යෙදුමෙන් කියවන්න

1-2. මහානාම සුත‍්තාදිවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1-2. මහානාම සුත‍්තාදිවණ‍්ණනා

1-2. මහානාම ආදි සූත්‍ර වර්ණනා

දුතියස‍්ස පඨමෙ නානාවිහාරෙහි විහරතන‍්ති ගිහීනං නිබද‍්ධො එකො විහාරො නාම නත්‍ථි, තස‍්මා අම‍්හාකං අනිබද‍්ධවිහාරෙන විහරන‍්තානං කෙන විහාරෙන කතරෙන නිබද‍්ධවිහාරෙන විහාතබ‍්බන‍්ති පුච‍්ඡති. ආරාධකොති සම‍්පාදකො පරිපූරකො. ධම‍්මසොතසමාපන‍්නො බුද‍්ධානුස‍්සතිං භාවෙතීති ධම‍්මසොතසමාපන‍්නො හුත්‍වා බුද‍්ධානුස‍්සතිං භාවෙති. දුතියෙ ගිලානා වුට‍්ඨිතොති ගිලානො හුත්‍වා වුට‍්ඨිතො.

දෙවැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි නා නා විහාරෙන විහරතං යනු ගිහීන්ට නිත්‍ය එක් විසීමක් නම් නැත. එහෙයින් නොබැඳුණු (අනියමිත) විසීමෙන් වසන්නා වූ අපට කෙන විහාරෙන යනු කවර නම් වූ නියත විසීමකින් විසිය යුතුදැයි අසයි. ආරාධකො යනු සපයන්නායි, සපුරන්නායි, ධම්මසොතසමාපන්නො බුද්ධානුස්සතිං භාවෙති යනු ධර්‍ම ශ්‍රොතසට පැමිණියකු වී බුද්ධානුස්සතිය වඩයි. දෙවැන්නෙහි ගිලානා වුට්ඨිතො යනු ගිලනෙක් වී නැඟී සිටියේයි.

3. නන්‍දිය සුත‍්තවණ‍්ණනා

3. නන්දිය සූත්‍ර වර්ණනාව

තතියෙ කල්‍යාණමිත‍්තෙති සුමිත‍්තෙ. එවමෙත්‍ථ කල්‍යාණමිත‍්තවසෙන සඞ‍්ඝානුස‍්සති කථිතා. කබළීකාරාහාරභක‍්ඛානන‍්ති කාමාවචරදෙවානං. අසමයවිමුත‍්තොති අසමයවිමුත‍්තියා විමුත‍්තො ඛීණාසවො.

තෙවැන්නෙහි කල්‍යාණමිත්තෙ යනු හොඳ මිතුරන්, මෙසේ මෙහි කලණමිතුරන් වශයෙන් සඞ්ඝානුස්සතිය කියන ලදි. කබළිංකාරාහාරභක්බානං යනු කාමාවචර දෙවියන්ගේයි, අසමයවිමුත්තො යනු අකාලික වූ විමුක්තියෙන් මිදුණු රහතන් වහන්සේයි,

4. සුභූති සුත‍්තවණ‍්ණනා

4. සුභූති සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ කො නාමායං සුභූතී භික‍්ඛූති ජානන‍්තොපි සත්‍ථා කථාසමුට‍්ඨාපනත්‍ථං පුච‍්ඡති. සුදත‍්තස‍්ස උපාසකස‍්ස පුත‍්තොති අනාථපිණ‍්ඩිකං සන්‍ධායාහ. අනාථපිණ‍්ඩිකස‍්ස හි පුත‍්තො අත‍්තනො චූළපිතු සන‍්තිකෙ පබ‍්බජිතො, අථ නං සුභූතිත්‍ථෙරො ආදාය සත්‍ථු සන‍්තිකං අගමාසි. සද‍්ධාපදානෙසූති සද‍්ධානං පුග‍්ගලානං අපදානෙසු ලක‍්ඛණෙසු.

සිවුවැන්නෙහි කො නාමො අයං සුභූති භික්ඛු යනු දනිමින් ද ශාස්තෲන් වහන්සේ කතාව නංවනු සඳහා අසන සේක, සද්ධස්ස උපාසකස්ස පුත්තො යනු අනේපිඬු සිටු සදහා වදාළ සේක. අනේපිඬු සිටාණන්ගේ පුත්‍රයා සුළු පියා සමීපයෙහි පැවිදිවුයේය. ඉක්බිති සුභූති තෙරණුවෝ ඔහු රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. සද්ධාපදානෙසු යන සැදැහැවත් පුද්ගලයන්ගේ චරිතයන්හි, ලක්‍ෂණයන්හියි,

5. මෙත‍්තානිසංස සුත‍්තවණ‍්ණනා

5. මෙත්තානිසංස සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ සුඛං සුපතීති යථා සෙසජනා සම‍්පරිවත‍්තමානා කාකච‍්ඡමානා දුක‍්ඛං සුපන‍්ති, එවං අසුපිත්‍වා සුඛං සුපති. නිද‍්දං ඔක‍්කමන‍්තොපි සමාපත‍්තිං සමාපන‍්නො විය හොති. සුඛං පටිබුජ‍්ඣතීති යථා අඤ‍්ඤෙ නිත්‍ථුනන‍්තා විජම‍්භමානා සම‍්පරිවත‍්තන‍්තා දුක‍්ඛං පටිබුජ‍්ඣන‍්ති, එවං අප‍්පටිබුජ‍්ඣිත්‍වා විකසමානං විය පදුමං සුඛං නිබ‍්බිකාරො පටිබුජ‍්ඣති. න පාපකං සුපිනං පස‍්සතීති සුපිනං පස‍්සන‍්තොපි භද‍්දකමෙව සුපිනං පස‍්සති, චෙතියං වන්‍දන‍්තො විය පූජං කරොන‍්තො විය ච ධම‍්මං සුණන‍්තො විය ච හොති. යථා පනඤ‍්ඤෙ අත‍්තානං චොරෙහි සම‍්පරිවාරිතං විය වාළෙහි උපද‍්දුතං විය පපාතෙ පතන‍්තං විය ච පස‍්සන‍්ති, න එවං පාපකං සුපිනං පස‍්සති.

පස්වැන්නෙහි සුඛං සුපති යනු යම්සේ සෙසු අය පෙරලෙමින් කසිමින් දුකසේ නිදත්ද මෙසේ නොනිඳා සුවසේ නිඳයි. නින්දට වැටෙන්නේ ද සමවතට සමවන්නකු මෙන් වෙයි, සුඛං පටිබුජ්ඣති යනු යම්සේ අන් අය කෙඳිරිගාමින් ඈනුම් අරිමින් පෙරලෙමින් දුකසේ අවදිවෙත්ද මෙසේ අවදිනොවී පිපෙන පියුමක් මෙන් සුවසේ විකාර නැත්තේ පිබිදෙයි, න පාපකං සුපිනං පස්සති යනු සිහින දකින්නේ ද සොඳුරු සිහිනයක්ම දකියි, සෑයක් වඳින්නකු මෙන් ද පූජාවක් කරන්නකු මෙන් ද වෙයි. යම්සේ අනෙක් අය තමන් සොරුන් විසින් වට කරන ලද්දාක් මෙන් දරුණු සතුන් විසින් උවදුරු කරන ලද්දාක් මෙන් ප්‍රපාතයන්හි වැටෙනකු මෙන් ද දකිත්. මෙබඳු පවිටු සිහින නොදකියි.

මනුස‍්සානං පියො හොතීති උරෙ ආමුක‍්කමුත‍්තාහාරො විය සීසෙ පිළන්‍ධිතමාලා විය ච මනුස‍්සානං පියො හොති මනාපො. අමනුස‍්සානං පියො හොතීති යථෙව මනුස‍්සානං, අමනුස‍්සානම‍්පි පියො හොති විසාඛත්‍ථෙරො විය. වත්‍ථු විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.258) මෙත‍්තාකම‍්මට‍්ඨානනිද‍්දෙසෙ විත්‍ථාරිතමෙව. දෙවතා රක‍්ඛන‍්තීති පුත‍්තමිව මාතාපිතරො දෙවතා රක‍්ඛන‍්ති. නාස‍්ස අග‍්ගි වා විසං වා සත්‍ථං වා කමතීති මෙත‍්තාවිහාරිස‍්ස කායෙ උත‍්තරාය උපාසිකාය විය අග‍්ගි වා, සංයුත‍්තභාණකචූළසීවත්‍ථෙරස‍්සෙව විසං වා, සංකිච‍්චසාමණෙරස‍්සෙව සත්‍ථං වා න කමති නප‍්පවිසති, නාස‍්ස කායං විකොපෙතීති වුත‍්තං හොති. ධෙනුවත්‍ථුම‍්පි චෙත්‍ථ කථයන‍්ති. එකා කිර ධෙනු වච‍්ඡකස‍්ස ඛීරධාරං මුඤ‍්චමානා අට‍්ඨාසි. එකො ලුද‍්දකො “තං විජ‍්ඣිස‍්සාමී”ති හත්‍ථෙන සම‍්පරිවත‍්තෙත්‍වා දීඝදණ‍්ඩං සත‍්තිං මුඤ‍්චි. සා තස‍්සා සරීරං ආහච‍්ච තාලපණ‍්ණං විය වට‍්ටමානා ගතා, නෙව උපචාරබලෙන න අප‍්පනාබලෙන, කෙවලං වච‍්ඡකෙ බලවහිතචිත‍්තතාය. එවං මහානුභාවා මෙත‍්තා.

මනුස්සානං පියො හොති යනු උරයෙහි පැළඳි මුතුහරක් මෙන් ද හිසෙහි පළඳවන ලද මල්දමක් මෙන් ද මිනිසුන්ට ප්‍රිය මනාප වෙයි, අමනුස්සානං පියො හොති යනු යම්සේ මිනිසුන්ට ද අමනුෂ්‍යයන්ට ද ප්‍රියවේද විශාඛ තෙරණුවෝ මෙනි, කථා වස්තුව විසුද්ධිමග්ගයෙහි මෛත්‍රී කර්‍මස්ථාන නිර්දේශයෙහි විස්තර කරන ලද්දේමය. දෙවතා රක්‍ඛන්ති යනු මවුපියෝ පුතකු මෙන් දෙවියෝ රකිති, නාස්ස අග්ගි වා විසං වා සත්‍ථං වා කමති යනු මෛත්‍රියෙන් වෙසෙන්නාගේ සිරුරෙහි උත්තරා උවැසියන්ගේ මෙන් ගින්න හෝ සංයුක්ත භාණක චූලසිව තෙරුන්ගේ මෙන් විෂයක් හෝ සංකිච්ච හෙරණුන්ගේ මෙන් අවියක් හෝ ඇතුළු නොවේ, නොපිවිසෙයි, ඔහුගේ සිරුර තුවාල නොකෙරේ යයි කියන ලද්දේ වෙයි, මෙහිදී ධෙනුවගේ කථා වස්තුව කියත්, එක් දෙනක් පැටවාට කිරි දෙමින් සිටියාය. එක් වැද්දෙක් ඇය විදිමැයි අතින් කරකවා දිගුමිටක් ඇති අවියක් දමා ගැසීය, ඒ අවිය ඇයගේ සිරුරෙහි වැදී තල්කොලයක් මෙන් පෙරලී ගියේය. මෙය උපචාර බලයෙන් හෝ අප්පනා බලයෙන් නොවේ. හුදෙක් පැටවා කෙරෙහි බලවත් හිතකාමී සිත ඇති නිසාය. මෙසේ මෛත්‍රිය මහත් ආනුභාව ඇත්තේය.

තුවටං චිත‍්තං සමාධියතීති මෙත‍්තාවිහාරිනො ඛිප‍්පමෙව චිත‍්තං සමාධියති, නත්‍ථි තස‍්ස දන්‍ධායිතත‍්තං. මුඛවණ‍්ණො විප‍්පසීදතීති බන්‍ධනා පවුත‍්තතාලපක‍්කං විය චස‍්ස විප‍්පසන‍්නවණ‍්ණං මුඛං හොති. අසම‍්මූළ‍්හො කාලං කරොතීති මෙත‍්තාවිහාරිනො සම‍්මොහමරණං නාම නත්‍ථි, අසම‍්මූළ‍්හො පන නිද‍්දං ඔක‍්කමන‍්තො විය කාලං කරොති. උත‍්තරි අප‍්පටිවිජ‍්ඣන‍්තොති මෙත‍්තාසමාපත‍්තිතො උත‍්තරි අරහත‍්තං අධිගන‍්තුං අසක‍්කොන‍්තො ඉතො චවිත්‍වා සුත‍්තප‍්පබුද‍්ධො විය බ්‍රහ‍්මලොකං උපපජ‍්ජතීති.

තුවටං චිත්තං සමාධියති යනු මෛත්‍රියෙන් වසන්නාගේ සිත ඉක්මණින් සමාධිගත වෙයි, ඔහුට හෙමින් ක්‍රියාකරන බවක් නැත. මුඛවණ්ණො විප්පසීදති යනු නටුවෙන් ගිලිහුණු තල්ගෙඩියක් මෙන් ඔහුට පසන් මුහුණක් වෙයි, අසම්මුළ්හො කාලං කරොති යනු මෛත්‍රියෙන් වෙසෙන්නාට මුළාවූ මරණයක් නැත. නොමුළාවූයේ නින්දට පිවිසෙන්නාක් මෙන් කළුරිය කරයි. උත්තරිං අප්පටිවිජ්ඣන්තො යනු මෛත්‍රී සමාපත්තියෙන් මත්තෙහි රහත්බව ලබන්නට නොහැකිවන තැනැත්තේ මෙයින් සැව නිදා පිබිදියකු මෙන් බඹලොව උපදියි.

6. අට‍්ඨකනාගර සුත‍්තවණ‍්ණනා

6. අට්ඨකනාගර සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ දසමොති ජාතිගොත‍්තවසෙන චෙව සාරපත‍්තකුලගණනාය ච දසමෙ ඨානෙ ගණීයති, තෙනස‍්ස දසමොත්‍වෙව නාමං ජාතං. අට‍්ඨකනාගරොති අට‍්ඨකනගරවාසී. කුක‍්කුටාරාමෙති කුක‍්කුටසෙට‍්ඨිනා කාරිතෙ ආරාමෙ.

සවැන්නෙහි දසමො යනු ජාතිගොත්‍ර වශයෙන් මෙන්ම සරුබවට පත් කුල ගණනින් ද දසවැනි තැන්හි සලකන්නේය. එහෙයින් දසම යනුවෙන් නමක් විය. අට්ඨකනාගරො යනු අට්ඨක නුවර වැසිවූයි, කුක්කුටාරාමෙ යනු කුක්කුට සිටු විසින් කරවන ලද අරමෙහියි,

තෙන භගවතා…පෙ… සම‍්මදක‍්ඛාතොති එත්‍ථ අයං සඞ‍්ඛෙපත්‍ථො – යො සො භගවා සමතිංස පාරමියො පූරෙත්‍වා සබ‍්බකිලෙසෙ භඤ‍්ජිත්‍වා අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො, තෙන භගවතා තෙසං තෙසං සත‍්තානං ආසයානුසයං ජානතා, හත්‍ථතලෙ ඨපිතං ආමලකං විය සබ‍්බඤෙය්‍යධම‍්මෙ පස‍්සතා, අපිච පුබ‍්බෙනිවාසාදීහි ජානතා, දිබ‍්බෙන චක‍්ඛුනා පස‍්සතා, තීහි වා විජ‍්ජාහි ඡහි වා පන අභිඤ‍්ඤාහි ජානතා, සබ‍්බත්‍ථ අප‍්පටිහතෙන සමන‍්තචක‍්ඛුනා පස‍්සතා, සබ‍්බධම‍්මජානනසමත්‍ථාය පඤ‍්ඤාය ජානතා, සබ‍්බසත‍්තානං චක‍්ඛුවිසයාතීතානි තිරොකුට‍්ටාදිගතානි චාපි රූපානි අතිවිසුද‍්ධෙන මංසචක‍්ඛුනා වා පස‍්සතා, අත‍්තහිතසාධිකාය සමාධිපදට‍්ඨානාය පටිවෙධපඤ‍්ඤාය ජානතා, පරහිතසාධිකාය කරුණාපදට‍්ඨානාය දෙසනාපඤ‍්ඤාය පස‍්සතා, අන‍්තරායිකධම‍්මෙ වා ජානතා, නිය්‍යානිකධම‍්මෙ පස‍්සතා, අරීනං හතත‍්තා අරහතා, සම‍්මා සාමං සබ‍්බධම‍්මානං බුද‍්ධත‍්තා සම‍්මාසම‍්බුද‍්ධෙනාති එවං චතුවෙසාරජ‍්ජවසෙන චතූහි කාරණෙහි ථොමිතෙන අත්‍ථි නු ඛො එකො ධම‍්මො අක‍්ඛාතොති.

තෙන භගවතා -පෙ- සම්මදක්‍ඛාතො යනු මෙහි මේ කෙටි අරුතයි. ඒ භාග්‍යවතුන් වහන්සේ සමතිස් පෙරුම්පුරා සියලු කෙලෙසුන් බිඳ අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කළ සේක්ද තෙන භගවතා ඒ භාග්‍යවතුන් වහන්සේ විසිනි, ඒ ඒ සත්ත්වයන්ගේ ආසය අනුසය (දන්නාවූ) ජානතා අත්ලෙහි තැබූ අරළුවක් මෙන් සියලු දතයුතු දහම් (දකින්නාවූ) පස්සතා තව ද පෙරවිසූ කඳපිළිවෙල ආදිය දන්නාවූයි, දිවැසින් දකින්නාවූයි, ත්‍රිවිද්‍යාවෙන් හෝ අභිඥා සයෙන් හෝ දන්නාවූයි, සියලු තන්හි නොවළහන ලද සමතැසින් දකින්නාවූයි, සියලු දහම් දැනීමට සමත්වූ ප්‍රඥාවෙන් දන්නාවූයි, සියලු සතුන්ගේ චක්‍ෂුර්විෂය ඉක්මවූ ද බිත්තිවලින් පිටතවූ ද රූපයන් ඉතා පිරිසුදු මසැසින් හෝ දකින්නාවූයි, තමාගේ යහපත ඉටු කරන සමාධිය සමීප හේතුව කොට ඇති ප්‍රතිවේධ ප්‍රඥාවෙන් දන්නාවූයි, අනුන්ගේ යහපත සාධනය කරන කරුණාව ආසන්න හේතුව කොට ඇති දේශනා ප්‍රඥාවෙන් දක්නාවූයි, අනතුරුදායක ධර්‍මයන් හෝ දන්නාවූයි, නිවනට මෙහෙයවන දහම් දක්නාවූයි, කෙලෙස් සතුරන් නැසූ බැවින් (අරහත්) අරහතා වූයි, මැනවින් තමා විසින් සියලු දහම් අවබෝධ කළ බැවින් (සම්මා සම්බුදුවූ) සම්මා සම්බුද්ධෙන යනුයි, මෙසේ සිවු විශාරද බව වශයෙන් සිවුකරුණකින් පසසන ලද්දහු විසින් කියන ලද එක් ධර්‍මයක් ඇත්ද?

අභිසඞ‍්ඛතන‍්ති කතං උප‍්පාදිතං. අභිසඤ‍්චෙතයිතන‍්ති චෙතයිතං කප‍්පයිතං. සො තත්‍ථ ඨිතොති සො තස‍්මිං සමථවිපස‍්සනාධම‍්මෙ ඨිතො. ධම‍්මරාගෙන ධම‍්මනන්‍දියාති පදද‍්වයෙනපි සමථවිපස‍්සනාසු ඡන්‍දරාගො වුත‍්තො. සමථවිපස‍්සනාසු හි සබ‍්බෙන සබ‍්බං ඡන්‍දරාගං පරියාදියිතුං සක‍්කොන‍්තො අරහා හොති, අසක‍්කොන‍්තො අනාගාමී හොති. සො සමථවිපස‍්සනාසු ඡන්‍දරාගස‍්ස අප‍්පහීනත‍්තා චතුත්‍ථජ‍්ඣානචෙතනාය සුද‍්ධාවාසෙ නිබ‍්බත‍්තති. අයං ආචරියානං සමානත්‍ථකථා.

අභිසඞ්ඛතං යනු කරනලද, උපදවනලදයි, අභිසඤ්චෙතයිතං යනු සිතන ලද කල්පනා කරන ලදයි, සො තත්‍ථ ඨිතො යනු ඒ සමථ විදර්‍ශනා දහමෙහි සිටියා වූ හෙතෙමේයි. ධම්මරාගෙන ධම්මනන්‍දියා යනු දෙපදයෙන්ම සමථ විදර්‍ශනාවන්හි ඡන්‍දරාගය කියන ලදි. සමථ විදර්‍ශනාවන්හි මුළුමනින් ඡන්‍දරාගය මැඬලන්නට හැක්කේ රහත්වෙයි, නොහැක්කේ අනාගාමී වෙයි, හෙතෙම සමථ විදර්‍ශනාවන්හි ඡන්‍දරාගය ප්‍රහීන නොකළ බැවින් චතුර්ථධ්‍යාන චෙතනාවෙන් සුද්ධාවාසයෙහි උපදියි, මේ ආචාර්‍ය්‍යවරුන්ගේ සමානාර්‍ත්‍ථ කථාවයි.

විතණ‍්ඩවාදී පනාහ – “තෙනෙව ධම‍්මරාගෙනාති වචනතො අකුසලෙන සුද‍්ධාවාසෙ නිබ‍්බත‍්තතී”ති. සො “සුත‍්තං ආහරාහී”ති වත‍්තබ‍්බො. අද‍්ධා අඤ‍්ඤං අපස‍්සන‍්තො ඉදමෙව ආහරිස‍්සති. තතො වත‍්තබ‍්බො “කිම‍්පනිදං සුත‍්තං නීතත්‍ථං, උදාහු නෙය්‍යත්‍ථ”න‍්ති. අද‍්ධා “නීතත්‍ථ”න‍්ති වක‍්ඛති. තතො වත‍්තබ‍්බො – එවං සන‍්තෙ අනාගාමිඵලත්‍ථිකෙන සමථවිපස‍්සනාසු ඡන්‍දරාගො කත‍්තබ‍්බො භවිස‍්සති, ඡන්‍දරාගෙ උප‍්පාදිතෙ අනාගාමිඵලං පටිලද‍්ධං භවිස‍්සති, මා “සුත‍්තං මෙ ලද‍්ධ”න‍්ති යං වා තං වා දීපෙහි. පඤ‍්හං කථෙන‍්තෙන හි ආචරියස‍්ස සන‍්තිකෙ උග‍්ගහෙත්‍වා අත්‍ථරසං පටිවිජ‍්ඣිත්‍වා කථෙතුං වට‍්ටති. අකුසලෙන හි සග‍්ගෙ, කුසලෙන ච අපායෙ පටිසන්‍ධි නාම නත්‍ථි. වුත‍්තඤ‍්චෙතං භගවතා –

විතණ්ඩවාදියා වනාහි “ඒ ධර්‍මරාගයෙන්ම යන වචනයෙන් අකුසලයෙන් සුද්ධාවසයෙහි උපදීදැ”යි කීවේය. ඒ විතණ්ඩවාදියාට සූත්‍රයක් ගෙනහැර දක්වයි කිවයුතුය. ඒකාන්තයෙන්ම වෙනත් සූත්‍රයක් නොදන්නේ මේ සූත්‍රයම ගෙනහැර දක්වන්නේය, ඉක්බිති කිම මේ සූත්‍රය පැහැදිලි අරුත් ඇත්තේ (නීතාර්ථ) ද පැහැදිලි කළයුතු අර්‍ත්‍ථ ඇත්තේ (නෙය්‍යාර්ථ) දැයි කිවයුතුය. ඒකාන්තයෙන්ම පැහැදිලි අරුත් ඇත්තේයයි කියයි. ඉක්බිති, “මෙසේ ඇති කල්හි අනාගාමි ඵලය කැමතිවන්නහු විසින් සමථ විදර්‍ශනාවන්හි ඡන්‍දරාග කළයුතු වන්නේය. ඡන්‍දරාගය උපදවන කල්හි අනාගාමි ඵලය ලැබුවේ වන්නේය. (එසේ නොකියන) සූත්‍රයක් මට නොලැබිණැ”යි කිවයුතුය. යම් ඒ දෙයක් දක්වයි ප්‍රශ්න නඟන්නහු විසින් ආචාර්‍ය්‍යයන් සමීපයෙහි උගෙන අර්‍ත්‍ථ රසය දැනගෙන කීමට වටීයි. අකුසලයෙන් ස්වර්‍ගයෙහි ද කුසලයෙන් අපායෙහි ද ප්‍රතිසන්‍ධියක් නම් නැත. භාග්‍යවතුන් වහන්සේ විසින්

“න, භික‍්ඛවෙ, ලොභජෙන කම‍්මෙන, දොසජෙන කම‍්මෙන, මොහජෙන කම‍්මෙන දෙවා පඤ‍්ඤායන‍්ති, මනුස‍්සා පඤ‍්ඤායන‍්ති, යා වා පනඤ‍්ඤාපි කාචි සුගතියො. අථ ඛො, භික‍්ඛවෙ, ලොභජෙන කම‍්මෙන, දොසජෙන කම‍්මෙන, මොහජෙන කම‍්මෙන නිරයො පඤ‍්ඤායති, තිරච‍්ඡානයොනි පඤ‍්ඤායති, පෙත‍්තිවිසයො පඤ‍්ඤායති, යා වා පනඤ‍්ඤාපි කාචි දුග‍්ගතියො”ති (අ· නි· 6.39) –

“මහණෙනි, ලොභයෙන් උපන් කර්‍මයෙන් ද්වෙෂයෙන් උපන් කර්‍මයෙන් මොහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ නො පැනෙත්. මිනිස්සු නොපැනෙත්. යම්කිසි වෙනත් සුගතීහු ද නොපැනෙති. එහෙත් මහණෙනි, ලොභයෙන් හටගත් කර්‍මයෙන් ද්වෙෂයෙන් හටගත් කර්‍මයෙන් මෝහයෙන් හටගත් කර්‍මයෙන් නිරය පැනෙයි, තිරිසන් යෝනිය පැනෙයි, ප්‍රේත විෂය පැනෙයි, යම්කිසි වෙනත් දුගතීහු ද පෙනෙත්”යි යන මෙය කියන ලදි.

එවං සඤ‍්ඤාපෙතබ‍්බො. සචෙ සඤ‍්ජානාති, සඤ‍්ජානාතු. නො චෙ සඤ‍්ජානාති, “ගච‍්ඡ පාතොව විහාරං පවිසිත්‍වා යාගුං පිවා”ති උය්‍යොජෙතබ‍්බො.

මෙසේ හැඟවිය යුතුයි. ඉඳින් හැඳින ගනියි ද හැඳින ගනිවා! හැඳින නොගන්නේ නම් යව උදයෙන්ම විහාරයට පිවිස කැඳ බොවයි යැවිය යුතුය.

අයං ඛො, ගහපති, එකධම‍්මො අක‍්ඛාතොති එකං ධම‍්මං පුච‍්ඡිතෙන “අයම‍්පි එකධම‍්මො අක‍්ඛාතො, අයම‍්පි එකධම‍්මො අක‍්ඛාතො”ති එවං පුච‍්ඡාවසෙන කථිතත‍්තා එකාදසපි ධම‍්මා එකධම‍්මො නාම කතො. අමතුප‍්පත‍්තිඅත්‍ථෙන වා සබ‍්බෙපි එකධම‍්මොති වත‍්තුං වට‍්ටති.

අයං ඛො ගහපති එකධම්මො අක්‍ඛාතො යනු එක් ධර්‍මයක් අසන ලද්දහු විසින් මේ එක් ධර්‍මයක් ද කියනලදි, මේ එක් ධර්‍මයක්ද කියන ලදැයි මෙසේ ඇසීම් වශයෙන් කියන ලද බැවින් එකළොස් ධර්‍මයෝම එකධර්‍මයකැයි නම් කරන ලදි. අමා (නිවන්) ඉපදීමේ අර්‍ත්‍ථයෙන් හෝ සියල්ලම එක් ධර්‍මයකැයි කීමට වටියි.

නිධිමුඛං ගවෙසන‍්තොති නිධිං පරියෙසන‍්තො. සකිදෙවාති එකප‍්පයොගෙනෙව. කථං පන එකප‍්පයොගෙනෙව එකාදසන‍්නං නිධීනං අධිගමො හොතීති? ඉධෙකච‍්චො අරඤ‍්ඤෙ ජීවිතවුත‍්තිං ගවෙසමානො චරති. තමෙනං අඤ‍්ඤතරො අත්‍ථචරකො දිස‍්වා “කිං, භො, චරසී”ති පුච‍්ඡති. සො “ජීවිතවුත‍්තිං පරියෙසාමී”ති ආහ. ඉතරො “තෙන හි සම‍්ම ආගච‍්ඡ, එතං පාසාණං පවට‍්ටෙහී”ති ආහ. සො තං පවට‍්ටෙත්‍වා උපරූපරිට‍්ඨිතා වා කුච‍්ඡියා කුච‍්ඡිං ආහච‍්ච ඨිතා වා එකාදස කුම‍්භියො පස‍්සති. එවං එකප‍්පයොගෙන එකාදසන‍්නං අධිගමො හොති.

නිධිමුඛං ගවෙසන්තොපි යනු නිධානයක් සොයන්නේයි, සකිදෙව යනු එක් ප්‍රයෝගයකින්මය, කෙසේනම් එක් ප්‍රයෝගයකින් එකොළොස් නිධියක් අධිගමනය වෙයිද? මෙහි යමෙක් වනයෙහි ජීවිකා වෘත්තිය සොයමින් හැසිරෙයි. යහපතෙහි හැසිරෙන්නා වූ වෙනත් කෙනෙක් ඔහු දැක පින්වත, කුමක් නිසා හැසිරෙහිදැයි අසයි. හෙතෙම ජීවිකා වෘත්තිය සොයමැයි කීවේය. අනෙකා එසේ නම් යහළුව, එන්න මේ ගල පෙරලවයි කීය. හෙතෙම එය පෙරලා මතුමත්තෙහි සිටි හෝ කුසෙන් කුස ගැටී සිටි හෝ සැළි එකොළසක් දකියි. මෙසේ එක් ප්‍රයෝගයෙන්ම එකොළොසක අවබෝධය වෙයි.

ආචරියධනං පරියෙසිස‍්සන‍්තීති අඤ‍්ඤතිත්‍ථියා හි යස‍්ස සන‍්තිකෙ සිප‍්පං උග‍්ගණ‍්හන‍්ති, තස‍්ස සිප‍්පුග‍්ගහණතො පුරෙ වා පච‍්ඡා වා අන‍්තරන‍්තරා වා ගෙහතො නීහරිත්‍වා ධනං දෙන‍්ති. යෙසං ගෙහෙ නත්‍ථි, තෙ ඤාතිසභාගතො පරියෙසන‍්ති. යෙසං තම‍්පි නත්‍ථි, තෙ සභාගතො පරියෙසන‍්ති. තථා අලභමානා භික‍්ඛම‍්පි චරිත්‍වා දෙන‍්තියෙව. තං සන්‍ධායෙතං වුත‍්තං.

ආචරියධනං පරියෙසින්ති යනු අන්‍යතීර්ථකයෝ යමකු සමීපයෙහි ශිල්ප උගනිත්ද ඔහුට ශිල්ප ඉගෙනීමට කලින් හෝ පසුව හෝ අතරතුර හෝ ගෙදරින් ගෙනවුත් ධනය දෙත්. යමකුගේ ගෙහි (ධනය) නැත්ද ඔවුහු ඥාතිපාර්‍ශවයෙන් සොයති. යමෙකුට එය ද නැත්ද ඔවුහු සමාන වූවන්ගෙන් සොයති. එසේ නොලබන්නෝ භික්‍ෂාවෙහි වුව ද හැසිර දෙත්මය. එකරුණ සඳහා මෙය කියන ලදි.

කිං පනාහන‍්ති බාහිරකා තාව අනිය්‍යානිකෙපි සාසනෙ සිප‍්පමත‍්තදායකස‍්ස ධනං පරියෙසන‍්ති, අහං පන එවංවිධෙ නිය්‍යානිකසාසනෙ එකාදසවිධං අමතුප‍්පත‍්තිපටිපදං දෙසෙන‍්තස‍්ස ආචරියස‍්ස පූජං කිං න කරිස‍්සාමි, කරිස‍්සාමියෙවාති වදති. පච‍්චෙකං දුස‍්සයුගෙන අච‍්ඡාදෙසීති එකමෙකස‍්ස භික‍්ඛුනො එකෙකං දුස‍්සයුගං අදාසීති අත්‍ථො. සමුදාචාරවචනං පනෙත්‍ථ එවරූපං හොති, තස‍්මා අච‍්ඡාදෙසීති වුත‍්තං. පඤ‍්චසතං විහාරන‍්ති පඤ‍්චසතග‍්ඝනිකං පණ‍්ණසාලං කාරෙසීති අත්‍ථො.

කිම්පනාහං යනු සසුනෙන් බැහැරවූවෝ නිවනට යොමු නොවන සසුනෙහි වුව ද ශිල්පමාත්‍රයක් දෙන්නහුට ධනය සොයති. මම වනාහි මෙබඳු වූ නෛර්‍ය්‍යානික සසුනෙහි එකළොස් වැදෑරුම් අමා උපදවන පිළිවෙත දෙසන්නා වූ ඇඳුරුවරයාට පූජාවක් නොකරන්නෙම්ද කරන්නෙමියි කියයි. පච්චෙකං දුස්සයුගෙන අච්ඡාදෙසි යනු එක් එක් භික්ෂුවට එක් එක් වස්ත්‍ර යුගලයක් දුන්නේ යයි අරුත්ය. මෙහි සමුදාචාර (හාත්පසින් හැසිරෙන) වචනය මෙසේ වෙයි. එහෙයින් හැඳවියයි කියන ලදි. පඤ්චසතං විහාරං යනු පන්සියයක් අගනා පන්සලක් කරවීයයි අරුත්ය.