යෙදුමෙන් කියවන්න

මහානාම සුත‍්තං

11. 2. 1.

11. 2. 1.

මහානාම සුත‍්තං

මහානාම සූත්‍රය

එකං සමයං භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛු භගවතො චීවරකම‍්මං කරොන‍්ති, ‘නිට‍්ඨිතචීවරො භගවා තෙමාසච‍්චයෙන චාරිකං පක‍්කමිස‍්සතී’ති. අස‍්සොසි ඛො මහානාමො සක‍්කො සම‍්බහුලා කිර භික‍්ඛු භගවතො චීවරකම‍්මං කරොන‍්ති ‘නිට‍්ඨිතචීවරො භගවා තෙමාසච‍්චයෙන චාරිකං පක‍්කමිස‍්සතී’ති. අථ ඛො මහානාමො සක‍්කො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො මහානාමො සක‍්කො භගවන‍්තං එතදවොච:

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කපිලවත්‍ථු සමීපයෙහි වූ නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එකල්හි බොහෝ වහන් දෑ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට වඩනාහ” යි භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහ. මහානාම ශාක්‍ය තෙමේ “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇති සේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට බැහැර වඩනාහ”යි බොහෝ වහන් දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහයි ඇසුයේ ය. ඉක්බිති මහානාම ශාක්‍යතෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හින. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කීය:

සුතං මෙ තං භන‍්තෙ ‘සම‍්බහුලා කිර භික‍්ඛු භගවතො චීවරකම‍්මං කරොන‍්ති නිට‍්ඨිතචීවරො භගවා තෙමාසච‍්චයෙන චාරිකං පක‍්කමිස‍්සතී’ති. තෙසං නො භන‍්තෙ නානාවිහාරෙහි විහරතං කෙනස‍්ස විහාරෙන විහාතබ‍්බන‍්ති?

වහන්ස, “භාග්‍යවතුන් වහන්සේ නිමහම් කළ සිවුරු ඇතිසේක් තෙමස් ඇවෑමෙන් චාරිකාවට බැහැර වඩනාහ”යි බොහෝ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට සිවුරුකම් කරන්නාහයි තෙල පුවත මා විසින් අසන ලදී, වහන්ස, නානා විහරණයෙන් වසන එ අප විසින් කවර විහරණයෙකින් විසිය යුතු වේ දැයි.

සාධු සාධු මහානාම, එතං ඛො මහානාම තුම‍්හාකං පතිරූපං කුලපුත‍්තානං යං තුම‍්හෙ තථාගතං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡෙය්‍යාථ, ‘තෙසං නො භන‍්තෙ නානා විහාරෙහි විහරතං කෙනස‍්ස විහාරෙන විහාතබ‍්බ”න‍්ති.

මහානාමයෙනි, මැනැව, මැනැව, යම් හෙයෙකින් තෙපි තථාගතයන් කරා එළඹ ‘වහන්ස, නානාවිහරණයෙන් වසන අප විසින් කවර නම් විහරණයෙකින් විසිය යුතු වේ දැ’යි පුළුවුස්නවු නම්, මහනාමයෙකි, තෙල කරුණ කුලපුත් වන තොපට නිසි වේ මැ ය.

සද‍්ධො ඛො මහානාම ආරාධකො හොති නො අස‍්සද‍්ධො, ආරද‍්ධවිරියො ආරාධකො හොති, නො කුසීතො: උපට‍්ඨිතසතී ආරාධකො හොති, නො මුට‍්ඨස‍්සතී: සමාහිතො ආරාධකො හොති, නො අසමාහිතො පඤ‍්ඤවා ආරාධකො හොති නො දුප‍්පඤ‍්ඤො. ඉමෙසු ඛො ත්‍වං මහානාම පඤ‍්චසු ධම‍්මෙසු පතිට‍්ඨාය ඡධම‍්මෙ උත‍්තරිං භාවෙය්‍යාසි.

මහානාමයෙනි, සැදැහැතියේම ආරාධක වෙයි, සැදැහැ නැතියේ නො වෙයි, ආරද්ධවීර්‍ය්‍ය වූයේ ම ආරාධක වෙයි, කුසීතයා නො වේ. එළඹ සිටි සිහි ඇතියේ ම ආරාධක වෙයි, නට සිහි ඇතියේ නො වේ. (උපචාරාර්‍පණවිසින්) එකඟ සිත් ඇතියේ ම ආරාධක වෙයි, අසමාහිතයා නොවේ. (විදර්‍ශනා මාර්‍ග ප්‍රඥායෙන්) පැණැතියේ ම ආරාධක වෙයි, දුෂ්ප්‍රාඥ නො වේ. මහානාමයෙනි, තෝ මෙ පඤ්චධර්‍මයන්හි පිහිටා මතුයෙහි ෂඩ් ධර්‍ම කෙනෙකුන් වඩන්නෙහි.

ඉධ ත්‍වං මහානාම තථාගතං අනුස‍්සරෙය්‍යාසි, ‘ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා’ති.

මහානාමයෙනි, තෝ මෙ විසාහි ‘මෙ කරුණිනිදු’ ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිසුනට ශාස්තෘවහ, බුද්ධහ, භගවත්හ’යි තථාගතයන් (ගුණ විසින්) සිහිකරන්නෙහි.

යස‍්මිං මහානාම සමයෙ අරියසාවකො තථාගතං අනුස‍්සරති නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති. තථාතතං ආරබ‍්භ උජුගතචිත‍්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්‍ථවෙදං ලභති ධම‍්මවෙදං, ලභති ධම‍්මූපසංහිතං පාමොජ‍්ජං පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත‍්තං සමාධියති. අයං වුච‍්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම‍්පන‍්නො විහරති, සබ්‍යාපජ‍්ඣාය පජාය අබ්‍යාපජ‍්ඣො විහරති, ධම‍්මසොතසමාපන‍්නො බුද‍්ධානුස‍්සතිං භාවෙති.

මහානාමයෙනි, යම් කලෙක අරීසවු තථාගතයන් සිහි කෙරේද, එ සමයෙහි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නො වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිත් නොවෙයි. මෝහයෙන් මඩනා ලද සිත් නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත තථාගතයන් ඇරැබ ඍජුගත ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිත් ඇති අරීසවු අර්‍ත්‍ථකථා නිඃශ්‍රිත ප්‍රීති ප්‍රමෝදය ලබයි (පෙළදම් නිසා උපදනා) ධර්‍ම වේදය ලබයි. ධමෝපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. පිනාගිය සිතැත්තහුගේ නාමකාය හා කරජකායය සංහිඳෙයි. සන්හුන් කය ඇතියේ කායික චෛතසික සුවය විඳී. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි, මහානාමයෙනි, මෙ අරීසවු (රාග, ද්වේෂ, මෝහයෙන්) විෂමගත සත්ත්‍වයන් අතුරෙහි ව්‍යුපශමයට පැමිණියේ වාසය කෙරේ යි ද, දුක් සහිත සත්ත්‍වයන් අතුරෙහි නිදුක් ව වාසය කෙරේ යි ද, විදර්‍ශනා සඞ්ඛ්‍යාත ධර්‍මස්‍රෝතයට පැමිණියේ බුද්ධානුස්මෘතිය වඩනේ යි ද කියනු ලැබේ.

පුන චපරං ත්‍වං මහානාම ධම‍්මං අනුස‍්සරෙය්‍යාසි, ‘ස‍්වාක‍්ඛාතො භගවතා ධම‍්මො සන්‍දිට‍්ඨිකො අකාලිකො එහිපස‍්සිකො ඔපනයිකො පච‍්චත‍්තං වෙදිතබ‍්බො විඤ‍්ඤූහී’ති යස‍්මිං මහානාම සමයෙ අරියසාවකො ධම‍්මං අනුස‍්සරති නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති. ධම‍්මං ආරබ‍්භ උජුගතචිත‍්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්‍ථවෙදං ලභති ධම‍්මවෙදං, ලභති ධම‍්මූපසංහිතං පාමොජ‍්ජං පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත‍්තං සමාධියති. අයං වුච‍්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම‍්පන‍්නො විහරති, සබ්‍යාපජ‍්ඣාය පජාය අබ්‍යාපජ‍්ඣො විහරති, ධම‍්මසොතසමාපන‍්නො ධම‍්මානුස‍්සතිං භාවෙති.

තවද, මහානාමයෙනි, තෙපි “භාග්‍යවතුන් වහන්සේ විසින් (සපර්‍ය්‍යාප්තික නව ලෝකෝත්තර ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, ඒහිපස්සික ය, ඖපනයික ය, විඥයන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුත්තේ ය”යි ධර්‍ම සිහි කරවු, මහානාමයෙනි, යම් කලෙක අරීසවු ධර්‍මය සිහි කෙරේ ද, එ සමයෙහි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නො වෙයි, ද්වේෂයෙන් මඩනා ලද සිත් නො වෙයි, මෝහයෙන් මඩනා ලද සිත් නො වෙයි. එසමයෙහි ඔහුගේ සිත ධර්‍මය ඇරැබැ ඉඳුරා ගියේ ම වෙයි, මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදයි, ප්‍රීති යුක්ත සිත් ඇතියහුගේ (ද්විවිධ) කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජාක්ඛ්‍ය සත්ත්‍වයන් අතුරෙහි ව්‍යුපමශයට පැමිණියේ වාසය කෙරේ යයි ද, දුක් සහිත සත්ත්‍වයන් අතුරෙහි නිදුක් ව වාසය කෙරේ යයි ද, ධර්‍මශ්‍රෝතසට පැමිණියේ ධර්‍මානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.

පුන චපරං ත්‍වං මහානාම සඞ‍්ඝං අනුස‍්සරෙය්‍යාසි, ‘සුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, උජුපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, ඤායපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො, සාමීචිපටිපන‍්නො භගවතො සාවකසඞ‍්ඝො යදිදං චත‍්තාරි පුරිසයුගානි අට‍්ඨපුරිසපුග‍්ගලා. එස භගවතො සාවකසඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුණෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා’ති.

තව ද මහානාමයෙනි, තෙපි භාග්‍යවත්හුගේ (අෂ්ටාර්‍ය්‍ය පුද්ගලසඞ්ඛ්‍යාත) ශ්‍රාවක සඞ්ඝ තෙම සුප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම ඍජු ප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම න්‍යාය ප්‍රතිපන්න ය, භාග්‍යවත්හුගේ ශ්‍රාවක සඞ්ඝ තෙම සාමීචිප්‍රතිපන්න ය, යම් බඳු සතර පුරුෂ යුග කෙනෙක් අෂ්ටපුරුෂපුද්ගල කෙනෙක් වෙත් නම් භාග්‍යවත්හුගේ තෙල ශ්‍රාවකසඞ්ඝයා ආහුනාර්‍හ වෙයි, ප්‍රාඝුණාර්‍හ වෙයි, දක්‍ෂිණාර්‍හ වෙයි, අඤ්ජලිකරණාර්‍හ වෙයි, ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ” යයි සඞ්ඝයා සිහි කරවු.

යස‍්මිං මහානාම සමයෙ අරියසාවකො සඞ‍්ඝං අනුස‍්සරති නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොස -පෙ- න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති. සඞ‍්ඝං ආරබ‍්භ උජුගතචිත‍්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්‍ථවෙදං, ලභති ධම‍්මවෙදං, ලභති ධම‍්මූපසංහිතං පාමොජ‍්ජං, පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත‍්තං සමාධියති. අයං වුච‍්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම‍්පන‍්නො විහරති සබ්‍යාපජ‍්ඣාය පජාය අබ්‍යාපජ‍්ඣො විහරති. ධම‍්මසොතසමාපන‍්නො සඞ‍්ඝානුස‍්සතිං භාවෙති.

මහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු සඞ්ඝයා සිහි කෙරේ නම්, ඔහට එකල්හි රාගයෙන් මඩනා ලද සිත නො වෙයි. ද්වේෂයෙන් මඩනා ලද සිත නො වෙයි. මෝහයෙන් මඩනා ලද සිත නො වෙයි. එ සමයෙහි ඔහුගේ සිත සඞ්ඝයා ඇරැබැ ඍජු ව ගියේ ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු අර්‍ත්‍ථවේද ලබයි, ධර්‍මවේද ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි, ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිතැත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේ ය. සුව ඇතියහුගේ සිත සමාධිගත වෙයි. මහානාමයෙනි, මෙ ආර්‍ය්‍යශ්‍රාවක විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්ත වූයේ වාසය කෙරේ යයි ද දුක් සහිත ප්‍රජායෙහි නිදුක්ව වාසය කෙරේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ සඞ්ඝානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.

පුන චපරං ත්‍වං මහානාම අත‍්තනො සීලානි අනුස‍්සරෙය්‍යාසි අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි භුජිස‍්සානි විඤ‍්ඤුප‍්පසත්‍ථානි අපරාමට‍්ඨානි සමාධිසංවත‍්තනිකානි. යස‍්මිං මහානාම සමයෙ අරියසාවකො සීලං අනුස‍්සරති, නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති සීලං ආරබ‍්භ. උජුගතචිත‍්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්‍ථවෙදං ලභති ධම‍්මවෙදං, ලභති ධම‍්මූපසංහිතං පාමොජ‍්ජං, පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදිවයති, සුඛිනො චිත‍්තං සමාධියති. අයං වුච‍්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම‍්පත‍්තො විහරති, සබ්‍යාපජ‍්ඣාය පජාය අබ්‍යාපජ‍්ඣො විහරති, ධම‍්මසොතසමාපන‍්නො සීලානුස‍්සතිං භාවෙති.

තවද මහානාමයෙනි, තෙපි නො කඩ වූ සිකපද ඇති, (මැද නො බුන් සිකපද ඇති හෙයින්) නොසිදුරු ඇති, (අනුපිළිවෙළින් නො බුන් සිකපද ඇති හෙයින්) අශබල වූ (තන්හි තන්හි බුන් සිකපද නැති හෙයින්) අකල්මාෂ වූ (තෘෂ්ණාදාසව්‍යයෙන් මුදන හෙයින්) භුජිස්‍ය වූ (බුද්ධාදි) විඥයන් විසින් පසස්නා ලද (තෘෂ්ණාදෘෂ්ටි ආදියෙන්) අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා තමාගේ සිල් සිහි කරව. මහානාමයෙනි, යම් කලෙක් හි අරීසවු සිල් සිහි කෙරේ ද, එකල්හි ඔහට රාගයෙන් මඩනා ලද සිත් නොවේ, ද්වේෂයෙන් මඩනා ලද සිත් නොවේ, මෝහයෙන් මඩනා ලද සිත් නොවේ. එසමයෙහි ඔහුගේ සිත ශීලය ඇරැබ ඍජු ව ගියේ ම වෙයි. මහානාමයෙනි, ඍජු ව ගිය සිතැති අරීසවු තෙම අර්‍ත්‍ථවේදය ලබයි, ධර්‍මවේදය ලබයි, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබයි. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදියි, ප්‍රීතියෙන් යුත් සිතැත්තහුගේ කය සන්හිඳෙයි, සන්හුන් කය ඇතියේ සුඛ විඳුනේය, සුව ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්ත වූයේ වාසය කරන්නේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ ශීලානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබේ.

පුන චපරං ත්‍වං මහානාම අත‍්තනො චාගං අනුස‍්සරෙය්‍යාසි, ‘ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යොහං මච‍්ඡෙරමලපරියුට‍්ඨිතාය පජාය විගතමලමච‍්ඡෙරෙන චෙතසා අගාරං අජ‍්ඣාවසාමි මුත‍්තචාගො පයතපාණී වොස‍්සග‍්ගරතො යාචයොගො දානසංවිභාගරතො’ති.

තවද මහානාමයෙනි, තෙපි “මම මසුරු මලින් මඩනාලද ප්‍රජායෙහි විගතමලමාත්සර්‍ය්‍ය ඇති සිතින් මුක්තත්‍යාග ඇතියෙම් දෙවූ අත් ඇතියෙම් දීමෙහි ඇලුණෙම් යාචනාවට නිසියෙම් දානවිභංගයෙහි ඇලුණෙම් වෙමි ද (එය) එකැතින් මට ලාභයෙකි. එකැතින් මට මනා ලාභයෙකි”යි. තමාගේ ත්‍යාගය සිහි කරව.

යස‍්මිං මහානාම සමයෙ අරියසාවකො චාගං අනුස‍්සරති නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොතී චාගං ආරබ‍්භ. උජුගතචිත‍්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්‍ථවෙදං ලභති ධම‍්මවෙදං, ලභති ධම‍්මූපසංහිතං පාමොජ‍්ජං. පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති, පස‍්සද‍්ධකායො සුඛං වෙදියති, සුඛිනො චිත‍්තං සමාධියති. අයං වුච‍්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සම‍්පත‍්තො විහරති, සබ්‍යාපජ‍්ඣාය පජාය අබ්‍යාපජ‍්ඣො විහරති, ධම‍්මසොතසමාපන‍්නො චාගානුස‍්සතිං භාවෙති.

මහානාමයෙනි, යම් කලෙක්හි අරීසවු ත්‍යාගය සිහි කෙරේ ද, එසමයෙහි ඔහට රාගයෙන් මැඩුණු සිත් නො වේ. ද්වේෂයෙන් මැඩුණු සිත් නො වේ. මෝහයෙන් මැඩුණු සිත් නො වේ. එසමයෙහි ඔහුගේ සිත ත්‍යාගය ඇරබ ඍජුගත වෙයි. මහානාමයෙනි, ඍජුගත සිත් ඇති අරීසවු තෙම අර්‍ත්‍ථවේදය ලබන්නේ ය. ධර්‍මවේදය ලබනේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ලබන්නේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේ ය, ප්‍රීතියෙන් යුත් සිතැත්තහුගේ කය සන්හිඳෙයි, සන්හුන් කය ඇතියේ සුඛ විඳුනේ යැ. සුඛ ඇතියහුගේ සිත එකඟ වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්ත වූයේ වාස කෙරේ යයි ද දුක් සහිත ප්‍රජායෙහි නිදුක් ව වාස කෙරේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ ත්‍යාගානුස්මෘති වඩනේ යයි ද කියනු ලැබේ.

පුන චපරං ත්‍වං මහානාම දෙවතා අනුස‍්සරෙය්‍යාසි, ‘සන‍්ති දෙවා චාතුම‍්මහාරාජිකා, සන‍්ති දෙවා තාවතිංසා, සන‍්ති දෙවා යාමා, සන‍්ති දෙවා තුසිතා, සන‍්ති දෙවා නිම‍්මාණරතිනො, සන‍්ති දෙවා පරනිම‍්මිතවසවත‍්තිනො, සන‍්ති දෙවා බ්‍රහ‍්මකායිකා, සන‍්ති දෙවා තතුත‍්තරිං යථා රූපාය සද‍්ධාය සමන‍්නාගතා තා දෙවතා ඉතො චුතා තත්‍ථ උපපන‍්නා, මය‍්හම‍්පි තථාරූපා සද‍්ධා සංවිජ‍්ජති. යථාරූපෙන සීලෙන සමන‍්නාගතා දෙවතා ඉතො චුතා තත්‍ථ උපපන‍්නා, මය‍්හම‍්පි තථාරූපං සීලං සංවිජ‍්ජති. යථාරූපෙන සුතෙන සමන‍්නාගතා තා දෙවතා ඉතො චුතා තත්‍ථ උපපන‍්නා, මය‍්හම‍්පි තථාරූපං සුතං සංවිජ‍්ජති. යථාරූපෙන චාගෙන සමන‍්නාගතා, තා දෙවතා ඉතො චුතා තත්‍ථ උපපන‍්නා, මය‍්හම‍්පි තථාරූපො චාගො සංවිජ‍්ජති. යථාරූපාය පඤ‍්ඤාය සමන‍්නාගතා තා දෙවතා ඉතො චුතා තත්‍ථ උපපන‍්නා, මය‍්හම‍්පි තථාරූපා පඤ‍්ඤා සංවිජ‍්ජතී”ති.

තවද මහානාමයෙනි, තෙපි “චාතුර්මහාරාජික දෙවියෝ ඇත, තාවතිංස දෙවියෝ ඇත, යාමදෙවියෝ දෙවියෝ ඇත, නිර්‍මාණරති දෙවියෝ ඇත, පරනිර්මිත වශවර්ති දෙවියෝ ඇත, බ්‍රහ්මකායික දෙවියෝ ඇත, ඉන් මතුයෙහිදු දෙවියෝ ඇත. යම්බඳු ශ්‍රද්ධායෙකින් සමන්‍වාගත එ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රද්ධායෙක් විද්‍යාමාන ය. යම් බඳු ශීලයෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු සිල් විද්‍යාමාන ය. යම් බඳු ශ්‍රැතයෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත ව එහි උපන්නාහු නම් මට ද එබඳු ශ්‍රැතයෙක් විද්‍යාමාන ය. යම් බඳු ත්‍යාගයෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ත්‍යාගයෙක් විද්‍යාමාන ය. යම්බඳු ප්‍රඥායෙකින් සමන්‍වාගත ඒ දේවතාවෝ මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්නාහු නම් මට ද එබඳු ප්‍රඥායෙක් විද්‍යාමාන ය”යි දේවතාවන් අනුස්මරණය කරන්නාව යි.

යස‍්මිං මහානාම සමයෙ අරියසාවකො අත‍්තනො ච තාසඤ‍්ච දෙවතානං සද‍්ධඤ‍්ච සීලඤ‍්ච සුතඤ‍්ච චාගඤ‍්ච පඤ‍්ඤඤ‍්ච අනුස‍්සරති, නෙවස‍්ස තස‍්මිං සමයෙ රාගපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න දොසපරියුට‍්ඨිතං චිත‍්තං හොති, න මොහපරියුට‍්ඨිතං චිත‍්තං හොති. උජුගතමෙවස‍්ස තස‍්මිං සමයෙ චිත‍්තං හොති දෙවතා ආරබ‍්භ. උජුගතචිත‍්තො ඛො පන මහානාම අරියසාවකො ලභති අත්‍ථවෙදං, ලභති ධම‍්මවෙදං, ලභති ධම‍්මූපසංහිතං පාමොජ‍්ජං. පමුදිතස‍්ස පීති ජායති, පීතිමනස‍්ස කායො පස‍්සම‍්භති. පස‍්සද‍්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත‍්තං සමාධියති. අයං වුච‍්චති මහානාම අරියසාවකො විසමගතාය පජාය සමප‍්පත‍්තො විහරති. සබ්‍යාපජ‍්ඣාය පජාය අබ්‍යාපජ‍්ඣො විහරති ධම‍්මසොතසමාපන‍්නො දෙවතානුස‍්සතිං භාවෙතී’ති.

මහානාමයෙනි, යම්කලෙක අරීසවු තමන්ගේ ඒ දේවතාවන්ගේ ද ශ්‍රද්ධා හා ශීල හා ශ්‍රැත හා ත්‍යාග හා ප්‍රඥා හා සිහි කෙරේ නම් එකල්හි ඔහට රාගයෙන් මැඩුණු සිත් නො මැ වේ, ද්වේෂයෙන් මැඩුණු සිත් නො මැ වේ, මෝහයෙන් මැඩුණු සිත් නො මැ වේ. එ සමයෙහි ඔහුගේ සිත දෙවියන් ඇරබ ඍජුගත වෙයි. මහානාමයෙනි, ඍජු සිත් ඇති අරීසවු අර්‍ත්‍ථවේදය ලබනේ ය. ධර්‍මවේදය ලබනේ ය. ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබනේ ය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිමනස් ඇතියහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය. සුඛ ඇතියහුගේ සිත සමාධිගත වෙයි. මහානාමයෙනි, මේ අරීසවු විෂමගත ප්‍රජායෙහි සමප්‍රාප්තව වෙසේ යයි ද දුක් සහිත ප්‍රජායෙහි නිදුක් ව වෙසේ යයි ද ධර්‍මස්‍රෝතයට පැමිණියේ දේවතානුස්මෘතිය වඩනේ යයි ද කියනු ලැබෙ යි.