලින් අවුත් උපදවනලද ඵලසමාපත්තියෙහි ධ්‍යාන කරයි.
10. මොරනිවාප සුත්තවණ්ණනා
10. මොරනිවාප සූත්‍ර වර්ණනාව
දසමෙ අච්චන්තනිට්ඨොති අන්තං අතීතත්තා අච්චන්තසඞ්ඛාතං අවිනාසධම්මං නිබ්බානං නිට්ඨා අස්සාති අච්චන්තනිට්ඨො. ඉමිනා නයෙන සෙසපදානි වෙදිතබ්බානි. ජනෙතස්මින්ති ජනිතස්මිං, පජායාති අත්ථො. යෙ ගොත්තපටිසාරිනොති යෙ ජනා තස්මිං ගොත්තෙ පටිසරන්ති “අහං ගොතමො, අහං කස්සපො”ති, තෙසු ලොකෙ ගොත්තපටිසාරීසු ඛත්තියො සෙට්ඨො. අනුමතා මයාති මම සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සද්ධිං සංසන්දෙත්වා දෙසිතා මයා අනුඤ්ඤාතා. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
දසවැන්නෙහි අච්චන්තනිට්ඨො යනු අන්තය ඉක්මවන ලද්දා වූ අත්‍යන්ත නම්වූ විනාශ නොවන ධර්මය වන නිවන මොහුගේ නිෂ්ඨාව යයි අච්චන්තනිට්ඨො නමි. මේ ක්‍රමයෙන් සෙසු පද දතයුතුය. ජනෙතසමිං යනු ජනතාවෙහියි, ප්‍රජාව යන අරුත්ය. යෙ ගොත්තපටිසාරිනො යනු යම් මිනිස්සු මම ගෞතමය. මම කාශ්‍යපයි ඒ ගොත්‍රයෙහි උපදිත්ද, ලෝකයෙහි ඒ ගෝත්‍රය පිළිපන්නවුන් අතුරෙහි ක්ෂත්රියයා ශ්‍රේෂ්ඨය, අනුමතා මයා යනු මගේ සියල්දත් නුවණින් සසඳා දෙසන ලදි. මවිසින් අනුදන්නා ලදි. සෙස්ස සියලු තැන පැහැදිලි අරුත් ඇත්තේය.
නිස්සයවග්ගො පඨමො.
පළමු නිස්සය වර්ගයයි.