යෙදුමෙන් කියවන්න

පඨම උපනිස සුත‍්තං

11. 1. 3.

11. 1. 3.

පඨම උපනිස සුත‍්තං

පඨම උපනිස සූත්‍රය

දුස‍්සීලස‍්ස භික‍්ඛවෙ සීලවිපන‍්නස‍්ස හතූපනිසො හොති අවිප‍්පටිසාරො, අවිප‍්පටිසාරෙ අසති අවිප‍්පටිසාරවිපන‍්නස‍්ස හතූපනිසං හොති පාමොජ‍්ජං. පාමොජ‍්ජෙ අසති පාමොජ‍්ජවිපන‍්නස‍්ස හතූපනිසා හොති පීති. පීතියා අසති පීතිවිපන‍්නස‍්ස හතූපනිසා හොති පස‍්සද‍්ධි. පස‍්සද‍්ධියා අසති පස‍්සද‍්ධිවිපන‍්නස‍්ස හතූපනිසං හොති සුඛං. සුඛෙ අසති සුඛවිපන‍්නස‍්ස හතූපනිසො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි අසති සම‍්මාසමාධිවිපන‍්නස‍්ස හතූපනිසං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ අසති යථාභූතඤාණදස‍්සනවිපන‍්නස‍්ස හතූපනිසා හොති නිබ‍්බිදා. නිබ‍්බිදාය අසති නිබ‍්බිදාවිපන‍්නස‍්ස හතූපනිසො හොති විරාගො. විරාගෙ අසති විරාගවිපන‍්නස‍්ස හතූපනිසං හොති විමුත‍්තිඤාණදස‍්සනං.

මහණෙනි, විපන්සිල් ඇති දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම නට අවිප්‍රතිසාර ඇත්තහුගේ ප්‍රමෝදය නට කරුණු ඇතියේ වෙයි. ප්‍රමෝදය නැතිවත් ම නට ප්‍රමෝද ඇතියහුගේ ප්‍රීති තොමෝ නට උපනිඃශ්‍රය ඇත්තී වෙයි. ප්‍රීතිය නැතිවත් ම විපන් ප්‍රීතිඇතියහුගේ ප්‍ර‍්‍රශ්‍රබ්ධි තොමෝ නට උපනිඃශ්‍රය ඇත්තී වෙයි. ප්‍ර‍්‍රශ්‍රබ්ධිය නැතිවත් ම විපන් ප්‍ර‍්‍රශ්‍රබ්ධි ඇතියහුගේ සුඛය නටමුල් වෙයි. සුඛ නැතිවත් ම සුඛවිපන්නයාගේ සම්‍යක්සමාධිය නට උපනිඃශ්‍රය ඇති වෙයි. සම්‍යක්සමාධිය නැතිවත් ම සම්‍යක්සමාධිවිපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය නැතිවත් ම විපන් යථාභූතඥානදර්‍ශනය ඇතියහුගේ නිර්වේදය නට උපනිඃශ්‍රය ඇති වෙයි. නිර්වේදය නැතිවත් ම විපන් නිර්වේද ඇත්තහුගේ විරාගය නට උපනිඃශ්‍රය ඇති වෙයි. විරාගය නැතිවත් ම විපන් විරාග ඇතියහුගේ විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇති වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ රුක‍්ඛො සාඛාපලාසවිපන‍්නො තස‍්ස පපටිකාපි න පාරිපූරිං ගච‍්ඡති. තචොපි -පෙ- ඵෙග‍්ගුපි -පෙ- සාරොපි න පාරිපූරිං ගච‍්ඡති.

මහණෙනි, යම් පරිද්දෙන් විපන් අතුපත් ඇති වෘක්‍ෂයෙක් වේ නම් එ රුක්හුගේ පතුරුදු පරිපූර්‍ණභාවයට නො යෙයි. සිවිදු ... බොරුදු ... හර ද පරිපූර්‍ණභාවයට නො යෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ දුස‍්සීලස‍්ස සීලවිපන‍්නස‍්ස හතූපනිසො හොති අවිප‍්පටිසාරො. අවිප‍්පටිසාරෙ අසති අවිප‍්පටිසාරවිපන‍්නස‍්ස හතූපනිසං හොති පාමොජ‍්ජං. පාමොජ‍්ජෙ -පෙ- හතූපනිසං හොති යථාභූතඤාණදස‍්සනං.

මහණෙනි, එ පරිද්දෙන් ම විපන්සිල් ඇති දුසිල්හුගේ අවිප්‍රතිසාරය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. අවිප්‍රතිසාරය නැතිවත් ම විපන් අවිප්‍රතිසාරය ඇතියහුගේ ප්‍රමෝදය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි. -පෙ- විමුක්තිඥානදර්‍ශනය නට උපනිඃශ්‍රය ඇතියේ වෙයි.

සීලවතො භික‍්ඛවෙ සීලසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති අවිප‍්පටිසාරො. අවිප‍්පටිසාරෙ සති අවිප‍්පටිසාරසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති පාමොජ‍්ජං. පාමොජ‍්ජෙ සති පාමොජ‍්ජසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නා හොති පීති. පීතියා සති පීතිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නා හොති පස‍්සද‍්ධි. පස‍්සද‍්ධියා සති පස‍්සද‍්ධිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති සුඛං. සුඛෙ සති සුඛසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති සම‍්මාසමාධි. සම‍්මාසමාධිම‍්හි සති සම‍්මාසමාධිසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති යථාභූතඤාණදස‍්සනං. යථාභූතඤාණදස‍්සනෙ සති යථාභූතඤාණදස‍්සනසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නා හොති නිබ‍්බිදා. නිබ‍්බිදාය සති නිබ‍්බිදාසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නා හොති විරාගො. විරාගෙ සති විරාගසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති විමුත‍්තිඤාණදස‍්සනං.

මහණෙනි, සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රමෝදය ඇතිවත් ම ප්‍රමෝදසම්පන්නයාගේ ප්‍රීතිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍රීතිය ඇතිවත් ම ප්‍රීතිසම්පන්නයාගේ ප්‍ර‍්‍රශ්‍රබ්ධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ප්‍ර‍්‍රශ්‍රබ්ධිය ඇතිවත් ම සුඛය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නයාගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධි, සම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදය ඇතිවත් ම නිර්වේදසම්පන්නයාගේ විරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. විරාගය ඇතිවත් ම විරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.

සෙය්‍යථාපි භික‍්ඛවෙ රුක‍්ඛො සාඛාපලාසසම‍්පන‍්නො තස‍්ස පපටිකාපි පාරිපූරිං ගච‍්ඡති, තචොපි -පෙ- ඵෙග‍්ගුපි -පෙ- සාරොපි පාරිපූරිං ගච‍්ඡති. එවමෙව ඛො භික‍්ඛවෙ සීලවතො සීලසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නො හොති අවිප‍්පටිසාරො, අවිප‍්පටිසාරෙ සති අවිප‍්පටිසාරසම‍්පන‍්නස‍්ස උපනිසසම‍්පන‍්නං හොති පාමොජ‍්ජං -පෙ- විමුත‍්තිඤාණදස‍්සනන‍්ති.

මහණෙනි, යම් සෙයෙකින් අතුපත් සපන් වෘක්‍ෂයෙක් වේ නම්, එ රුක්හුගේ පතුරුදු පිරිපුන්බවට යෙයි. සිවිදු … බොරුදු ... හරදු පිරිපුන්බවට යෙයි. මහණෙනි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හුගේ අවිප්‍රතිසාරය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. අවිප්‍රතිසාරය ඇතිවත් ම අවිප්‍රතිසාරසම්පන්නයාගේ ප්‍රමෝදය … විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.