යෙදුමෙන් කියවන්න

නිගමනකථා අට‍්ඨකථා

නිගමනකථා

නිගමනකථා

එත‍්තාවතා ච –

මෙපමණකින්ද -

ආයාචිතො සුමතිනා ථෙරෙන භදන‍්තජොතිපාලෙන; කඤ‍්චිපුරාදීසු මයා පුබ‍්බෙ සද‍්ධිං වසන‍්තෙන.

පෙර කාඤ්චිපුරාදියෙහි මා සමඟ වසන මනා නුවණැති භදන්ත ජොතිපාල තෙරුන් විසින් අයදිනු ලද්දෙම්,

වරතම‍්බපණ‍්ණිදීපෙ මහාවිහාරම‍්හි වසනකාලෙපි; පාකං ගතෙ විය දුමෙ වලඤ‍්ජමානම‍්හි සද‍්ධම‍්මෙ.

උතුම් තම්බපණ්ණි දිවයිනෙහි මහාවිහාරයෙහි වසන කල්හි ද ගසක් මුහුකුරා ගිය විට මෙන් සදහම් පරිභොග කරනවිට

පාරං පිටකත‍්තයසාගරස‍්ස ගන‍්ත්‍වා ඨිතෙන සුමතිනා; පරිසුද‍්ධාජීවෙනාභියාචිතො ජීවකෙනාපි.

තුන්පිටකය නමැති සයුරේ පරතෙරට ගොස් සිටි මනා නුවණැති පිරිසුදු දිවිපැවතුම් ඇති ජීවක (තෙරුන්) විසින් ද අයදින ලද්දෙම්,

ධම‍්මකථාය නිපුණපරමනිකායස‍්සට‍්ඨකථං ආරද‍්ධො; යමහං චිරකාලට‍්ඨිතිමිච‍්ඡන‍්තො සාසනවරස‍්ස.

ශාසනාර්ථයන් බොහෝ කල් පවතිනු කැමැති වෙමින් ධර්‍මකථාවෙන් නිපුණවූ උතුම් නිකායට මම යම් අට්ඨකථාවක් ඇරඹූයෙම් ද,

සා හි මහාඅට‍්ඨකථාය සාරමාදාය නිට‍්ඨිතා එසා; චතුනවුතිපරිමාණාය පාළියා භාණවාරෙහි.

මහා අට්ඨකථාවේ හරය ගෙන සිවු අනූවක් පමණ වූ පෙළෙහි බණවරින් ඒ අට්ඨකථාව නිමැවිණි.

සබ‍්බාගමසංවණ‍්ණනමනොරථො පූරිතො ච මෙ යස‍්මා; එතාය මනොරථපූරණීති නාමං තතො අස‍්සා.

යම් හෙයකින් සියලු ආගම වර්‍ණනා කිරීමේ මගේ මනදොළ සපිරුණේ ද එහෙයින් එයට මනොරථපූරණී යන නම වන්නේය.

එකූනසට‍්ඨිමත‍්තො විසුද‍්ධිමග‍්ගොපි භාණවාරෙහි; අත්‍ථප‍්පකාසනත්‍ථාය ආගමානං කතො යස‍්මා.

බණවර ගණනින් එකුන්සැටක් පමණ වන විසුද්ධිමග්ගය ද ආගමයන්ගේ අර්‍ත්‍ථය ප්‍රකාශ කරනු සඳහා යම් හෙයකින් කරන ලද්දේ ද,

තස‍්මා තෙන සහායං ගාථාගණනානයෙන අට‍්ඨකථා; තීහාධිකදියඩ‍්ඪසතං විඤ‍්ඤෙය්‍යා භාණවාරානං.

එහෙයින් එය සමඟ මෙම අට්ඨකථාව ගාථා ගණිත ක්‍රමයෙන් බණවර එකසිය පණස් තුනකැයි දතයුතුය.

තීහාධිකදියඩ‍්ඪසතප‍්පමාණමිති භාණවාරතො එසා; සමයං පකාසයන‍්තී මහාවිහාරාධිවාසීනං.

මේ අටුවාව බණවරින් එකසිය පණස් තුනක් පමණ (වෙමින්) මහාවිහාරාධිවාසී (භික්‍ෂූ) න් ගේ දහම් මග (සමය) ප්‍රකාශ කරයි.

මූලට‍්ඨකථාසාරං ආදාය මයා ඉමං කරොන‍්තෙන; යං පුඤ‍්ඤමුපචිතං තෙන හොතු ලොකො සදා සුඛිතොති.

මූල අට්ඨකථාසාරය ගෙන මෙය කරන්නා වූ මවිසින් යම් පිණක් රැස්කරන ලද්දේද එයින් සියල්ලෝම සුවපත් වේවා!

පරමවිසුද‍්ධසද‍්ධාබුද‍්ධිවීරියප‍්පටිමණ‍්ඩිතෙන සීලාචාරජ‍්ජවමද‍්දවාදිගුණසමුදයසමුදිතෙන සකසමයසමයන‍්තරගහනජ‍්ඣොගාහනසමත්‍ථෙන පඤ‍්ඤාවෙය්‍යත‍්තියසමන‍්නාගතෙන තිපිටකපරියත‍්තිප‍්පභෙදෙ සාට‍්ඨකථෙ සත්‍ථු සාසනෙ අප‍්පටිහතඤාණප‍්පභාවෙන මහාවෙය්‍යාකරණෙන කරණසම‍්පත‍්තිජනිතසුඛවිනිග‍්ගතමධුරොදාරවචනලාවණ‍්ණයුත‍්තෙන යුත‍්තමුත‍්තවාදිනා වාදීවරෙන මහාකවිනා පභින‍්නපටිසම‍්භිදාපරිවාරෙ ඡළභිඤ‍්ඤාදිප‍්පභෙදගුණප‍්පටිමණ‍්ඩිතෙ උත‍්තරිමනුස‍්සධම‍්මෙ සුප‍්පතිට‍්ඨිතබුද‍්ධීනං ථෙරානං ථෙරවංසප‍්පදීපානං මහාවිහාරවාසීනං වංසාලඞ‍්කාරභූතෙන සුවිපුලවිසුද‍්ධබුද‍්ධිනා බුද‍්ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්‍යෙන ථෙරෙන කතා අයං මනොරථපූරණී නාම අඞ‍්ගුත‍්තරනිකායට‍්ඨකථා –

පරම පවිත්‍ර ශ්‍රද්ධා බුද්ධි වීර්යයෙන් යුක්තවූ, ශීල ආචාර සෘජු මෘදු ආදී ගුණ සමුහයෙන් ප්‍රමුදිත වූ, ස්වකීය සමය සමයාන්තරාවගහණයට සමර්‍ත්‍ථවූ, ප්‍රඥා කුශලතා සමන්වාගතවූ, ත්‍රිපිටකපර්යාප්ති ප්‍රභෙද ඇති අර්‍ත්‍ථකථා සහිත ශාස්තෲ ශාසනයෙහි නොපැකිළෙන ඥානප්‍රභාවෙන් යුක්තවූ, මහා ව්‍යාකරණඥවූ කරණ සම්පත්තියෙන් ජනිත සුවසේ නික්මෙන මධුරොදාර වචන ලාවණ්‍යයෙන් යුක්තවූ, සුදුසුවදන් ඇත්තාවූ, වාදීවරවූ මහාකවිවූ ප්‍රභේද සහිත ප්‍රතිසංවිද් පරිවාර ඇති ෂඩභිඥාදී ප්‍රභේද ගුණයන්ගෙන් අලංකාරවූ උන්තරිමනුෂ්‍ය ධර්‍මයෙහි සුපිහිටි නුවණ ඇති ථෙරවංසයට ප්‍රදීපායමානවූ මහාවිහාරවාසී තෙරවරුන්ගේ වංසයට අලංකාරයක්වූ විපුල විසුද්ධ බුද්ධියෙන් බුද්ධඝොෂයයි, ගුරුවරුන් විසින් ගන්නා ලද අභිධානයෙන් යුක්තවූ තෙරුන් වහන්සේ විසින් කරන ලද මේ මනොරථපූරණී නම් වූ අඞ්ගුත්තර නිකායට්ඨකථාව,

තාව තිට‍්ඨතු ලොකස‍්මිං, ලොකනිත්‍ථරණෙසිනං; දස‍්සෙන‍්තී කුලපුත‍්තානං, නයං චිත‍්තවිසුද‍්ධියා.

පිරිසුදු සිතැති තාදී ගුණ පිරි පවර ලෝදෙටු මුනි සඳුගෙ බුදු යන නම් වහර

යාව බුද‍්ධොති නාමම‍්පි, සුද‍්ධචිත‍්තස‍්ස තාදිනො; ලොකම‍්හි ලොකජෙට‍්ඨස‍්ස, පවත‍්තති මහෙසිනොති.

ඇති තෙක් රිසියනට වනු සසරින් එතෙර පවතිනු යෙහේ පෙන්වා දම් නය නියර

මනොරථපූරණී නාම අඞ‍්ගුත‍්තරනිකාය-අට‍්ඨකථා සබ‍්බාකාරෙන නිට‍්ඨිතා.

අඞ්ගුත්තරනිකායට්ඨකථාව නිමියේයි.