මොරනිවාප සුත්තං
11. 1. 10.
11. 1. 10.
මොරනිවාප සුත්තං
මොරනිවාප සූත්‍රය
එකං සමයං භගවා රාජගහෙ විහරති මොරනිවාපෙ පරිබ්බාජකාරාමෙ. තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ මොරනිවාප නමු වූ පරිව්‍රාජකාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි එ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
තීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං කතමෙහි තීහි: අසෙඛෙන සීලක්ඛන්ධෙන අසෙඛෙන සමාධික්ඛන්ධෙන අසෙඛෙන පඤ්ඤාක්ඛන්ධෙන. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
මහණෙනි, කරුණු තුනෙකින් සමන්වාගත මහණ අතීක්රාන්ත (ක්ෂයව්ය සඞ්ඛ්‍යාත) අන්තවත් නිෂ්ඨා (නිර්වාණ) ඇතියේ අත්‍යන්ත යෝග ක්ෂේම ඇතියේ අත්‍යන්තයෙන් බ්‍රහ්මචාරීවූයේ අත්යන්තපර්ය්යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි. කවර තුනෙකින යත්: අශෛක්ෂශීලස්කන්ධයෙන, අශෛක්ෂ සමාධි ස්කන්ධයෙන, අශෛක්ෂ ප්රඥාස්කන්ධයෙනැයි. මහණෙනි, මේ තුන් කරුණෙන් සමන්වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨ වූයේ අත්‍යන්ත යෝගක්ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්යන්තපර්ය්යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
අපරෙහිපි භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං. කතමෙහි තීහි: ඉද්ධිපාටිහාරියෙන, ආදෙසනාපාටිහාරියෙන අනුසාසනීපාටිහාරියෙන. ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
මහණෙනි, අනෙකුදු තුන් කරුණෙකින් සමන්වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්යන්තපර්ය්යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කවර තුනෙකින යත්: ඍද්ධිප්රාතිහර්ය්යයෙන, ආදේශනා ප්රාතිහාර්ය්යයෙන, අනුශාසනී ප්රාතිහාර්ය්යයෙනැයි. මහණෙනි, මෙ තුන් කරුණෙන් සමන්වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්ත යෝග ක්ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
අපරෙහිපි භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං, කතමෙහි තීහි: සම්මාදිට්ඨියා, සම්මාඤාණෙන, සම්මා විමුත්තියා ඉමෙහි ඛො භික්ඛවෙ තීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති, අච්චන්තයොගක්ඛෙමී, අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
මහණෙනි, අනෙකුදු තුන් කරුණෙකින් සමන්වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ බ්‍රහ්මචාරී වූයේ අත්යන්තපර්ය්යාවසාන ඇතියේ දෙවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කරව තුනෙකින යත්: සම්‍යග්දෘෂ්ටියෙන, සම්‍යග්ඥානයෙන, සම්යග්විමුක්තියෙනැයි. මහණෙනි, මෙ කරුණු තුනින් සමන්වාගත මහණ අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්යන්තපර්ය්යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි.
ද්වීහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං. කතමෙහි ද්වීහි: විජ්ජාය ච චරණෙන ච. ඉමෙහි ඛො භික්ඛවෙ ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අච්චන්තනිට්ඨො හොති අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සානං.
මහණෙනි, කරුණු දෙකෙකින් සමන්වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්ත යෝගක්ෂේම ඇතියේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙයි. කවර දෙකෙකින යත්: විද්යායෙන, චරණයෙනැයි. මහණෙනි, මෙ දෙකරුණෙන් සමන්වාගත මහණ අත්‍යන්ත නිෂ්ඨා ඇතියේ අත්‍යන්තයොගක්‍ෂේම ඇතියේ අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ අත්යන්තපර්ය්යවසාන ඇතියේ දෙවි මිනිස්නට ශ්‍රේෂ්ඨ වෙ යි.
බ්රහ්මුනා පෙසා භික්ඛවෙ සනංකුමාරෙන ගාථා භාසිතා:
මහණෙනි, සනංකුමාර බ්‍රහ්ම විසිනුදු තෙල ගාථා භාෂිත වෙයි:
ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං - යෙ ගොත්තපටිසාරිනො විජ්ජාචරණසම්පන්නො - සො සෙට්ඨො දෙවමානුසෙති.
“යමෙක් තුමූ ගෝත්‍රප්‍රතිසාරී වෙත් නම්, එ මහාජනයා අතුරෙහි ක්ෂත්රිය තෙමේ ශ්‍රේෂ්ඨ වෙයි. විද්‍යායෙන් හා චරණධර්මයෙන් සම්පන්න ඒ ක්ෂීණාස්රව බුදුහු දෙවි මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වෙති”යි.
සා ඛො පනෙසා භික්ඛවෙ බ්රහ්මුනා සනංකුමාරෙන ගාථා සුගීතා, නො දුග්ගීතා සුභාසිතා නො දුබ්භාසිතා, අත්ථසංහිතා නො අනත්ථසංහිතා අනුමතා මයා. අහම්පි භික්ඛවෙ එවං වදාමි.
මහණෙනි, සනංකුමාර බ්‍රහ්මයා විසින් තෙල ගාථා තොමෝ දූර්ගීත නොව සුගීත වෙයි. දුර්භාෂිත නොව සුභාෂිත ය. අනර්‍ත්‍ථ සංහිත නොව අර්ත්ථ සංහිත ය, මා විසින් අනුමත ද වෙයි. මහණෙනි, මම්දු මෙසේ කියම්:
ඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං - යෙ ගොත්තපටිසාරිනො විජ්ජාචරණසම්පන්නො - සො සෙට්ඨො දෙවමානුසෙති.
යම් කෙනෙක් ගෝත්‍රප්‍රතිසාරී වෙත් නම්, එ බඳු ජනයා අතුරෙහි ක්ෂත්රිය තෙමේ ශ්‍රේෂ්ඨ ය, විද්‍යායෙන් හා චරණ ධර්මයෙන් සම්පන්න එ ක්ෂීණාස්රව මුනිහු දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වෙතැ”යි.
නිස්සයවග්ගො පඨමො.
ප්‍රථම නිස්සය වර්ගය යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
කිමත්ථියා චෙතනා තයො - උපනිසා ව්යසනෙන ච ද්වෙ සඤ්ඤා මනසිකාරො - සන්ධො මොරනිවාපකන්ති.
කිමත්ථිය, චේතනා යන සූත්‍ර දෙක ය උපනිසා සූත්‍ර තුනෙක, ඛ්‍යසන සූත්‍ර ය, සඤ්ඤා සූත්‍ර දෙක ය, මනසිකාර සූත්‍රය, සන්ධ සූත්‍ර ය, මොරනිවාප සූත්‍ර ය දැයි දසයෙකි.