7. ගොපාලක සුත්තවණ්ණනා අට්ඨකථා
7. ගොපාලක සුත්තවණ්ණනා
7. ගොපාලක සූත්‍ර වර්ණනාව
සත්තමෙ තිස්සො කථා එකනාළිකා චතුරස්සා නිසින්නවත්තිකාති. තත්ථ පාළිං වත්වා එකෙකස්ස පදස්ස අත්ථකථනං එකනාළිකා නාම. අපණ්ඩිතගොපාලකං දස්සෙත්වා, අපණ්ඩිතභික්ඛුං දස්සෙත්වා, පණ්ඩිතගොපාලකං දස්සෙත්වා, පණ්ඩිතභික්ඛුං දස්සෙත්වාති චතුක්කං බන්ධිත්වා කථනං චතුරස්සා නාම. අපණ්ඩිතගොපාලකං දස්සෙත්වා පරියොසානගමනං, අපණ්ඩිතභික්ඛුං දස්සෙත්වා පරියොසානගමනං, පණ්ඩිතගොපාලකං දස්සෙත්වා පරියොසානගමනං, පණ්ඩිතභික්ඛුං දස්සෙත්වා පරියොසානගමනන්ති අයං නිසින්නවත්තිකා නාම. අයං ඉධ සබ්බාචරියානං ආචිණ්ණා.
සත්වැන්නෙහි එකනාළිකා, චතුරස්සා නිසින්නවත්තිකා යනුවෙන් කථා තුනෙකි. එහි පෙළ කියා එක් එක් පදයට අර්ත්ථය කීම එකනාළිකා නමි. අනුවණ ගොපල්ලා දක්වා අනුවණ භික්ෂුව දක්වා නුවණැති ගොපල්ලා දක්වා නුවණැති භික්ෂුව දක්වායි චතුෂ්කයක් බැඳ කීම චතුරස්සා නමි. නුවණ නැති ගොපල්ලා දක්වා අවසාන ගමන, නුවණැති භික්ෂුව දක්වා අවසාන ගමන, නුවණැති ගොපල්ලා දක්වා අවසාන ගමන, නුවණැති භික්ෂුව දක්වා අවසාන ගමන යන මෙය නිසින්නවත්තිකා නමි. මෙහි මෙය සියලු ආචාර්ය්යවරුන්ගේ පුරුද්දයි.
එකාදසහි, භික්ඛවෙ, අඞ්ගෙහීති එකාදසහි අගුණකොට්ඨාසෙහි. ගොගණන්ති ගොමණ්ඩලං. පරිහරිතුන්ති පරිග්ගහෙත්වා විචරිතුං. ඵාතිං කාතුන්ති වඩ්ඪිං ආපාදෙතුං. ඉධාති ඉමස්මිං ලොකෙ. න රූපඤ්ඤූ හොතීති ගණනතො වා වණ්ණතො වා රූපං න ජානාති. ගණනතො න ජානාති නාම අත්තනො ගුන්නං සතං වා සහස්සං වාති සඞ්ඛ්‍යං න ජානාති, සො ගාවීසු හටාසු වා පලාතාසු වා ගොගණං ගණෙත්වා “අජ්ජ එත්තකා න දිස්සන්තී”ති ද්වෙ තීණි ගාමන්තරානි වා අටවිං වා විචරන්තො න පරියෙසති. අඤ්ඤෙසං ගාවීසු අත්තනො ගොගණං පවිට්ඨාසුපි ගොගණං ගණෙත්වා “ඉමා එත්තිකා ගාවො න අම්හාක”න්ති යට්ඨියා පොථෙත්වා න නීහරති. තස්ස නට්ඨා ගාවියො නට්ඨාව හොන්ති. පරගාවියො ගහෙත්වා චරති. ගොසාමිකා දිස්වා “අයං එත්තකං කාලං අම්හාකං ධෙනූ දුහී”ති තජ්ජෙත්වා අත්තනො ගාවියො ගහෙත්වා ගච්ඡන්ති. තස්ස ගොගණොපි පරිහායති, පඤ්ච ගොරසපරිභොගතොපි පරිබාහිරො හොති. වණ්ණතො න ජානාති නාම “එත්තිකා ගාවී සෙතා, එත්තිකා රත්තා, එත්තිකා කාළා, එත්තිකා ඔදාතා, එත්තිකා කබරා, එත්තිකා නීලා”ති න ජානාති. සො ගාවීසු හටාසු වා පලාතාසු වා…පෙ… පඤ්චගොරසපරිභොගතොපි පරිබාහිරො හොති.
එකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි යනු එකළොස් නුගුණ කොටස්වලිනි, ගොගණං යනු ගවසමූහයයි, පරිහරිතුං යනු ගෙන හැසිරීමටයි, ඵාතිකත්තුං යනු වැඩීමට පැමිණවීමටයි, ඉධ යනු මෙලොවෙහියි, න රූපඤ්ඤු හොති යනු ගණන් වශයෙන් හෝ පැහැය වශයෙන් හෝ නොදනියි, ගණන් වශයෙන් රූපය නොදනියි යනු තමාගේ ගොනුන් සියය ද දහස දැයි සංඛ්‍යාව නොදනියි, හෙතෙම දෙනුන් ගෙන ආකල්හි හෝ පලාගිය කල්හි ගවසමූහයා ගැණ අද මෙපමණ දෙන්නු නොදක්නා ලැබෙතියි ගම් දෙකතුනක හෝ වනයෙහි හෝ හැසිරෙන්නේ සොයා නොබලයි. වෙනත් දෙනුන් තමන්ගේ ගවසමූහයට එක්වූවිට ගව සමූහය ගැණ පෙමණ මේ දෙන්නු අපේ නොවෙත්යැයි යටියෙන් ගසා ඉවතට නොවයවයි, ඔහුගේ නැති වූ දෙන්නු නැතිවූවාහු වෙත්. අනුන්ගේ දෙනුන් රැගෙන හැසිරෙයි. ගවයන් හිමිකරුවෝ දැක මෙතෙම මෙපමණ කලක් අපගේ දෙනුන්ගෙන් කිරි දෙවීයයි තර්ජනය කොට තමන්ගේ දෙනුන් රැගෙන යති. ඔහුගේ ගව සමූහය ද පිරිහෙයි. පස්ගෝ රස පරිභෝගයෙන් බැහැර වූයේ ද වෙයි. පැහැය වශයෙන් නොදනියි නම් මෙපමණ දෙන්නු සුදුය, මෙපමණ රතුය, මෙපමණ කළුය, මෙපමණ මඳ රතුයයි නොදනියි. හෙතෙම දෙනුන් ගෙනා විට හෝ පළාගියවිට හෝ -පෙ- පස්ගෝ රස පරිභෝගයෙන් ද බැහැර වෙයි.
න ලක්ඛණකුසලොති ගාවීනං සරීරෙ කතං ධනුසත්තිසූලාදිභෙදං ලක්ඛණං න ජානාති. සො ගාවීසු හටාසු වා පලාතාසු වා “අජ්ජ අසුකලක්ඛණා අසුකලක්ඛණා ච ගාවො න දිස්සන්තී”ති…පෙ… පඤ්චගොරසපරිභොගතොපි පරිබාහිරො හොති.
න ලක්ඛණ කුසලො හොති යනු දෙනුන්ගේ සිරුරෙහි කරන ලද දුනු, සැත්, හුල් ආදී වෙනස්කම් ඇති ලකුණ නොදනියි. හෙතෙම දෙනුන් ගෙනා කල්හි හෝ පළාගිය කල්හි හෝ අද අසුවල් අසුවල් ලකුණු ඇති ගවයෝ නොදක්නා ලැබෙතියි - පෙ- පස්ගෝරස පරිහෝගයෙන් ද බැහැර වූයේ වෙයි.
න ආසාටිකං හාරෙතාති ගුන්නං ඛාණුකණ්ටකාදීහි පහටට්ඨානෙසු වණො හොති. තත්ථ නීලමක්ඛිකා අණ්ඩකානි ඨපෙන්ති, තෙසං ආසාටිකාති නාමං. තානි දණ්ඩකෙන අපනෙත්වා භෙසජ්ජං දාතබ්බං හොති, බාලො ගොපාලකො තථා න කරොති. තෙන වුත්තං – “න ආසාටිකං හාරෙතා හොතී”ති. තස්ස ගුන්නං වණා වඩ්ඪන්ති, ගම්භීරා හොන්ති, පාණකා කුච්ඡිං පවිසන්ති, ගාවො ගෙලඤ්ඤාභිභූතා නෙව යාවදත්ථං තිණං ඛාදිතුං න පානීයං පාතුං සක්කොන්ති. තත්ථ ගුන්නං ඛීරං ඡිජ්ජති, ගොණානං ජවො හායති, උභයෙසම්පි ජීවිතන්තරායො හොති. එවමස්ස ගොගණොපි පරිහායති…පෙ… පඤ්චගොරසතොපි පරිබාහිරො හොති.
න ආසාටිකං සාටෙතා යනු ගොනුන්ගේ කණු කටු ආදියෙන් පහරලද තන්හි වණයක් වෙයි. එහි නිල මැස්සෝ බිජු දමති. ඒ බිජු දණ්ඩකින් ඉවත් කොට ඒ ගවයන්ට ආසාටිකා නම් වූ බෙහෙත දියයුතුය. නුවණ නැති ගොපලු තෙමේ එසේ නොකරයි. එහෙයින් “න ආසාටිකං සාටෙතා හොති”යි කියන ලදි. ඔහුගේ ගවයන්ගේ තුවල වැඩෙයි. ගැඹුරු වෙයි. පණුවෝ කුසට පිවිසෙත්. ගවයෝ ගිලන් බවින් මඬනා ලද්දාහු ඇතිපමණ තණ කෑමට ද දිය බීමට ද නොහැකි වෙයි. එහි දෙනුන්ගේ කිරි සිඳෙයි. ගොනුන්ගේ ශක්තිය පිරිහෙයි. ගොනුන් දෙනුන් යන දෙපිරිසටම ජීවිත අනතුරක් ද වෙයි. මෙසේ ඔහුගේ ගවසමුහය පිරිහෙයි. - පෙ- පස්ගෝ රසයෙන් බැහැරවූයේ ද වෙයි.
න වණං පටිච්ඡාදෙතා හොතීති ගුන්නං වුත්තනයෙනෙව සඤ්ජාතො වණො භෙසජ්ජං දත්වා වාකෙන වා චීරකෙන වා බන්ධිත්වා පටිච්ඡාදෙතබ්බො හොති. බාලගොපාලකො තං න කරොති. අථස්ස ගුන්නං වණෙහි යූසා පග්ඝරන්ති, තා අඤ්ඤමඤ්ඤං නිඝංසන්ති. තෙන අඤ්ඤෙසම්පි වණා ජායන්ති. එවං ගාවො ගෙලඤ්ඤාභිභූතා නෙව යාවදත්ථං තිණානි ඛාදිතුං…පෙ… පරිබාහිරො හොති.
න වණං පටිච්ඡාදෙතා හොති යනු ගොනුන්ට කියනලද පරිද්දෙන් වණ හටගත් විට බෙහෙත් දී පොත්තෙන් හෝ සුඹුලෙන් හෝ වැසිය යුත්තේ වෙයි. මෝඩ ගොපල්ලා එය නොකරයි. අවශ්‍යයෙන්ම ගවයන්ගේ වණයන්ගෙන් යුෂ වැගිරෙයි. ඔවුහු ඔවුනොවුන්ගේ ඇඟේ ගැටෙති, එයින් අනෙකුන්ට ද වණයෝ හටගනිති. මෙසේ ගවයෝ ගිලන්බවින් මැඬුනාහු ඇති පමණට තණ කන්නට ද දිය බොන්නට ද නොහැකි වෙති, -පෙ- බැහැරවූයේ වෙයි.
න ධූමං කත්තා හොතීති අන්තොවස්සෙ ඩංසමකසාදීනං උස්සන්නකාලෙ ගොගණෙ වජං පවිට්ඨෙ තත්ථ තත්ථ ධූමො කාතබ්බො හොති. අපණ්ඩිතගොපාලකො තං න කරොති, ගොගණො සබ්බරත්තිං ඩංසාදීහි උපද්දුතො නිද්දං අලභිත්වා පුනදිවසෙ අරඤ්ඤෙ තත්ථ තත්ථ රුක්ඛමූලාදීසු නිපජ්ජිත්වා නිද්දායති. නෙව යාවදත්ථං තිණානි ඛාදිතුං…පෙ… පරිබාහිරො හොති.
න ධූමං කත්තා හොතී යනු ඇතුළුවස මැසිමඳුරුවන් වැඩි කල්හි ගවසමූහය ගවමඩුවට පැමිණි විට ඒ ඒ තන්හි දුම් ගැස්විය යුතුය. නුවණ නැති ගොපල්ලා එය නොකරයි. ගව සමූහය සියලු රැය මැසි ආදීන්ගෙන් උවදුරු විඳ නින්ද නොලබා දෙවැනි දිනයෙහි වනයෙහි ඒ ඒ ගස්මුල වැදහෙව නිදයි. ඇති පමණ තණ කන්නට හෝ -පෙ- බැහැරවූයේ වෙයි.
න තිත්ථං ජානාතීති තිත්ථම්පි සමන්ති වා විසමන්ති වා සගාහන්ති වා නිග්ගාහන්ති වා න ජානාති. සො අතිත්ථෙන ගාවියො ඔතාරෙති. තාසං විසමතිත්ථෙ පාසාණාදීනි අක්කමන්තීනං පාදා භිජ්ජන්ති. සගාහං ගම්භීරං තිත්ථං ඔතිණ්ණෙ කුම්භීලාදයො ගාවො ගණ්හන්ති, “අජ්ජ එත්තිකා ගාවො නට්ඨා, අජ්ජ එත්තිකා”ති වත්තබ්බතං ආපජ්ජන්ති. එවමස්ස ගො ගණොපි පරිහායති…පෙ… පඤ්චගොරසතොපි පරිබාහිරො හොති.
න තිත්ථං ජානාති යනු තොටුපල සම ද විෂම ද ග්‍රහණය සහිත ද ග්‍රහණය රහිතදැයි නොදනියි. හෙතෙම නොතොටින් දෙනුන් එතරකරවයි. විසම තොටෙහි ගල් ආදියෙහි ඇක්මෙන ඔවුන්ගේ පා බිඳෙයි. ග්‍රහණය සහිත ගැඹුරු තොටට බට කල කිඹුල් ආදීහු ගවයන් අල්වා ගනිත්. අද මෙපමණ ගවයෝ නටුවාහුය අද මෙපමණ නටුවාහයි කිවයුතු බවට පැමිණෙයි. මෙසේ ඔහුගේ ගවසමූහය ද පිරිහෙයි -පෙ- පස්ගෝ රසයෙන් බැහැර වූයේ ද වෙයි.
න පීතං ජානාතීති පීතම්පි අපීතම්පි න ජානාති. ගොපාලකෙන හි “ඉමාය ගාවියා පීතං, ඉමාය න පීතං, ඉමාය පානීයතිත්ථෙ ඔකාසො ලද්ධො, ඉමාය න ලද්ධො”ති එවං පීතාපීතං ජානිතබ්බං හොති. අයං පන දිවසභාගෙ අරඤ්ඤෙ ගොගණං රක්ඛිත්වා “පානීයං පායෙස්සාමී”ති නදිං වා තළාකං වා ඔගාහෙත්වා ගච්ඡති. තත්ථ මහාඋසභා ච අනුසභා ච බලවගාවියො ච දුබ්බලානි චෙව මහල්ලකානි ච ගොරූපානි සිඞ්ගෙහි වා ඵාසුකාහි වා පහරිත්වා අත්තනො ඔකාසං කත්වා ඌරුප්පමාණං උදකං පවිසිත්වා යථාකාමං පිවන්ති. අවසෙසා ඔකාසං අලභමානා තීරෙ ඨත්වා කලලමිස්සකං උදකං පිවන්ති වා අපීතා එව වා හොන්ති. අථ සො ගොපාලකො පිට්ඨියං පහරිත්වා පුන අරඤ්ඤං පවෙසෙති. තත්ථ අපීතා ගාවියො පිපාසාය සුස්සමානා යාවදත්ථං තිණානි ඛාදිතුං න සක්කොන්ති. තත්ථ ගුන්නං ඛීරං ඡිජ්ජති. ගොණානං ජවො හායති…පෙ… පරිබාහිරො හොති.
න පීතං ජානාති යනු බොන ලද්දේයි නොදනියි. මේ දෙන විසින් බොන ලද්දේය. මේ දෙන විසින් නොබොන ලද්දේය, මැය විසින් පැන්තොටෙහි ඉඩලද්දේය. මැය විසින් ඉඩ නොලද්දේයයි මෙසේ බිව් නොබිව් බව ගොපල්ලකු විසින් දතයුතුය. මෙතෙම වනාහි දහවල වනයෙහි ගවසමූහය රැක බලා දිය පොවන්නෙමැයි ගඟට හෝ විලට බස්සවා යයි. එහි මහා ගොන්නු ද බලවත් දෙන්නු ද දුබල මෙන්ම මහඑ ගවයන්ට අංවලින් හෝ ඉල ඇටවලින් පහරදී තමන්ගේ ඉඩ ගෙන කළවා පමණ දියට පිවිස කැමති පරිද්දෙන් බොති. සෙස්සෝ ඉඩ නොලබමින් ඉවුරෙහි සිට මඩමුසු දිය බොත්. නැතහොත් නොබී සිටියාහු වෙත්. ඉක්බිති එම ගොපල්ලා පිටට ගසා (ගවයන් ගෙන) යළි වනයට පිවිසෙයි. එහි දිය නොබොනලද දෙන්නු පිපාසයෙන් වියලෙමින් ඇති පමණ තණ කෑමට නොහැකි වෙයි. එහි දෙනුන්ගේ කිරි සිඳෙයි. ගොනුන්ගේ ජවය පිරිහෙයි. -පෙ- බැහැර වූයේ වෙයි.
න වීථිං ජානාතීති “අයං මග්ගො සමො ඛෙමො, අයං විසමො සාසඞ්කො සප්පටිභයො”ති න ජානාති. සො සමං ඛෙමං මග්ගං වජ්ජෙත්වා ගොගණං ඉතරමග්ගං පටිපාදෙති. තත්ථ ගාවො සීහබ්යග්ඝාදීනං ගන්ධෙන චොරපරිස්සයෙන ච අභිභූතා භන්තමිගසප්පටිභාගා ගීවං උක්ඛිපිත්වා තිට්ඨන්ති, නෙව යාවදත්ථං තිණානි ඛාදන්ති, න පානීයං පිවන්ති. තත්ථ ගුන්නං ඛීරං ඡිජ්ජති…පෙ… පරිබාහිරො හොති.
න විථිං ජානානි යනු මේ මග සමය (බිය රහිතය). මේ මග විෂමය සැකසහිතය, බිය සහිතයයි නොදනියි. හෙතෙම සමවූ නිර්භය මාර්ගය අතහැර ගවසමූහය අනෙක් මගට යොමුකරවයි. එහි ගවයෝ සිංහ, ව්යාඝ්ර ආදීන්ගේ ගඳින් ද සොර උවදුරෙන් ද මැඬුනාහු බියපත් මුවන් මෙන් ගෙල ඔසවා සිටිත්. ඇති පමණ තණ ද නොකත් දිය ද නොබොත්. එහි දෙනුන්ගේ කිරි සිඳෙයි -පෙ- බැහැර වූයේ වෙයි,
න ගොචරකුසලො හොතීති ගොපාලකෙන හි ගොචරකුසලෙන භවිතබ්බං, පඤ්චාහිකචාරො වා සත්තාහිකචාරො වා ජානිතබ්බො. එකදිසාය ගොගණං චාරෙත්වා පුනදිවසෙ තත්ථ න චාරෙතබ්බො. මහතා හි ගොගණෙන චිණ්ණට්ඨානං භෙරිතලං විය සුද්ධං හොති නිත්තිණං, උදකම්පි ආලුලීයති. තස්මා පඤ්චමෙ වා සත්තමෙ වා දිවසෙ පුන තත්ථ චාරෙතුං වට්ටති. එත්තකෙන හි තිණම්පි පටිවිරුහති, උදකම්පි පසීදති, අයං පන ඉමං පඤ්චාහිකචාරං වා සත්තාහිකචාරං වා න ජානාති, දිවසෙ දිවසෙ රක්ඛිතට්ඨානෙයෙව රක්ඛති. අථස්ස ගොගණො හරිතතිණං න ලභති, සුක්ඛතිණං ඛාදන්තො කලලමිස්සකං උදකං පිවති. තත්ථ ගුන්නං ඛීරං ඡිජ්ජති…පෙ… පරිබාහිරො හොති.
න ගොවරකුසලො හොති යනු ගොපල්ලකු ගොදුරු බිමෙහි දක්ෂයකු විය යුතුය. දින පසේ වාරය හෝ දිනසතේ වාරය හෝ දත යුතුය. එක් දෙසකට ගවසමූහය හසුරුවා දෙවන දිනයෙහි එහි නොහැසිරවිය යුතුය. මහත් ගවසමූහයක් සිටි තැන බෙර ඇසක් මෙන් පිරිසුදු වෙයි, තණ නැත්තේ වෙයි. දිය ද කැළඹී යයි. එහෙයින් පස්වැනි හෝ සත්වෙනි දිනයෙහි (ගවයන්) එහි හැසිරවීමට සුදුසුය. මෙපමණකින් තණ ද යළි ලියලයි, දිය ද පෑදී සිටී. මෙතෙම මේ පස්දින වාරය හෝ සත්දින වාරය නොදනියි. දිනපතා රැකිතැනම රකියි, ඉක්බිති ඔහුගේ ගවයෝ නිල්තණ නොලබති. වියලි තණකමින් මඩමුසු දිය බොති. එහි දෙනුන්ගේ කිරි සිඳෙයි -පෙ- බැහැර වූයේ වෙයි.
අනවසෙසදොහී ච හොතීති පණ්ඩිතගොපාලකෙන හි යාව වච්ඡකස්ස මංසලොහිතං සණ්ඨාති, තාව එකං ද්වෙ ථනෙ ඨපෙත්වා සාවසෙසදොහිනා භවිතබ්බං. අයං වච්ඡකස්ස කිඤ්චි අනවසෙසෙත්වා දුහති. ඛීරපකො වච්ඡො ඛීරපිපාසාය සුස්සති, සණ්ඨාතුං අසක්කොන්තො කම්පමානො මාතු පුරතො පතිත්වා කාලං කරොන්ති. මාතා පුත්තකං දිස්වා, “මය්හං පුත්තකො අත්තනො මාතුඛීරං පාතුං න ලභතී”ති පුත්තසොකෙන නෙව යාවදත්ථං තිණානි ඛාදිතුං න පානීයං පාතුං සක්කොති, ථනෙසු ඛීරං ඡිජ්ජති. එවමස්ස ගොගණොපි පරිහායති…පෙ… පඤ්චගොරසතොපි පරිබාහිරො හොති.
අනවසෙසදොහී ච හොති යනු නුවණැති ගොපල්ලකු පැටවාගේ මස් ලේ පිහිටන තෙක් තනපුඬු එකක් දෙකක් හැර ඉතිරි තනපුඬුවලින් දොවන්නකු වියයුතුය. මෙතෙම පැටවාට කිසිවක් ඉතිරි නොකොට දොවයි. කිරි බොන වසු පැටවා කිරි පිපාසයෙන් වියළෙයි. දැරීමට නොහැකි වන්නේ සැලෙමින් මව ඉදිරියෙහි වැටී මිය යයි. මව පුතු දැක මගේ පුතා තම මවගේ කිරි බීමට නොලබතැයි පුත් සොවින් ඇති පමණ තණ කන්නට ද දිය බොන්නට ද නොහැකි වෙයි. තනෙහි කිරි සිඳෙයි. මෙසේ ඔහුගේ ගවසමූහය පිරිහෙයි. පස්ගෝ රසයෙන් බැහැරවූයේ ද වෙයි.
ගුන්නං පිතිට්ඨානං කරොන්තීති ගොපිතරො. ගාවො පරිණායන්ති යථාරුචිං ගහෙත්වා ගච්ඡන්තීති ගොපරිණායකා. තෙ න අතිරෙකපූජායාති පණ්ඩිතො හි ගොපාලකො එවරූපෙ උසභෙ අතිරෙකපූජාය පූජෙති, පණීතං ගොභත්තං දෙති, ගන්ධපඤ්චඞ්ගුලිකෙහි මණ්ඩෙති, මාලං පිළන්ධෙති, සිඞ්ගෙසු සුවණ්ණරජතකොසකෙ ච ධාරෙති, රත්තිං දීපං ජාලෙත්වා චෙලවිතානස්ස හෙට්ඨා සයාපෙති. අයං පන තතො එකසක්කාරම්පි න කරොති. උසභා අතිරෙකපූජං අලභමානා ගොගණං න රක්ඛන්ති, පරිස්සයං න වාරෙන්ති. එවමස්ස ගොගණොපි පරිහායති…පෙ… පඤ්චගොරසතොපි පරිබාහිරො හොති.
ගවයන්ට පියාගේ තැන කරත්නුයි. ගොපිතරො නමි. ගවයන් මෙහෙයවති. කැමති පරිද්දෙන් ගෙන යතියි ගොපරිණායකා නමි. තෙන අතිරෙක පූජාය යනු නුවණැති ගොපලු තෙමේ මෙබඳු වූ ගවයන් අතිරෙක පූජාවෙන් පුදයි. රසවත් ගවබතක් දෙයි. ගඳපසැඟුලෙන් සරසයි. මල්දම් පළඳවයි. අංවල රන්රිදී කොපු දමයි, රැය පහන් දල්වා රෙදි වියනට යටින් නිදිකරවයි. මෙතෙම වනාහි මෙයින් එක් සත්කාරයකුදු නොකරයි. වෘෂභයෝ අතිරෙක පූජාව නොලබන්නාහු ගව සමූහය නොරකිත්. උවදුරු දුරු නොකරත්, මෙසේ මොහුගේ ගවසමූහය ද පිරිහෙයි. පස්ගෝ රසයෙන් බැහැර වූයේ ද වෙයි.
ඉධාති ඉමස්මිං සාසනෙ. න රූපඤ්ඤූ හොතීති “චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූප”න්ති එවං වුත්තං රූපං ද්වීහාකාරෙහි න ජානාති ගණනතො වා සමුට්ඨානතො වා. ගණනතො න ජානාති නාම – “චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හාකායරූපසද්දගන්ධරසඵොට්ඨබ්බායතනං, ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති ආකාසධාතු ආපොධාතු රූපස්ස ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචයො, සන්තති, ජරතා, රූපස්ස අනිච්චතා, කබළීකාරො ආහාරො”ති (ධ· ස· 657-665) එවං පාළියා ආගතා පඤ්චවීසති රූපකොට්ඨාසාති න ජානාති. සෙය්යථාපි සො ගොපාලකො ගණනතො ගුන්නං රූපං න ජානාති, තථූපමො අයං භික්ඛු. සො ගණනතො රූපං අජානන්තො රූපං පරිග්ගහෙත්වා අරූපං වවත්ථපෙත්වා රූපාරූපං පරිග්ගහෙත්වා පච්චයං සල්ලක්ඛෙත්වා ලක්ඛණං ආරොපෙත්වා කම්මට්ඨානං මත්ථකං පාපෙතුං න සක්කොති. සො යථා තස්ස ගොපාලකස්ස ගොගණො න වඩ්ඪති, එවං ඉමස්මිං සාසනෙ සීලසමාධිවිපස්සනාමග්ගඵලනිබ්බානෙහි න වඩ්ඪති. යථා ච සො ගොපාලකො පඤ්චහි ගොරසෙහි පරිබාහිරො හොති, එවමෙවායං අසෙඛෙන සීලක්ඛන්ධෙන අසෙඛෙන සමාධිපඤ්ඤාවිමුත්ති විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙනාති පඤ්චහි ධම්මක්ඛන්ධෙහි පරිබාහිරො හොති.
ඉධ යනු මේ සසුනෙහියි, න රූපඤ්ඤු හොති යනු සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා හටගන්නා රූප දැයි මෙසේ කියනලද රූපයන් ගණන් වශයෙන් හෝ හටගැනීම් වශයෙන් යන දෙයාකාරයෙන් නොදනියි. ගණනින් නොදනියි නම් චක්ඛායතනය සොත ඝාන ජීව්හා කාය රූප සද්ද ගන්ධ රස පොට්ඨබ්බායතන ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්ද්රිය කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති ආකාසධාතු (ආපොධාතු) රූපස්සලහුතා, මුදුතා කම්මඤ්ඤතා උපචය සන්තති රූපස්ස ජරතා අනිච්චතා කබළිඞ්කාර ආහාරයයි මෙසේ පෙළෙහි ආවාවූ පස්විස්ස රූප කොටස්යයි නොදනියි. යම්සේ ඒ ගොපලු තෙමේ ගණනින් ගවයන්ගේ රූප නොදනියි ද එසේ මේ භික්ෂුව ගණනින් රූපය නොදන්නේ රූපය විමසා රූපය නිශ්චය කොට රූප අරූප විමසා ප්‍රත්‍යය සලකා ලකුණු නංවා කමටහන මුදුන් පමුණුවන්නට නොහැකි වෙයි. හෙතෙම යම්සේ ඒ ගොපල්ලාගේ ගවසමූහය නොවැඩෙයි ද මෙසේ මේ සසුනෙහි ශීලසමාධි විදර්ශනා මාර්ගඵල නිවන් යන මේවායින් නොවැඩෙයි. යම්සේ ඒ ගොපලු තෙමේ පස්ගො රසයෙන් බැහැර වෙයිද එසේම මෙතෙම අශෛක්ෂවූ ශීලස්කන්ධයෙන් ද -පෙ- ඥානදර්ශන ස්කන්ධයෙන් යන ධර්මස්කන්ධ පසින් බැහැරවූයේ වෙයි.
සමුට්ඨානතො න ජානාති නාම – “එත්තකං රූපං එකසමුට්ඨානං, එත්තකං ද්විසමුට්ඨානං, එත්තකං තිසමුට්ඨානං, එත්තකං චතුසමුට්ඨානං, එත්තකං නකුතොචි සමුට්ඨාතී”ති න ජානාති. සෙය්යථාපි සො ගොපාලකො වණ්ණතො ගුන්නං රූපං න ජානාති, තථූපමො අයං භික්ඛු. සො සමුට්ඨානතො රූපං අජානන්තො රූපං පරිග්ගහෙත්වා…පෙ… පරිබාහිරො හොති.
“සමුට්ඨානතො න ජානාති” නම් මෙපමණ රූපයක් එක සමුට්ඨානිකය, මෙපමණක් ද්විසමුට්ඨානිකය මෙපමණක් තිසමුට්ඨානිකය මෙපමණක් චතුසමුට්ඨානිකය, මෙපමණක් කොතනකිනුදු නොහටගනියයි නොදනියි. යම්සේ ඒ ගොපලු තෙමේ වර්ණ (පැහැය) වශයෙන් ගොනුන්ගේ රූපය නොදනියි ද එබඳු වු මේ භික්ෂුව හටගැනීම් වශයෙන් රූපය නොදන්නේ රූපය විමසා අරූපය නිශ්චය කොට -පෙ- බැහැරවූයේ වෙයි.
න ලක්ඛණකුසලො හොතීති “කම්මලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො”ති එවං වුත්තං කුසලාකුසලකම්මං පණ්ඩිතබාලලක්ඛණන්ති න ජානාති. සො එවං අජානන්තො බාලෙ වජ්ජෙත්වා පණ්ඩිතෙ න සෙවති. බාලෙ වජ්ජෙත්වා පණ්ඩිතෙ අසෙවන්තො කප්පියාකප්පියං කුසලාකුසලං සාවජ්ජානවජ්ජං ගරුකලහුකං සතෙකිච්ඡාතෙකිච්ඡං කාරණාකාරණං න ජානාති. තං අජානන්තො කම්මට්ඨානං ගහෙත්වා වඩ්ඪෙතුං න සක්කොති. සො යථා තස්ස ගොපාලකස්ස ගොගණො න වඩ්ඪති, එවං ඉමස්මිං සාසනෙ යථාවුත්තෙහි සීලාදීහි න වඩ්ඪති. සො ගොපාලකො විය ච පඤ්චහි ගොරසෙහි, පඤ්චහි ධම්මක්ඛන්ධෙහි පරිබාහිරො හොති.
න ලක්ඛණකුසලො හොති යනු “කම්මලක්ඛණො බාලො කම්මලක්ඛණො පණ්ඩිතො” නුවණ නැත්තා කර්මලක්ෂණය කොට ඇත්තේය. නුවණැත්තා කර්මලක්ෂණය කොට ඇත්තේය” යනුවෙන් කියන ලද කුශලාකුශල කර්මය පණ්ඩිත බාල ලක්ෂණයයැයි නොදනියි. හෙතෙම මෙසේ නොදන්නේ බාලයන් අතහැර පණ්ඩිතයන් ඇසුරු නොකරයි. පණ්ඩිතයන් ඇසුරු නොකිරීමෙන් කැප අකැප කුසල් අකුසල් වරද නිවරද බර සැහැල්ලු පිළියම් කළහැකි පිළියම් නොකළහැකි කරුණු නොකරුණු නොදනියි. එය නොදන්නේ කමටහන ගෙන වැඩීමට නොහැකි වෙයි. හෙතෙම යම්සේ ඒ ගොපල්ලාගේ ගවසමූහය නොවැඩෙයිද මෙසේ මේ සසුනෙහි කියනලද පරිද්දෙන් වූ ශීලාදියෙන් නොවැඩෙයි. හෙතෙම ගොපල්ලා පස්ගෝ රසයෙන් මෙන් ධර්මස්කන්ධ පසින් බැහැරවූයේ වෙයි.
න ආසාටිකං හාරෙතා හොතීති “උප්පන්නං කාමවිතක්ක”න්ති එවං වුත්තෙ කාමවිතක්කාදයො න විනොදෙති. සො ඉමං අකුසලවිතක්කං ආසාටිකං අහාරෙත්වා විතක්කවසිකො හුත්වා විචරන්තො කම්මට්ඨානං ගහෙත්වා වඩ්ඪෙතුං න සක්කොති. සො යථා තස්ස ගොපාලකස්ස…පෙ… පරිබාහිරො හොති.
න ආසාටිකං සාටෙතා හොති යනු උපන්නා වූ කාමවිතර්කයයි මෙසේ කියන ලද්දාවූ කාමවිතර්කාදිය දුරු නොකරයි. හෙතෙම මේ අකුශල විතර්කය නම් මැසිබිජුවට නොවනසා විතයට වසඟ වී හැසිරෙන්නේ කමටහන ගෙන වැඩීමට නොහැකි වෙයි. හෙතෙම ඒ ගොපල්ලාගේ මෙන් -පෙ- බැහැරවූයේ වෙයි.
න වණං පටිච්ඡාදෙතා හොතීති “චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොතී”තිආදිනා නයෙන සබ්බාරම්මණෙසු නිමිත්තං ගණ්හන්තො යථා සො ගොපාලකො වණං න පටිච්ඡාදෙති, එවං සංවරං න සම්පාදෙති. සො විවටද්වාරො විචරන්තො කම්මට්ඨානං ගහෙත්වා වඩ්ඪෙතුං න සක්කොති…පෙ… පරිබාහිරො හොති.
න වණං පටිච්ඡාදෙතා හොති යනු ඇසින් රූපය දැක නිමිති ගන්නේ වේයයි ආදී ක්‍රමයෙන් සියලු අරමුණුවල නිමිති ගන්නේ යම්සේ ඒ ගොපල්ලා තුවාලය නොවසයි ද එසේ සංවරය නොසපයයි. හෙතෙම විවෘතවූ දොරටු ඇතිව හැසිරෙමින් කමටහන ගෙන වැඩීමට නොහැකි වෙයි. -පෙ- බැහැරවූයේ වෙයි.
න ධූමං කත්තා හොතීති සො ගොපාලකො ධූමං විය ධම්මදෙසනාධූමං න කරොති, ධම්මකථං වා සරභඤ්ඤං වා උපනිසින්නකකථං වා අනුමොදනං වා න කරොති, තතො නං මනුස්සා “බහුස්සුතො ගුණවා”ති න ජානන්ති. තෙ ගුණාගුණං අජානන්තො චතූහි පච්චයෙහි සඞ්ගහං න කරොන්ති. සො පච්චයෙහි කිලමමානො බුද්ධවචනං සජ්ඣායං කාතුං වත්තපටිවත්තං පූරෙතුං කම්මට්ඨානං ගහෙත්වා වඩ්ඪෙතුං න සක්කොති…පෙ… පරිබාහිරො හොති.
න ධූමං කත්තා හොති යනු ගොපලුතෙම දුම මෙන් දම් දෙසීම් දුම නොකරයි. ධර්මකථාව හෝ හඬ බිඳ කරන (මිහිරි) කථාව හෝ ළංව හිඳකරන කථාව හෝ අනුමෝදනය හෝ නොකරයි, එයින් මිනිස්සු ඔහු බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකි. ගුණවතෙකැයි නොදනිති. ඔවුහු ගුණ අගුණ නොදන්නාහු සිවුපසයෙන් සංග්‍රහ නොකරත්, හෙතෙම ප්රත්යයන්ගෙන් වෙහෙසෙමින් බුදුවදන් ඉගෙනීමට වත්පිළිවෙත් පිරීමට කමටහන ගෙන වැඩීමට නොහැකි වෙයි. -පෙ- බැහැරවූයේ වෙයි.
න තිත්ථං ජානාතීති තිත්ථභූතෙ බහුස්සුතභික්ඛූ න උපසඞ්කමති. අනුපසඞ්කමන්තො “ඉදං, භන්තෙ, බ්යඤ්ජනං කථං රොපෙතබ්බං? ඉමස්ස භාසිතස්ස කො අත්ථො? ඉමස්මිං ඨානෙ පාළි කිං වදති? ඉමස්මිං ඨානෙ අත්ථො කිං දීපෙතී”ති එවං න පරිපුච්ඡති න පරිපඤ්හති, න ජානාපෙතීති අත්ථො. තස්ස තෙ එවං අපරිපුච්ඡිතා අවිවටඤ්චෙව න විවරන්ති, භාජෙත්වා න දස්සෙන්ති, අනුත්තානීකතඤ්ච න උත්තානිං කරොන්ති, අපාකටං න පාකටං කරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානියෙසු ධම්මෙසූති අනෙකවිධාසු කඞ්ඛාසු එකකඞ්ඛම්පි න පටිවිනොදෙන්ති. කඞ්ඛායෙව හි කඞ්ඛාඨානියා ධම්මා නාම. තත්ථ එකං කඞ්ඛම්පි න නීහරන්තීති අත්ථො. සො එවං බහුස්සුතතිත්ථං අනුපසඞ්කමිත්වා සකඞ්ඛො කම්මට්ඨානං ගහෙත්වා වඩ්ඪෙතුං න සක්කොති. යථා වා සො ගොපාලකො තිත්ථං න ජානාති, එවං අයම්පි භික්ඛු ධම්මතිත්ථං න ජානාති. අජානන්තො අවිසයෙ පඤ්හං පුච්ඡති, ආභිධම්මිකං උපසඞ්කමිත්වා කප්පියාකප්පියං පුච්ඡති, විනයධරං උපසඞ්කමිත්වා රූපාරූපපරිච්ඡෙදං පුච්ඡති. තෙ අවිසයෙ පුට්ඨා කථෙතුං න සක්කොන්ති. සො අත්තනා සකඞ්ඛො කම්මට්ඨානං ගහෙත්වා වඩ්ඪෙතුං න සක්කොති…පෙ… පරිබාහිරො හොති.
න තිත්ථං ජානාති යනු තොටුපලබවට පත් බහුශ්‍රැත භික්ෂූන් වෙත නොඑළඹෙයි. නොඑළඹෙමින් ස්වාමිනි මේ ව්‍යංජනය කෙසේ නැංවිය යුතුද මේ කියන ලද්දෙහි අර්ත්ථය කුමක් ද? මෙතැන පෙළ කුමක් කියයි ද? මෙතැන අර්ත්ථය කුමක් පැහැදිලි කරයිදැයි මෙසේ නොවිමසයි. ප්‍රශ්න නොනඟයි. නොදන්වයි යන අරුත්ය. ඔහුගේ ඒ මෙසේ නොවිමසන ලද්දෝ විවර නොවූ දෙය විවර නොකරත්. කොටස් කොට නොදක්වත්, නොපැහැදිලි දෙය පැහැදිලි නොකරත්, විවරණය නොකරන ලද්ද විවරණය නොකරත්, නොයෙක් සැකමුසු තැන් ඇති දහම්හි නොයෙක් සැක අතුරින් එක් සැකයකුදු දුරු නොකරති. සැකයෝම සැකකළයුතු ධර්මයෝ නම් වෙති. එහි එක් සැකයකුදු ඉවත් නොකරතැයි අරුත්ය. හෙතෙම මෙසේ බහුශ්‍රැත තොටට නොපැමිණ සැකසහිතව කමටහන ගෙන වැඩීමට නොහැකි වෙයි. යම්සේ ඒ ගොපලුතෙමේ තොට නොදනියිද මෙසේ මේ භික්ෂුව ද දහම් තොට නොදනියි. නොදන්නේ විෂය නොවන තන්හි ප්‍රශ්න අසයි. ආභිධර්මිකයා වෙතට ගොස් කැප අකැප දේ විමසයි. විනයධරයකු වෙතට ගොස් රූපාරූප පරිච්ඡෙදය අසයි. ඔවුහු විෂය නොවන තැන්හි විමසන ලද්දාහු කීමට නොහැකි වෙත්. හෙතෙම සැක සහිතවූයේ කමටහන් ගෙන වැඩීමට නොහැකිවෙයි. -පෙ බැහැරවූයේ වෙයි.
න පීතං ජානාතීති යථා සො ගොපාලකො පීතාපීතං න ජානාති, එවං ධම්මූපසඤ්හිතං පාමොජ්ජං න ජානාති න ලභති. සවනමයං පුඤ්ඤකිරියවත්ථුං නිස්සාය ආනිසංසං න වින්දති, ධම්මස්සවනග්ගං ගන්ත්වා සක්කච්චං න සුණාති, නිසින්නො නිද්දායති, කථං කථෙති, අඤ්ඤවිහිතකො හොති. සො සක්කච්චං ධම්මං අස්සුණන්තො කම්මට්ඨානං ගහෙත්වා වඩ්ඪෙතුං න සක්කොති…පෙ… පරිබාහිරො හොති.
න පීතං ජානාති යනු යම්සේ ඒ ගොපලුතෙම බිවූ නොබිවු පැටවන් නොදනියිද මෙසේ මේ භික්ෂුව ධර්මයෙන් යුක්ත වූ ප්‍රමුදිත බව නොදනියි. නොලබයි. ඇසීමෙන් ඇතිවන පුණ්‍යක්‍රියා වස්තුව නිසා අනුසස් නොවිඳියි. දහම් ඇසීමට ගොස් සකස්ව නොඅසයි. හුන්නේ නිඳයි. සැකකරයි. වෙනතක යොමුකළ සිතැත්තේ වෙයි. හෙතෙම සකස්ව දහම් නොඅසන්නේ කමටහන ගෙන වැඩීමට නොහැකි වෙයි -පෙ- බැහැර වූයේ වෙයි.
න වීථිං ජානාතීති සො ගොපාලකො මග්ගාමග්ගං විය “අයං ලොකියො, අයං ලොකුත්තරො”ති අරියං අට්ඨඞ්ගිකං මග්ගං යථාභූතං නප්පජානාති. අජානන්තො ලොකියමග්ගෙ අභිනිවිසිත්වා ලොකුත්තරං නිබ්බත්තෙතුං න සක්කොති…පෙ… පරිබාහිරො හොති.
න වීථිං ජානාති යනු ඒ ගොපලුතෙම මහමග (නොදන්නාක්) මෙන් මෙය ලෞකිකකය, මෙය ලොකෝත්තරයයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තත්වූ පරිද්දෙන් නොදනියි. නොදනිමින් ලෞකික මාර්ගයට පිවිස ලොවුතුරු (මග) ඉපදවීමට නොහැකි වෙයි - පෙ- බැහැරවූයේ වෙයි.
න ගොචරකුසලො හොතීති සො ගොපාලකො පඤ්චාහිකසත්තාහිකචාරෙ විය චත්තාරො සතිපට්ඨානෙ “ඉමෙ ලොකියා, ඉමෙ ලොකුත්තරා”ති යථාභූතං නප්පජානාති. අජානන්තො සුඛුමට්ඨානෙසු අත්තනො ඤාණං චරාපෙත්වා ලොකියසතිපට්ඨානෙ අභිනිවිසිත්වා ලොකුත්තරං නිබ්බත්තෙතුං න සක්කොති…පෙ… පරිබාහිරො හොති.
න ගොවරකුසලො හොති යනු ඒ ගොපල්ලා පස්දින වාරය, සත්දින වාරය මෙන් සතර සතිපට්ඨානයන් මේවා ලෞකිකකය, මේවා ලෝකෝත්තරයයි තත්වූ පරිද්දෙන් නොදනියි. නොදනිමින් සියුම් තන්හි තමන්ගේ නුවණ හසුරුවා ලෞකික සතිපට්ඨානයන්ට පිවිසුවා ලෝකෝත්තරය ඉපදවීමට නොහැකි වෙයි -පෙ- බැහැරි වූයේ වෙයි.
අනවසෙසදොහී හොතීති පටිග්ගහණෙ මත්තං අජානන්තො අනවසෙසං දුහති. නිද්දෙසවාරෙ පනස්ස අභිහට්ඨුං පවාරෙන්තීති අභිහරිත්වා පවාරෙන්ති. එත්ථ ද්වෙ අභිහාරා වාචාභිහාරො ච, පච්චයාභිහාරො ච. වාචාභිහාරො නාම මනුස්සා භික්ඛුස්ස සන්තිකං ගන්ත්වා “වදෙය්යාථ, භන්තෙ, යෙනත්ථො”ති පවාරෙන්ති. පච්චයාභිහාරො නාම වත්ථාදීනි වා සප්පිනවනීතඵාණිතාදීනි වා ගහෙත්වා භික්ඛුස්ස සන්තිකං ගන්ත්වා “ගණ්හථ, භන්තෙ, යාවතකෙන අත්ථො”ති වදන්ති. තත්ර භික්ඛු මත්තං න ජානාතීති භික්ඛු තෙසු පච්චයෙසු පමාණං න ජානාති. “දායකස්ස වසො වෙදිතබ්බො, දෙය්යධම්මස්ස වසො වෙදිතබ්බො, අත්තනො ථාමො වෙදිතබ්බො”ති ඉමිනා නයෙන පමාණයුත්තකං අග්ගහෙත්වා යං ආහරන්ති, තං සබ්බං ගණ්හාතීති අත්ථො. මනුස්සා විප්පටිසාරිනො න පුන අභිහරිත්වා පවාරෙන්ති. සො පච්චයෙහි කිලමන්තො කම්මට්ඨානං ගහෙත්වා වඩ්ඪෙතුං න සක්කොති…පෙ… පරිබාහිරො හොති.
අනවසෙසදොහී හොති යනු පිළිගැනීමෙහි පමණ නොදන්නේ ඉතිරි නොකොට දොවයි. නිර්දේශ වාරයෙහි මොහුට අභිහට්ඨුං පවාරෙන්ති යනු ගෙනවුත් (ඉදිරියට පමුණුවා) පවරති. මෙහි ඉදිරිපත් කිරීම් දෙකෙකි. වචනයෙන් ඉදිරිපත් කිරීම හා ප්‍රත්‍යයෙන් ඉදිරිපත් කිරීම යනුවෙනි. වචනයෙන් ඉදිරිපත් කිරීම (වාචාභිහාරය) නම් මිනිස්සු භික්ෂුවගේ සමීපයට ගොස් “ස්වාමීනි, කුමකින් වැඩ ඇත්තේදැයි කියනු මැනවැයි පවරත්. ප්‍රත්‍යයෙන් ඉදිරිපත් කිරීම නම් වස්ත්‍රාදිය හෝ ගිතෙල් වෙඬරු ආදිය හෝ ගෙන භික්ෂු සංඝයාගේ සමීපයට ගොස් “ස්වාමීනි, ඇති පමණක් ගනු මැනවැ”යි කියති. තත්ර භික්ඛු මත්තං න ජානාති යනු භික්ෂුව ඒ ප්‍රත්‍යයන්හි පමණ නොදනියි. දෙන්නාගේ හැකියාව දත යුතුය. දාන වස්තුවේ ප්‍රමාණය දතයුතුය. තමන්ගේ ශක්තිය දතයුතුයයි මේ ක්‍රමයෙන් සුදුසු ප්‍රමාණය නොගෙන යමක් ගෙන එත්ද ඒ සියල්ල ගනියි යනු අරුත්ය. මිනිස්සු විපිළිසරවූවාහු යළිත් ඉදිරියට පමුණුවා නොපවරත්. හෙතෙම ප්රත්යයන්ගෙන්, ක්ලාන්ත වන්නේ කමටහන ගෙන වැඩීමට නොහැකි වෙයි. -පෙ- බැහැරි වූයේ වෙයි.
තෙ න අතිරෙකපූජාය පූජෙතා හොතීති සො ගොපාලකො මහාඋසභෙ විය ථෙරෙ භික්ඛූ ඉමාය ආවි චෙව රහො ච මෙත්තාකායකම්මාදිකාය අතිරෙකපූජාය න පූජෙති. තතො ථෙරා “ඉමෙ අම්හෙසු ගරුචිත්තීකාරං න කරොන්තී”ති නවකෙ භික්ඛූ ද්වීහි සඞ්ගහෙහි න සඞ්ගණ්හන්ති, නෙව ධම්මසඞ්ගහෙන සඞ්ගණ්හන්ති, න ආමිසසඞ්ගහෙන, චීවරෙන වා පත්තෙන වා පත්තපරියාපන්නෙන වා වසනට්ඨානෙන වා කිලමන්තෙපි නප්පටිජග්ගන්ති, පාළිං වා අට්ඨකථං වා ධම්මකථාබන්ධං වා ගුළ්හගන්ථං වා න සික්ඛාපෙන්ති. නවකා ථෙරානං සන්තිකා සබ්බසො ඉමෙ ද්වෙ සඞ්ගහෙ අලභමානා ඉමස්මිං සාසනෙ පතිට්ඨාතුං න සක්කොන්ති. යථා තස්ස ගොපාලකස්ස ගොගණො න වඩ්ඪති, එවං සීලාදීහි න වඩ්ඪන්ති. යථා ච සො ගොපාලකො පඤ්චහි ගොරසෙහි, එවං පඤ්චහි ධම්මක්ඛන්ධෙහි පරිබාහිරා හොන්ති. සුක්කපක්ඛො කණ්හපක්ඛෙ වුත්තවිපල්ලාසවසෙන යොජෙත්වා වෙදිතබ්බො.
තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති යනු ගොපල්ලා මහා වෘෂහයන් මෙන් හෙතෙම ස්ථවිර භික්ෂූන් ප්‍රසිද්ධියේ මෙන්ම රහසින් ද මේ මෛත්‍රී කාය කර්මාදී අතිරේක පූජාවෙන් නොපුදයි. එයින් තෙරවරු මොවුහු අපට ගරු සැලකිලි නොකරතැයි භික්ෂූන්ට දෙවැදෑරුම් සංග්රහයන්ගෙන් සංග්‍රහ නොකරති. ධර්ම සංග්‍රහයෙන් මෙන්ම ආමිෂ සංග්‍රහයෙන් සංග්‍රහ නොකරති, සිවුරෙන් හෝ පාත්‍රයෙන් හෝ පාත්‍රයට අදාළ දෙයින් හෝ වසන තැනින් හෝ ක්ලාන්ත වන්නවූන් වුවද පිළිදැගුම් නොකරති, පෙළ හෝ අටුවාව හෝ ධර්මකථාවෙන් බඳනාලද ගුඪග්රන්ථ හෝ නොඋගන්වත්, නවකයෝ තෙරවරුන්ගේ සමීපයෙන් සර්වප්රකාරයෙන් මේ දෙවැදෑරුම් සංග්‍රහයන් නොලබන්නාහු මේ සසුනෙහි පිහිටන්නට නොහැකිවෙයි. යම්සේ ඒ ගොපල්ලාගේ ගවසමූහය නොවැඩෙයිද මෙසේ ශීලාදියෙන් නොවැඩෙත්, යම්සේ ඒ ගොපල්ලා පස්ගෝ රසයෙන් බැහැර වෙයිද එසේ ධර්මස්කන්ධ පසින් බැහැරි වූවාහු වෙත්. යහපත් පක්ෂය අයහපත් පක්ෂයෙන් කියනලද්දට විරුද්ධ ලෙසින් යොදා දතයුතුය.
අනුස්සතිවග්ගො දුතියො.
මනොරථපූරණියා අඞ්ගුත්තරනිකාය-අට්ඨකථාය එකාදසකනිපාතස්ස සංවණ්ණනා නිට්ඨිතා.
මනොරථපූරණී නම්වූ අඞ්ගුත්තරනිකායට්ඨ කථාවෙහි එකාදසක නිපාත වර්ණනාව නිමියේයි.