යෙදුමෙන් කියවන්න

ව්‍යසන සුත‍්තං

11. 1. 6.

11. 1. 6.

ව්‍යසන සුත‍්තං

ව්‍යසන සූත්‍රය

යො සො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොසකපරිභාසකො අරියූපවාදී සබ්‍රහ‍්මචාරීනං අට‍්ඨානමෙතං අනවකාසො යං සො එකාදසන‍්නං ව්‍යසනානං අඤ‍්ඤතරං ව්‍යසනං න නිගච‍්ඡෙය්‍ය. කතමෙසං එකාදසන‍්නං:

මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුනට ආක්‍රෝශ පරිභව කරනුයේ ආර්‍ය්‍යයනට උපවාද බණනසුලු වේද, හේ යම් හෙයෙකින් එකොළොස් ව්‍යසනයන්ගෙන් එක්තරා ව්‍යසනයකට නො යන්නේ ය යන යමෙක් වේ නම් තෙල කරුණ අස්ථාන වෙයි. අනවකාශ වෙයි. කවර එකොළොස් කරුණින යත්:

අනධිගතං නාධිගච‍්ඡති, අධිගතං පරිහායති, සද‍්ධම‍්මස‍්ස න වොදායති, සද‍්ධම‍්මෙසු වා අධිමානිකො හොති. අනභිරතො වා බ්‍රහ‍්මචරියං චරති, අඤ‍්ඤතරං වා සඞ‍්කිලිට‍්ඨං ආපත‍්තිං ආපජ‍්ජති. සික‍්ඛං වා පච‍්චක‍්ඛාය හීනායාවත‍්තති, ගාළ‍්හං වා රොගාතඞ‍්කං ඵුසති, උම‍්මාදං වා පාපුණාති චිත‍්තක‍්ඛෙපං,සම‍්මූළ‍්හො කාලං කරොති, කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජති.

අනධිගත අධිගතයෙන් නො ලබන්නේ ය. විශේෂය පිරිහෙන්නේ ය. ඔහුගේ ශික්‍ෂාත්‍රය සඞ්ඛ්‍යාත ශාසනධර්‍මය ව්‍යවදානයට නො යෙයි. සද්ධර්‍මයෙහි හෝ අධිමාන ඇතියේ වෙයි. නො ඇලුනේ හෝ බඹසර හැසිරෙයි. එක්තරා සකිලිටි ඇවැතකට හෝ අවදනේ ය. ශික්‍ෂා හෝ ප්‍රත්‍යාඛ්‍යානය කොට හීනභාවයට වැටෙයි. දැඩි රෝගාබාධයක් හෝ පහස්නේ ය. චිත්තක්‍ෂේප සඞ්ඛ්‍යාත උන්මාදයට හෝ පැමිණෙයි නට සිහි ඇතියේ කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාත සඞ්ඛ්‍යාත නිරයට පැමිණෙයි.

යො සො භික‍්ඛවෙ භික‍්ඛු අක‍්කොසකපරිභාසකො අරියූපවාදී සබ්‍රහ‍්මචාරීනං, අට‍්ඨානමෙතං අනවකාසො යං සො ඉමෙසං එකාදසන‍්නං ව්‍යසනානං අඤ‍්ඤතරං ව්‍යසනං න නිගච‍්ඡෙය්‍යාති.

මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුනට ආක්‍රෝශ පරිභව කරනුයේ ආර්‍ය්‍යෝපවාද බණනසුලු වේ නම් හේ මේ එකොළොස් ව්‍යසනයන්ගෙන් එක්තරා ව්‍යසනයකට නො පැමිණෙන්නේ ය යන තෙල කරුණ අස්ථාන වෙයි. අනවකාශ වේ.