යෙදුමෙන් කියවන්න

සික‍්ඛාපදපාඨමාතිකා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සික‍්ඛාපදපාඨමාතිකා

සික්ඛාපදපාඨමාතිකා

එවං සරණගමනෙහි සාසනොතාරං දස‍්සෙත්‍වා සාසනං ඔතිණ‍්ණෙන උපාසකෙන වා පබ‍්බජිතෙන වා යෙසු සික‍්ඛාපදෙසු පඨමං සික‍්ඛිතබ‍්බං, තානි දස‍්සෙතුං නික‍්ඛිත‍්තස‍්ස සික‍්ඛාපදපාඨස‍්ස ඉදානි වණ‍්ණනත්‍ථං අයං මාතිකා –

මෙසේ සරණාගමනයන්ගෙන් ශාසනයට බැස ගැනීම දක්වා - එසේ බැසගත් උපාසකයා විසින් හෝ පැවිද්දා විසින් හෝ යම් ශික්‍ෂාපදයන්හි පළමුකොට හික්මිය යුතුද ඒවා දැක්වීම සඳහා ඇතුළත් කරන ලද ශික්‍ෂාපද පාඨයෙහි වර්‍ණනාව සඳහා දැන් මේ මාතෘකාවය.

“යෙන යත්‍ථ යදා යස‍්මා, වුත‍්තානෙතානි තං නයං; වත්‍වා කත්‍වා වවත්‍ථානං, සාධාරණවිසෙසතො.

“යම් කෙනෙකු විසින් යම් තැනක යම් දිනක යම් හෙයකින් ශික්‍ෂාපදයෝ දේශනා කරන ලද්දාහුද යන ඒ කරුණ කියා ඒවා සාධාරණ විශේෂ වශයෙන් වෙන්කොට දක්වා යමක් ප්‍රකෘතියෙන් වැරදි වේද යමක් ප්‍රඥප්තියෙන් වැරදි වේද එය පැහැදිලි කොට පදයන් ඛ්‍යඤ්ජන වශයෙන් ද අර්‍ථ වශයෙන් ද විස්තර කොට

“පකතියා ච යං වජ‍්ජං, වජ‍්ජං පණ‍්ණත‍්තියා ච යං; වවත්‍ථපෙත්‍වා තං කත්‍වා, පදානං බ්‍යඤ‍්ජනත්‍ථතො.

“සාධාරණානං සබ‍්බෙසං, සාධාරණවිභාවනං; අථ පඤ‍්චසු පුබ‍්බෙසු, විසෙසත්‍ථප‍්පකාසතො.

සියල්ලන්ට සාධාරණ වූ ශික්‍ෂාපදයන්ගේ ඒ සාධාරණ බව පැහැදිලි කිරීම ද ඉක්බිති පූර්‍ව ශික්‍ෂාපද පහෙහි විශේෂාර්ථ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව

“පාණාතිපාතපභුති-හෙකතානානතාදිතො; ආරම‍්මණාදානභෙදා, මහාසාවජ‍්ජතො තථා.

පාණාතිපාත ශික්‍ෂාපදයේ සිට එකතාදි වශයෙන්, ආරම්මණ වශයෙන්, ආදාන වශයෙන්, භේද වශයෙන්, මහා සාවජ්ජ වශයෙන්, ප්‍රයෝග වශයෙන්, මූල වශයෙන්, කම්ම වශයෙන්, විරමණ වශයෙන්, ඵල වශයෙන්, විනිශ්චය දත යුතුය.

“පයොගඞ‍්ගසමුට‍්ඨානා, වෙදනාමූලකම‍්මතො; විරමතො ච ඵලතො, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“යොජෙතබ‍්බං තතො යුත‍්තං, පච‍්ඡිමෙස‍්වපි පඤ‍්චසු; ආවෙණිකඤ‍්ච වත‍්තබ‍්බං, ඤෙය්‍යා හීනාදිතාපි චා”ති.

ඉන්පසු (මුල් ශික්‍ෂාපද පහ පිළිබඳ විස්තරයෙහි) සුදුසු අර්‍ථ ගෙන පසු ශික්‍ෂාපද පහෙහි ද යෙදිය යුතුය. (ඒ ඒ ශික්‍ෂා පදයට) ආවේණික ලක්‍ෂණ ද කිව යුතුය. හීනප්‍රණීත ආදිය ද දත යුතුය.

තත්‍ථ එතානි පාණාතිපාතාවෙරමණීතිආදීනි දස සික‍්ඛාපදානි භගවතා එව වුත‍්තානි, න සාවකාදීහි. තානි ච සාවත්‍ථියං වුත‍්තානි ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ ආයස‍්මන‍්තං රාහුලං පබ‍්බාජෙත්‍වා කපිලවත්‍ථුතො සාවත්‍ථිං අනුප‍්පත‍්තෙන සාමණෙරානං සික‍්ඛාපදවවත්‍ථාපනත්‍ථං. වුත‍්තං හෙතං –

එහි මේ “පාණාතිපාතා වෙරමණී” ආදි දශ ශික්‍ෂාපදයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදහ. ශ්‍රාවකාදීන් විසින් නොවේ. ඒවාද ආයුෂ්මත් රාහුල පැවිදි කරවා කපිලවස්තුවේ සිට සැවැත් නුවරට වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ විසින් සාමණේරයන්ට ශික්‍ෂාපද නියම කිරීම සඳහා සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුවරයා විසින් කරවන ලද ආරාමයේ දී දේශනා කරන ලදී. මෙය මෙසේ කියන ලදී.

“අථ ඛො භගවා කපිලවත්‍ථුස‍්මිං යථාභිරන‍්තං විහරිත්‍වා යෙන සාවත්‍ථි තෙන චාරිකං පක‍්කාමි. අනුපුබ‍්බෙන චාරිකං චරමානො යෙන සාවත්‍ථි තදවසරි. තත්‍ර සුදං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන …පෙ… අථ ඛො සාමණෙරානං එතදහොසි – ‘කති නු ඛො අම‍්හාකං සික‍්ඛාපදානි, කත්‍ථ ච අම‍්හෙහි සික‍්ඛිතබ‍්බ’”න‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං – “අනුජානාමි, භික‍්ඛවෙ, සාමණෙරානං දස සික‍්ඛාපදානි, තෙසු ච සාමණෙරෙහි සික‍්ඛිතුං, පාණාතිපාතාවෙරමණී…පෙ… ජාතරූපරජතපටිග‍්ගහණා වෙරමණී”ති (මහාව· 105).

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපිල වස්තුවෙහි කැමති තාක් කල් වාසය කොට සැවැත් නුවර යම් තැනෙක ද එය අරමුණු කොට චාරිකාවේ වැඩම කළහ. පිළිවෙළින් චාරිකාවේ හැසිරෙන්නාහු සැවැත් නුවර යම් තැනෙක ද එහි වැඩම කළහ. භාග්‍යවතුන් වහන්සේ ඒ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසති. එකල්හි -පෙ- ඉක්බිති සාමණේරයන්ට “අපට කෙතෙක් ශික්‍ෂාපද වේද? අප විසින් කිනම් ශික්‍ෂාපදයන්හි හික්මිය යුතුද? යන මේ අදහස ඇතිවිය. භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. උන්වහන්සේ “මහණෙනි, සාමණේරයන්ට “පාණාතිපාතා වේරමණී -පෙ- ජාතරූප රජත පටිග්ගහණා වෙරමණී” යයි ශික්ෂාපද දහයක් ද, සාමණේරයන් විසින් එම ශික්ෂාපදයන්හි හික්මීමට ද අනුදනිමි”යි (මහාවග්ගපාලි) යනුයි.

තානෙතානි “සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසූ”ති (දී· නි· 1.193; ම· නි· 2.24; විභ· 508) සුත‍්තානුසාරෙන සරණගමනෙසු ච දස‍්සිතපාඨානුසාරෙන “පාණාතිපාතා වෙරමණිසික‍්ඛාපදං සමාදියාමී”ති එවං වාචනාමග‍්ගං ආරොපිතානීති වෙදිතබ‍්බානි. එවං තාව “යෙන යත්‍ථ යදා යස‍්මා, වුත‍්තානෙතානි තං නයං වත්‍වා”ති සො නයො දට‍්ඨබ‍්බො.

ඒ මේ ශික්ෂාපදයෝ “ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේ” (සාමඤ්ඤඵල සුත්ත) යයි සූත්‍රානුසාරයෙන් ද සරණාගමනයන්හි දක්වන ලද පාඨ අනුසාරයෙන් ද “පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යයි මෙසේ වාචනාමාර්‍ගයට නගන ලදහයි දත යුතුය. මෙසේ පළමුකොට “යෙන යත්‍ථ යදා යස්මා වුත්තා නෙතානි තං නයං” යන මාතෘකා විස්තර කරන ලදී.

සාධාරණවිසෙසවවත්‍ථානං

සාධාරණවිසෙසවවත්ථානං

එත්‍ථ ච ආදිතො ද‍්වෙ චතුත්‍ථපඤ‍්චමානි උපාසකානං සාමණෙරානඤ‍්ච සාධාරණානි නිච‍්චසීලවසෙන. උපොසථසීලවසෙන පන උපාසකානං සත‍්තමට‍්ඨමං චෙකං අඞ‍්ගං කත්‍වා සබ‍්බපච‍්ඡිමවජ‍්ජානි සබ‍්බානිපි සාමණෙරෙහි සාධාරණානි, පච‍්ඡිමං පන සාමණෙරානමෙව විසෙසභූතන‍්ති එවං සාධාරණවිසෙසතො වවත්‍ථානං කාතබ‍්බං. පුරිමානි චෙත්‍ථ පඤ‍්ච එකන‍්තඅකුසලචිත‍්තසමුට‍්ඨානත‍්තා පාණාතිපාතාදීනං පකතිවජ‍්ජතො වෙරමණියා, සෙසානි පණ‍්ණත‍්තිවජ‍්ජතොති එවං පකතියා ච යං වජ‍්ජං, වජ‍්ජං පණ‍්ණත‍්තියා ච යං, තං වවත්‍ථපෙතබ‍්බං.

මේ ශික්ෂා පදයන්හි ද මුල් ශික්ෂාපද දෙකත් සතරවෙනි හා පස්වෙනි ශික්ෂාපදත් උපාසකයන්ට හා සාමණේරයන්ට ද නිත්‍යශීල වශයෙන් සාධාරණ වේ. උපාසකයට උපෝසථ ශීල වශයෙන් වනාහි හත්වෙනි අටවෙනි ශික්ෂාපද එක් ශික්ෂාපදයක් කොට සර්‍වපශ්චිම ශික්ෂාපද සියල්ල ද සාමණේරයන් හා සාධාරණ වේ. අවසාන ශික්ෂාපදය වනාහි සාමණේරයන්ටම විශේෂ වූවකි”යි මෙසේ සාධාරණ විශේෂ වශයෙන් වෙන්කොට දැක්වීම කළ යුතුය. මෙහි පළමුවෙනි ශික්ෂාපද පහ ඒකාන්ත අකුශල සිතින් හටගන්නා බැවින් ප්‍රාණඝාත ආදිය අතුරින් ප්‍රකෘති වද්‍ය වෙන්වීම්ය. ඉතිරි ශික්ෂාපද ප්‍රඥප්ති වද්‍ය වෙන්වීම්ය. මෙසේ “ප්‍රකෘතියෙන් යමක් වැරදි වේද යමක් ප්‍රඥප්තියෙන් වැරදි වේද එය ද වෙනකොට දැක්විය යුතුය.

සාධාරණවිභාවනා

සාධාරණවිභාවනා

යස‍්මා චෙත්‍ථ “වෙරමණිසික‍්ඛාපදං සමාදියාමී”ති එතානි සබ‍්බසාධාරණානි පදානි, තස‍්මා එතෙසං පදානං බ්‍යඤ‍්ජනතො ච අත්‍ථතො ච අයං සාධාරණවිභාවනා වෙදිතබ‍්බා –

යම් හෙයකින් මෙහි ‘වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යන මේවා සියලු ශික්ෂාපදයන්ට සාධාරණ පද වේද එබැවින් මේ පදයන්ගේ ඛ්‍යඤ්ජන වශයෙන් ද අර්‍ථ වශයෙන් ද මේ සාධාරණ විස්තරය දත යුතුය.

තත්‍ථ බ්‍යඤ‍්ජනතො තාව වෙරං මණතීති වෙරමණී, වෙරං පජහති, විනොදෙති, බ්‍යන‍්තීකරොති, අනභාවං ගමෙතීති අත්‍ථො. විරමති වා එතාය කරණභූතාය වෙරම‍්හා පුග‍්ගලොති, විකාරස‍්ස වෙකාරං කත්‍වා වෙරමණී. තෙනෙව චෙත්‍ථ “වෙරමණිසික‍්ඛාපදං විරමණිසික‍්ඛාපද”න‍්ති ද‍්විධා සජ‍්ඣායං කරොන‍්ති. සික‍්ඛිතබ‍්බාති සික‍්ඛා, පජ‍්ජතෙ අනෙනාති පදං. සික‍්ඛාය පදං සික‍්ඛාපදං, සික‍්ඛාය අධිගමූපායොති අත්‍ථො. අථ වා මූලං නිස‍්සයො පතිට‍්ඨාති වුත‍්තං හොති. වෙරමණී එව සික‍්ඛාපදං වෙරමණිසික‍්ඛාපදං, විරමණිසික‍්ඛාපදං වා දුතියෙන නයෙන. සම‍්මා ආදියාමි සමාදියාමි, අවීතික‍්කමනාධිප‍්පායෙන අඛණ‍්ඩකාරිතාය අච‍්ඡිද‍්දකාරිතාය අසබලකාරිතාය ච ආදියාමීති වුත‍්තං හොති.

පළමුකොට ඛ්‍යඤ්ජන වශයෙන් - වෛරය දුරු කෙරේනුයි වෙරමණී වේ, වෛරය අත්හරියි, දුරුකරයි, ගෙවීම කරයි, අභාවයට පමුණුවයි යන අර්‍ථයයි. නැතහොත් පුද්ගල තෙමේ මේ කරණ වූ වෛරයෙන් දුරු වෙයි යයි “වි” කාරයට “වෙ” කාරය කොට “වෙරමණි” වේ. එහෙයින්ම මෙහි “වෙරමණි සික්ඛාපදං, විරමණි සික්ඛාපදං” යයි දෙආකාරයකින් සජ්ඣායනා කරති. හික්මිය යුතු හෙයින් = සික්ඛා වේ. මෙය කරණ කොට පැමිණේනුයි = ‘පදං’ වේ. සික්ඛාය පදං (හික්මීමට කාරණා නුයි) සික්ඛාපදං වේ. හික්මීම සඳහා එළඹෙන උපාය යන අර්ථයයි. නැතහොත් මූලය, නිශ්‍රයය, ප්‍රතිෂ්ඨාව යයි කියන ලද්දේ වෙයි. වෙරමණී එව සික්ඛාපදං (වෙන්වීමම ශික්ෂාපදය වූයේ) = වෙරමණී සික්ඛා පදං වේ. නැතහොත් දෙවෙනි ක්‍රමයට අනුව ‘විරමණී සික්ඛා පදං වේ. මනාකොට අල්ලා ගතිනුයි = සමාදියාමි වේ. නොඉක්මවන අදහසින් සිදුරු ඇති නොවන සේ, පුල්ලි ඇති නොවන සේ අල්ලා ගනිමි”යි කියන ලද්දේ වෙයි.

අත්‍ථතො පන වෙරමණීති කාමාවචරකුසලචිත‍්තසම‍්පයුත‍්තා විරති, සා පාණාතිපාතා විරමන‍්තස‍්ස “යා තස‍්මිං සමයෙ පාණාතිපාතා ආරති විරති පටිවිරති වෙරමණී අකිරියා අකරණං අනජ‍්ඣාපත‍්ති වෙලාඅනතික‍්කමො සෙතුඝාතො”ති එවමාදිනා (විභ· 704) නයෙන විභඞ‍්ගෙ වුත‍්තා. කාමඤ‍්චෙසා වෙරමණී නාම ලොකුත‍්තරාපි අත්‍ථි, ඉධ පන සමාදියාමීති වුත‍්තත‍්තා සමාදානවසෙන පවත‍්තාරහා, තස‍්මා සා න හොතීති කාමාවචරකුසලචිත‍්තසම‍්පයුත‍්තා විරතීති වුත‍්තා.

අර්‍ථ වශයෙන් වනාහි “වෙරමණී” යනු කාමාවචර කුශල චිතයෙන් යුත් විරතියයි. ප්‍රාණඝාතයෙන් වැළකුණු තැනැත්තාහට “එසමයෙහි ප්‍රාණඝාතයෙන් යම් දුරුවීමක් වෙන්වීමක්, වැළැක්මෙක්, විරමණයෙක්, නොකිරීමෙක්, අකරණයෙක්, (එයට) නොපැමිණිමෙක්, සීමා නොඉක්මවීමෙක් ප්‍රත්‍ය නැසීමෙක් වේද එයයි” මේ ආදි වශයෙන් විභඞගප්පකරණයෙහි කියන ලද්දේය. මේ විරමණය නම් ඒකාන්තයෙන්ම ලෝකෝත්තර විරමණයක් (වෙන්වීමක්) ද ඇත. මෙහි වනාහි “සමාදන් වෙමි”යි කී බැවින් සමාදන්වීම් වශයෙන් පැවතියේය. කරණුත්තරිය කිරීමක් (එකට එක කිරීමක්) නොවේනුයි කාමාවචර කුශල චිත්තය හා යෙදුණු විරතියයි කියන ලදී.

සික‍්ඛාති තිස‍්සො සික‍්ඛා අධිසීලසික‍්ඛා, අධිචිත‍්තසික‍්ඛා, අධිපඤ‍්ඤාසික‍්ඛාති. ඉමස‍්මිං පනත්‍ථෙ සම‍්පත‍්තවිරතිසීලං ලොකිකා විපස‍්සනා රූපාරූපඣානානි අරියමග‍්ගො ච සික‍්ඛාති අධිප‍්පෙතා. යථාහ –

‘සික්ඛා’ යනු අධිසීල සික්ඛා, අධි චිත්ත සික්ඛා, අධි පඤ්ඤා සික්ඛා යන ත්‍රිශික්ෂාවෝය. මෙම අර්‍ථයෙහි වනාහි සම්ප්‍රයුක්ත විරති ශීලය, ලෞකික විදර්‍ශනාව, රූපාරූප ධ්‍යාන, ආර්‍ය්‍ය මාර්‍ගය ද “ශික්ෂා” යයි අදහස් කරන ලදී. යම්සේ කීවේද :-

“කතමෙ ධම‍්මා සික‍්ඛා? යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති, සොමනස‍්සසහගතං ඤාණසම‍්පයුත‍්තං…පෙ… තස‍්මිං සමයෙ ඵස‍්සො හොති…පෙ… අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා සික‍්ඛා.

“ශික්ෂා ධර්‍මයෝ කවරහුද යත්? යම් කලෙක්හි සොම්නස් සහගත ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත උපන්නේ වේද -පෙ- එසමයෙහි ස්පර්‍ශය වේ. -පෙ- අවික්‍ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය.

“කතමෙ ධම‍්මා සික‍්ඛා? යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි…පෙ… පඨමං ඣානං…පෙ… පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති…පෙ… අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා සික‍්ඛා.

-පෙ- ශික්‍ෂා ධර්‍මයෝ කවරහුද යත්? යම් කලෙක රූප භවයෙහි උත්පත්තිය පිණිස කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, මාර්‍ගය වඩාද -පෙ- ප්‍රථම ධ්‍යානයට -පෙ- පඤ්චම ධ්‍යානයට එළඹ වසයි ද -පෙ- අවික්ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය.

“කතමෙ ධම‍්මා සික‍්ඛා? යස‍්මිං සමයෙ අරූපපත‍්තියා…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසහගතං…පෙ… අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා සික‍්ඛා.

-පෙ- කවර ධර්‍මයෝ ශික්ෂාවෝ ද? යම් කලෙක්හි අරූප භවයෙහි උත්පත්තිය පිණිස -පෙ- නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සහගත -පෙ- අවික්ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය.

“කතමෙ ධම‍්මා සික‍්ඛා? යස‍්මිං සමයෙ ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං…පෙ… අවික‍්ඛෙපො හොති, ඉමෙ ධම‍්මා සික‍්ඛා”ති (විභ· 712-713).

කවර ධර්‍මයෝ ශික්‍ෂවෝ ද? යම් කලෙක්හි නෛර්යාණික ලෝකෝත්තර ධ්‍යාන වඩයි ද -පෙ- අවික්ෂේපය වේ. මේ ධර්‍මයෝ ශික්ෂාවෝය. (විභඞ්ගප්පකරණ)

එතාසු සික‍්ඛාසු යාය කායචි සික‍්ඛාය පදං අධිගමූපායො, අථ වා මූලං නිස‍්සයො පතිට‍්ඨාති සික‍්ඛාපදං. වුත‍්තඤ‍්හෙතං – “සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය සත‍්ත බොජ‍්ඣඞ‍්ගෙ භාවෙන‍්තො බහුලීකරොන‍්තො”ති එවමාදි (සං· නි· 5.182). එවමෙත්‍ථ සාධාරණානං පදානං සාධාරණා බ්‍යඤ‍්ජනතො අත්‍ථතො ච විභාවනා කාතබ‍්බා.

මේ ශික්ෂාවන් අතරින් යම්කිසි ශික්ෂාවකගේ පදය අවබෝධ කරගැනීමේ උපායයයි. නැතහොත් මූලය, නිශ්‍රය, ප්‍රතිෂ්ඨාව, වේනුයි ශික්ෂා පදය වේ. මෙය මෙසේ කියන ලදී :- ශීලය ඇසුරු කොට ශීලයෙහි පිහිටා සප්ත බොධ්‍යංග ධර්‍මයන් වඩන්නේ බහුල වශයෙන් කරන්නේ” යන මේ ආදියයි. මෙසේ මෙහි සාධාරණ පදයන්ගේ සාධාරණ බව ඛ්‍යඤ්ජන වශයෙන් ද අර්‍ථ වශයෙන් ද පැහැදිලි කිරීම කළ යුතුය.

පුරිමපඤ‍්චසික‍්ඛාපදවණ‍්ණනා

පුරිමපඤ්චසික්ඛාපදවණ්ණනා

ඉදානි යං වුත‍්තං – “අථ පඤ‍්චසු පුබ‍්බෙසු, විසෙසත්‍ථප‍්පකාසතො…පෙ… විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො”ති, තත්‍ථෙතං වුච‍්චති – පාණාතිපාතොති එත්‍ථ තාව පාණොති ජීවිතින්‍ද්‍රියප‍්පටිබද‍්ධා ඛන්‍ධසන‍්තති, තං වා උපාදාය පඤ‍්ඤත‍්තො සත‍්තො. තස‍්මිං පන පාණෙ පාණසඤ‍්ඤිනො තස‍්ස පාණස‍්ස ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදකඋපක‍්කමසමුට‍්ඨාපිකා කායවචීද‍්වාරානං අඤ‍්ඤතරද‍්වාරප‍්පවත‍්තා වධකචෙතනා පාණාතිපාතො. අදින‍්නාදානන‍්ති එත්‍ථ අදින‍්නන‍්ති පරපරිග‍්ගහිතං, යත්‍ථ පරො යථාකාමකාරිතං ආපජ‍්ජන‍්තො අදණ‍්ඩාරහො අනුපවජ‍්ජො ච හොති, තස‍්මිං පරපරිග‍්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො තදාදායකඋපක‍්කමසමුට‍්ඨාපිකා කායවචීද‍්වාරානං අඤ‍්ඤතරද‍්වාරප‍්පවත‍්තා එව ථෙය්‍යචෙතනා අදින‍්නාදානං.

දැන් “අථ පඤ්චසු පුබ්බෙසු විසෙසත්‍ථප්පකාසතො, පාණාදි පාණාතිපාත -පෙ- විඤ්ඤාතබ්බො විනිච්ඡයො” යයි යමක් කියන ලද්දේ ද ඒ පිළිබඳව මෙය කියනු ලැබේ. “පාණාතිපාතො” යන මෙහි “පාණා” යනු ජීවිතින්ද්‍රිය ප්‍රතිබද්ධ ස්කන්ධ සන්තතියයි. නැතහොත් එය අරමුණු කොට පනවන ලද සත්ත්වයාය. එම ප්‍රාණයෙහි ප්‍රාණ සංඥාව ඇති ඔහුගේ ජිවිතින්ද්‍රිය සිඳීම සඳහා කරන උපක්‍රම උපදවන්නා වූ කායවචී ද්වාර දෙක අතුරෙන් එක් ද්වාරයක පැවති වධක චේතනාව පාණාතිපාත නම් වේ. “අදින්නාදානං” යන මෙහි “අදින්නං” යනු අනුන් අයිතිකරගත් (වස්තුවයි.) යම් වස්තුවෙක්හි අනිකෙක් තමා කැමති පරිදි ක්‍රියා කරන්නේ දඬුවමට නිසි නොවේද (අනුන් විසින් කිසිවක් නොකිව යුතු) නිවැරදිකරුවෙක් වේද එබඳු අනුන් අයත් ඒ වස්තුවෙක්හි අනුන් අයිති කරගත් දෙයක් යන හැඟීමෙන් එය ගන්නා උපක්‍රමය ඉපද වූ කාය වාග් ද්වාරයන් අතුරෙන් එක්තරා වාරයක පැවතියාවූම සොරා ගැනීමේ චේතනාව අදින්නාදාන වේ.

අබ්‍රහ‍්මචරියන‍්ති අසෙට‍්ඨචරියං, ද‍්වයංද‍්වයසමාපත‍්තිමෙථුනප‍්පටිසෙවනා කායද‍්වාරප‍්පවත‍්තා අසද‍්ධම‍්මප‍්පටිසෙවනට‍්ඨානවීතික‍්කමචෙතනා අබ්‍රහ‍්මචරියං. මුසාවාදොති එත්‍ථ මුසාති විසංවාදනපුරෙක‍්ඛාරස‍්ස අත්‍ථභඤ‍්ජනකො වචීපයොගො කායපයොගො වා, විසංවාදනාධිප‍්පායෙන පනස‍්ස පරවිසංවාදකකායවචීපයොගසමුට‍්ඨාපිකා කායවචීද‍්වාරානමෙව අඤ‍්ඤතරද‍්වාරප‍්පවත‍්තා මිච‍්ඡාචෙතනා මුසාවාදො. සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානන‍්ති එත්‍ථ පන සුරාති පඤ‍්ච සුරා – පිට‍්ඨසුරා, පූවසුරා, ඔදනසුරා, කිණ‍්ණපක‍්ඛිත‍්තා, සම‍්භාරසංයුත‍්තා චාති. මෙරයම‍්පි පුප‍්ඵාසවො, ඵලාසවො, ගුළාසවො, මධ‍්වාසවො, සම‍්භාරසංයුත‍්තො චාති පඤ‍්චවිධං. මජ‍්ජන‍්ති තදුභයමෙව මදනියට‍්ඨෙන මජ‍්ජං, යං වා පනඤ‍්ඤම‍්පි කිඤ‍්චි අත්‍ථි මදනියං, යෙන පීතෙන මත‍්තො හොති පමත‍්තො, ඉදං වුච‍්චති මජ‍්ජං. පමාදට‍්ඨානන‍්ති යාය චෙතනාය තං පිවති අජ‍්ඣොහරති, සා චෙතනා මදප‍්පමාදහෙතුතො පමාදට‍්ඨානන‍්ති වුච‍්චති, යතො අජ‍්ඣොහරණාධිප‍්පායෙන කායද‍්වාරප‍්පවත‍්තා සුරාමෙරයමජ‍්ජානං අජ‍්ඣොහරණචෙතනා “සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨාන”න‍්ති වෙදිතබ‍්බා. එවං තාවෙත්‍ථ පාණාතිපාතප‍්පභුතීහි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“අබ්‍රහ්මචරියං” යනු පහත් හැසිරීමයි. දෙදෙනා බැගින් එක්වීම් සඞ්ඛ්‍යාත මෛථුන සේවනයයි. කාය ද්වාරයෙහි පවත්නා අසද්ධර්‍ම (මෛථුන්‍ය) ප්‍රතිසෙවන ස්ථාන ඉක්මවීමේ චේතනාවයි. “මුසාවාදො” යන මෙහි ‘මුසා’ යනු රැවටීම මුල්කොටගත් තැනැත්තාගේ අර්‍ථය බිඳළන වචී ප්‍රයෝගයයි. නැතහොත් කාය ප්‍රයෝගයයි. රැවටීමේ අදහසින් වනාහි අනුන් රවටන කායවචී ප්‍රයෝගයෙන් හටගත් කායවචී ද්වාරයන් අතුරින්ම එක් වාරයක පැවති මිථ්‍යා චේතනාව ‘මුසාවාදයයි’. “සුරාමෙරය මජ්ජපමාදට්ඨානං” යන මෙහි වනාහි “සුරා” යනු පිට්ඨ (පිටි) සුරා, පුව (කැවුම්), සුරා, ඔදන (බත්) සුරා, කිණ්ණපක්ඛිත්ත (රා මණ්ඩි දැමූ) සුරා, සම්භාර පක්ඛිත්ත (විවිධ ද්‍රව්‍ය යෙදූ) සුරා, යන පංච විධ සුරාය. “මෙරය” ද පුප්ඵාසව (මලින් පෙරූ) ඵලාසව (ගෙඩිවලින් පෙරූ) ගුළාසව (උක් හකුරුවලින් පෙරූ) මධ්වාසව (මීයෙන් පෙරූ) සම්භාරසංයුත්ත (නොයෙක් ද්‍රව්‍ය යොදා පෙරූ) වශයෙන් පංච විධ වේ. “මජ්ජං” යනු ඉහත කී දෙවර්‍ගයම මත්කරවන අර්‍ථයෙන් මජ්ජ වේ. නැතහොත් යමක් පානය කිරිම කරණකොට ගෙන මත්වේද ප්‍රමාදයට පත්වේද එබඳු වෙනත් යම්කිසි මත් කරවන සුලු යමක් ඇත්තේ ද එය “මජ්ජ” යයි කියනු ලැබේ. “පමාදට්ඨානං” යනු යම් චේතනාවකින් එය පානය කරයිද ගිලියි ද ඒ චේතනාව මදයට හා ප්‍රමාදයට හේතුවන බැවින් “පමාදට්ඨාන” යයි කියනු ලැබේ. එහෙයින් බීමේ අදහසින් කාය ද්වාරයෙහි පැවති සුරාමේරය මද්‍යයන්ගේ බීමේ චේතනාව ‘සුරාමෙරය මජ්ජපමාදට්ඨාන’ යයි දත යුතුය. මෙසේ පළමුකොට මෙහි ප්‍රාණඝාතයේ පටන් විනිශ්චය දත යුතුය.