1. සරණගමනවණ්ණනා අට්ඨකථා
1. ශරණගමනය වර්ණනාව
බුද්ධවිභාවනා
බුද්ධවිභාවනා
ඉදානි යං වුත්තං “බුද්ධං සරණගමනං, ගමකඤ්ච විභාවයෙ”ති, තත්ථ සබ්බධම්මෙසු අප්පටිහතඤාණනිමිත්තානුත්තරවිමොක්ඛාධිගමපරිභාවිතං ඛන්ධසන්තානමුපාදාය, පඤ්ඤත්තිතො සබ්බඤ්ඤුතඤ්ඤාණපදට්ඨානං වා සච්චාභිසම්බොධිමුපාදාය පඤ්ඤත්තිතො සත්තවිසෙසො බුද්ධො. යථාහ –
දැන් “බුද්ධංසරණාගමනං ගමකඤ්ච විභාවයෙ” යයි යමක් කියන ලද්දේද (එය විස්තර කරමි) එහි සියලු ධර්ම විෂයෙහි නොපැකිළ පවත්නා වූ දතයුතු හැම දෙයක නොහැනී පවත්නා වූ සර්වඥතා ඥානයට නිමිත්ත වූ අර්හත් මාර්ගයාගේ අධිගමයෙන් පරිභාවිත වූ ස්කන්ධ සන්තානය ඇසුරු කොට ගත් නම් ඇති හෝ සර්වඥතා ඥානය පදනම් කොට ගෙන හෝ සත්‍යාවබෝධය අරමුණු කොට පනවන ලද සත්ත්ව විශේෂයකි බුද්ධ නම්. යම්සේ කීවේද :-
“බුද්ධොති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්ථ ච සබ්බඤ්ඤුතං පත්තො, බලෙසු ච වසීභාව”න්ති (මහානි· 192; චූළනි· පාරායනත්ථුතිගාථානිද්දෙස 97; පටි· ම· 1.161).
“බුද්ධො’’ යනු යම් ඒ භාග්‍යවතුන් වහන්සේ නමක් තෙමේම (සත්‍යයන්) අවබෝධ කළේ ආචාර්‍ය්‍යයන් නොමැත්තේ පෙර නොඇසූ විරූ දහම්හි තෙමේම සත්‍යයන් අවබෝධ කළේ ඒ සත්යයන්හිදු සර්වඥත්වයට පැමිණියේ බල ධර්‍මයන්හිදු වශීභාවයට පැමිණියේ වේද හෙතෙමේය” යනුයි. මේ පළමුකොට
අයං තාව අත්ථතො බුද්ධවිභාවනා.
අර්ථ වශයෙන් “බුද්ධ” පිළිබඳ විස්තර කිරීමයි.
බ්යඤ්ජනතො පන “බුජ්ඣිතාති බුද්ධො, බොධෙතාති බුද්ධො”ති එවමාදිනා නයෙන වෙදිතබ්බො. වුත්තඤ්චෙතං –
ඛ්‍යඤ්ජන වශයෙන් වනාහී “අවබෝධ කළේනුයි බුද්ධ වේ. අවබෝධ කරවානුයි “බුද්ධ” යි යන මේ ආදී ක්‍රමයෙන් දත යුතුය. මෙයද කියන ලද්දේය.
“බුද්ධොති කෙනට්ඨෙන බුද්ධො? බුජ්ඣිතා සච්චානීති බුද්ධො, බොධෙතා පජායාති බුද්ධො, සබ්බඤ්ඤුතාය බුද්ධො, සබ්බදස්සාවිතාය බුද්ධො, අනඤ්ඤනෙය්යතාය බුද්ධො, විකසිතාය බුද්ධො, ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධො, නිරුපක්කිලෙසසඞ්ඛාතෙන බුද්ධො, එකන්තවීතරාගොති බුද්ධො, එකන්තවීතදොසොති බුද්ධො, එකන්තවීතමොහොති බුද්ධො, එකන්තනික්කිලෙසොති බුද්ධො, එකායනමග්ගං ගතොති බුද්ධො, එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධො, අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභා බුද්ධො. බුද්ධොති නෙතං නාමං මාතරා කතං, න පිතරා කතං, න භාතරා කතං, න භගිනියා කතං, න මිත්තාමච්චෙහි කතං, න ඤාතිසාලොහිතෙහි කතං, න සමණබ්රාහ්මණෙහි කතං, න දෙවතාහි කතං, විමොක්ඛන්තිකමෙතං බුද්ධානං භගවන්තානං බොධියා මූලෙ සහ සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස පටිලාභා සච්ඡිකා පඤ්ඤත්ති යදිදං බුද්ධො”ති (මහානි· 192; චූළනි· පාරායනත්ථුතිගාථානිද්දෙස 97; පටි· ම· 1.162).
“බුද්ධො” යනු කවර අර්ථයකින් ‘බුද්ධ” වේද යත් :- සත්‍යයන් අවබෝධ කළේනුයි බුද්ධය. ප්‍රජාවට අවබෝධ කරවානුයි බුද්ධය. සර්වඥ බැවින් බුද්ධය. සියල්ල දක්නා සුලු බැවින් බුද්ධය. අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද බැවින් බුද්ධය. (නානාගුණ) සුවඳ විහිදුවන බැවින් බුද්ධය. ආශ්‍රව ක්ෂය කළ බැවින් බුද්ධය. උපක්ලේශ රහිත බැවින් බුද්ධය. ඒකාන්තයෙන් පහකළ රාග ඇති හෙයින් බුද්ධය. ඒකාන්තයෙන් පහකළ ද්වේශ ඇති හෙයින් බුද්ධය. ඒකාන්තයෙන් පහ කළ මෝහ ඇති හෙයින් බුද්ධය. ඒකාන්තයෙන් නික්ලේශී වන හෙයින් බුද්ධය. ඒකායන මාර්ගයට ගිය හෙයින් බුද්ධය. එකලාව අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ හෙයින් බුද්ධය. මෝහය නැසූ හෙයින් බුද්ධිය පිළි ලැබූ හෙයින් බුද්ධය. බුද්ධ යන ඒ නම මව විසින් නොකරන ලදය. පියා විසින් නොකරන ලදය. සොහොයුරා විසින් නොකරන ලදය. සහෝදරිය විසින් නොකරන ලදය. මිත්‍රාමාත්‍යයන් විසින් නොකරන ලදය. සහලේ නෑයන් විසින් නොකරන ලදය. මහණ බමුණන් විසින් නොකරන ලදය. දෙවියන් විසින් නොකරන ලදය. භාග්‍යවත් බුදුවරයනට යම් “බුද්ධ” යන නාමයෙක් වේ නම් අරිහත් ඵලයාගේ අන්තයෙහි උපන් ඒ නාමය මහබෝමැඩ දී සර්වඥතා ඥානයාගේ ප්‍රතිලාභය සමග අර්හත් ඵලය ප්රත්යක්ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි.”
එත්ථ ච යථා ලොකෙ අවගන්තා අවගතොති වුච්චති, එවං බුජ්ඣිතා සච්චානීති බුද්ධො. යථා පණ්ණසොසා වාතා පණ්ණසුසාති වුච්චන්ති, එවං බොධෙතා පජායාති බුද්ධො. සබ්බඤ්ඤුතාය බුද්ධොති සබ්බධම්මබුජ්ඣනසමත්ථාය බුද්ධියා බුද්ධොති වුත්තං හොති. සබ්බදස්සාවිතාය බුද්ධොති සබ්බධම්මබොධනසමත්ථාය බුද්ධියා බුද්ධොති වුත්තං හොති. අනඤ්ඤනෙය්යතාය බුද්ධොති අඤ්ඤෙන අබොධිතො සයමෙව බුද්ධත්තා බුද්ධොති වුත්තං හොති. විකසිතාය බුද්ධොති නානාගුණවිකසනතො පදුමමිව විකසනට්ඨෙන බුද්ධොති වුත්තං හොති. ඛීණාසවසඞ්ඛාතෙන බුද්ධොති එවමාදීහි චිත්තසඞ්කොචකරධම්මපහානතො නිද්දාක්ඛයවිබුද්ධො පුරිසො විය සබ්බකිලෙසනිද්දාක්ඛයවිබුද්ධත්තා බුද්ධොති වුත්තං හොති. එකායනමග්ගං ගතොති බුද්ධොති බුද්ධියත්ථානං ගමනත්ථපරියායතො යථා මග්ගං ගතොපි පුරිසො ගතොති වුච්චති, එවං එකායනමග්ගං ගතත්තාපි බුද්ධොති වුච්චතීති දස්සෙතුං වුත්තං. එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධොති බුද්ධොති න පරෙහි බුද්ධත්තා බුද්ධො, කින්තු සයමෙව අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධත්තා බුද්ධොති වුත්තං හොති. අබුද්ධිවිහතත්තා බුද්ධිපටිලාභා බුද්ධොති බුද්ධි බුද්ධං බොධොති පරියායවචනමෙතං. තත්ථ යථා නීලරත්තගුණයොගතො “නීලො පටො, රත්තො පටො”ති වුච්චති, එවං බුද්ධිගුණයොගතො බුද්ධොති ඤාපෙතුං වුත්තං හොති. තතො පරං බුද්ධොති නෙතං නාමන්ති එවමාදි අත්ථමනුගතා අයං පඤ්ඤත්තීති බොධනත්ථං වුත්තන්ති එවරූපෙන නයෙන සබ්බෙසං පදානං බුද්ධසද්දස්ස සාධනසමත්ථො අත්ථො වෙදිතබ්බො.
මෙහිදී ද යම්සේ ලෝකයෙහි අවබෝධයට යන තැනැත්තා අවබෝධයට ගිය තැනැත්තේ යැයි කියනු ලැබේද මෙසේ සත්‍යයන් අවබෝධ කළේනුයි “බුද්ධ” වේ. යම්සේ කොළ වියලවන වාතය “පණ්ණසුසා” යයි කියනු ලැබේ ද මෙසේ ප්‍රජාවට අවබෝධ කරවානුයි “බුද්ධ” වේ. “සබ්බඤ්ඤුසුතාය බුද්ධො” යනු සියලු ධර්මය අවබෝධ කර ගැනීමට සමත් බුද්ධියෙන් යුක්ත හෙයින් “බුද්ධ” යැයි කියන ලද්දේ වෙයි. “සබ්බදස්සාවිතාය බුද්ධො” යනු සියලු ධර්මයන් අවබෝධ කරවීමට සමත් බුද්ධියෙන් යුක්ත වන හෙයින් “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. “අනඤ්ඤනෙය්යතාය බුද්ධො” යනු අනෙකෙකු විසින් අවබෝධ නොකරවන ලද්දේ තමාම අවබෝධ කරගත් හෙයින් “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. “විසවිතාය බුද්ධො” යනු නොයෙක් ගුණ උපදවන හෙයින් පියුමක් මෙන් විකසනාර්ථයෙන් “බුද්ධ” යයි කියන ලද්දේ වෙයි. “ඛීණාසව සඞ්ඛාතෙන බුද්ධො” යනු මේ ආදී වූ සිත හැකිළීම කරන ධර්මයන්ගේ ප්‍රහාණයෙන් නිදි හැර පිබිදුණු පුරුෂයෙක් මෙන් සියලු කෙලෙස් නිදි දුරු කිරීමෙන් පිබිදුණු බැවින් බුද්ධ යයි කියන ලද්දේ වෙයි. “එකායන මග්ගං ගතොති බුද්ධො” යනු බුද්ධියෙන් ප්‍රයෝජන ඇත්තන්ගේ ගමනාර්ථ පර්‍ය්‍යායයෙන් යම්සේ මගට ගියේ නමුදු පුරුෂ තෙම ගියේ යයි කියනු ලැබේද? මෙසේ ඒකායන මාර්ගයෙහි ගිය බැවින් ද “බුද්ධ” යයි කියනු ලැබේයයි දැක්වීමට කියන ලදී. “එකො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධාති බුද්ධො” යනු අනුන් කරණ කොටගෙන බුදු වූ බැවින් ‘බුද්ධ’ වූයේ නොවේ. හුදෙක් තමාම අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළ බැවින් “බුද්ධ” වූයේ යයි කියන ලද්දේ වෙයි. “අබුද්ධි විහතත්තා බුද්ධි පටිලාභා බුද්ධො” යනු බුද්ධි, බුද්ධ, බෝධ යන මේ පද පර්‍ය්‍යාය වචනය. එහි යම්සේ නිල්, රතු ආදී වර්ණ යෙදීමෙන් නිල් වස්ත්‍රය, රතු වස්ත්‍රය යයි කියනු ලැබේ ද එසේම බුද්ධ ගුණයෙන් යුක්ත හෙයින් “බුද්ධ” යයි හැඟවීමට කියන ලද්දේ වෙයි. ඉන් අනතුරුව “බුද්ධ යන මෙය නාමයක් නොවේ” යනාදිය මේ බුද්ධ නාමය අර්ථානුගත ප්රඥප්තියකැයි අවබෝධ කරවීමට කියන ලද්දේය යනාදී වශයෙන් සියලු පදයන්ගේ බුද්ධ ශබ්දය සෑදීමට සමත් අර්ථය දත යුතුය.
අයං බ්යඤ්ජනතොපි බුද්ධවිභාවනා.
මේ ඛ්‍යඤ්ජන වශයෙන් ‘බුද්ධ’ පිළිබඳ විස්තරයයි.
සරණගමනගමකවිභාවනා
සරණගමනගමකවිභාවනා
ඉදානි සරණගමනාදීසු හිංසතීති සරණං, සරණගතානං තෙනෙව සරණගමනෙන භයං සන්තාසං දුක්ඛං දුග්ගතිං පරික්කිලෙසං හිංසති විධමති නීහරති නිරොධෙතීති අත්ථො. අථ වා හිතෙ පවත්තනෙන අහිතා ච නිවත්තනෙන සත්තානං භයං හිංසතීති බුද්ධො, භවකන්තාරා උත්තරණෙන අස්සාසදානෙන ච ධම්මො, අප්පකානම්පි කාරානං විපුලඵලපටිලාභකරණෙන සඞ්ඝො. තස්මා ඉමිනාපි පරියායෙන තං රතනත්තයං සරණං. තප්පසාදතග්ගරුතාහි විහතවිද්ධංසිතකිලෙසො තප්පරායණතාකාරප්පවත්තො අපරප්පච්චයො වා චිත්තුප්පාදො සරණගමනං. තංසමඞ්ගී සත්තො තං සරණං ගච්ඡති, වුත්තප්පකාරෙන චිත්තුප්පාදෙන “එස මෙ සරණං, එස මෙ පරායණ”න්ති එවමෙතං උපෙතීති අත්ථො. උපෙන්තො ච “එතෙ මයං, භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාම, ධම්මඤ්ච, උපාසකෙ නො භගවා ධාරෙතූ”ති තපුස්සභල්ලිකාදයො විය සමාදානෙන වා, “සත්ථා මෙ, භන්තෙ, භගවා, සාවකොහමස්මී”ති (සං· නි· 2.154) මහාකස්සපාදයො විය සිස්සභාවූපගමනෙන වා, “එවං වුත්තෙ බ්‍රහ්මායු බ්රාහ්මණො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං උදානං උදානෙසි ‘නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. නමො තස්ස…පෙ… සම්මාසම්බුද්ධස්සා’”ති (ම· නි· 2.388) බ්රහ්මායුආදයො විය තප්පොණත්තෙන වා, කම්මට්ඨානානුයොගිනො විය අත්තසන්නිය්යාතනෙන වා, අරියපුග්ගලා විය සරණගමනුපක්කිලෙසසමුච්ඡෙදෙන වාති අනෙකප්පකාරං විසයතො කිච්චතො ච උපෙති.
දැන් සරණාගමනාදියෙහි හිංසා කෙරේනුයි ‘සරණ’ වේ. සරණ ගියවුන්ගේ ඒ සරණාගමනය කරණකොට ගෙන බිය, තැතිගැන්ම, දුක, දුගතිය, කරදර හිංසා කෙරේ, විනාශ කෙරේ, බැහැර කෙරේ, නිරුද්ධ කෙරේ යන අර්ථයයි. නැතහොත් හිත දෙයෙහි පැවැත්වීමෙන් ද අහිත දෙයින් වැළැක්වීමෙන් ද සත්ත්වයින්ගේ භය හිංසා කෙරේයි “බුද්ධ” වේ. බව කතරින් එතෙර කිරීමෙන් ද අස්වැසිලි දීමෙන් ද “ධම්ම” වේ. ස්වල්ප වශයෙන් කරන්නා වූ දීම් පිදීම් වශයෙන් එළවන සත්කාරයන්ට මහත්ඵල ලබාදීම කරන හෙයින් “සංඝ” වේ. එබැවින් මේ ක්‍රමයෙන් ද ඒ රත්නත්‍රය “සරණ” වේ. එහි ප්‍රසාදය ඇති කරන එයට ගරුකරන තැනැත්තේ වනාහී නසන ලද විනාශ කළ කෙලෙස් ඇත්තේ ඒ සරණ පිහිට කොට ගැනීම් ස්වභාව ඇත්තේ නැතහොත් වෙනත් බාහිර පිහිට නොපතන සිත්හි පහළවීම සරණාගමනයයි. එයින් සමන්විත සත්ත්ව තෙම ඒ සරණ යයි. කියන ලද ආකාරයට සිත් උපදවා ගැනීමෙන් “මෙයම මට සරණය, මෙයම මට පිහිටයයි මෙසේ මේ රත්නත්‍රය වෙත එළඹෙයි” යන අර්ථයයි. එළඹෙන්නෝ ද “ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද සරණ යමු. භාග්‍යවතුන් වහන්සේ අප උපාසකයන් ලෙස පිළිගන්නා සේක්වා”යි තපස්සු භල්ලිකාදීන් මෙන් සමාදන් වීමෙන් හෝ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲවරයාය. මම ශ්රාවකයා වෙමි”යි මහා කාශ්යපාදීන් මෙන් ශිෂ්‍යභාවයට පැමිණීමෙන් හෝ මෙසේ කී කල්හි බ්‍රහ්මායු බ්‍රාහ්මණ තෙම අසුනින් නැගිට උතුරු සළුව ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එහි ඇඳිලිබැඳ නැමද තුන්වරක් “ඒ භාග්‍යවත් අර්හත් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා පෙ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා’යි උදන් ඇනීය” යනුවෙන් බ්‍රහ්මායු ආදීන් මෙන් ඒ තෙරුවන් වෙත නැඹුරුවීම් වශයෙන් හෝ කර්මස්ථාන වඩන්නන් මෙන් ආත්මය පවරාදීම් වශයෙන් හෝ ආර්‍ය්‍ය පුද්ගලයන් මෙන් සරණාගමන උපක්ලේශයන් සිඳීම් වශයෙන් හෝ මේ ආදි නොයෙක් ආකාරයෙන් විෂය වශයෙන් හෝ කෘත්‍ය වශයෙන් හෝ එළඹෙයි.
අයං සරණගමනස්ස ගමකස්ස ච විභාවනා.
මේ සරණාගමනයේ ද එළඹෙන්නාගේ ද පැහැදිලි කිරීමයි.
භෙදාභෙදඵලදීපනා
භෙදාභෙදඵලදීපනා
ඉදානි “භෙදාභෙදං ඵලඤ්චාපි, ගමනීයඤ්ච දීපයෙ”ති වුත්තානං භෙදාදීනං අයං දීපනා, එවං සරණගතස්ස පුග්ගලස්ස දුවිධො සරණගමනභෙදො – සාවජ්ජො ච අනවජ්ජො ච. අනවජ්ජො කාලකිරියාය, සාවජ්ජො අඤ්ඤසත්ථරි වුත්තප්පකාරප්පවත්තියා, තස්මිඤ්ච වුත්තප්පකාරවිපරීතප්පවත්තියා. සො දුවිධොපි පුථුජ්ජනානමෙව. බුද්ධගුණෙසු අඤ්ඤාණසංසයමිච්ඡාඤාණප්පවත්තියා අනාදරාදිප්පවත්තියා ච තෙසං සරණං සංකිලිට්ඨං හොති. අරියපුග්ගලා පන අභින්නසරණා චෙව අසංකිලිට්ඨසරණා ච හොන්ති. යථාහ “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්යා”ති (අ· නි· 1.276; ම· නි· 3.128; විභ· 809). පුථුජ්ජනා තු යාවදෙව සරණභෙදං න පාපුණන්ති, තාවදෙව අභින්නසරණා. සාවජ්ජොව නෙසං සරණභෙදො, සංකිලෙසො ච අනිට්ඨඵලදො හොති. අනවජ්ජො අවිපාකත්තා අඵලො, අභෙදො පන ඵලතො ඉට්ඨමෙව ඵලං දෙති.
දැන් “හෙදාභෙදං ඵලඤ්චාපි ගමනීයඤ්ච දීපයෙ” යයි කියන ලද භේද ආදියෙහි පැහැදිලි කිරීම මෙසේය. මෙසේ සරණ ගිය තැනැත්තාගේ සරණය බිඳීම සාවද්‍ය නිරවද්‍ය වශයෙන් දෙආකාර වේ. කාලක්‍රියා කිරීමෙන් නිරවද්‍ය සරණභේදය වේ. සාවද්‍ය සරණභේදය අන්‍ය ශාස්තෲවරයෙක් දේශනා කළ ආකාරයට පැවැත්මෙන් ද ශාස්තෲවරයා දේශනා කළ ආකාරයට වෙනස්ව පැවැත්මෙන් ද වේ. මේ දෙආකාරයම පෘථග්ජනයන්ටම වේ. බුද්ධ ගුණයන්හි නොදැනීමෙන් ද සැක කිරීමෙන් ද මිථ්‍යා ඥානය නිසාද අනාදර ආදී පැවැත්මෙන් ද ඔවුන්ගේ සරණය කිළිටි වේ. ආර්‍ය්‍ය පුද්ගලයෝ වනාහි නොබිදුණු සරණ ඇත්තෝ ද නොකිළිටි සරණ ඇත්තෝ ද වෙති. යම්සේ “මහණෙනි යම් දෘෂ්ටිසම්පන්න පුද්ගලයෙක් අනෙක් ශාස්තෲවරයකු උදෙසා සිටියේය” යන ඒ කාරණය හේතුරහිතය. අවකාශ රහිතයයි වදාළේ එහෙයිනි. පෘථග්ජනයෝ ද යම්තාක් සරණ භේදයට නොපැමිණෙත් ද ඒතාක් නොබිඳුණු සරණ ඇත්තෝම වෙති. ඔවුන්ගේ සාවද්‍යා සරණ භේදය වනාහී කෙළෙස් සහිත ද අනිටු ඵල ගෙන දෙන්නේ ද වෙයි. නිරවද්‍ය සරණභේදය විපාක නොමැති බැවින් ඵල රහිතය. නොබිඳුණු සරණාගමනය ඵල වශයෙන් ඉෂ්ට ඵල දෙයි.
යථාහ –
යම්සේ වදාළේද :
“යෙකෙචි බුද්ධං සරණං ගතාසෙ, න තෙ ගමිස්සන්ති අපායභූමිං; පහාය මානුසං දෙහං, දෙවකායං පරිපූරෙස්සන්තී”ති. (දී· නි· 2.332; සං· නි· 1.37);
“යම් කිසිවෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නොයන්නාහ. මිනිස් කය අතහැර දේවකාය පුරවන්නාහ.” (සංයුත්ත නිකාය) යනුයි.
තත්ර ච යෙ සරණගමනුපක්කිලෙසසමුච්ඡෙදෙන සරණං ගතා, තෙ අපායං න ගමිස්සන්ති. ඉතරෙ පන සරණගමනෙන න ගමිස්සන්තීති එවං ගාථාය අධිප්පායො වෙදිතබ්බො.
එහිදී ද යමෙක් සරණාගමන උපක්ලේශයන් සිඳීමෙන් සරණ ගියාහු ද ඔවුහු අපායට නොයන්නාහ. සෙස්සෝ වනාහී සරණාගමනයෙන් යුක්ත වුවත් වෙනත් අකුශල කර්මයකින් යන්නාහු යයි මෙසේ ගාථාවෙහි අදහස දත යුතුය.
අයං තාව භෙදාභෙදඵලදීපනා.
මේ පළමුකොට භේදාභේද ඵල විස්තරයයි.
ගමනීයදීපනා
ගමනීයදීපනා
ගමනීයදීපනායං චොදකො ආහ – “බුද්ධං සරණං ගච්ඡාමී”ති එත්ථ යො බුද්ධං සරණං ගච්ඡති, එස බුද්ධං වා ගච්ඡෙය්ය සරණං වා, උභයථාපි ච එකස්ස වචනං නිරත්ථකං. කස්මා? ගමනකිරියාය කම්මද්වයාභාවතො. න හෙත්ථ “අජං ගාමං නෙතී”තිආදීසු විය ද්විකම්මකත්තං අක්ඛරචින්තකා ඉච්ඡන්ති.
ගමනීය (සරණ යා යුතු ආකාරය) පැහැදිලි කිරීමේ දී චෝදක තෙමේ කීය - “බුද්ධං සරණං ගච්ඡාමි” යන මෙහි යමෙක් බුදුන් සරණ යයි ද හෙතෙම බුදුන් වෙත යන්නේ ද නැතහොත් සරණය වෙත යන්නේ ද, දෙආකාරයෙන් එකක ප්‍රකාශය අර්ථ විරහිතය. කුමක් හෙයින්ද යත්? ගමන ක්‍රියාවෙහි ද්විකර්මක බවක් නොමැති හෙයිනි. මෙහි “අජං ගාමං නෙති” ආදියෙහි මෙන් ද්විකර්මක බවක් අක්ෂර චින්තකයෝ (ව්‍යාකරණඥයෝ) කැමති නොවෙති.
“ගච්ඡතෙව පුබ්බං දිසං, ගච්ඡති පච්ඡිමං දිස”න්තිආදීසු (සං· නි· 1.159; 3.87) විය සාත්ථකමෙවාති චෙ? න, බුද්ධසරණානං සමානාධිකරණභාවස්සානධිප්පෙතතො. එතෙසඤ්හි සමානාධිකරණභාවෙ අධිප්පෙතෙ පටිහතචිත්තොපි බුද්ධං උපසඞ්කමන්තො බුද්ධං සරණං ගතො සියා. යඤ්හි තං බුද්ධොති විසෙසිතං සරණං, තමෙවෙස ගතොති. “එතං ඛො සරණං ඛෙමං, එතං සරණමුත්තම”න්ති (ධ· ප· 192) වචනතො සමානාධිකරණත්තමෙවාති චෙ? න, තත්ථෙව තබ්භාවතො. තත්ථෙව හි ගාථාපදෙ එතං බුද්ධාදිරතනත්තයං සරණගතානං භයහරණත්තසඞ්ඛාතෙ සරණභාවෙ අබ්යභිචරණතො “ඛෙමමුත්තමඤ්ච සරණ”න්ති අයං සමානාධිකරණභාවො අධිප්පෙතො, අඤ්ඤත්ථ තු ගමිසම්බන්ධෙ සති සරණගමනස්ස අප්පසිද්ධිතො අනධිප්පෙතොති අසාධකමෙතං. “එතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චතී”ති එත්ථ ගමිසම්බන්ධෙපි සරණගමනපසිද්ධිතො සමානාධිකරණත්තමෙවාති චෙ? න පුබ්බෙ වුත්තදොසප්පසඞ්ගතො. තත්රාපි හි සමානාධිකරණභාවෙ සති එතං බුද්ධධම්මසඞ්ඝසරණං පටිහතචිත්තොපි ආගම්ම සබ්බදුක්ඛා පමුච්චෙය්යාති එවං පුබ්බෙ වුත්තදොසප්පසඞ්ගො එව සියා, න ච නො දොසෙන අත්ථි අත්ථොති අසාධකමෙතං.
“ගච්ඡතෙව පුබ්බං දිසං ගච්ඡති පච්ජිමං දිසං” යනාදියෙහි මෙන් මෙය අර්ථ සහිත නොවන්නේද? නොවේ. බුද්ධ සරණ යන පදයන්ගේ සමානාධිකරණ භාවයක් අදහස් නොකරන හෙයිනි. මේ පදයන්ගේ සමානාධිකරණ භාවයක් අදහස් කළ කල්හි බුදුන් වහන්සේ පිළිබඳ විරුද්ධ සිත් ඇති තැනැත්තේ ද බුදුන් වෙත එළඹෙන්නේ බුදුන් සරණ ගියේ වන්නේය. යමෙක් වනාහි “බුද්ධ” යයි විශේෂිත වූ සරණයක් වේද මෙතෙම එයම සරණ කොට ගියේය යනුයි. “එතං ඛො සරණං ඛෙමං එතං සරණ මුත්තමං” යයි කී ආකාරයට සමානාධිකරණ භාවයක් ඇත්තේ වේද? නැත. එම ගාථා පාදයෙහි එම අර්ථය ඇති හෙයිනි. එම ගාථා පාදයෙහි “මේ බුද්ධාදි රත්නත්‍රය සරණ ගිය අයට භය දුරුකිරීම් සඞඛ්‍යාත සරණ භාවයන් (ඒකාන්ත) හෙයින් නිර්භය වූ උත්තම වූ සරණ වේ යයි යනුවෙන් මේ සමානාධිකරණ භාවය අදහස් කරන ලදී. අනෙක් තැන (සරණාගමනය) වනාහි ගමි සම්බන්ධය ඇති කල්හි සරණාගමනය වෙත පැමිණීම සිදු නොවන හෙයින් සමානාධිකරණය අදහස් නොකරන ලද්දේය. “එතං සරණමාගම්ම සබ්බදුක්ඛා පමුච්චති” යන මෙහි ගමි සම්බන්ධයෙහිලා සරණාගමනය සිද්ධ වන හෙයින් සමානාධිකරණ භාවය වන්නේ වේද? නැත. පෙර කියන ලද දෝෂයෙන් යුක්ත නිසාය. එහි වනාහි සමානාධිකරණ භාවය ඇති කල්හි මේ බුද්ධ ධම්ම සංඝ සරණයන් වෙත විරුද්ධ සිත් ඇති තැනැත්තා ද පැමිණ සියලු දුකින් මිදෙන්නේය යන මේ පෙර කියන ලද දෝෂයෙන් යුක්ත වීම වන්නේය. එම දෝෂයෙන් අපට ප්‍රයෝජනයක් නොමැති හෙයින් සමානාධිකරණ භාවය නොගන්නා ලදී.
යථා “මමඤ්හි, ආනන්ද, කල්යාණමිත්තං ආගම්ම ජාතිධම්මා සත්තා ජාතියා පරිමුච්චන්තී”ති (සං· නි· 1.129) එත්ථ භගවතො කල්‍යාණමිත්තස්ස ආනුභාවෙන පරිමුච්චමානා සත්තා “කල්යාණමිත්තං ආගම්ම පරිමුච්චන්තී”ති වුත්තා. එවමිධාපි බුද්ධධම්මසඞ්ඝස්ස සරණස්සානුභාවෙන මුච්චමානො “එතං සරණමාගම්ම, සබ්බදුක්ඛා පමුච්චතී”ති වුත්තොති එවමෙත්ථ අධිප්පායො වෙදිතබ්බො.
යම්සේ ‘ආනන්දය, කල්‍යාණමිත්‍ර වූ මා වෙත පැමිණ ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදෙත්” (කෝසල සංයුත්ත) යන මෙහි කල්‍යාණ මිත්‍ර වූ භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් මිදෙන්නා වූ සත්ත්වයෝ කල්‍යාණ මිත්‍රයා වෙත එළඹ මිදෙත් යයි කියන ලද්දේ ද එසේම මෙහිද බුද්ධ ධම්ම සංඝ සරණානුභාවයෙන් මිදෙන්නේ “මේ සරණය වෙත එළඹ සියලු දුකින් මිදේය”යි කියන ලද්දේය යනුවෙන් මෙසේ මෙහි අදහස දත යුතුය.
එවං සබ්බථාපි න බුද්ධස්ස ගමනීයත්තං යුජ්ජති, න සරණස්ස, න උභයෙසං, ඉච්ඡිතබ්බඤ්ච ගච්ඡාමීති නිද්දිට්ඨස්ස ගමකස්ස ගමනීයං, තතො වත්තබ්බා එත්ථ යුත්තීති. වුච්චතෙ –
“ගච්ඡාමි” (යමි) යි දක්වන ලද යන්නාගේ යා යුතු බව කැමති වන්නේ නමුදු මෙසේ සියලු ආකාරයෙන් බුදුන් වහන්සේ වෙත යා යුතු බව නොයෙදේ. සරණයා වෙත ද නොයෙදේ. දෙදෙනා වෙත ද නොයෙදේ. එහෙයින් මෙහි සාධාරණ බව කිව යුතුය. කියනු ලැබේ :-
බුද්ධොයෙවෙත්ථ ගමනීයො, ගමනාකාරදස්සනත්ථං තු තං සරණවචනං, බුද්ධං සරණන්ති ගච්ඡාමි. එස මෙ සරණං, එස මෙ පරායණං, අඝස්ස, තාතා, හිතස්ස ච විධාතාති ඉමිනා අධිප්පායෙන එතං ගච්ඡාමි භජාමි සෙවාමි පයිරුපාසාමි, එවං වා ජානාමි බුජ්ඣාමීති. යෙසඤ්හි ධාතූනං ගතිඅත්ථො බුද්ධිපි තෙසං අත්ථොති. ඉති-සද්දස්ස අප්පයොගා අයුත්තමිති චෙ? තං න. තත්ථ සියා – යදි චෙත්ථ එවමත්ථො භවෙය්ය, තතො “අනිච්චං රූපං අනිච්චං රූපන්ති යථාභූතං පජානාතී”ති එවමාදීසු (සං· නි· 3.55, 85) විය ඉති-සද්දො පයුත්තො සියා, න ච පයුත්තො, තස්මා අයුත්තමෙතන්ති. තඤ්ච න, කස්මා? තදත්ථසම්භවා.
බුදුන් වහන්සේ මෙහි යා යුතු වස්තු දැක්වීමය. ඒ ‘සරණ’ වචනය ගමනාකාරය දැක්වීම සඳහාය. “බුද්ධං සරණන්ති ගච්ඡාමි” බුදුන් වහන්සේ මට සරණයයි යෙමි, මුන් වහන්සේ මට සරණය, මුන් වහන්සේ මට පිහිටය, දුක නසන්නාය, යහපත ද සලසන්නාය, යන මේ අදහසින් උන්වහන්සේ වෙත යමි. භජනය කරමි. සේවනය කරමි, ඇසුරු කරමි යනුයි. නැතහොත් යම් ධාතුන්ගේ වනාහි ගමනාර්ථය වේද බුද්ධි අර්ථය ද එහි වන හෙයින් මෙසේ දැන ගනිමි. අවබෝධ කරගනිමි යනුයි. මෙහි “ඉති” ශබ්දය යෙදී ඇති හෙයින් ඉහත සඳහන් අර්ථය නුසුදුසු නොවේද? එබඳු නුසුදුසු බවක් එහි නොවන්නේය. ඉදින් මෙහි ඉහත කී අර්ථය වන්නේ ද එහෙයින් “අනිච්චං රූපං අනිච්චං රූපන්ති යථාභූතං පජානාති (රූපය අනිත්‍යය, රූපය අනිත්‍යයයි ඇති සැටියෙන් දැනගනී) යන ආදී තන්හි මෙන් “ඉති” ශබ්දය යෙදිය යුතු වන්නේය. යෙදී නැත. එහෙයින් ඒ කියන ලද ප්‍රකාශය නුසුදුසු නේද? එසේ නොවේ. කුමක් හෙයින්ද යත්? එම අර්ථය ලැබෙන හෙයිනි.
“යො ච බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගතො”ති එවමාදීසු (ධ· ප· 190) විය ඉධාපි ඉති-සද්දස්ස අත්ථො සම්භවති, න ච විජ්ජමානත්ථසම්භවා ඉති-සද්දා සබ්බත්ථ පයුජ්ජන්ති, අප්පයුත්තස්සාපෙත්ථ පයුත්තස්ස විය ඉති-සද්දස්ස අත්ථො විඤ්ඤාතබ්බො අඤ්ඤෙසු ච එවංජාතිකෙසු, තස්මා අදොසො එව සොති. “අනුජානාමි, භික්ඛවෙ, තීහි සරණගමනෙහි පබ්බජ්ජ”න්තිආදීසු (මහාව· 34) සරණස්සෙව ගමනීයතො යං වුත්තං “ගමනාකාරදස්සනත්ථං තු සරණවචන”න්ති, තං න යුත්තමිති චෙ. තං නායුත්තං. කස්මා? තදත්ථසම්භවා එව. තත්රාපි හි තස්ස අත්ථො සම්භවති, යතො පුබ්බසදිසමෙව අප්පයුත්තොපි පයුත්තො විය වෙදිතබ්බො. ඉතරථා හි පුබ්බෙ වුත්තදොසප්පසඞ්ගො එව සියා, තස්මා යථානුසිට්ඨමෙව ගහෙතබ්බං.
“යොච බුද්ධඤ්ච ධම්මඤ්ච සංඝඤ්ච සරණං ගතො” යන මේ ආදී තන්හි මෙන් මෙහි ද “ඉති” ශබ්දයාගේ අර්ථය ලැබේ. විද්‍යමාන අර්ථය ඇති බැවින් සියලු තන්හි “ඉති” ශබ්දය නොයොදති. (‘ඉති’ ශබ්දය) නොයොදන ලද මෙහි යෙදූ තැනක මෙන් “ඉති” ශබ්දයාගේ අර්ථය දත යුතුය. මෙබඳු අන් තැන්හි ද මෙසේමය. එහෙයින් එය දොස් රහිතමය. “අනුජානාමි භික්ඛවෙ තීහි සරණාගමනෙහි පබ්බජ්ජං” (මහණෙනි මේ ත්‍රිවිධ වූ සරණ ගමනින් පැවිද්ද අනුදනිමි) යනාදී තන්හි සරණය ගමනීයාර්ථයෙන් යමක් දේශනා කරන ලද්දේ ද “සරණ යන වචනය ගමනාකාරය දැක්වීම සඳහාය” යන ප්‍රකාශය එවිට නුසුදුසු නොවේද? නොවේ. සුදුසු හෙයිනි. කුමක් හෙයින්ද යත්? එම අර්ථය ලැබෙන හෙයිනි. එහිද වනාහි එම පදයාගේ අර්ථය ලැබේ. පෙර පරිදිම (“ඉති” ශබ්දය) යොදා නැතත් යෙදු තැනක මෙන් (අර්ථය) දත යුතුය. එසේ නොමැති කල්හි පෙර කියන ලද දෝෂය හා යෙදීම සිදු වේ. එහෙයින් දක්වන ලද අයුරින්ම අර්ථය ගත යුතුය.
අයං ගමනීයදීපනා.
මේ ගමනීය දීපනාවයි.
ධම්මසඞ්ඝසරණවිභාවනා
ධම්මසඞ්ඝසරණවිභාවනා
ඉදානි යං වුත්තං “ධම්මං සරණමිච්චාදි, ද්වයෙපෙස නයො මතො”ති එත්ථ වුච්චතෙ – ය්වායං “බුද්ධං සරණං ගච්ඡාමී”ති එත්ථ අත්ථවණ්ණනානයො වුත්තො, “ධම්මං සරණං ගච්ඡාමි, සඞ්ඝං සරණං ගච්ඡාමී”ති එතස්මිම්පි පදද්වයෙ එසොව වෙදිතබ්බො. තත්රාපි හි ධම්මසඞ්ඝානං අත්ථතො බ්යඤ්ජනතො ච විභාවනමත්තමෙව අසදිසං, සෙසං වුත්තසදිසමෙව. යතො යදෙවෙත්ථ අසදිසං, තං වුච්චතෙ – මග්ගඵලනිබ්බානානි ධම්මොති එකෙ. භාවිතමග්ගානං සච්ඡිකතනිබ්බානානඤ්ච අපායෙසු අපතනභාවෙන ධාරණතො පරමස්සාසවිධානතො ච මග්ගවිරාගා එව ඉමස්මිං අත්ථෙ ධම්මොති අම්හාකං ඛන්ති, අග්ගප්පසාදසුත්තඤ්චෙව සාධකං. වුත්තඤ්චෙත්ථ “යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායතී”ති එවමාදි (අ· නි· 4.34; ඉතිවු· 90).
දැන් “ධම්මං සරණමිච්චාදි ද්වයෙපස නයොමතො” යයි යමක් කියන ලද්දේ ද එය මෙහි කියනු ලැබේ. “බුද්ධං සරණං ගච්ඡාමි” යන මෙහි යම් මේ අර්ථ වර්ණනා න්‍යායක් කියන ලද්දේ ද “ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි” යන මේ යෙදුම් දෙකෙහි ද ඒ අර්ථයම දත යුතුය. එහි වනාහී ධම්ම, සංඝ, යන පදයන්ගේ අර්ථ වශයෙන් ද ඛ්යාඤ්ජන වශයෙන් ද පැහැදිලි කිරීම් මාත්‍රයම අසමාන වේ. සෙස්ස කියන ලද පරිදිමය. යම් හෙයකින් ඉදින් මෙහි යමක් අසමාන වේද එය කියනු ලැබේ. සමහරු “මාර්ගඵල නිර්වාණයෝ ධම්ම වෙති” යි කියති. වඩන ලද මාර්ග ඇති පුද්ගලයන්ට ප්රත්යක්ෂ කළ නිර්වාණය ඇති පුද්ගලයන් ද අපායයන්හි නොවැටීම් වශයෙන් දරන හෙයින් ද පරම අස්වැසිල්ල ගෙන දෙන හෙයින් ද රාගයෙන් තොර (ආර්‍ය්‍ය අෂ්ටාංගික) මාර්ගයම මෙම අර්ථයෙහි “ධම්ම” වන බව අපගේ හැඟීමයි. අග්ගප්පසාද සූත්‍රය මෙහිදී සාධක වේ. එහිදී මෙය වදාරන ලදී. මහණෙනි, යම්තාක් ධර්මයෝ සංඛත වෙත්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔවුන්ට අග්‍ර වේ” යන මේ ආදියයි.
චතුබ්බිධඅරියමග්ගසමඞ්ගීනං චතුසාමඤ්ඤඵලසමධිවාසිතඛන්ධසන්තානානඤ්ච පුග්ගලානං සමූහො දිට්ඨිසීලසඞ්ඝාතෙන සංහතත්තා සඞ්ඝො. වුත්තඤ්චෙතං භගවතා –
චතුර්විධ ආර්ය මාර්ගයෙන් යුක්ත වූ චතුර්විධ සාමඤ්ඤඵලයන්හි මැනවින් වැස්වූ ස්කන්ධ සමූහය ඇති පුද්ගලයන්ගේ සමූහය දෘෂ්ටිශීල සමූහයෙන් (ඔවුනොවුන්) සම්බන්ධ වූ හෙයින් ‘සංඝ’ නම් වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී -
“තං කිං මඤ්ඤසි, ආනන්ද, යෙ වො මයා ධම්මා අභිඤ්ඤා දෙසිතා, සෙය්යථිදං, චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො, පස්සසි නො ත්වං, ආනන්ද, ඉමෙසු ධම්මෙසු ද්වෙපි භික්ඛූ නානාවාදෙ”ති (ම· නි· 3.43).
“ආනන්දය, නුඹ කුමක් සිතන්නෙහිද? මා විසින් නුඹට යම් ධර්ම කෙනෙක් මැනවින් දැන දේශනා කරන ලද්දාහුද ඒ කවරේද යත්, සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධිපාද, පඤ්ච ඉන්ද්රිය, පඤ්චබල, සප්ත බෝධ්‍යඞග, ආර්ය අෂ්ටාඞගික මාර්ගයයි. ආනන්දය, මේ ධර්මයන්හි භික්ෂූන් දෙදෙනෙක්වත් නානාවාදීව සිටිනු නුඹ දක්නෙහිද? යනුයි.
අයඤ්හි පරමත්ථසඞ්ඝො සරණන්ති ගමනීයො. සුත්තෙ ච “ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති (ඉතිවු· 90; අ· නි· 4.34, 181) වුත්තො. එතං පන සරණං ගතස්ස අඤ්ඤස්මිම්පි භික්ඛුසඞ්ඝෙ වා භික්ඛුනිසඞ්ඝෙ වා බුද්ධප්පමුඛෙ වා සඞ්ඝෙ සම්මුතිසඞ්ඝෙ වා චතුවග්ගාදිභෙදෙ එකපුග්ගලෙපි වා භගවන්තං උද්දිස්ස පබ්බජිතෙ වන්දනාදිකිරියාය සරණගමනං නෙව භිජ්ජති න සංකිලිස්සති, අයමෙත්ථ විසෙසො. වුත්තාවසෙසන්තු ඉමස්ස දුතියස්ස ච සරණගමනස්ස භෙදාභෙදාදිවිධානං පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. අයං තාව “ධම්මං සරණමිච්චාදි, ද්වයෙපෙස නයො මතො”ති එතස්ස වණ්ණනා.
මේ පරමාර්ථ සංඝයා (මා) සරණයයි යා යුතුය. සූත්‍රයන්හි ද (මේ ශ්‍රාවක සංඝයා) ආහුණෙය්‍යය (දුරිනුදු ගෙනහැර දිය යුතු ප්‍රත්‍යයට සුදුසුය) පාහුණෙය්‍යය (ආගන්තුක භෝජනය පවා පිළිගැන්වීමට සුදුසුය) දක්බිණෙය්යය (පරලොව සුව පතා දෙන දක්ෂිණාවට සුදුසුය) අඤ්ජලිකරණීය (නමස්කාරයට සුදුසුය) ලෝකයාගේ උතුම් වූ පින් කෙතකි” යි (ඉතිවුත්තකපාලි) වදාරන ලදී. අන්‍ය වූ භික්ෂු සංඝයා කෙරෙහි හෝ භික්ෂුණී සංඝයා කෙරෙහි හෝ බුද්ධ ප්රමුඛ සංඝයා කෙරෙහි හෝ සම්මුති සංඝයා කෙරෙහි හෝ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ චතුර්වර්ග ආදී ප්රභේදයන්ට අයත් පුද්ගලයන් කෙරෙහි හෝ වන්දනා කිරීම් ආදි ක්‍රියාවන්ගෙන් මේ සංඝයා සරණ ගිය තැනැත්තාගේ සරණාගමනය නොබිඳෙන්නේමය. කිළිටි නොවන්නේය. මෙය මෙහි විශේෂයයි. මේ දෙවෙනි සරණාගමනයාගේ කියන ලද විස්තරයේ ඉතිරිය ද භේදා භේදා දී නියමයන් ද පෙර කියන ලද ක්‍රමයටම දත යුතුය. මේ පළමුකොට “ධම්මං සරණමිච්චාදි ද්වයෙ පෙසනයො මතො” යන මෙහි වර්ණනාවයි.
අනුපුබ්බවවත්ථානකාරණනිද්දෙසො
අනුපුබ්බවවත්ථානකාරණනිද්දෙසො
ඉදානි අනුපුබ්බවවත්ථානෙ, කාරණඤ්ච විනිද්දිසෙති එත්ථ එතෙසු ච තීසු සරණවචනෙසු සබ්බසත්තානං අග්ගොති කත්වා පඨමං බුද්ධො, තප්පභවතො තදුපදෙසිතතො ච අනන්තරං ධම්මො, තස්ස ධම්මස්ස ආධාරකතො තදාසෙවනතො ච අන්තෙ සඞ්ඝො. සබ්බසත්තානං වා හිතෙ නියොජකොති කත්වා පඨමං බුද්ධො, තප්පභවතො සබ්බසත්තහිතත්තා අනන්තරං ධම්මො, හිතාධිගමාය පටිපන්නො අධිගතහිතො චාති කත්වා අන්තෙ සඞ්ඝො සරණභාවෙන වවත්ථපෙත්වා පකාසිතොති එවං අනුපුබ්බවවත්ථානෙ කාරණඤ්ච විනිද්දිසෙ.
දැන් “අනුපුබ්බවවත්ථානෙ කාරණඤ්ච විනිද්දිසෙ” යන මෙහි මේ සරණ වචනයන් තුන අතුරෙන් සියලු සත්ත්වයන්ට අග්‍ර යයි සලකා පළමුව බුදුන් වහන්සේය. උන්වහන්සේගෙන් පහළ වූ හෙයින් ද උන්වහන්සේ විසින් දේශනා කරන ලද හෙයින් ද අනතුරුව ධර්මය වේ. ඒ ධර්මයට ආධාරක වන හෙයින් ද ඒ ධර්මය ඇසුරු කරන හෙයින්ද අවසානයට සංඝයා වේ. නැතහොත් සියලු සත්ත්වයන් යහපතෙහි යොදවන්නා බැවින් පළමුව බුදුන් වහන්සේය. උන්වහන්සේගෙන් පහළ වූ හෙයින්ද උන්වහන්සේ විසින් දේශනා කරන ලද හෙයින්ද අනතුරුව ධර්මය වේ. ඒ ධර්මයට ආධාරක වන හෙයින්ද ඒ ධර්මය ඇසුරු කරන හෙයින්ද අවසානයට සංඝයා වේ. නැතහොත් සියලු සත්ත්වයන් යහපතෙහි යොදවන්නා බැවින් පළමුව බුදුන් වහන්සේය. උන්වහන්සේගෙන් පහළ වූ හෙයින් සියලු සත්ත්වයන්ට හිත බැවින් අනතුරුව ධර්මයයි. යහපත අවබෝධ කරගැනීම සඳහා පිළිපන් බැවින්ද අවබෝධ කරගත් යහපත ඇති බැවින්ද අවසානයට සංඝයා වේ. මෙසේ සරණභාවයෙන් වෙන්කොට ප්‍රකාශ කරන ලද්දේ යයි මෙසේ අනුපිළිවෙළ නියම කිරීමෙහි හේතුව ද දක්වන ලදී.
උපමාපකාසනා
උපමාපකාසනා
ඉදානි යම්පි වුත්තං “සරණත්තයමෙතඤ්ච, උපමාහි පකාසයෙ”ති, තම්පි වුච්චතෙ – එත්ථ පන පුණ්ණචන්දො විය බුද්ධො, චන්දකිරණනිකරො විය තෙන දෙසිතො ධම්මො, පුණ්ණචන්දකිරණසමුප්පාදිතපීණිතො ලොකො විය සඞ්ඝො. බාලසූරියො විය බුද්ධො, තස්ස රස්මිජාලමිව වුත්තප්පකාරො ධම්මො, තෙන විහතන්ධකාරො ලොකො විය සඞ්ඝො. වනදාහකපුරිසො විය බුද්ධො, වනදහනග්ගි විය කිලෙසවනදහනො ධම්මො, දඩ්ඪවනත්තා ඛෙත්තභූතො විය භූමිභාගො දඩ්ඪකිලෙසත්තා පුඤ්ඤක්ඛෙත්තභූතො සඞ්ඝො. මහාමෙඝො විය බුද්ධො, සලිලවුට්ඨි විය ධම්මො, වුට්ඨිනිපාතූපසමිතරෙණු විය ජනපදො උපසමිතකිලෙසරෙණු සඞ්ඝො. සුසාරථි විය බුද්ධො, අස්සාජානීයවිනයූපායො විය ධම්මො, සුවිනීතස්සාජානීයසමූහො විය සඞ්ඝො. සබ්බදිට්ඨිසල්ලුද්ධරණතො සල්ලකත්තො විය බුද්ධො, සල්ලුද්ධරණූපායො විය ධම්මො, සමුද්ධටසල්ලො විය ජනො සමුද්ධටදිට්ඨිසල්ලො සඞ්ඝො. මොහපටලසමුප්පාටනතො වා සාලාකියො විය බුද්ධො, පටලසමුප්පාටනුපායො විය ධම්මො, සමුප්පාටිතපටලො විප්පසන්නලොචනො විය ජනො සමුප්පාටිතමොහපටලො විප්පසන්නඤාණලොචනො සඞ්ඝො. සානුසයකිලෙසබ්යාධිහරණසමත්ථතාය වා කුසලො වෙජ්ජො විය බුද්ධො, සම්මා පයුත්තභෙසජ්ජමිව ධම්මො, භෙසජ්ජපයොගෙන සමුපසන්තබ්යාධි විය ජනසමුදායො සමුපසන්තකිලෙසබ්යාධානුසයො සඞ්ඝො.
දැන් “සරණත්තය මෙතඤ්ච උපමාහි පකාසයෙ” යයි යමක් කියන ලද්දේ එයද කියනු ලැබේ. මෙහි වනාහි බුදුන් වහන්සේ පුන්සඳ වැනිය. උන්වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය සඳ රැස් සමූහය වැනිය. සංඝයා පුන්සඳ කිරණින් උපදවන ලද ප්‍රීතිය ඇති ලෝකයා වැනිය. බුදුන් වහන්සේ ළාහිරු වැනිය. කියන ලද ආකාර ඇති ධර්මය ඒ ළාහිරුගේ රශ්මි ජාලාව වැනිය. සංඝයා ඒ රශ්මි ජාලාවෙන් පහවූ අන්ධකාරය ඇති ලෝකය වැනිය. බුදුන් වහන්සේ වනය දවන පුරුෂයෙක් වැනිය. කෙලෙස් වනය දවන ධර්මය වනය දවන ගින්න වැනිය. දැවූ කෙලෙස් ඇති බැවින් පින් කෙතක් වූ සංඝයා දැවූ වනය ඇති බැවින් කෙතක් වූ භූමිභාගය වැනිය. බුදුන් වහන්සේ මහා මේඝයක් වැනිය. ධර්මය වැසි ජලය වැනිය. සන්සිඳුණු කෙලෙස් දූලි ඇති සංඝයා වැසි වැටීමෙන් සන්සිදුණු දූලි ඇති ජනපදය වැනිය. බුදුන් වහන්සේ යහපත් රියදුරෙක් වැනිය. ධර්මය ආජානේය අශ්වයන් හික්මවන උපාය වැනිය. සංඝයා මැනවින් හික්මුණු අජානේය අශ්ව සමූහයක් වැනිය. බුදුන් වහන්සේ සියලු මිසදිටු උල් උදුරන හෙයින් ශල්‍ය වෛද්‍යවරයෙක් වැනිය. ධර්මය උල් උදුරන උපාය වැනිය. ඉදිරූ මිසදිටු උල් ඇති සංඝයා උදුරන ලද උල් ඇති ජනයා වැනිය. නැතහොත් මෝහ පටලය උපුටා දමන හෙයින් බුදුන් වහන්සේ ශල්‍ය වෛද්‍යවරයෙක් වැනිය. ධර්මය පටලය උපුටා දමන උපාය වැනිය. උපුටා දැමූ මෝහ පටල ඇති, ප්‍රසන්න නුවණැස ඇති සංඝයා උපුටා දැමූ පටල ඇති ප්‍රසන්න ඇස් ඇති ජනයා වැනිය. නැතහොත් බුදුන් වහන්සේ අනුසය සහිත කෙලෙස් රෝග දුරු කිරීමට සමත් දක්ෂ වෛද්‍යවරයෙකු වැනිය. ධර්මය මැනවින් යෙදු බෙහෙතක් වැනිය. සන්සිඳුණු අනුසය ව්‍යාධි ඇති සංඝයා බෙහෙත් යෙදීමෙන් සන්සිදුණු රෝග ඇති ජනයා වැනිය.
අථ වා සුදෙසකො විය බුද්ධො, සුමග්ගො විය ඛෙමන්තභූමි විය ච ධම්මො, මග්ගප්පටිපන්නො ඛෙමන්තභූමිප්පත්තො විය සඞ්ඝො. සුනාවිකො විය බුද්ධො, නාවා විය ධම්මො, පාරප්පත්තො සම්පත්තිකො විය ජනො සඞ්ඝො. හිමවා විය බුද්ධො, තප්පභවොසධමිව ධම්මො, ඔසධූපභොගෙන නිරාමයො විය ජනො සඞ්ඝො. ධනදො විය බුද්ධො, ධනං විය ධම්මො, යථාධිප්පායං ලද්ධධනො විය ජනො සම්මාලද්ධඅරියධනො සඞ්ඝො. නිධිදස්සනකො විය බුද්ධො, නිධි විය ධම්මො, නිධිප්පත්තො විය ජනො සඞ්ඝො.
නැතහොත් බුදුන් වහන්සේ යහපත් උපදේශකයෙකු වැනිය. ධර්ම ක්ෂේම භූමියට යන යහපත් මාර්ගයක් වැනිය. සංඝයා මඟට පිළිපන්නේ ක්ෂෙම භූමියට පැමිණි තැනැත්තෙකු වැනිය. බුදුන් වහන්සේ යහපත් නාවිකයෙකු වැනිය. ධර්මය නැවක් වැනිය. සංඝයා පරතෙරට පැමිණි සමෘද්ධිමත් ජනයා වැනිය. බුදුන් වහන්සේ හිමාලය වැනිය. ධර්මය එහි හටගත් බෙහෙතක් වැනිය. සංඝයා බෙහෙත් වැළඳීමෙන් නිරෝගී වූ ජනයා වැනිය. බුදුන් වහන්සේ ධනය දෙන්නෙකු වැනිය. ධර්මය ධනය වැනිය. මැනවින් ලැබූ ආර්‍ය්‍ය ධනය ඇති සංඝයා අභිමත පරිදි ධනය ලැබූ ජනයා වැනිය. බුදුන් වහන්සේ නිධානයක් දක්වන්නෙකු වැනිය. ධර්මය නිධානයක් වැනිය. සංඝයා නිධානය ලැබූ ජනයා වැනිය.
අපිච අභයදො විය වීරපුරිසො බුද්ධො, අභයමිව ධම්මො, සම්පත්තාභයො විය ජනො අච්චන්තසබ්බභයො සඞ්ඝො. අස්සාසකො විය බුද්ධො, අස්සාසො විය ධම්මො, අස්සත්ථජනො විය සඞ්ඝො. සුමිත්තො විය බුද්ධො, හිතූපදෙසො විය ධම්මො, හිතූපයොගෙන පත්තසදත්ථො විය ජනො සඞ්ඝො. ධනාකරො විය බුද්ධො, ධනසාරො විය ධම්මො, ධනසාරූපභොගො විය ජනො සඞ්ඝො. රාජකුමාරන්හාපකො විය බුද්ධො, සීසන්හානසලිලං විය ධම්මො, සුන්හාතරාජකුමාරවග්ගො විය සද්ධම්මසලිලසුන්හාතො සඞ්ඝො. අලඞ්කාරකාරකො විය බුද්ධො, අලඞ්කාරො විය ධම්මො, අලඞ්කතරාජපුත්තගණො විය සද්ධම්මාලඞ්කතො සඞ්ඝො. චන්දනරුක්ඛො විය බුද්ධො, තප්පභවගන්ධො විය ධම්මො, චන්දනුපභොගෙන සන්තපරිළාහො විය ජනො සද්ධම්මූපභොගෙන සන්තපරිළාහො සඞ්ඝො. දායජ්ජසම්පදානකො විය පිතා බුද්ධො, දායජ්ජං විය ධම්මො, දායජ්ජහරො පුත්තවග්ගො විය සද්ධම්මදායජ්ජහරො සඞ්ඝො. විකසිතපදුමං විය බුද්ධො, තප්පභවමධු විය ධම්මො, තදුපභොගීභමරගණො විය සඞ්ඝො. එවං සරණත්තයමෙතඤ්ච, උපමාහි පකාසයෙ.
තවද බුදුන් වහන්සේ අභය දෙන ධෛර්යමත් පුරුෂයෙකු වැනිය. ධර්මය අභය වැනිය. ඉක්ම වූ සියලු භය ඇති සංඝයා අභයට පැමිණි ජනයා වැනිය. බුදුන් වහන්සේ සැනසිලිදායකයෙකු වැනිය. ධර්මය සැනසිල්ල වැනිය. සංඝයා සැනසිල්ලට පත් ජනයා වැනිය. බුදුන් වහන්සේ යහපත් මිත්‍රයෙකු වැනිය. ධර්මය හිතෝපදේශයක් වැනිය. සංඝයා හිතෝපදේශකරණයෙන් සඵල කරගත් සියලු අර්ථ ඇති ජනයා වැනිය. බුදුන් වහන්සේ ධනාකරයක් වැනිය. ධර්මය සාරවත් ධනයක් වැනිය. සංඝයා සාරවත් ධනය පරිභෝග කළ ජනයා වැනිය. බුදුන් වහන්සේ රාජකුමාරයන් නහවන්නෙකු වැනිය. ධර්මය හිසනාන ජලය වැනිය. සද්ධර්ම ජලයෙන් ස්නානය කළ සංඝයා මැනවින් ස්නානය කළ රාජකුමාරවරුන් සමූහයක් වැනිය. බුදුන් වහන්සේ අලංකාර කරන්නෙකු වැනිය. ධර්මය අලංකාරය වැනිය. සද්ධර්මයෙන් අලංකාර වූ සංඝයා අලංකාර කළ රාජපුත්‍ර සමූහයා වැනිය. බුදුන් වහන්සේ සඳුන් රුකක් වැනිය. ධර්මය ඒ සඳුන් රුකෙහි හටගත් සුවඳ පැනිය. සද්ධර්මය පිළිපැදීමෙන් සන්සිඳුණු පරිළාහ ඇති සංඝයා සඳුන් පරිභෝගයෙන් ශාන්ත වූ පරිළාහ ඇති ජනයා වැනිය. බුදුන් වහන්සේ ධර්ම දායාදය සපයා දෙන්නෙකු වැනිය. ධර්මය දායාදය වැනිය. සද්ධර්ම දායාදය ගෙන යන සංඝයා දායාදය ගෙන යන පුත්‍ර සමූහයා වැනිය. බුදුන් වහන්සේ විකසිත පියුමක් වැනිය. ධර්මය ඒ පියුමෙහි හටගත් පැණි වැනිය. සංඝයා ඒ පැණි අනුභව කරන බඹර සමූහයා වැනිය. මෙසේ මේ සරණත්‍රය උපමාවන්ගෙන් ප්‍රකාශ කලේ වන්නේය.
එත්තාවතා ච යා පුබ්බෙ “කෙන කත්ථ කදා කස්මා, භාසිතං සරණත්තය”න්තිආදීහි චතූහි ගාථාහි අත්ථවණ්ණනාය මාතිකා නික්ඛිත්තා, සා අත්ථතො පකාසිතා හොතීති.
මෙපමණකින් මවිසින් පෙර “කෙන කත්ථ කදා කස්මා භාසිතං රතනත්තයං” ආදි ගාථා හතරකින් අර්ථ වර්ණනාව සඳහා යම් මාතෘකාවක් තබන ලද්දී ද එය අර්ථ වශයෙන් ප්‍රකාශ කළා වන්නේය .
පරමත්ථජොතිකාය ඛුද්දකපාඨ-අට්ඨකථාය සරණත්තයවණ්ණනා නිට්ඨිතා.
සරණත්‍රය වර්ණනාව නිමියේය.