ගන්ථාරම්භකථා අට්ඨකථා
ග්රන්ථ ආරම්භ කථා
බුද්ධං සරණං ගච්ඡාමි; ධම්මං සරණං ගච්ඡාමි; සඞ්ඝං සරණං ගච්ඡාමීති.
“බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි”
අයං සරණගමනනිද්දෙසො ඛුද්දකානං ආදි.
යන මේ සරණාගමන නිර්දේශය ඛුද්දක ධර්මයන්ගේ ආරම්භක දේශනාවයි.
ඉමස්ස දානි අත්ථං පරමත්ථජොතිකාය ඛුද්දකට්ඨකථාය විවරිතුං විභජිතුං උත්තානීකාතුං ඉදං වුච්චති –
දැන් මෙහි අර්ථය පරමත්ථජොතිකා ඛුද්දක අට්ඨකථාවෙහි විවරණය කිරීමට බෙදා දැක්වීමට ප්‍රකට කිරීමට මෙය කියනු ලැබේ.
උත්තමං වන්දනෙය්යානං, වන්දිත්වා රතනත්තයං; ඛුද්දකානං කරිස්සාමි, කෙසඤ්චි අත්ථවණ්ණනං.
“වැඳිය යුතු අය අතර උත්තම වූ රත්නත්‍රය වැඳ ඛුද්දක ධර්මයන් අතුරෙන් කිසිවකට අර්ථ වර්ණනාවක් කරන්නෙමි.”
ඛුද්දකානං ගම්භීරත්තා, කිඤ්චාපි අතිදුක්කරා; වණ්ණනා මාදිසෙනෙසා, අබොධන්තෙන සාසනං.
ඛුද්දක ධර්මයන්ගේ ගැඹුරු බව නිසා ශාසනය පිළිබඳ අවබෝධයක් නැති මා වැන්නකු විසින් මේ අර්ථ වර්ණනාව කිරීම අතිශයින් දුෂ්කර නමුදු පූර්වාචාර්ය්යවරුන්ගේ විනිශ්චයන් අද ද නොසිඳී පවත්නා නිසාත්, එසේම නවාඞ්ග ශාස්තෲ ශාසනය පවත්නා නිසාත්,
අජ්ජාපි තු අබ්බොච්ඡින්නො, පුබ්බාචරියනිච්ඡයො; තථෙව ච ඨිතං යස්මා, නවඞ්ගං සත්ථුසාසනං.
තස්මාහං කාතුමිච්ඡාමි, අත්ථසංවණ්ණනං ඉමං; සාසනඤ්චෙව නිස්සාය, පොරාණඤ්ච විනිච්ඡයං.
ඒ පැරණි විනිශ්චයන් හා ශාසනය ද ඇසුරු කොටම මේ අර්ථ වර්ණනාව කරනු කැමැත්තෙමි. (මේ අර්ථ වර්ණනාව කරන්නේ) සද්ධර්මයට බුහුමන් කරනු පිණිසය. තමා උසස් කොට කීම පිළිබඳ කැමැත්තකින් නොවේ. අනුන්ට අවමන් කිරීම සඳහා ද නොවේ. එබැවින් සන්සුන් සිතින් යුතුව එය අසවු.”
සද්ධම්මබහුමානෙන, නාත්තුක්කංසනකම්යතා; නාඤ්ඤෙසං වම්භනත්ථාය, තං සුණාථ සමාහිතාති.
ඛුද්දකවවත්ථානං
ඛුද්දකවවත්ථානං
තත්ථ “ඛුද්දකානං කරිස්සාමි, කෙසඤ්චි අත්ථවණ්ණන”න්ති වුත්තත්තා ඛුද්දකානි තාව වවත්ථපෙත්වා පච්ඡා අත්ථවණ්ණනං කරිස්සාමි. ඛුද්දකානි නාම ඛුද්දකනිකායස්ස එකදෙසො, ඛුද්දකනිකායො නාම පඤ්චන්නං නිකායානං එකදෙසො. පඤ්ච නිකායා නාම –
එහි “ඛුද්දකානං කරිස්සාමි කෙසඤ්චි අත්ථ වණ්ණණං” යයි කී හෙයින් පළමුකොට ඛුද්දක ධර්මයන් වෙන් කොට දක්වා පසුව අර්ථ වර්ණනාව කරන්නෙමි. ඛුද්දකයෝ නම් ඛුද්දක නිකායේ එක් කොටසක් වෙති. ඛුද්දක නිකාය නම් නිකාය පහෙන් එක් කොටසකි. නිකාය පහ නම් :
දීඝමජ්ඣිමසංයුත්ත, අඞ්ගුත්තරිකඛුද්දකා; නිකායා පඤ්ච ගම්භීරා, ධම්මතො අත්ථතො චිමෙ.
“ධර්ම වශයෙන් ද අර්ථ වශයෙන් ද ගැඹුරු වූ දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අඞ්ගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන මේ නිකාය පහයි.”
තත්ථ බ්රහ්මජාලසුත්තාදීනි චතුත්තිංස සුත්තානි දීඝනිකායො. මූලපරියායසුත්තාදීනි දියඩ්ඪසතං ද්වෙ ච සුත්තානි මජ්ඣිමනිකායො. ඔඝතරණසුත්තාදීනි සත්ත සුත්තසහස්සානි සත්ත ච සුත්තසතානි ද්වාසට්ඨි ච සුත්තානි සංයුත්තනිකායො. චිත්තපරියාදානසුත්තාදීනි නව සුත්තසහස්සානි පඤ්ච ච සුත්තසතානි සත්තපඤ්ඤාසඤ්ච සුත්තානි අඞ්ගුත්තරනිකායො. ඛුද්දකපාඨො, ධම්මපදං, උදානං, ඉතිවුත්තකං, සුත්තනිපාතො, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා, ජාතකං, නිද්දෙසො, පටිසම්භිදා, අපදානං, බුද්ධවංසො, චරියාපිටකං, විනයාභිධම්මපිටකානි, ඨපෙත්වා වා චත්තාරො නිකායෙ අවසෙසං බුද්ධවචනං ඛුද්දකනිකායො.
එහි :- බ්‍රහ්මජාල සූත්‍රය මුල්කොට ඇති තිස් හතරක් සූත්‍ර දීඝ නිකායයි. මූල පරියාය සූත්‍රය මුල්කොට ඇති එකසිය පනස් දෙකක් සූත්‍ර මජ්ඣිම නිකායයි. ඔඝතරණ සූත්‍රය මුල්කොට ඇති හත් දහස් හත්සිය හැට දෙකක් සූත්‍ර සංයුක්ත නිකායයි. චිත්ත පරියාදාන සූත්‍රය මුල් කොට ඇති නව දහස් පන්සිය පනස් හතක් සූත්‍ර අඞ්ගුත්තර නිකායයි. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්ත නිපාත, විමාන වත්ථු, පේත වත්ථු, ථේර ගාථා, ථේරී ගාථා, ජාතක, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, චරියා පිටක, විනය පිටක, අභිධම්ම පිටක හා සතර නිකාය හැර ඉතිරි බුද්ධ වචන ද ඛුද්දක නිකායයි.
කස්මා පනෙස ඛුද්දකනිකායොති වුච්චති? බහූනං ඛුද්දකානං ධම්මක්ඛන්ධානං සමූහතො නිවාසතො ච. සමූහනිවාසා හි “නිකායො”ති වුච්චන්ති. “නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං, යථයිදං, භික්ඛවෙ, තිරච්ඡානගතා පාණා (සං· නි· 3.100). පොණිකනිකායො, චික්ඛල්ලිකනිකායො”ති එවමාදීනි චෙත්ථ සාධකානි සාසනතො ලොකතො ච.
කුමක් හෙයින් මෙය ඛුද්දක නිකාය යයි කියනු ලැබේද? බොහෝ වූ ඛුද්දක ධර්මස්කන්ධයන්ගේ සමූහය වූ නිසාත්, නිවාස ස්ථානය වූ නිසාත්ය. සමූහය, නිවාස ස්ථානය, “නිකාය” යයි කියනු ලැබේ. යම්සේ වදාළේ ද :- “නාහං භික්ඛවෙ අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි. යං එවං චිත්තං. යථයිදං භික්ඛවේ තිරච්ජාන ගතා පාණා” (මහණෙනි, මේ තිරිසන් ගත ප්‍රාණීහු යම්බඳු වෙත්ද මහණෙනි, එසේ විසිතුරු වූ අන් එකද සමූහයක් මම නොදනිමි) “පොණිකි නිකායො වික්ඛල්ලික නිකායො” (පාණිනී) යන මේ ආදිය ශාසනයෙන් හා ලෝක ව්‍යවහාරයෙන් සාධක වේ.
අයමස්ස ඛුද්දකනිකායස්ස එකදෙසො. ඉමානි සුත්තන්තපිටකපරියාපන්නානි අත්ථතො විවරිතුං විභජිතුං උත්තානීකාතුඤ්ච අධිප්පෙතානි ඛුද්දකානි, තෙසම්පි ඛුද්දකානං සරණසික්ඛාපදද්වත්තිංසාකාරකුමාරපඤ්හමඞ්ගලසුත්ත- රතනසුත්තතිරොකුට්ටනිධිකණ්ඩමෙත්තසුත්තානං වසෙන නවප්පභෙදො ඛුද්දකපාඨො ආදි ආචරියපරම්පරාය වාචනාමග්ගං ආරොපිතවසෙන න භගවතා වුත්තවසෙන. භගවතා හි වුත්තවසෙන –
මෙසේ මේ ඛුද්දක නිකායෙහි එක් කොටසක් වූ ද මේ සූත්‍ර පිටකයට ඇතුළත් වූ ද ඛුද්දක ධර්මයෝ අර්ථ වශයෙන් විවරණය කිරීමට බෙදා දැක්වීමට ප්‍රකට කිරීමට අදහස් කරන ලදහ. සරණ, සික්ඛා පද, ද්වත්තිංසාකාර, කුමාර පඤ්හ, මඞ්ගල සුත්ත, රතන සූත්ත, තිරොකුඩ්ඩසූත්ත, නිධිකණ්ඩ සූත්ත, මෙත්ත සූත්ත වශයෙන් ප්‍රභේද නමයකින් යුත් ඛුද්දක පාඨය ඒ ඛුද්දක ධර්මයන්ගේ ආරම්භක ග්‍රන්ථයයි. ඒ ආචාර්ය්ය පරම්පරාව විසින් වාචනා මාර්ගයට නගන ලද අයුරිනි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ආකාරයෙන් නොවේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් වනාහි :
“අනෙකජාතිසංසාරං, සන්ධාවිස්සං අනිබ්බිසං; ගහකාරං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං. “ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ්බා තෙ ඵාසුකා භග්ගා, ගහකූටං විසඞ්ඛතං; විසඞ්ඛාරගතං චිත්තං, තණ්හානං ඛයමජ්ඣගා”ති. (ධ· ප· 153-154) –
“අනෙක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවෙසන්තො දුක්ඛාජාති පුනප්පුනං ගහකාරක දිට්ඨොසි පුනගෙහං නකාහසි සබ්බා තෙ ඵාසුකා භග්ගා ගහකූටං විසඞ්ඛිතං විසඞ්ඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා”
ඉදං ගාථාද්වයං සබ්බස්සාපි බුද්ධවචනස්ස ආදි. තඤ්ච මනසාව වුත්තවසෙන, න වචීභෙදං කත්වා වුත්තවසෙන. වචීභෙදං පන කත්වා වුත්තවසෙන –
යන මේ ගාථා දෙක සියලුම බුද්ධ වචනයන්ගේ ආරම්භක දේශනාවයි. එයද මනසින් දේශනා කිරීම් වශයෙනි. වචනයට නගා දේශනා කිරීම් වශයෙන් නොවේ. වචනයට නගා දේශනා කිරීම් වශයෙන් වනාහි:
“යදා හවෙ පාතුභවන්ති ධම්මා, ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස; අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා, යතො පජානාති සහෙතුධම්ම”න්ති. (උදා· 1; මහාව· 1) –
“යදා හවෙ පාතු භවන්ති ධම්මා ආතාපිනො ඣායතො බ්රාහ්මණස්ස අථස්ස කඞ්ඛ වපයන්ති සබ්බා යතො පජානාති සහෙතු ධම්මං”
අයං ගාථා ආදි. තස්මා ය්වායං නවප්පභෙදො ඛුද්දකපාඨො ඉමෙසං ඛුද්දකානං ආදි, තස්ස ආදිතො පභුති අත්ථසංවණ්ණනං ආරභිස්සාමි.
යන මේ ගාථාව ප්‍රථම බුද්ධ වචනයයි. එහෙයින් ප්‍රභේද නමයකින් යුත් මේ ඛුද්දක පාඨය ඛුද්දක ධර්මයන්ගේ ආරම්භක ග්‍රන්ථයයි. එහි ආරම්භයේ සිට අර්ථ වර්ණනාව ආරම්භ කරන්නෙමි.
නිදානසොධනං
නිදානසොධනං
තස්ස චායමාදි “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සඞ්ඝං සරණං ගච්ඡාමී”ති. තස්සායං අත්ථවණ්ණනාය මාතිකා –
එහිද “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සඞ්ඝං සරණං ගච්ඡාමි” යනු ආරම්භක දේශනා පාඨයයි. මේ එහි අර්ථ වර්ණනාව සඳහා න්‍යාය මාතෘකාවයි.
“කෙන කත්ථ කදා කස්මා, භාසිතං සරණත්තයං; කස්මා චිධාදිතො වුත්ත, මවුත්තමපි ආදිතො.
“සරණත්‍රය කවරෙකු විසින් කොහිදී කවදා කුමක් හෙයින් දේශනා කරන ලද්දේද? භාග්‍යවතුන් වහන්සේ විසින් ආරම්භක වශයෙන් දේශනා නොකරන ලද්දේ නමුදු මෙහි කුමක් හෙයින් ආරම්භයට කියන ලද්දේද?
“නිදානසොධනං කත්වා, එවමෙත්ථ තතො පරං; බුද්ධං සරණගමනං, ගමකඤ්ච විභාවයෙ.
මෙසේ මෙහි නිදානය පැහැදිලි කොට ඉන් අනතුරුව බුදුන් සරණ යාමත් යන්නාත් පැහැදිලි කරන්නේය.
“භෙදාභෙදං ඵලඤ්චාපි, ගමනීයඤ්ච දීපයෙ; ධම්මං සරණමිච්චාදි, ද්වයෙපෙස නයො මතො.
සරණ භේදය හා අභේදය ද ඵලය ද සරණ යා යුතු ආකාරය ද විස්තර කරන්නේය. දහම් සරණ ආදී දෙකෙහි ද මෙම ක්රමයම වේ.
“අනුපුබ්බවවත්ථානෙ, කාරණඤ්ච විනිද්දිසෙ; සරණත්තයමෙතඤ්ච, උපමාහි පකාසයෙ”ති.
අනුපිළිවෙළින් දැක්වීමෙහි හේතුව ද දක්වන්නේය. එසේම සරණත්‍රය උපමාවන්ගෙන් ද ප්‍රකාශ කරන්නේය.
තත්ථ පඨමගාථාය තාව ඉදං සරණත්තයං කෙන භාසිතං, කත්ථ භාසිතං, කදා භාසිතං, කස්මා භාසිතං අවුත්තමපිචාදිතො තථාගතෙන කස්මා ඉධාදිතො වුත්තන්ති පඤ්ච පඤ්හා.
එහි ප්‍රථම ගාථාවෙහි පළමුකොට - මේ සරණත්‍රය කවරෙකු විසින් කියන ලද්දේද? කොහිදී කියන ලද්දේද? කවදා කියන ලද්දේද? කුමක් හෙයින් කියන ලද්දේද? තථාගතයන් වහන්සේ විසින් පළමුකොට දේශනා නොකරන ලද්දේ නමුදු කුමක් හෙයින් මෙහි මුලටම කියන ලද්දේද? යන ප්‍රශ්න පහකි.
තෙසං විස්සජ්ජනා කෙන භාසිතන්ති භගවතා භාසිතං, න සාවකෙහි, න ඉසීහි, න දෙවතාහි. කත්ථාති බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ. කදාති ආයස්මන්තෙ යසෙ සද්ධිං සහායකෙහි අරහත්තං පත්තෙ එකසට්ඨියා අරහන්තෙසු බහුජනහිතාය ලොකෙ ධම්මදෙසනං කරොන්තෙසු. කස්මාති පබ්බජ්ජත්ථඤ්ච උපසම්පදත්ථඤ්ච. යථාහ –
එහි විසදීම මෙසේය :- “කවරෙකු විසින් කියන ලද්දේද” යනු භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය. ශ්රාවකයින් විසින් නොවේ. සෘෂීන් විසින් නොවේ. දෙවියන් විසින් නොවේ. “කොහිදීද?” යනු බරණැස මිගදාය නම් වූ ඉසිපතනයේදී ය. “කවදාද” යනු ආයුෂ්මත් යස යහළුවන් සමඟ රහත් ඵලයට පැමිණි කල්හි හැට එකක් රහතන් වහන්සේලා බොහෝ ජනයාට හිත පිණිස ලෝකයෙහි ධර්මය දේශනා කරන කල්හි, “කුමක් හෙයින්ද යත්?” පැවිද්ද සඳහාත් උපසම්පදාව සඳහාත්ය. යම්සේ වදාළේ ද,
“එවඤ්ච පන, භික්ඛවෙ, පබ්බාජෙතබ්බො උපසම්පාදෙතබ්බො. පඨමං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදාපෙත්වා එකංසං උත්තරාසඞ්ගං කාරාපෙත්වා භික්ඛූනං පාදෙ වන්දාපෙත්වා උක්කුටිකං නිසීදාපෙත්වා අඤ්ජලිං පග්ගණ්හාපෙත්වා ‘එවං වදෙහී’ති වත්තබ්බො ‘බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සඞ්ඝං සරණං ගච්ඡාමී’”ති (මහාව· 34).
“මහණෙනි, මෙසේ වනාහි පැවිදි කළ යුතුය. උපසම්පදා කළ යුතුය. පළමුව කෙස් රැවුල් බා කසාවත් හඳවා උත්තරාසඞ්ගය (තනිපට සිවුර) ඒකාංශ කරවා භික්ෂූන්ගේ පා වන්දවා උත්කුටිකයෙන් හිඳුවා ඇඳිලි බන්දවා මෙසේ කියවයි කිව යුතුය. “බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” යනුවෙනි.
කස්මා චිධාදිතො වුත්තන්ති ඉදඤ්ච නවඞ්ගං සත්ථුසාසනං තීහි පිටකෙහි සඞ්ගණ්හිත්වා වාචනාමග්ගං ආරොපෙන්තෙහි පුබ්බාචරියෙහි යස්මා ඉමිනා මග්ගෙන දෙවමනුස්සා උපාසකභාවෙන වා පබ්බජිතභාවෙන වා සාසනං ඔතරන්ති, තස්මා සාසනොතාරස්ස මග්ගභූතත්තා ඉධ ඛුද්දකපාඨෙ ආදිතො වුත්තන්ති ඤාතබ්බං.
කුමක් හෙයින් මෙහි ආරම්භයටම කියන ලද්දේද? යත් මේ නවාඞ්ග ශාස්තෲ ශාසනය පිටක තුනකින් සංග්‍රහ කොට වාචනාමාර්ගයට නගන්නා වූ පූර්වාචාය්යවරුන් විසින් යම් හෙයකින් මේ සරණාගමන මාර්ගයෙන් දෙවි මිනිස්සු උපාසක භාවයෙන් හෝ ප්‍රව්‍රජිත භාවයෙන් හෝ ශාසනයට බැස ගනිත්ද එහෙයින් ශාසනයට බැස ගන්නා තැනැත්තා හට මාර්ගය වන බැවින් මේ ඛුද්දක පාඨයෙහි මුලින්ම කියන ලද්දේ යයි දත යුතුය.
කතං නිදානසොධනං.
නිදානය පැහැදිලි කිරීම යි