සන්ධ සුත්තං
11. 1. 9.
11. 1. 9.
සන්ධ සුත්තං
සන්ධ සූත්‍රය
එකං සමයං භගවා නාදිකෙ විහරති ගිඤ්ජකාවසථෙ අථ ඛො ආයස්මා සන්ධො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සන්ධං භගවා එතදවොච:
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නගර සමීපයෙහි වූ ගිඤ්ජකාවස්ථයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් සන්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සන්ධ තෙරුන්හට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
ආජානීයජ්ඣායිතං සන්ධඣාය, මා ඛලුඞ්කජ්ඣායිතං. කථඤ්ච ඛලුඞ්කජ්ඣායිතං හොති:
සන්‍ධයෙනි, ආජානේයධ්‍යායිතය සිතව, අස්ගුණ්ඩයාගේ ධ්‍යායිතය නහමක් සිතව, සන්‍ධයෙනි, අස්ගුණ්ඩයාගේ ධ්‍යායිතය කිසෙයින් වේ ය යත්:
අස්සඛලුඞ්කො හි සන්ධ දොණියා බද්ධො ‘යවසං යවසන්ති’ ඣායති, තං කිස්ස හෙතු: න හි සන්ධ අස්සඛලුඞ්කස්ස දොණියා, බුද්ධස්ස එවං හොති, කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති? කිමස්සාහං පතිකරොමී’ති? සො දොණියා බද්ධො ‘යවසං යවසන්ති, ඣායති.
සන්‍ධයෙනි, සත්ත්වාහාර බවන දෙණ සමීපයෙහි බඳනා ලද අස්ගුණ්ඩයා වනාහි ‘යවස, යවස’යි සිතනේ ය. එ කවර හෙයින යත්: සන්‍ධයෙනි, යචස බහන දෙණ හමුයෙහි බැඳුණු අස්ගුණඩහට මෙබඳු සිතෙක් නො වෙ යි: ‘අස්දම්සැරි අද මා ලවා කිනම් කරුණක් කරවන්නේ ද? මම අද ඔහට කුමක් පෙරළා කරනෙම් දැ’යි (කියායි). හේ දෙණ වෙත බැඳුණේ ‘යවස, යවසැ’ යි සිතනේ ය,
එවමෙව ඛො සන්ධ ඉධෙකච්චො පුරිසඛලුඞ්කො අරඤ්ඤගතොපි රුක්ඛකමූලගතොපි සුඤ්ඤාගාරගතොපි කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සො කාමරාගං යෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති, අපජ්ඣායති. ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති - ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති - උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති - විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡා පරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති. සො විචිකිච්ඡං යෙව අන්තරං කරිත්වා ඣායති පජ්ඣායති නිජ්ඣායති අපජ්ඣායති. සො පඨවිම්පි නිස්සාය ඣායති, ආපම්පි නිස්සාය ඣායති, තෙජම්පි නිස්සාය ඣායති, වායම්පි නිස්සාය ඣායති, ආකාසානඤ්චායතනම්පි නිස්සාය ඣායති, විඤ්ඤාණඤ්චායතනම්පි නිස්සාය ඣායති, ආකිඤ්චඤ්ඤායතනම්පි නිස්සාය ඣායති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනම්පි නිස්සාය ඣායති, ඉධ ලොකම්පි නිස්සාය ඣායති, පරලොකම්පි නිස්සාය ඣායති, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය ඣායති. එවං ඛො සන්ධ පුරිසඛලුඞ්කජ්ඣායිතං හොති.
සන්‍ධයෙනි, එ පරිද්දෙන් ම මෙ සස්නෙහි ඇතැම් පුරුෂගුණ්ඩයෙක් වලට ගියේ වේව යි, රුක්මුලට ගියේ වේව යි, ශූන්‍යාගාරයට ගියේ වේව යි, කාමරාගයෙන් ගන්නා ලද කම්රාඅනුගිය සිතින් වාසය කරයි. උපන්නා වූ ද කාමරාගයාගේ නිඃසරණය ඇතිසැටියෙන් නො දන්නේ ය. හේ කාමරාගය අභ්‍යන්තරයෙහි කොට ධ්‍යාන කෙරෙයි. ප්රධ්යාන කෙරෙයි නිබඳ කොට ධ්‍යාන කෙරෙයි, බැස ගෙන සිතයි, ව්‍යාපාදයෙන් ගත් සිතින් වාසය කරයි -- සත්‍යානමිද්ධයෙන් ගත් සිතින් වාසය කරයි -- ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් ගත් සිතින් වාසය කරයි -- විචිකිත්සායෙන් ගත් විචිකිත්සායෙන් මැඩුණු සිතින් වාසය කරයි. උපන්නා වූ ද විචිකිත්සාහුගේ නිඃසරණය ඇතිසැටියෙන් නො දන්නේ ය, හේ විචිකිත්සාව ම අභ්‍යන්තරයෙහි කොට (ලා) සිතන්නේ ය, නානාප්‍රකාරයෙන් සිතන්නේ ය, නිබඳකොට සිතන්නේ ය, බැස සිතන්නේ ය, හේ පෘථිවීකෘත්ස්නධ්යානය ද නිසා ධ්‍යාන කරන්නේය -- අප්කෘත්ස්නධ්යානය ද නිසා සිතන්නේ ය - තේජස්කෘත්ස්නධ්යානය ද නිසා සිතන්නේ ය. වායුකාත්ස්නධ්යානය ද නිසා සිතන්නේ ය -- ආකාසානඤ්චායතනධ්‍යානය ද සිතන්නේ ය -- විඤ්ඤානඤ්චායතනධ්යානය ද නිසා සිතන්නේ ය -- ආකිඤ්චඤ්ඤායතනධ්‍යානය ද නිසා සිතන්නේ ය, පරලෝකය ද නිසා සිතන්නේ ය. යම් බඳු සිතන්නේ ය ඉහප්රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එය ද නිසා සිතන්නේ ය. සන්‍ධයෙනි, මෙසෙයින් පුරුෂ ඛලුඞ්කධ්යාධිතය වෙයි.
කථඤ්ච සන්ධ ආජානීයජ්ඣායිතං හොති: භද්රො හි සන්ධ අස්සාජානීයො දොණියා බද්ධො න යවසං යවසන්ති ඣායති. තං කිස්ස හෙතු: භද්රස්ස හි සන්ධ අස්සාජානීයස්ස දොණියා බුද්ධස්ස එවං හොති: කිං නු ඛො මං අජ්ජ අස්සදම්මසාරථි කාරණං කාරෙස්සති? කිමස්සාහං පතිකරොමී’ති? සො දොණියා බද්ධො න යවසං යවසන්ති ඣායති. භද්රොහි සන්ධ අස්සාජානීයො යථා ඉණං යථා බද්ධං යථා ජානිං යථා කලිං, එවං පතොදස්ස අජ්ඣොහරණං සමනුපස්සති.
සන්‍ධයෙනි, භද්‍ර වූ ආජානේයධ්‍යායිතය කෙසේ වේ ය යත්: සන්‍ධයෙනි, අශ්වාජානේයයා සත්ත්වාහාර බහන දෙණ සමීපයෙහි බඳනාලදුයේ ‘යවස, යවසැ’යි නො සිතන්නේ ය. එ කවර හෙයින යත්: සන්‍ධයෙනි, දෙණ සමීපයෙහි බඳනා ලද භද්‍ර වූ අශ්වාජානේයයාට මෙබඳු සිතෙක් වෙයි: අද මා ලවා අස්දම්සැරි කුමක් කරවන්නේ ද? ඔහට මම් අද කුමක් පෙරළා කරනෙම් දැ”යි (කියායි), හේ දෙණ හමුයෙහි බඳනා ලදුයේ ‘යවස, යවසැ’යි නො සිතන්නේ ය. සන්‍ධයෙනි, භද්‍ර වූ අශ්වාජානේයයා වනාහි ප්රතොදයාගේ අධ්යවහරණ සඞ්ඛ්‍යාත පතනය සාණ සදෘස කොට බන්ධන සදෘස කොට හානි සදෘස කොට මහාපරාධ සදෘස කොට මෙසේ මොනවට දක්නේ ය.
එවමෙව ඛො සන්ධ භද්රො පුරිසාජානීයො අරඤ්ඤගතොපි රුක්ඛමූලගතොපි සුඤ්ඤාගාරගතොපි න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති.
සන්‍ධයෙනි, එ පරිද්දෙන් ම භද්‍ර වූ පුරුෂාජානේයයා වලට ගියේ වේවයි රුක්මුලට ගියේ වේව යි ශූන්‍යාගාරයට ගියේ වේවයි කාමරාගයෙන් ගත් මඩනා ලද සිතින් වාසය නො කරයි. උපන්නා වූ ද කාමරාගයාගේ නිඃසරණය ඇතිසැටියෙන් දන්නේ ය.
න ව්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- න ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති -පෙ- න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති න විචිකිච්ඡා පරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. සො නෙව පඨවිං නිස්සාය ඣායති. න ආපං නිස්සාය ඣායති, න තෙජං නිස්සාය ඣායති, න වායං නිස්සාය ඣායති, න ආකාසානඤ්චායතනං නිස්සාය ඣායති, න විඤ්ඤාණඤ්චායතනං නිස්සාය ඣායති, න ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය ඣායති, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය ඣායති, න ඉධ ලොකං නිස්සාය ඣායති, න පරලොකං නිස්සාය ඣායති. යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තම්පි නිස්සාය න ඣායති, ඣායති ච පන එවං ඣායිඤ්ච පන සන්ධ භද්‍රං පුරිසාජානීයං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති:
ව්‍යාපාදයෙන් මඩනා ලද, සිතින් වාසය නො කෙරෙයි -- සත්‍යානමිද්ධයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් මඩනා ලද සිතින් වාසය නො කෙරෙයි -- විචිකිත්සායෙන් මඩනා ලද විචිකිත්සායෙන් යටකළ සිතින් වාසය නො කරයි උපන්නා වූ ද විචිකිත්සාවගේ නිඃසරණය තතු සේ දන්නේ ය. හේ පෘථිවිය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආපය නිසා නොම ධ්‍යාන කෙරෙයි, තේජස් නිසා නොම ධ්‍යාන කෙරෙයි, වායු නිසා නොම ධ්‍යාන කෙරෙයි, ආකාසානඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, විඤ්ඤාණඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා නොම ධ්‍යාන කෙරෙයි, ඉහලොකය නිසා නොම ධ්‍යාන කෙරෙයි, පරලෝකය නිසා නො ම ධ්‍යාන කෙරෙයි, යම් ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා නො ම ධ්‍යාන කෙරෙයි. එතෙකුදුවත් ධ්‍යාන කෙරෙයි. සන්‍ධයෙනි, භද්‍ර වූ පුරුෂාජානේයයා ඉන්ද්රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදී ම නමදනාහ:
නමො තෙ පුරිසාජඤ්ඤ - න මො තෙ පුරිසුත්තම යස්ස තෙ නාභිජානාම - යම්පි නිස්සාය ඣායසී ති.
“යම් ම අරමුණක් නිසා ධ්‍යානය කරහු නම් තොපගේ එ අරමුණ නො දනුමෝ නම්, පුරුෂාජානේයයෙනි, තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමයෙනි තොපට නමස්කාර වේවා”යි
එවං වුත්තෙ ආයස්මා සන්ධො භගවන්තං එතදවොච:
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සන්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ.
කථං ඣායී පන භන්තෙ භද්රො පුරිස ජානීයො ඣායති, සො නෙව පඨවිං නිස්සාය ඣායති, න ආපං නිස්සාය ඣායති, න තෙජං නිස්සාය ඣායති, න වායං නිස්සාය ඣායති, න ආකාසානඤ්චායතනං නිස්සාය ඣායති, න විඤ්ඤාණඤ්චායතනං නිස්සාය ජායති, න ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය ඣායති, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය ඣායති, න ඉධ ලොකං නිස්සාය ඣායති, න පරලොකං නිස්සාය ඣායති. යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය ඣායති. ඣායති ච පන කථං ඣායිඤ්ච පන භන්තෙ භද්‍රං පුරිසාජානීයං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති?
වහන්ස, ධ්‍යාන කරන සුලු භද්‍ර වූ ඒ පුරුෂාජානේයයා පෘථිවීකෘත්ස්නය නිසා ධ්‍යාන නො කරන්නේ නම් ආපය නිසා ධ්‍යාන නොකරන්නේ නම් තේජස් නිසා ධ්‍යාන නො කරන්නේ නම්, වායු නිසා ධ්‍යාන නො කරන්නේ නම්, ආකාසානඤ්චායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, විඤ්ඤාණඤ්චායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, ආකිඤ්චඤ්ඤායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා ධ්‍යාන නො කරන්නේ නම් ඉහ ලෝකය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, පරලෝකය නිසා ධ්‍යාන නො කරන්නේ නම්, යම් ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා ධ්‍යාන නො කෙරේ නම් වැලි ධ්‍යාන කරන්නේත් වේ නම්, කෙසේ නම් ධ්‍යාන කරන්නේ ද, වහන්ස, කෙසේ ධ්‍යාන කරණ සුලු පුරුෂාජානේයයා ඉන්ද්රයා සහිත බ්‍රහ්මයා සහිත ප්‍රජාපති සහිත දෙවියෝ දුරදී ම නමස්කාර කරන්නාහු ද?
නමො තෙ පුරිසාජඤ්ඤ - නමො තෙ පුරිසුත්තම යස්ස තෙ නාභිජානාම - යම්පි නිස්සාය ඣායසී ති.
“යම් ම අරමුණක් නිසා ධ්‍යාන කරන්නහු නම්, තොපගේ අරමුණ නො දනුමෝ නම්, පුරුෂාජානේයයෙනි,, තොපට නමස්කාර වේවා, පුරුෂෝත්තමය, තොපට නමස්කාර වේවා”යි.
ඉධ සන්ධ භද්රස්ස පුරිසජානීයස්ස පඨවියා පඨවිසඤ්ඤා විභූතා හොති, ආපස්මිං ආපොසඤ්ඤා විභූතා හොති, තෙජස්මිං තෙජොසඤ්ඤා විභූතා හොති, වායස්මිං වායොසඤ්ඤා විභූතා හොති, ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤා විභූතා හොති, විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා විභූතා හොති, ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා විභූතා හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤා විභූතා හොති, ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤා විභූතා හොති, පරලොකෙ පරලොකසඤ්ඤා විභූතා හොති. යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා තත්රාපි සඤ්ඤා විභූතා හොති එවං ඣායී ඛො සන්ධ භද්රො පුරිසාජානීයො නෙව පඨවිං නිස්සාය ඣායති, න ආපං නිස්සාය ඣායති, න තෙජං නිස්සාය ඣායති, න වායං නිස්සාය ඣායති, න ආනාසානඤ්චායතනං නිස්සාය ඣායති, න විඤ්ඤාණඤ්චායතනං නිස්සාය ඣායති, න ආකිඤ්චඤ්ඤායතනං නිස්සාය ඣායති, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනං නිස්සාය ඣායති, න ඉධලොකං නිස්සාය ඣායති, න පරලොකං නිස්සාය ඣායති, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම්පි නිස්සාය න ඣායති, ඣායති ච පන එවං ඣායිඤ්ච පන සන්ධ භද්‍රං පුරිසාජානීයං සඉන්දා දෙවා සබ්රහ්මකා සපජාපතිකා ආරකාව නමස්සන්ති:
සන්‍ධයෙනි, මෙ සස්නෙහි භද්‍ර වූ පුරුෂාජානේයයාහට පෘථිවීකෘත්ස්නයෙහි (චතුෂ්ක, පඤ්චක) පෘථිවීධ්යානසංඥාව ප්‍රකට වෙයි. ආපයෙහි ආප්සංඥාව ප්‍රකට වෙයි. තේජස්හි තේජස්සංඥාව ප්‍රකට වෙයි. වායුයෙහි වායුසංඥාව ප්‍රකට වෙයි. ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතන සංඥාව ප්‍රකට වෙයි. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥාව ප්‍රකට වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥාව ප්‍රකට වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාව ප්‍රකට වෙයි. ඉහලෝකයෙහි ඉහලෝකසංඥාව ප්‍රකට වෙයි, පරලෝකයෙහි පරලෝක සංඥාව ප්‍රකට වෙයි. යම් මේ ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහි දු සංඥාව ප්‍රකට වෙයි. සන්‍ධයෙනි, මෙසේ සිතන සුලු භද්‍ර වූ පුරුෂාජානේය තෙම පෘතුවිය නිසා ම ධ්‍යාන නො කරන්නේය, ආපය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය. තේජස් නිසා නොම කරන්නේ ය: වායු නිසා නොම ධ්‍යාන කරන්නේ ය, ආකාසානඤ්චායතනය නිසා නොම ධ්‍යාන කරන්නේය, විඤ්ඤාණඤ්චායතනය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය, ආකිඤ්චඤ්ඤායතනය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය, ඉහ ලෝකය නිසා නොම ධ්‍යාන කරන්නේ ය, පරලෝකය නිසා නො ම ධ්‍යාන කරන්නේ ය. යම් ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එ ද නිසා ධ්‍යාන කරන්නේය. ධ්‍යාන නො කරනුයේ ද වේ, සන්‍ධයෙනි මෙසේ ධ්‍යාන කරණ සුලු භද්‍ර වූ පුරුෂාජානේයයා ඉන්ද්රයා සහිත බ්‍රහ්මයා සහිත, ප්‍රතිපති සහිත දෙවියෝ දුරදීම
නමො තෙ පුරිසාජඤ්ඤ - නමො තෙ පුරිසුත්තම යස්ස තෙ නාභිජානාම - යම්පි නිස්සාය ඣායසීති.
“යම් අරමුණක් නිසා ධ්‍යාන කරනෙහි නම් තොපගේ ඒ ධ්යානාරම්මණය නොදන්මෝ නම්, පුරුෂාජානේයයෙනි. ඒ තොපට නමස්කාර වේවා, පුරුෂොත්තමය, ඒ තොපට නමස්කාර වේවා”යි නමස්කාර කරන්නාහ.