යෙදුමෙන් කියවන්න

පඨම සඤ‍්ඤා සුත‍්තං

11. 1. 7.

11. 1. 7.

පඨම සඤ‍්ඤා සුත‍්තං

පඨම සඤ්ඤා සූත්‍රය

අථ ඛො ආයස‍්මා ආනන්‍දො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො භගවන‍්තං එතදවොච:

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:

සියා නු ඛො භන‍්තෙ භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස, න ආපස‍්මිං ආපොසඤ‍්ඤී අස‍්ස, න තෙජස‍්මිං තෙජොසඤ‍්ඤී අස‍්ස, න වායස‍්මිං වායොසඤ‍්ඤී අස‍්ස, න ආකාසානඤ‍්චායතනෙ ආකාසානඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න විඤ‍්ඤාණඤ‍්චායතනෙ විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස. න ඉධ ලොකෙ ඉධ ලොකසඤ‍්ඤී අස‍්ස, න පරලොකෙ පරලොකසඤ‍්ඤී අස‍්ස. යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවී (කෘත්ස්න) යෙහි පෘථිවීසංඥා ඇති නොවන්නේ නම්, ආපෝකසිණයෙහි අප්සංඥා ඇති නොවන්නේ නම් තේජස්හි තේජස්සංඥා ඇති නො වන්නේ නම්, වායුයෙහි වායු සංඥා ඇති නොවන්නේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම් විඤ්ඤාණාඤ්චායතනයෙහි විඤ්ඤාණාඤ්චායතනසංඥා ඇති නො වේ නම් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නොවේ නම් ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂණ කළා වූ සිතින් අනුවිවරණය කරන ලද දිට්ඨ සඞ්ඛ්‍යාත රූපායතනයක් හෝ ශ්‍රැතසඞ්ඛ්‍යාත ශබ්දායතනයක් හෝ මුතසඞ්ඛ්‍යාත ගන්‍ධ රස ස්ප්‍රෂ්ටව්‍ය ආයතනයක් හෝ සුඛ-දුඃඛාදි ධර්‍මාරම්මණයෙක් හෝ වේ නම් එහිදු සංඥා ඇති නො වේ නම් සංඥා ඇතියේත් වේ නම් භික්‍ෂුහට එබඳු සංඥා ප්‍රතිලාභයෙක් වේ දැයි.

සියා ආනන්‍ද භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස, න ආපස‍්මිං ආපොසඤ‍්ඤී අස‍්ස, න තෙජස‍්මිං තෙජොසඤ‍්ඤී අස‍්ස, න වායස‍්මිං වායොසඤ‍්ඤී අස‍්ස, න ආකාසානඤ‍්චායතනෙ ආකාසානඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න විඤ‍්ඤාණඤ‍්චායතනෙ විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න ඉධලොකෙ ඉධලොකසඤ‍්ඤී අස‍්ස, න පරලොකෙ පරලොකසඤ‍්ඤී අස‍්ස, යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

ආනන්‍දයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නො වේ නම්, ආපයෙහි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස්සංඥා ඇති නො වේ නම්, වායුයෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණාඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ සිතින් ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ සිතින් අනුවිවරණය කරන ලද දිට්ඨසඞ්ඛ්‍යාත රූපායතනයක් හෝ ශ්‍රැතසඞ්ඛ්‍යාත ශබ්දායතනයක් හෝ මුතසඞ්ඛ්‍යාත ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යආයතනයක් හෝ සුඛ-දුඃඛාදි ධර්‍මායතනයක් හෝ වේ නම්, එහිදු සංඥා ඇති නො වේ ද, සංඥා ඇතියේත් වේ ද, එබඳු සමාධිප්‍රතිලාභයෙක් මහණහට වන්නේ ය.

යථාකථං පන භන‍්තෙ සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස, න ආපස‍්මිං ආපොසඤ‍්ඤී අස‍්ස, න තෙජස‍්මිං තෙජොසඤ‍්ඤී අස‍්ස, න වායස‍්මිං වායොසඤ‍්ඤී අස‍්ස, න ආකාසානඤ‍්චායතනෙ ආකාසානඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න විඤ‍්ඤාණඤ‍්චායතනෙ විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න ඉධලොකෙ ඉධලොකසඤ‍්ඤී අස‍්ස, න පරලොකෙ පරලොකසඤ‍්ඤී අස‍්ස, යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

වහන්ස, යම් පරිදි පෘථිවියෙහි පෘථිවීසංඥා නැති වේ නම්, අප්හි අප්සංඥා නැති වේ නම්, තේජස්හි තේජස්සංඥා නැති වේ නම් වායුයෙහි වායුසංඥා නැති වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතන සංඥා නැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නොමැති වේ නම් ඉධලෝකයෙහි ඉධලොකසංඥා නැති වේ නම්, පරලෝකයෙහි පරලෝක සංඥා නැති වේ නම්, යම්බඳු මේ සිතින් ප්‍රාප්ත පර්‍ය්‍යෙෂිත අනුවිචරිත, දිට්ඨ සුත මුත විඤ්ඤාතයකුත් වේ නම් එහිදු සංඥා ඇති නො වේ නම් සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ වන්නේ දැයි.

ඉධානන්‍ද භික‍්ඛු එවං සඤ‍්ඤී හොති: “එතං සන‍්තං එතං පණීතං යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බාන”න‍්ති. එවං ඛො ආනන්‍ද සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො, යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස, න ආපස‍්මිං ආපොසඤ‍්ඤී අස‍්ස, න තෙජස‍්මිං තෙජොසඤ‍්ඤී අස‍්ස, න වායස‍්මිං වායොසඤ‍්ඤී අස‍්ස, න ආකාසානඤ‍්චායතනෙ ආකාසානඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න විඤ‍්ඤාණඤ‍්චායතනෙ විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න ඉධලොකෙ ඉධලොකසඤ‍්ඤී අස‍්ස, න පරලොකෙ පරලොකසඤ‍්ඤී අස‍්ස, යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ “යම්බඳු සර්‍වසංස්කාරසමථයෙක් සර්‍වොපධිප්‍රතිනිස්සර්‍ගයෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් තෙල ශාන්ත ය, තෙල ප්‍රණීතය”යි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ආනන්‍දයෙනි, මෙසේ යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් අප්හි අප්සංඥා නැති වේ නම් තේජස්හි තේජස්සංඥා නැති වේ නම් වායුවෙහි වායුසංඥා නැති වේ නම් ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැති වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැති වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැති වේ නම්, ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද යම් දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැත්තේ නම්, එහෙත් සංඥා ඇතියේත් වේ නම්, භික්‍ෂුහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වෙයි.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො භගවතො භාසිතං අභිනන්‍දිත්‍වා අනුමොදිත්‍වා උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා ආනන්‍දො ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොච:

එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ආයුෂ්‍මත් සැරියුත් තෙරුන් කරා ගියහ. ගොස් ආයුෂ්‍මත් සැරියුත් තෙරුන් හා සතුටුවූහ. සම්මෝදනයට නිසි සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ආයුෂ්‍මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:

සියා නු ඛො ආවුසො සාරිපුත‍්ත භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් -පෙ- යම් බඳු ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත,විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැති වේ නම්, එතෙකුදු වත් සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ දැයි?

සියා ආවුසො ආනන්‍ද භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද සිතින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැති වේ නම්, එහෙත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිඵලයෙක් වේ යයි.

යථාකථං පනාවුසො සාරිපුත‍්ත සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් … ප්‍රාප්ත වූ ද පර්‍ය්‍යෙෂිත වූ ද මනසින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නැති වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ නම් වේ දැයි.

ඉධාවුසො ආනන්‍ද භික‍්ඛු එවං සඤ‍්ඤී හොති: ‘එතං සන‍්තං එතං පණීතං යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බාන”න‍්ති, එවං ඛො ආවුසො ආනන්‍ද, සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

ඇවැත්නි, ආනන්‍දයෙනි, මෙසස්නෙහි මහණ “යම් මේ සර්‍වසංස්කාර ශමථයෙක් සර්‍වොපධිප්‍රතිනිසර්‍ගයෙක් තෘෂ්ණාක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, ප්‍රණීත ය”යි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ඇවැත්නි ආනන්‍දයෙනි, මහණහට යම් පරිදි පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... ප්‍රාප්තවූ ද, පර්‍ය්‍යෙෂිත වූ ද මනසින් අනුවිචරිත වූ ද දිට්ඨ, සුත, මුත, විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, එකෙකුදුවත් සංඥා ඇතියේත් වේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ යයි.

අච‍්ඡරියං ආවුසො, අබ‍්භුතං ආවුසො, යත්‍ර හි නාම සත්‍ථු ච සාවකස‍්ස ච අත්‍ථෙන අත්‍ථො බ්‍යඤ‍්ජනෙන බ්‍යඤ‍්ජනං සංසංදිස‍්සති සමෙස‍්සති න විග‍්ගහිස‍්සති, යදිදං අග‍්ගපදස‍්මිං.

ඇවැත්නි, යම් කරුණෙක්හි ලා ශාස්තෲන් වහන්සේගේ ද ශ්‍රාවකයාගේ ද අග්‍රපදයෙහි ලා අර්‍ත්‍ථය හා අර්‍ත්‍ථය ද බ්‍යඤ්ජනය හා ව්‍යඤ්ජනය ද සැසැඳේ නම්, සමාන වේ නම්, නො වැරදේ නම්, තෙල ආශ්චර්‍ය්‍ය යි. ඇවැත්නි, තෙල අද්භූත යි.

ඉදානාහං ආවුසො භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා එතමත්‍ථං අපුච‍්ඡිං. භගවාපි මෙ එතෙහෙව පදෙහි එතෙහි බ්‍යඤ‍්ජනෙහි එතමත්‍ථං ව්‍යාකාසි, සෙය්‍යථාපි ආයස‍්මා සාරිපුත‍්තො. අච‍්ඡරියං ආවුසො, අබ‍්භුතං ආවුසො, යත්‍ර හි නාම සත්‍ථු ච සාවකස‍්ස ච අත්‍ථෙන අත්‍ථො බ්‍යඤ‍්ජනෙන බ්‍යඤ‍්ජනං සංසංදිස‍්සති, සමෙස‍්සති, න විග‍්ගහිස‍්සති, යදිදං අග‍්ගපදස‍්මින‍්ති.

ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මම් මෙ දැන් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ තෙල අර්‍ත්‍ථය පිළිවිසියෙමි, භාග්‍යවතුන් වහන්සේ ද තෙල පදයෙන් තෙල ව්‍යඤ්ජනයෙන් තෙල අර්‍ත්‍ථය ආයුෂ්මත් ශාරීපුත්‍රයන් (විසඳූ) පරිද්දෙන් විසඳූ සේක. ඇවැත්නි යම් කරුණෙක් ශාස්තෲන්වහන්සේ හා ශ්‍රාවකයාගේ හා අර්‍ත්‍ථයෙන් අර්‍ත්‍ථයත් බ්‍යඤ්ජනයෙන් බ්‍යඤ්ජනයත් අග්‍රපද සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි ලා සැසැඳේ නම් සමාන වේ නම් නොවැරදේ නම්. ඇවැත්නි, තෙල ආශ්චර්‍ය්‍ය යි. ඇවැත්නි, අද්භූත යි.