දුතිය උපනිස සුත්තං
11. 1. 4.
11. 1. 4.
දුතිය උපනිස සුත්තං
දුතිය උපනිස සූත්‍රය
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි ‘ආවුසො භික්ඛවො’ති. ‘ආවුසො’ති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි,”යි භික්ෂූන් ඇමතූහ. “ඇවැත්නි”යි එ මහණහු ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
දුස්සීලස්ස ආවුසො සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ අසති පාමොජ්ජවිපන්නස්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන්නස්ස හතූපනිසා හොති පස්සද්ධි. පස්සද්ධියා අසති පස්සද්ධි විපන්නස්ස හතූපනිසං හොති සුඛං. සුඛෙ අසති සුඛවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසා හොති නිබ්බිදා. නිබ්බිදාය අසති නිබ්බිදාවිපන්නස්ස හතූපනිසො හොති විරාගො. විරාගෙ අසති විරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං.
ඇවැත්නි, සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම නට අවිප්‍රතිසාරය ඇතියහුගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රමෝදය නැතිවත් ම ප්‍රමොදවිපන්නයාගේ ප්‍රීතිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. ප්‍රීතිය නැතිවත් ම ප්‍රීතිවිපන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. ප්‍රශ්‍රබ්ධිය නැතිවත් ම ප්‍රශ්‍රබ්ධිවිපන්නයාගේ සුඛය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සුඛ නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම යථාභූතඥානදර්‍ශනවිපන්නයාගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම නිර්වේදවිපන්නයාගේ විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. විරාගය නැතිවත් ම විරාගවීපන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
සෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසවිපන්නො තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි -පෙ- ඵෙග්ගුපි -පෙ- සාරොපි -පෙ- න පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො දුස්සීලස්ස සීලවිපන්නස්ස හතූපනිසො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ අසති අවිප්පටිසාරවිපන්නස්ස හතූපනිසං හොති පාමොජ්ජං -පෙ- විමුත්තිඤාණදස්සනං.
ඇවැත්නි, යම් පරිද්දෙකින් අතු-පත් විපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන්බවට නො යෙයි. සිවිදු … බොරුදු … හරදු පිරිපුන්බවට නො යෙයි. ඇවැත්නි, ඒ පරිදි ම සිල්විපන් දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතිවෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම අවිප්‍රතිසාරවිපන්නයාගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇති වෙයි -පෙ- විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.
සීලවතො ආවුසො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො. අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං. පාමොජ්ජෙ සති පාමොජ්ජ සම්පන්නස්ස උපනිසසම‍්පන‍්නා හොති පීති. පීතියා සති පීතිසම්පන්නස්ස උපනිසසම‍්පන‍්නා හොති පස්සද්ධි. පස්සද්ධියා සති පස්සද්ධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම‍්පන‍්නා හොති නිබ්බිදා. නිබ්බිදාය සති නිබ්බිදාසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති විරාගො. විරාගෙ සති විරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං.
ඇවැත්නි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම ප්‍රශ්‍රබ්ධිසම්පන්නයාගේ සුඛය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සුඛ ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේදසම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගයඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
සෙය්යථාපි ආවුසො රුක්ඛො සාඛාපලාසසම්පන්නො තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි -පෙ- ඵෙග්ගුපි -පෙ- සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙව ඛො ආවුසො සීලවතො සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති අවිප්පටිසාරො, අවිප්පටිසාරෙ සති අවිප්පටිසාරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති පාමොජ්ජං -පෙ- විමුත්තිඤාණදස්සනන්ති.
ඇවැත්නි, යම්සේ අතු - පත් සපන් රුකෙක් වේ නම් එහි පතුරුදු පිරිපුන්බවට යෙයි. සිවිදු ... බොරුදු ... හරදු පිරිපුන් බවට යෙයි. ඇවැත්නි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්රසම්පන්න වෙයි … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.