යෙදුමෙන් කියවන්න

මනසිකාර සුත‍්තං

11. 1. 8.

11. 1. 8.

මනසිකාර සුත‍්තං

මනසිකාර සූත්‍රය

අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච:

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:

සියා නු ඛො භන‍්තෙ භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා න චක‍්ඛුං මනසි කරෙය්‍ය, න රූපං මනසි කරෙය්‍ය, න සොතං මනසි කරෙය්‍ය, න සද‍්දං මනසි කරෙය්‍ය, න ඝානං මනසි කරෙය්‍ය, න ගන්‍ධං මනසි කරෙය්‍ය, න ජිව‍්හං මනසි කරෙය්‍ය, න රසං මනසි කරෙය්‍ය, න කායං මනසි කරෙය්‍ය, න ඵොට‍්ඨබ‍්බං මනසි කරෙය්‍ය, න පඨවිං මනසි කරෙය්‍ය, න ආපං මනසි කරෙය්‍ය, න තෙජං මනසි කරෙය්‍ය, න වායං මනසි කරෙය්‍ය, න ආකාසානඤ‍්චායතනං මනසි කරෙය්‍ය, න විඤ‍්ඤාණඤ‍්චායතනං මනසි කරෙය්‍ය, න ආකිඤ‍්චඤ‍්ඤායතනං මනසි කරෙය්‍ය, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං මනසි කරෙය්‍ය, න ඉධ ලොකං මනසි කරෙය්‍ය, න පරලොකං මනසි කරෙය්‍ය, යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි න මනසි කරෙය්‍ය, මනසි ච පන කරෙය්‍යාති.

වහන්ස, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නොකෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස් මෙනෙහි නො කෙරේ නම්, වායු මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු වූ මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ සිතින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයක් ඇත් නම්, එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනෙක් වේ නම් මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?

සියා ආනන්‍ද භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා න චක‍්ඛුං මනසි කරෙය්‍ය, න රූපං මනසි කරෙය්‍ය, න සොතං මනසි කරෙය්‍ය, න සද‍්දං මනසි කරෙය්‍ය, න ඝානං මනසි කරෙය්‍ය, න ගන්‍ධං මනසි කරෙය්‍ය, න ජිව‍්හං මනසි කරෙය්‍ය, න රසං මනසි කරෙය්‍ය, න කායං මනසි කරෙය්‍ය, න ඵොට‍්ඨබ‍්බං මනසි කරෙය්‍ය, න පඨවිං මනසි කරෙය්‍ය, න ආපං මනසි කරෙය්‍ය, න තෙජං මනසි කරෙය්‍ය, න වායං මනසි කරෙය්‍ය, න ආකාසානඤ‍්චායතනං මනසි කරෙය්‍ය, න විඤ‍්ඤාණඤ‍්චායතනං මනසි කරෙය්‍ය, න ආකිඤ‍්චඤ‍්ඤායතනං මනසි කරෙය්‍ය, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං මනසි කරෙය්‍ය, න ඉධ ලොකං මනසි කරෙය්‍ය, න පරලොකං මනසි කරෙය්‍ය, යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි න මනසි කරෙය්‍ය, මනසි ච පන කරෙය්‍යාති.

ආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වා මෙනෙහි නො කෙරේ නම්, රස මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථුවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහ ලෝකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම්බඳු ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙකුත් ඇත්නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, මහණහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි.

යථා කථං පන භන‍්තෙ සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා න චක‍්ඛුං මනසි කරෙය්‍ය -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි න මනසි කරෙය්‍ය, මනසි ච පන කරෙය්‍යාති.

වහන්ස, යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, ... යම් බඳු ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත වූ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එ ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනු යේත් වේ නම්, කෙසේ නම් මහණ හට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ දැයි?

ඉධානන්‍ද භික‍්ඛු එවං මනසි කරොති: “එතං සන‍්තං එතං පණීතං යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බාන”න‍්ති එවං ඛො ආනන්‍ද සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා න චක‍්ඛුං මනසි කරෙය්‍ය, න රූපං මනසි කරෙය්‍ය, න සොතං මනසි කරෙය්‍ය, න සද‍්දං මනසි කරෙය්‍ය, න ඝානං මනසි කරෙය්‍ය, න ගන්‍ධං මනසි කරෙය්‍ය, න ජිව‍්හං මනසි කරෙය්‍ය, න රසං මනසි කරෙය්‍ය, න කායං මනසි කරෙය්‍ය, න ඵොට‍්ඨබ‍්බං මනසි කරෙය්‍ය, න පඨවිං මනසි කරෙය්‍ය, න ආපං මනසි කරෙය්‍ය, න තෙජං මනසි කරෙය්‍ය, න වායං මනසි කරෙය්‍ය, න ආකාසානඤ‍්චායතනං මනසි කරෙය්‍ය, න විඤ‍්ඤාණඤ‍්චායතනං මනසි කරෙය්‍ය, න ආකිඤ‍්චඤ‍්ඤායතනං මනසි කරෙය්‍ය, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං මනසි කරෙය්‍ය, න ඉධ ලොකං මනසි කරෙය්‍ය, න පරලොකං මනසි කරෙය්‍ය, යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තම‍්පි න මනසි කරෙය්‍ය, මනසි ච පන කරෙය්‍යාති.

ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය” (කියා) යි. ආනන්‍දයෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් චක්‍ෂුස මෙනෙහි නො කෙරේ නම්, රූපය මෙනෙහි නො කෙරේ නම්, ශ්‍රෝතස මෙනෙහි නො කෙරේ නම්, ශබ්දය මෙනෙහි නො කෙරේ නම්, ඝ්‍රාණය මෙනෙහි නො කෙරේ නම්, ගන්‍ධය මෙනෙහි නො කෙරේ නම්, ජිහ්වාව මෙනෙහි නො කෙරේ නම්, රසය මෙනෙහි නො කෙරේ නම්, කායය මෙනෙහි නො කෙරේ නම්, ස්ප්‍රෂ්ටව්‍යය මෙනෙහි නො කෙරේ නම්, පෘථිවිය මෙනෙහි නො කෙරේ නම්, ආපය මෙනෙහි නො කෙරේ නම්, තේජස මෙනෙහි නො කෙරේ නම්, වායුව මෙනෙහි නො කෙරේ නම්, ආකාසානඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, විඤ්ඤාණඤ්චායතනය මෙනෙහි නො කෙරේ නම්, ආකිඤ්චඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙනෙහි නො කෙරේ නම්, ඉහලොකය මෙනෙහි නො කෙරේ නම්, පරලෝකය මෙනෙහි නො කෙරේ නම්, යම් බඳු ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත, මනසින් අනුවිචරිත වූ මේ දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් ද වේ නම් එය ද මෙනෙහි නො කෙරේ නම්, මෙනෙහි කරනුයේ ද වේ නම්, භික්‍ෂුහට එබඳු සමාධි ප්‍රතිලාභයෙක් වේ යයි,