යෙදුමෙන් කියවන්න

එකතානානතාදිවිනිච‍්ඡයං අට‍්ඨකථා

එකතානානතාදිවිනිච‍්ඡයං

එකතානානතාදිවිනිච්ඡයං

එකතානානතාදිතොති එත්‍ථ ආහ – කිං පන වජ‍්ඣවධකප‍්පයොගචෙතනාදීනං එකතාය පාණාතිපාතස‍්ස අඤ‍්ඤස‍්ස වා අදින‍්නාදානාදිනො එකත‍්තං, නානතාය නානත‍්තං හොති, උදාහු නොති. කස‍්මා පනෙතං වුච‍්චති? යදි තාව එකතාය එකත‍්තං, අථ යදා එකං වජ‍්ඣං බහූ වධකා වධෙන‍්ති, එකො වා වධකො බහුකෙ වජ‍්ඣෙ වධෙති, එකෙන වා සාහත්‍ථිකාදිනා පයොගෙන බහූ වජ‍්ඣා වධීයන‍්ති, එකා වා චෙතනා බහූනං වජ‍්ඣානං ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදකපයොගං සමුට‍්ඨාපෙති, තදා එකෙන පාණාතිපාතෙන භවිතබ‍්බං. යදි පන නානතාය නානත‍්තං. අථ යදා එකො වධකො එකස‍්සත්‍ථාය එකං පයොගං කරොන‍්තො බහූ වජ‍්ඣෙ වධෙති, බහූ වා වධකා දෙවදත‍්තයඤ‍්ඤදත‍්තසොමදත‍්තාදීනං බහූනමත්‍ථාය බහූ පයොගෙ කරොන‍්තා එකමෙව දෙවදත‍්තං යඤ‍්ඤදත‍්තං සොමදත‍්තං වා වධෙන‍්ති, බහූහි වා සාහත්‍ථිකාදීහි පයොගෙහි එකො වජ‍්ඣො වධීයති. බහූ වා චෙතනා එකස‍්සෙව වජ‍්ඣස‍්ස ජීවිතින්‍ද්‍රියුපච‍්ඡෙදකපයොගං සමුට‍්ඨාපෙන‍්ති, තදා බහූහි පාණාතිපාතෙහි භවිතබ‍්බං. උභයම‍්පි චෙතමයුත‍්තං. අථ නෙව එතෙසං වජ‍්ඣාදීනං එකතාය එකත‍්තං, නානතාය නානත‍්තං, අඤ‍්ඤථෙව තු එකත‍්තං නානත‍්තඤ‍්ච හොති, තං වත‍්තබ‍්බං පාණාතිපාතස‍්ස, එවං සෙසානම‍්පීති.

“එකතාදිතො” (එකතාදි වශයෙන්) යනු මෙහි කීය. කිම වනාහි වජ්ඣ (නැසිය යුත්තා) වධක (නසන්නා) ප්‍රයෝග චේතනාදීන්ගේ එක්බව නිසා ප්‍රාණඝාතයෙහි හෝ අනෙකුත් අදින්නාදානාදියෙහි එකත්වය හෝ නානාකාර බව නිසා නානත්වය හෝ වේද නැත්නම් නොවේද? කුමක් හෙයින් මෙය කියනු ලැබේද? ඉදින් එහි එක්බව නිසා එකත්වය වේ නම් ඉක්බිති බොහෝ වධකයෝ එක් ඇසිය යුත්තෙකු නසත් ද නැතහොත් එක් වධකයෙක් බොහෝ නැසිය යුත්තන් නසයි ද නැතහොත් එක් සාහත්ථිකාදී ප්‍රයෝගයකින් බොහෝ නැසිය යුත්තන්ගේ ජීවිතින්ද්‍රිය නසන ප්‍රයෝගයක් උපදවයි ද එකල්හි එක ප්‍රාණඝාතයක් විය යුතුය. ඉදින් වනාහි නානාකාර බව නිසා නානත්වය වේද ඉක්බිති යම් කලෙක්හි එක් වධකයෙක් එක් නැසිය යුත්තෙකු සඳහා එක් ප්‍රයෝගයක් කරමින් බොහෝ නැසිය යුත්තත් නසයිද නැතහොත් බොහෝ වධකයෝ දේවදත්ත, යඤ්ඤදත්ත, සෝමදත්ත ආදී බොහෝ දෙනා සඳහා බොහෝ ප්‍රයෝගයන් කරමින් එකම දේවදත්තයකු හෝ යඤ්ඤදත්තයකු හෝ සෝමදත්තයකු හෝ මරත්ද නැතහොත් බොහෝ වූ සාහත්‍ථිකාදී ප්‍රයෝගයන්ගෙන් එක නැසිය යුත්තෙක් නසනු ලැබේ ද නැතහොත් බොහෝ වූ චේතනාවෝ එක් නැසිය යුත්තෙකුගේ ජීවිතින්ද්‍රිය නැසීම සඳහා ප්‍රයෝගයක් උපදවත් ද එකල්හි බොහෝ ප්‍රාණඝාතයන් විය යුතුය. මේ දෙකම නුසුදුසුය. ඉක්බිති මේ වජ්ඣාදීන්ගේ එක්බව නිසා ඒකත්වය ද නානාකාර බව නිසා නානත්වයද නොවන්නේමය. එකත්වය හා නානත්වය අන් අයුරකින්ම වේ. එය කිව යුතුය. එය ප්‍රාණඝාතය හා සම්බන්ධව යම්සේ වේද (අදින්නාදාන ආදී) සෙස්ස පිළිබඳව ද එසේය.

වුච‍්චතෙ – තත්‍ථ තාව පාණාතිපාතස‍්ස න වජ‍්ඣවධකාදීනං පච‍්චෙකමෙකතාය එකතා, නානතාය නානතා, කින‍්තු වජ‍්ඣවධකාදීනං යුගනන්‍ධමෙකතාය එකතා, ද‍්වින‍්නම‍්පි තු තෙසං, තතො අඤ‍්ඤතරස‍්ස වා නානතාය නානතා. තථා හි බහූසු වධකෙසු බහූහි සරක‍්ඛෙපාදීහි එකෙන වා ඔපාතඛණනාදිනා පයොගෙන බහූ වජ‍්ඣෙ වධෙන‍්තෙසුපි බහූ පාණාතිපාතා හොන‍්ති. එකස‍්මිං වධකෙ එකෙන, බහූහි වා පයොගෙහි තප‍්පයොගසමුට‍්ඨාපිකාය ච එකාය, බහූහි වා චෙතනාහි බහූ වජ‍්ඣෙ වධෙන‍්තෙපි බහූ පාණාතිපාතා හොන‍්ති, බහූසු ච වධකෙසු යථාවුත‍්තප‍්පකාරෙහි බහූහි, එකෙන වා පයොගෙන එකං වජ‍්ඣං වධෙන‍්තෙසුපි බහූ පාණාතිපාතා හොන‍්ති. එස නයො අදින‍්නාදානාදීසුපීති. එවමෙත්‍ථ එකතානානතාදිතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

එහිදී කියනු ලැබේ. පළමුකොට ප්‍රාණඝාතය සම්බන්ධයෙන් වජ්ඣවධකාදීන් පිළිබඳ එක් එක් බව නිසා ඒකත්වය ද නානාකාර බව නිසා නානත්වය ද නොවේ. වැළිදු වජ්ඣවධකාදීන්ගේ එක්ව යෙදුනු එක් බව නිසා එකත්වය වේ. ඒ වජ්ඣවධකාදීන් දෙකකගේ වුව ද නැතහොත් එයින් අන්‍ය වූවෙකුගේ නානා බව නිසා නානත්වය වේ. ඒ එසේමය. බොහෝ වධකයන් බොහෝ හී ආයුධ ආදියෙන් නැතහොත් එකකින් හෝ බොරු වළවල් කැණීම් ආදී ප්‍රයෝගයෙන් හෝ බොහෝ නැසිය යුත්තන් නසන කල්හි ද බොහෝ ප්‍රාණඝාතයෝ වෙති. එක් වධකයෙකු එකකින් හෝ බොහෝ වූ ප්‍රයෝගයන්ගෙන් හෝ එම ප්‍රයෝගයන්ගෙන් උපදවන ලද එක් (චේතනාවකින්) හෝ බොහෝ චේතනාවන්ගෙන් බොහෝ නැසිය යුත්තන් නසන කල්හි ද බොහෝ ප්‍රාණඝාතයෝ වෙති. බොහෝ වධකයන් කියන ලද ආකාරයේ බොහෝ (ප්‍රයෝගයන්ගෙන්) හෝ එක් ප්‍රයෝගයකින් එක් නැසිය යුත්තෙකු නසන කල්හි ද බොහෝ ප්‍රාණඝාතයෝ වෙති. අදින්නාදානාදියෙහි ද මේ ක්‍රමයමය. මෙසේ මෙහි එකතාදි වශයෙන් විනිශ්චය දත යුතුය.

ආරම‍්මණතොති පාණාතිපාතො චෙත්‍ථ ජීවිතින්‍ද්‍රියාරම‍්මණො. අදින‍්නාදානඅබ්‍රහ‍්මචරියසුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානානි රූපධම‍්මෙසු රූපායතනාදිඅඤ‍්ඤතරසඞ‍්ඛාරාරම‍්මණානි. මුසාවාදො යස‍්ස මුසා භණති, තමාරභිත්‍වා පවත‍්තනතො සත‍්තාරම‍්මණො. අබ්‍රහ‍්මචරියම‍්පි සත‍්තාරම‍්මණන‍්ති එකෙ. අදින‍්නාදානඤ‍්ච යදා සත‍්තො හරිතබ‍්බො හොති, තදා සත‍්තාරම‍්මණන‍්ති. අපි චෙත්‍ථ සඞ‍්ඛාරවසෙනෙව සත‍්තාරම‍්මණං, න පණ‍්ණත‍්තිවසෙනාති. එවමෙත්‍ථ ආරම‍්මණතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“ආරම්මණතො” (අරමුණු වශයෙන්) යන මෙහි ප්‍රාණඝාතය ජීවිතින්ද්‍රිය අරමුණු කොට ඇත්තේය. අදින්නාදාන, අබ්‍රහ්මචරිය, සුරාමෙරය මජ්ජපමාදට්ඨාන යන ශික්ෂාපදයෝ රූප ධර්‍මයන් අතුරෙන් රූපායතන ආදී කිසියම් සංස්කාරයක් අරමුණු කොට ඇත්තාහ. මුසාවාදය යමෙකුට මුසා කියයි ද ඔහු අරබයා පවත්වා හෙයින් සත්ත්වයා අරමුණු කොට ඇත්තේය. අබ්‍රහ්මචරියාව සත්ත්වයා අරමුණු කොට ඇතැයි සමහරු කියති. අදින්නාදානය ද යම් කලෙක්හි සත්ත්වයෙක් ගෙන යා යුතු වේද එකල්හි සත්ත්වයා අරමුණු කොට ඇත්තේත් යයි (සමහරු කියති) තවද මෙහි සංස්කාර වශයෙන්ම සත්ත්වයන් අරමුණු කෙරෙති. ප්‍රඥප්ති වශයෙන් නොවේ. මෙසේ මෙහි ආරම්මණ වශයෙන් ද විනිශ්චය දත යුතුය.

ආදානතොති පාණාතිපාතාවෙරමණිසික‍්ඛාපදාදීනි චෙතානි සාමණෙරෙන භික‍්ඛුසන‍්තිකෙ සමාදින‍්නානෙව සමාදින‍්නානි හොන‍්ති, උපාසකෙන පන අත‍්තනා සමාදියන‍්තෙනාපි සමාදින‍්නානි හොන‍්ති, පරස‍්ස සන‍්තිකෙ සමාදියන‍්තෙනාපි. එකජ‍්ඣං සමාදින‍්නානිපි සමාදින‍්නානි හොන‍්ති, පච‍්චෙකං සමාදින‍්නානිපි. කින‍්තු නානං එකජ‍්ඣං සමාදියතො එකායෙව විරති, එකාව චෙතනා හොති, කිච‍්චවසෙන පනෙතාසං පඤ‍්චවිධත‍්තං විඤ‍්ඤායති. පච‍්චෙකං සමාදියතො පන පඤ‍්චෙව විරතියො, පඤ‍්ච ච චෙතනා හොන‍්තීති වෙදිතබ‍්බා. එවමෙත්‍ථ ආදානතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“ආදානතො” (ගැනීම් වශයෙන්) වනාහි ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය ආදිකොට ඇති මේ ශික්ෂාපදයෝ සාමණේර භික්ෂුව විසින් භික්ෂුවක් සමීපයෙහි සමාදන් වූයේම සමාදන් වන ලද්දාහු වෙති. උපාසකයා විසින් වනාහි තමා විසින්ම සමාදන් වන කල්හි ද අනෙකෙකුගේ සමීපයෙහි සමාදන් වන කල්හි ද සමාදන් වන ලද්දාහුම වෙති. එක්කොට සමාදන් වන කල්හි ද වෙන වෙනම සමාදන් වන කල්හි ද සමාදන් වන ලද්දාහුම වෙති. වැළිදු එක්කොට සමාදන් වන තැනැත්තාහට එකම විරතිය වේ. එකම චේනාව ද වේ. කෘත්‍ය වශයෙන් වනාහි ඒවායේ වෙන් වෙන් බව පනවනු ලැබේ. වෙන වෙනම සමාදන් වන තැනැත්තා හට වනාහි විරතීහු පහක්ම ද චේතනා පහක්ම ද වෙතියි දත යුතුය. මෙසේ මෙහි ආදාන වශයෙන් ද විනිශ්චය දතයුතුය.

භෙදතොති සාමණෙරානඤ‍්චෙත්‍ථ එකස‍්මිං භින‍්නෙ සබ‍්බානිපි භින‍්නානි හොන‍්ති. පාරාජිකට‍්ඨානියානි හි තානි තෙසං, යං තං වීතික‍්කන‍්තං හොති, තෙනෙව කම‍්මබද‍්ධො. ගහට‍්ඨානං පන එකස‍්මිං භින‍්නෙ එකමෙව භින‍්නං හොති, යතො තෙසං තංසමාදානෙනෙව පුන පඤ‍්චඞ‍්ගිකත‍්තං සීලස‍්ස සම‍්පජ‍්ජති. අපරෙ පනාහු – “විසුං විසුං සමාදින‍්නෙසු එකස‍්මිං භින‍්නෙ එකමෙව භින‍්නං හොති, ‘පඤ‍්චඞ‍්ගසමන‍්නාගතං සීලං සමාදියාමී’ති එවං පන එකතො සමාදින‍්නෙසු එකස‍්මිං භින‍්නෙ සෙසානිපි සබ‍්බානි භින‍්නානි හොන‍්ති. කස‍්මා? සමාදින‍්නස‍්ස අභින‍්නත‍්තා, යං තං වීතික‍්කන‍්තං, තෙනෙව කම‍්මබද‍්ධො”ති. එවමෙත්‍ථ භෙදතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“භෙදතො” (භේද වශයෙන්) සාමණේරයන්ට වනාහි යම්හෙයකින් එම ශික්ෂාපද ඔවුන්ට පාරාජිකාවට කරුණුවේද එහෙයින් එක් ශික්ෂා පදයක් බිඳුණු කල්හි සියලුම ශික්ෂාපද බිඳුණේ වෙයි. යමක් වනාහි ඉක්මවන ලද්දේ වේද ඒ හා සම්බන්ධ කර්‍මය සමඟම බැඳේ. ගිහියන්ට වනාහි එක් ශික්ෂාපදයක් බිඳුණු කල්හි එකක්ම පමණක් බිඳුණේ වෙයි. ඔවුන්ට ඒ බිඳුණු ශික්ෂාපදය සමාදන් වීමෙන්ම නැවත ශීලයෙහි අඞ්ග පහකින් යුක්ත බව සම්පූර්ණ වේ. සමහරු වනාහි (මෙසේ) කීහ :- වෙන් වෙන්ව සමාදන් වූ කල්හි එක් ශික්ෂා පදයක් බිඳුණු කල්හි එකක් පමණක් බිඳුණේ වෙයි. “පඤ්චඞ්ග සමන්නාගතං සීලං සමාදියාමි” (“අඞ්ග පහකින් යුත් ශීලය සමාදන් වෙමි”) යි මෙසේ එකක් වශයෙන් සමාදන් වූ කල්හි එක් ශික්ෂාපදයක් බිඳුණු කල්හි ඔවුන්ගේ ද සෙසු සියලු ශික්ෂාපදය බිඳුණේ වෙයි. කුමක් හෙයින්ද? සමාදානය බිඳුණු හෙයිනි. යමක් වනාහි ඉක්මවන ලද්දේ ද ඒ හා සම්බන්ධ කර්‍මය සමඟම බැඳේ. මෙසේ මෙහි භේද වශයෙන් ද විනිශ්චය දත යුතුය.

මහාසාවජ‍්ජතොති ගුණවිරහිතෙසු තිරච‍්ඡානගතාදීසු පාණෙසු ඛුද‍්දකෙ පාණෙ පාණාතිපාතො අප‍්පසාවජ‍්ජො, මහාසරීරෙ මහාසාවජ‍්ජො. කස‍්මා? පයොගමහන‍්තතාය. පයොගසමත‍්තෙපි වත්‍ථුමහන‍්තතාය. ගුණවන‍්තෙසු පන මනුස‍්සාදීසු අප‍්පගුණෙ පාණාතිපාතො අප‍්පසාවජ‍්ජො, මහාගුණෙ මහාසාවජ‍්ජො. සරීරගුණානන‍්තු සමභාවෙ සති කිලෙසානං උපක‍්කමානඤ‍්ච මුදුතාය අප‍්පසාවජ‍්ජතා, තිබ‍්බතාය මහාසාවජ‍්ජතා ච වෙදිතබ‍්බා. එස නයො සෙසෙසුපි. අපි චෙත්‍ථ සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානමෙව මහාසාවජ‍්ජං, න තථා පාණාතිපාතාදයො. කස‍්මා? මනුස‍්සභූතස‍්සාපි උම‍්මත‍්තකභාවසංවත‍්තනෙන අරියධම‍්මන‍්තරායකරණතොති. එවමෙත්‍ථ මහාසාවජ‍්ජතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“මහාසාවජ්ජතො” (මහාසාවද්‍ය වශයෙන්) වනාහි ගුණයෙන් තොර තිරිසන් ගත ප්‍රාණීන් අතුරෙන් කුඩා ප්‍රාණීන්ගේ ප්‍රාණඝාතය අල්ප සාවද්‍ය වේ. මහත් ශරීර ඇති ප්‍රාණීන්ගේ (ප්‍රාණඝාතය) මහා සාවද්‍ය වේ. කුමක් හෙයින්ද? (නැසීම සඳහා) මහත් ප්‍රයෝග යෙදිය යුතු හෙයිනි. අල්ප ප්‍රයෝග ඇතිවිටද වස්තු මහන්තතාවය ඇති හෙයිනි. ගුණවන්ත මිනිසුන් අතුරෙන් වනාහි ස්වල්ප ගුණ ඇත්තන්ගේ ප්‍රාණඝාතය අල්ප සාවද්‍ය වේ. මහත් ගුණ ඇත්තන්ගේ ප්‍රාණඝාතය මහා සාවද්‍ය වේ. ශරීරයෙන් සහ ගුණයෙන් සම බව ඇති කල්හි ක්ලේශයන්ගේ සහ උපක්‍රමයන්ගේ මෘදු බව නිසා අල්ප සාවද්‍ය බව ද තීවු බව නිසා මහා සාවද්‍ය බව ද දත යුතුය. සෙසු ශික්ෂා පදයන්හි ද මෙම ක්‍රමයමය. තවද මෙහි සුරාමෙරයමජ්ජපමාදට්ඨානයම මහා සාවද්‍ය වේ. ප්‍රාණඝාතාදිය එසේ නොවේ. කුමක් හෙයින් ද යත්? මිනිසාගේ ද උන්මත්තක භාවයට හේතු වීමෙන් ආර්‍ය්‍ය ධර්‍මයට අනතුරු කරන හෙයිනි. මෙසේ මෙහි මහා සාවද්‍ය වශයෙන් ද විනිශ්චය දත යුතුය.

පයොගතොති එත්‍ථ ච පාණාතිපාතස‍්ස සාහත්‍ථිකො, ආණත‍්තිකො, නිස‍්සග‍්ගියො, ථාවරො, විජ‍්ජාමයො, ඉද‍්ධිමයොති ඡප‍්පයොගා. තත්‍ථ කායෙන වා කායප‍්පටිබද‍්ධෙන වා පහරණං සාහත්‍ථිකො පයොගො, සො උද‍්දිස‍්සානුද‍්දිස‍්සභෙදතො දුවිධො හොති. තත්‍ථ උද‍්දිස‍්සකෙ යං උද‍්දිස‍්ස පහරති, තස‍්සෙව මරණෙන කම‍්මුනා බජ‍්ඣති. “යො කොචි මරතූ”ති එවං අනුද‍්දිස‍්සකෙ පහාරපච‍්චයා යස‍්ස කස‍්සචි මරණෙන. උභයථාපි ච පහරිතමත‍්තෙ වා මරතු, පච‍්ඡා වා තෙනෙව රොගෙන, පහරිතක‍්ඛණෙ එව කම‍්මුනා බජ‍්ඣති. මරණාධිප‍්පායෙන ච පහාරං දත්‍වා තෙන අමතස‍්ස පුන අඤ‍්ඤෙන චිත‍්තෙන පහාරෙ දින‍්නෙ පච‍්ඡාපි යදි පඨමපහාරෙනෙව මරති, තදා එව කම‍්මුනා බද‍්ධො හොති. අථ දුතියපහාරෙන, නත්‍ථි පාණාතිපාතො. උභයෙහි මතෙපි පඨමපහාරෙනෙව කම‍්මුනා බද‍්ධො, උභයෙහිපි අමතෙ නෙවත්‍ථි පාණාතිපාතො. එස නයො බහුකෙහිපි එකස‍්ස පහාරෙ දින‍්නෙ. තත්‍රාපි හි යස‍්ස පහාරෙන මරති, තස‍්සෙව කම‍්මබද‍්ධො හොති.

“පයොගතො (ප්‍රයෝග වශයෙන්) වනාහි මෙහි ප්‍රාණඝාතයාගේ සාහත්‍ථික, ආණත්තික, නිස්සග්ගිය, ථාවර, විජ්ජාමය, ඉද්ධිමය වශයෙන් ප්‍රයෝග හයකි. එහි කයින් හෝ කය හා බැඳුණු යමකින් හෝ පහරදීම සාහත්‍ථික ප්‍රයෝගයයි. එය උද්දිස්ස, අනුද්දිස්ස භේද වශයෙන් දෙවදෑරුම් වේ. එහි යම් කෙනෙකු නියමකොට පහරදේ ද ඔහුගේ මිය යාමෙන්ම ප්‍රාණඝාත කර්‍මය හා බැදේ. එකෙකු නියම නොකොට යම් කිසිවෙක් මිය යේවායි කළ ප්‍රහාරය හේතුවෙන් යම් කිසිවෙකුගේ මරණයෙන් (කර්‍මය හා බැඳේ) (ඉහත කී) දෙආකාරයේදීම පහරදුන් කෙණෙහිම හෝ මැරේවා, එම රෝගයෙන් පසුව හෝ මැරේවායි (පහර දුන්නේ නම්) පහර දුන් කෙණෙහිම කර්‍මය හා බැදේ. මැරීමේ අදහසින් පහර දී එයින් නොමැරුණු තැනැත්තා හට පසුවද නැවත වෙනත් සිතකින් පහර දුන් කල්හි ඉදින් පළමු පහරින්ම මිය යයි ද එකල්හිම කර්‍මය හා බැඳුණේ වේ. ඉක්බිති නොමරන සිතින් දුන් දෙවෙනි පහරින්ම මිය යයි නම් ප්‍රාණඝාතය නොවේ. පහරදීම් දෙකම කරණකොට ගෙන මිය ගිය කල්හිද පළමු පහර දීමත් සමඟම කර්‍මය හා බැඳේ. දෙකම කරණ කොටගෙන නොමළ කල්හි ප්‍රාණඝාත (කර්‍මයක්) නැත්තේමය. බොහෝ දෙනා විසින් එක් අයෙකු හට පහර දුන් කල්හිද මේ ක්‍රමයමය. එහිදී ද යමෙකුගේ පහරදීමෙන් මැරෙයි ද ඔහුටම කර්‍මය හා බැඳීම වේ.

අධිට‍්ඨහිත්‍වා පන ආණාපනං ආණත‍්තිකො පයොගො. තත්‍ථපි සාහත්‍ථිකෙ පයොගෙ වුත‍්තනයෙනෙව කම‍්මබද‍්ධො අනුස‍්සරිතබ‍්බො. ඡබ‍්බිධො චෙත්‍ථ නියමො වෙදිතබ‍්බො –

(යමෙකු නැසීම සඳහා) අදිටන් කොට (තවකෙකු හට) අණ කිරීම, ආණත්තික ප්‍රයෝගයයි. එහිදී ද සාහත්‍ථික ප්‍රයෝගයෙහි කියන ලද අයුරින්ම කර්‍මය හා බැඳීම සිහි කළ යුතුය. මෙහිදී හයාකාර වූ නියමද දත යුතුය.

“වත්‍ථු කාලොච ඔකාසො ආවුධං ඉරියාපථො කිරියා විසෙසොති ඉමෙ ඡ ආණත්ති නියාමකා”

“වත්‍ථු කාලො ච ඔකාසො, ආවුධං ඉරියාපථො; කිරියාවිසෙසොති ඉමෙ, ඡ ආණත‍්තිනියාමකා”ති. (පාචි· අට‍්ඨ· 2.174);

“වස්තුව, කාලය, අවකාශය, ආවුධය, ඉරියව්ව, ක්‍රියා විශේෂය යන මේ හය ආණත්ති නියාමයෝයි.”

තත්‍ථ වත්‍ථූති මාරෙතබ‍්බො පාණො. කාලොති පුබ‍්බණ‍්හසායන‍්හාදිකාලො ච, යොබ‍්බනථාවරියාදිකාලො ච. ඔකාසොති ගාමො වා නිගමො වා වනං වා රච‍්ඡා වා සිඞ‍්ඝාටකං වාති එවමාදි. ආවුධන‍්ති අසි වා උසු වා සත‍්ති වාති එවමාදි. ඉරියාපථොති මාරෙතබ‍්බස‍්ස මාරකස‍්ස ච ඨානං වා නිසජ‍්ජා වාති එවමාදි.

එහි “වත්‍ථු” යනු මැරිය යුතු සත්ත්වයාය. “කාලෝ” යනු පෙරවරු පස්වරු ආදී කාලය ද යෞවන මහළු ආදී කාලය ද වේ. “ඔකාසො” යනු ගම හෝ නියම්ගම හෝ වනය හෝ ආරණ්‍ය හෝ සිව්මංසල හෝ මේ ආදියයි. “ආවුධං” යනු කඩුව හෝ ඊය හෝ පිහිය හෝ මේ ආදියයි. “ඉරියාපථො” යනු මැරිය යුතු තැනැත්තාගේ ද මරන්නාගේ ද සිටීම හෝ හිඳීම හෝ මේ ආදියයි.

කිරියාවිසෙසොති විජ‍්ඣනං වා ඡෙදනං වා භෙදනං වා සඞ‍්ඛමුණ‍්ඩිකං වාති එවමාදි. යදි හි වත්‍ථුං විසංවාදෙත්‍වා “යං මාරෙහී”ති ආණත‍්තො, තතො අඤ‍්ඤං මාරෙති, ආණාපකස‍්ස නත්‍ථි කම‍්මබද‍්ධො. අථ වත්‍ථුං අවිසංවාදෙත්‍වා මාරෙති, ආණාපකස‍්ස ආණත‍්තික‍්ඛණෙ ආණත‍්තස‍්ස මාරණක‍්ඛණෙති උභයෙසම‍්පි කම‍්මබද‍්ධො. එස නයො කාලාදීසුපි.

“කිරියා විසෙසො” යනු විදීම හෝ කැපීම හෝ බිඳීම හෝ හිසෙහි හම හෝ කෙස් සිඳීම (සංඛ මුණ්ඩික) යන මේ ආදියයි. ඉදින් වනාහි යමෙකු මරවයි අණ කරන ලද්දේ වස්තුව විසංවාද කොට (වරදවා ගෙන) එයින් අන්‍ය වූවෙකු මරයි ද අණකළ තැනැත්තා හට කර්‍මය හා බැඳීමක් නැත. ඉක්බිති වස්තුව අවිසංවාද කොට (නොවරදවා ගෙන) මරයිද අණ කළ තැනැත්තා හට අණ කළ මොහොතෙහි ද අණ ලැබූ තැනැත්තා හට මරණය සිදු කළ මෙහොතෙහි ද වශයෙන් දෙදෙනාගේම කර්‍මය හා බැඳීම වේ. කාලාදියෙහි ද මේ ක්‍රමයමය.

මාරණත්‍ථන‍්තු කායෙන වා කායප‍්පටිබද‍්ධෙන වා පහරණනිස‍්සජ‍්ජනං නිස‍්සග‍්ගියො පයොගො. සොපි උද‍්දිස‍්සානුද‍්දිස‍්සභෙදතො දුවිධො එව, කම‍්මබද‍්ධො චෙත්‍ථ පුබ‍්බෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

මරණය සිදු කිරීම සඳහා වනාහි කයින් හෝ කය හා බැඳුණු දුනු ආදියෙන් හෝ දමා ගැසීම නිස්සග්ගික ප්‍රයෝගයයි. එය උද්දිස්ස, අනුදිස්ස වශයෙන් දෙවැදෑරුම් වේ. මෙසේ මෙහි කර්‍මය හා බැඳීම ද පෙර කී අයුරින්ම දත යුතුය.

මාරණත්‍ථමෙව ඔපාතඛණනං, අපස‍්සෙනඋපනික‍්ඛිපනං, භෙසජ‍්ජවිසයන‍්තාදිප‍්පයොජනං වා ථාවරො පයොගො. සොපි උද‍්දිස‍්සානුද‍්දිස‍්සභෙදතො දුවිධො, යතො තත්‍ථපි පුබ‍්බෙ වුත‍්තනයෙනෙව කම‍්මබද‍්ධො වෙදිතබ‍්බො. අයන‍්තු විසෙසො – මූලට‍්ඨෙන ඔපාතාදීසු පරෙසං මූලෙන වා මුධා වා දින‍්නෙසුපි යදි තප‍්පච‍්චයා කොචි මරති, මූලට‍්ඨස‍්සෙව කම‍්මබද‍්ධො. යදිපි ච තෙන අඤ‍්ඤෙන වා තත්‍ථ ඔපාතෙ විනාසෙත්‍වා භූමිසමෙ කතෙපි පංසුධොවකා වා පංසුං ගණ‍්හන‍්තා, මූලඛණකා වා මූලානි ඛණන‍්තා ආවාටං කරොන‍්ති, දෙවෙ වා වස‍්සන‍්තෙ කද‍්දමො ජායති, තත්‍ථ ච කොචි ඔතරිත්‍වා වා ලග‍්ගිත්‍වා වා මරති, මූලට‍්ඨස‍්සෙව කම‍්මබද‍්ධො. යදි පන යෙන ලද‍්ධං, සො අඤ‍්ඤො වා තං විත්‍ථටතරං ගම‍්භීරතරං වා කරොති, තප‍්පච‍්චයාව කොචි මරති, උභයෙසම‍්පි කම‍්මබද‍්ධො. යථා තු මූලානි මූලෙහි සංසන්‍දන‍්ති, තථා තත්‍ර ථලෙ කතෙ මුච‍්චති. එවං අපස‍්සෙනාදීසුපි යාව තෙසං පවත‍්ති, තාව යථාසම‍්භවං කම‍්මබද‍්ධො වෙදිතබ‍්බො.

මරණය සිදු කිරිම සඳහාම බොරු වළවල් සෑරීම, ලෑලි තැබීම, බෙහෙත්, විස, උල් ආදිය තැබීම හෝ ස්ථාවර ප්‍රයෝග වේ. එයද උද්දිස්ස, අනුදිස්ස වශයෙන් දෙවැදෑරුම් වේ. එහෙයින් එහිද පෙර කියන ලද ක්‍රමයටම කර්‍මය හා බැඳීම දත යුතුය. මේ වනාහි විශේෂයයි. මුදල් ඇත්තෙකු විසින් බොරු වළවල් ආදිය අනුන්ට මුදලට හෝ නොමිලේ හෝ දුන් කල්හි ඉදින් ඒ හේතුවෙන් මැරෙයි ද මුදල් හිමිකරුටම කර්‍මය හා බැඳීම සිදු වේ. ඉදින් ඔහු විසින් හෝ අනෙකෙකු විසින් එහි ඒ වළවල් විනාශ කොට පොළොව සම කළ ද පස් ගන්නා වූ පංසුධෝවකයෝ හෝ පස් ගනිත් ද මුල් කණින්නෝ හෝ මුල් සාරන්නාහු වළක් කරත්ද වැස්ස වසින්නේ මඩ හටගනීද එහිදී කිසිවෙක් බැස හෝ ගිලී මැරෙත්ද මිළයට දුන් තැනැත්තාටම කර්‍මය හා බැඳීම වේ. ඉදින් වනාහි යමෙකු විසින් ලබන ලද දෙය ඔහු හෝ වෙනෙකෙක් හෝ වඩා පළල හෝ වඩා ගැඹුරු හෝ කරයිද ඒ හේතුවෙන් කිසිවෙක් මැරෙයිද දෙදෙනාටම කර්‍මය හා බැඳීම වේ. යම්සේ වනාහි (පස් පුරවා බිම සමකොට) පෙර තිබූ අයුරින්ම මුලින් මුල සැසදේද එසේ එහි තලයෙන් තලය සම්බන්ධ වූ කල්හි අකුශල කර්‍මයෙන් මිදේ. ලෑලි ආදිය තැබූ කල්හි ද මෙසේමය. එකී දෙය යම්තාක් කල් පවතීද ඒ තාක් කල් කර්‍මයේ බැඳීම දත යුතුය.

මාරණත්‍ථං පන විජ‍්ජාපරිජප‍්පනං විජ‍්ජාමයො පයොගො. දාඨාවුධාදීනං දාඨාකොටනාදිමිව මාරණත්‍ථං කම‍්මවිපාකජිද‍්ධිවිකාරකරණං ඉද‍්ධිමයො පයොගොති. අදින‍්නාදානස‍්ස තු ථෙය්‍යපසය‍්හපටිච‍්ඡන‍්නපරිකප‍්පකුසාවහාරවසප‍්පවත‍්තා සාහත්‍ථිකාණත‍්තිකාදයො පයොගා, තෙසම‍්පි වුත‍්තානුසාරෙනෙව පභෙදො වෙදිතබ‍්බො. අබ්‍රහ‍්මචරියාදීනං තිණ‍්ණම‍්පි සාහත්‍ථිකො එව පයොගො ලබ‍්භතීති. එවමෙත්‍ථ පයොගතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

මරණය සිදු කිරීම සඳහා විද්‍යා මන්ත්‍ර ජප කිරීම විද්‍යාමය ප්‍රයෝගයයි. ආවුධ ආදියෙහි මුවහත තැබීම් ආදිය මෙන් මරණය සිදු කිරීම සඳහා කර්‍ම විපාකයෙන් හටගත් සෘද්ධි බලයෙන් නොයෙක් දේ කිරීම සෘද්ධිමය ප්‍රයෝගයයි. අදින්නාදානයෙහි වනාහි ථෙය්‍ය අවහාර, පසය්හ අවහාර, පටිච්ඡන්න අවහාර, පරිකප්ප අවහාර, කුසාවහාර වශයෙන් පැවති සාහත්‍ථික, ආණත්තිකාදිය ප්‍රයෝගයෝ වෙති. ඔවුන්ගේ ද වෙනස කියන ලද කරුණු අනුසාරයෙන්ම දත යුතුය. අබ්‍රහ්මචරියා ආදී ශික්‍ෂා පද තුනෙහි ද සාහත්‍ථික ප්‍රයෝගය ලැබේ. මෙසේ මෙහි ප්‍රයෝග වශයෙන් ද විනිශ්චය දත යුතුය.

අඞ‍්ගතොති එත්‍ථ ච පාණාතිපාතස‍්ස පඤ‍්ච අඞ‍්ගානි භවන‍්ති – පාණො ච හොති, පාණසඤ‍්ඤී ච, වධකචිත‍්තඤ‍්ච පච‍්චුපට‍්ඨිතං හොති, වායමති, තෙන ච මරතීති. අදින‍්නාදානස‍්සාපි පඤ‍්චෙව – පරපරිග‍්ගහිතඤ‍්ච හොති, පරපරිග‍්ගහිතසඤ‍්ඤී ච, ථෙය්‍යචිත‍්තඤ‍්ච පච‍්චුපට‍්ඨිතං හොති, වායමති, තෙන ච ආදාතබ‍්බං ආදානං ගච‍්ඡතීති. අබ්‍රහ‍්මචරියස‍්ස පන චත‍්තාරි අඞ‍්ගානි භවන‍්ති – අජ‍්ඣාචරියවත්‍ථු ච හොති, තත්‍ථ ච සෙවනචිත‍්තං පච‍්චුපට‍්ඨිතං හොති, සෙවනපච‍්චයා පයොගඤ‍්ච සමාපජ‍්ජති, සාදියති චාති, තථා පරෙසං ද‍්වින‍්නම‍්පි. තත්‍ථ මුසාවාදස‍්ස තාව මුසා ච හොති තං වත්‍ථු, විසංවාදනචිත‍්තඤ‍්ච පච‍්චුපට‍්ඨිතං හොති, තජ‍්ජො ච වායාමො, පරවිසංවාදනඤ‍්ච විඤ‍්ඤාපයමානා විඤ‍්ඤත‍්ති පවත‍්තතීති චත‍්තාරි අඞ‍්ගානි වෙදිතබ‍්බානි. සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානස‍්ස පන සුරාදීනඤ‍්ච අඤ‍්ඤතරං හොති මදනීයපාතුකම්‍යතාචිත‍්තඤ‍්ච පච‍්චුපට‍්ඨිතං හොති, තජ‍්ජඤ‍්ච වායාමං ආපජ‍්ජති, පීතෙ ච පවිසතීති ඉමානි චත‍්තාරි අඞ‍්ගානීති. එවමෙත්‍ථ අඞ‍්ගතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“අඞ්ගතො” (අඞ්ග වශයෙන්) වනාහි මෙහි ද ප්‍රාණඝාතයෙහි අඞ්ග පහක් වේ. ප්‍රාණියෙක් ද වේ. ප්‍රාණියෙක් යන හැඟීම ඇත්තේ වේ. වධක සිත එළඹියේ වේ. මරණය සිදු කිරීම සඳහා උත්සාහ දරයි. එයින් මරණයට පත් කරයි යනුවෙනි. අදින්නාදානයෙහි අඞ්ග පහක්ම වේ. අනුන්ට අයත් වස්තුවක් වේ. අනුන්ට අයත් යයි දන්නේ වේ. සොරාගැනීමේ සිත එළඹියේ වේ. ඒ සඳහා උත්සාහ දරයි. එයින් ගතයුතු දෙය ගැනීමට යයි යනුවෙනි. අබ්‍රහ්මචරියාවෙහි වනාහි අඞ්ග හතරක් වේ. සේවනය නොකළ යුතු ස්ත්‍රියක් හා පුරුෂයෙක් වේ. එහි ද සේවනය කිරීමේ සිත එළඹියේ වේ. සේවනය කිරිම සඳහා ප්‍රයෝගයක් ද යෙදෙයි. එය ඉවසයි යනුවෙනි. අනෙක් දෙකට ද එසේමය. එහි පළමුකොට මුසාවාදයට :- ඒ කීම මුසාවක් ද වේ. වරදවා කියන සිත එළඹියේ වේ. ඒ සඳහා උත්සාහය වේ. අනුන්ට වරදවා කීම හඟවමින් වචන භාවිතා කරයි යන අඞ්ග හතර දත යුතුය. සුරාමෙරය මජ්ජපමාදට්ඨානයෙහි වනාහි : සුරාදියෙන් එක්තරා සුරාවක් වේ. මත්පැන් පානය කිරීමේ කැමැත්ත එළඹියේ වේ. ඒ සඳහා උත්සාහයට එළඹෙයි. පානය කළ කල්හි (කුසට) පිවිසෙයි යන අඞ්ග හතරයි. මෙසේ මෙහි අඞ්ග වශයෙන් විනිශ්චය දත යුතුය.

සමුට‍්ඨානතොති පාණාතිපාතඅදින‍්නාදානමුසාවාදා චෙත්‍ථ කායචිත‍්තතො, වාචාචිත‍්තතො, කායවාචාචිත‍්තතො චාති තිසමුට‍්ඨානා හොන‍්ති. අබ්‍රහ‍්මචරියං කායචිත‍්තවසෙන එකසමුට‍්ඨානමෙව. සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං කායතො ච, කායචිත‍්තතො චාති ද‍්විසමුට‍්ඨානන‍්ති. එවමෙත්‍ථ සමුට‍්ඨානතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

‘සමුට්ඨානතො’ (හටගැනීම් වශයෙන්) වනාහි පාණාතිපාත, අදින්නාදාන, මුසාවාද යන ශික්ෂාපද මෙහිදී කායචිත්ත වශයෙන් ද වාචාචිත්ත වශයෙන් ද කාය වාචා චිත්ත වශයෙන් ද යයි සමුට්ඨාන තුනක් වේ. අබ්‍රහ්මචරියාව කාය චිත්ත වශයෙන් එකම සමුට්ඨානයකි. සුරාමෙරය මජ්ජපමාදට්ඨානය කාය වශයෙන් ද කාය චිත්ත වශයෙන් ද යයි සමුට්ඨාන දෙකකි. මෙසේ මෙහි සමුට්ඨාන වශයෙන් ද විනිශ්චය දත යුතුය.

වෙදනාතොති එත්‍ථ ච පාණාතිපාතො දුක‍්ඛවෙදනාසම‍්පයුත‍්තොව. අදින‍්නාදානං තීසු වෙදනාසු අඤ‍්ඤතරවෙදනාසම‍්පයුත‍්තං, තථා මුසාවාදො. ඉතරානි ද‍්වෙ සුඛාය වා අදුක‍්ඛමසුඛාය වා වෙදනාය සම‍්පයුත‍්තානීති. එවමෙත්‍ථ වෙදනාතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“වෙදනාතො” (වේදනා වශයෙන්) යන මෙහි ද පාණාතිපාතය දුක්ඛවේදනා සම්ප්‍රයුක්තය. අදින්නාදානය වේදනා තුන අතරින් එක් වේදනාවකින් යුක්ත වේ. මුසාවාදය ද එසේමය. ඉතිරි දෙක සුබ වේදනාවෙන් හෝ අදුක්ඛමසුඛ වේදනාවෙන් හෝ යුක්ත වේ. මෙසේ මෙහි වේදනා වශයෙන් ද විනිශ්චය දත යුත්තේය.

මූලතොති පාණාතිපාතො චෙත්‍ථ දොසමොහමූලො. අදින‍්නාදානමුසාවාදා ලොභමොහමූලා වා දොසමොහමූලා වා. ඉතරානි ද‍්වෙ ලොභමොහමූලානීති. එවමෙත්‍ථ මූලතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“මූලතො” (මූල වශයෙන්) යනු මෙහි පාණාතිපාතය ද්වේෂය හා මෝහය මුල් කොට ඇත්තේය. අදින්නාදානය හා මුසාවාදය ලෝභය හා මෝහය මුල්කොට ඇත්තේය. නැතහොත් ද්වේෂය හා මෝහය මුල් කොට ඇත්තේය. ඉතිරි දෙක ලෝභය හා මෝහය මුල් කොට ඇත්තේය. මෙසේ මූල වශයෙන් ද විනිශ්චය දත යුතුය.

කම‍්මතොති පාණාතිපාතඅදින‍්නාදානඅබ්‍රහ‍්මචරියානි චෙත්‍ථ කායකම‍්මමෙව කම‍්මපථප‍්පත‍්තානෙව ච, මුසාවාදො වචීකම‍්මමෙව. යො පන අත්‍ථභඤ‍්ජකො, සො කම‍්මපථප‍්පත‍්තො. ඉතරො කම‍්මමෙව. සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානං කායකම‍්මමෙවාති. එවමෙත්‍ථ කම‍්මතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“කම්මතො” (කර්‍ම වශයෙන්) යනු මෙහි පාණාතිපාත, අදින්නාදාන, අබ්‍රහ්මචරිය යන තුන කාය කර්‍මමය. කර්‍මපථයට පැමිණියේ ද වේ. මුසාවාදය වචී කර්‍මමය. යමෙක් වනාහි අර්‍ථය නසන්නෙක් වේද හෙතෙම කර්‍මපථයට පත් වූවෙක් වන්නේය. අනෙකා කර්‍මය පමණක් කරන්නෙක් වේ. සුරාමෙරය මජ්ජපමාදට්ඨානය කාය කර්‍මයක්මය. මෙසේ මෙහි කර්‍ම වශයෙන් ද විනිශ්චය දත යුතුය.

විරමතොති එත්‍ථ ආහ “පාණාතිපාතාදීහි විරමන‍්තො කුතො විරමතී”ති? වුච‍්චතෙ – සමාදානවසෙන තාව විරමන‍්තො අත‍්තනො වා පරෙසං වා පාණාතිපාතාදිඅකුසලතො විරමති. කිමාරභිත්‍වා? යතො විරමති, තදෙව. සම‍්පත‍්තවසෙනාපි විරමන‍්තො වුත‍්තප‍්පකාරාකුසලතොව. කිමාරභිත්‍වා? පාණාතිපාතාදීනං වුත‍්තාරම‍්මණානෙව. කෙචි පන භණන‍්ති “සුරාමෙරයමජ‍්ජසඞ‍්ඛාතෙ සඞ‍්ඛාරෙ ආරභිත්‍වා සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා විරමති, සත‍්තසඞ‍්ඛාරෙසු යං පන අවහරිතබ‍්බං භඤ‍්ජිතබ‍්බඤ‍්ච, තං ආරභිත්‍වා අදින‍්නාදානා මුසාවාදා ච, සත‍්තෙයෙවාරභිත්‍වා පාණාතිපාතා අබ්‍රහ‍්මචරියා චා”ති. තදඤ‍්ඤෙ “එවං සන‍්තෙ ‘අඤ‍්ඤං චින‍්තෙන‍්තො අඤ‍්ඤං කරෙය්‍ය, යඤ‍්ච පජහති, තං න ජානෙය්‍යා’ති එවංදිට‍්ඨිකා හුත්‍වා අනිච‍්ඡමානා යදෙව පජහති, තං අත‍්තනො පාණාතිපාතාදිඅකුසලමෙවාරභිත්‍වා විරමතී”ති වදන‍්ති. තදයුත‍්තං. කස‍්මා? තස‍්ස පච‍්චුප‍්පන‍්නාභාවතො බහිද‍්ධාභාවතො ච. සික‍්ඛාපදානඤ‍්හි විභඞ‍්ගපාඨෙ “පඤ‍්චන‍්නං සික‍්ඛාපදානං කති කුසලා…පෙ… කති අරණා”ති පුච‍්ඡිත්‍වා “කුසලායෙව, සියා සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා”ති (විභ· 716) එවං පවත‍්තමානෙ විස‍්සජ‍්ජනෙ “පච‍්චුප‍්පන‍්නාරම‍්මණා”ති ච “බහිද‍්ධාරම‍්මණා”ති ච එවං පච‍්චුප‍්පන‍්නබහිද‍්ධාරම‍්මණත‍්තං වුත‍්තං, තං අත‍්තනො පාණාතිපාතාදිඅකුසලං ආරභිත්‍වා විරමන‍්තස‍්ස න යුජ‍්ජති. යං පන වුත‍්තං – “අඤ‍්ඤං චින‍්තෙන‍්තො අඤ‍්ඤං කරෙය්‍ය, යඤ‍්ච පජහති, තං න ජානෙය්‍යා”ති. තත්‍ථ වුච‍්චතෙ – න කිච‍්චසාධනවසෙන පවත‍්තෙන‍්තො අඤ‍්ඤං චින‍්තෙන‍්තො අඤ‍්ඤං කරොතීති වා, යඤ‍්ච පජහති, තං න ජානාතීති වා වුච‍්චති.

“විරමතො” (වෙන්වීම් වශයෙන්) යනු මෙහි ප්‍රාණඝාත ආදියෙන් වෙන්වෙන තැනැත්තේ කුමකින් වෙන්වේද යත්? කියනු ලැබේ. සමාදන්වීම් වශයෙන් වෙන්වන්නේ පළමුකොට තමාගේ හෝ අනුන්ගේ හෝ ප්‍රාණඝාත ආදී අකුශලයන්ගෙන් වෙන් වේ. කුමක් අරමුණු කොටද? යමකින් වෙන් වන්නේ ද එයම අරමුණු කොටය. සම්පත්ත (පැමිණීම්) වශයෙන් ද වෙන්වන්නේ කියන ලද ආකාරයේ අකුශලයන්ගෙන්ම වෙන්වීම සිදු වේ. කුමක් අරමුණු කොටද? ප්‍රාණඝාතාදීන්ගේ කියන ලද අරමුණුමය. සමහරු වනාහි “සුරාමේරය මද්‍ය සංඛ්‍යාත සංස්කාරයන් අරමුණු කොට සුරාමේරය මජ්ජපමාදට්ඨානයෙන් වෙන් වේ යයි කියති. සත්ත්ව සංස්කාරයන් අතුරින් යමකට පහරදිය යුතු ද (යමක් බැහැර කළ යුතුද?) බිඳිය යුතුද එය අරමුණු කොට අඳින්නාදානයෙන් හා මුසාවාදයෙන් ද සත්ත්වයන්ම අරමුණු කොට ප්‍රාණඝාතයෙන් හා අබ්‍රහ්මචරියාවෙන් ද වෙන් වේ යයි ද කියති. අනෙකෙක් එය “මෙසේ ඇති කල්හි අනෙකක් සිතමින් අනෙකක් කරන්නේය, යමක් දුරු කරයිද එය නොදැනගන්නේ” යයි මෙසේ පිළිගැනීම් ඇත්තෝ වී අකැමැති වන්නාහු මොහු යමක් දුරු කරයි ද එය තමාගේ ප්‍රාණඝාත ආදී අකුශලයන්ම අරමුණු කොට වෙන් වේ යැයි කියති. එය නුසුදුසුය. කුමක් හෙයින්ද යත්? ඔහුගේ ප්‍රත්‍යුත්පන්න ආලම්බන බව ද බාහිරාලම්බන බව ද නොමැති හෙයිනි. ශික්ෂා පදයන් පිළිබඳ විභඞග පාඨයෙහි වනාහි “පඤ්ච ශික්ෂා පදයන් අතුරෙහි කුශලයෝ කෙතෙක්ද? -පෙ- අරණයෝ කෙතෙක්ද”යි විමසා “කුශලයෝමය, සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ද වන්නාහ”යි මෙසේ විසඳීම පවත්නා කල්හි (පඤ්ච ශික්ෂාපදයෝ) ප්‍රත්‍යුත්පන්න ආලම්බනයෝය. බාහිරා ලම්බනයෝ යයි මෙසේ ප්‍රත්‍යුත්පන්න බාහිරාලම්බන බව කියන ලදී. තමාගේ ප්‍රාණඝාතාදි අකුශලයන් අරමුණු කොට වෙන්වන තැනැත්තා හට එය නොයෙදේ. “අනෙකක් සිතමින් අනෙකක් කරන්නේය යමක් දුරු කරන්නේ ද එය නොදැන ගන්නේ යයි යමක් කියන ලද්දේ ද එහිදී කියනු ලැබේ. කෘත්‍යසාධන වශයෙන් පවතින්නේ අනෙකක් සිතමින් අනෙකක් කරයි කියා හෝ යමක් දුරු කරයි ද එය නොදැනගනී කියා හෝ නොකියනු ලැබේ.

“ආරභිත්‍වාන අමතං, ජහන‍්තො සබ‍්බපාපකෙ; නිදස‍්සනඤ‍්චෙත්‍ථ භවෙ, මග‍්ගට‍්ඨොරියපුග‍්ගලො”ති.

“නිවන අරමුණු කොට සියලු පාපයන් දුරු කරන්නේ (වේ) මාර්‍ගස්ථ ආර්‍ය්‍ය පුද්ගලතෙමේ මෙහි දී නිදසුන් වන්නේය” යනුයි.

එවමෙත්‍ථ විරමතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

මෙසේ මෙහි වෙන්වීම් වශයෙන් ද විනිශ්චය දත යුතුය.

ඵලතොති සබ‍්බෙ එව චෙතෙ පාණාතිපාතාදයො දුග‍්ගතිඵලනිබ‍්බත‍්තකා හොන‍්ති, සුගතියඤ‍්ච අනිට‍්ඨාකන‍්තාමනාපවිපාකනිබ‍්බත‍්තකා හොන‍්ති, සම‍්පරායෙ දිට‍්ඨධම‍්මෙ එව ච අවෙසාරජ‍්ජාදිඵලනිබ‍්බත‍්තකා. අපිච “යො සබ‍්බලහුසො පාණාතිපාතස‍්ස විපාකො මනුස‍්සභූතස‍්ස අප‍්පායුකසංවත‍්තනිකො හොතී”ති (අ· නි· 8.40) එවමාදිනා නයෙනෙත්‍ථ ඵලතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

“ඵලතො” (ඵල වශයෙන්) වනාහි මේ ප්‍රාණඝාතාදි සියල්ලම දුගතිඵල නිපදවන්නේ වෙයි. (මරණින් මතු) සුගතියෙහි ද අනිෂ්ට, අකාන්ත, අමනාප, විපාක නිපදවන්නේ වෙයි. මෙලොව වශයෙන් විශාරදභාවයෙන් තොරවීම ආදි ඵල උපදවන්නේ වෙයි. තවද - “ප්‍රාණඝාතයාගේ අවම වශයෙන් යම් විපාකයක් වේද (එය) මනුෂ්‍ය ආත්මය ලැබුවහුට අල්පායුෂ්ක භාවය සඳහා හේතු වන්නේය” යන මේ ආදී ක්‍රමයට ද මෙහි ඵල වශයෙන් විනිශ්චය දත යුතුය.

අපි චෙත්‍ථ පාණාතිපාතාදිවෙරමණීනම‍්පි සමුට‍්ඨානවෙදනාමූලකම‍්මඵලතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො. තත්‍ථායං විඤ‍්ඤාපනා – සබ‍්බා එව චෙතා වෙරමණියො චතූහි සමුට‍්ඨහන‍්ති කායතො, කායචිත‍්තතො, වාචාචිත‍්තතො, කායවාචාචිත‍්තතො චාති. සබ‍්බා එව ච සුඛවෙදනාසම‍්පයුත‍්තා වා, අදුක‍්ඛමසුඛවෙදනාසම‍්පයුත‍්තා වා, අලොභාදොසමූලා වා අලොභාදොසාමොහමූලා වා. චතස‍්සොපි චෙත්‍ථ කායකම‍්මං, මුසාවාදාවෙරමණී වචීකම‍්මං, මග‍්ගක‍්ඛණෙ ච චිත‍්තතොව සමුට‍්ඨහන‍්ති, සබ‍්බාපි මනොකම‍්මං.

තවද මෙහි ප්‍රාණඝාත ආදියෙන් වැළකීම්වල සමුට්ඨාන වශයෙන්, වේදනා වශයෙන්, මූල වශයෙන්, කර්‍ම වශයෙන්, ඵල වශයෙන් විනිශ්චය ද දත යුතුය. මේ ඒ පිළිබඳ දැනුම් දීමයි. ඒ සියලුම විරමණයෝ කයින්, කාය චිත්තයෙන්, වාචා චිත්තයෙන්, කාය වාචා චිත්තයෙන් යයි සතර තැනකින් හටගනිති. ඒ සියල්ලම සුඛ වේදනාවෙන් යුක්ත වේ. නැතහොත් අදුක්ඛම සුඛ වේදනාවෙන් යුක්ත වේ. (ඒ සියල්ලම) අලෝභ අදොස මූල හෝ අලෝභ, අදොස, අමෝහ මූල හෝ වේ. මෙහි සතරක් කාය කර්‍ම වේ. මුසාවාදයෙන් වෙන්වීම වචී කර්‍මයකි. මාර්‍ගක්‍ෂණයෙහි සිතින් ද හටගනිත් ද එවිට සියල්ලම මනෝකර්‍ම වේ.

පාණාතිපාතා වෙරමණියා චෙත්‍ථ අඞ‍්ගපච‍්චඞ‍්ගසම‍්පන‍්නතා ආරොහපරිණාහසම‍්පත‍්තිතා ජවසම‍්පත‍්තිතා සුප‍්පතිට‍්ඨිතපාදතා චාරුතා මුදුතා සුචිතා සූරතා මහබ‍්බලතා විස‍්සත්‍ථවචනතා ලොකපියතා නෙලතා අභෙජ‍්ජපරිසතා අච‍්ඡම‍්භිතා දුප‍්පධංසිතා පරූපක‍්කමෙන අමරණතා අනන‍්තපරිවාරතා සුරූපතා සුසණ‍්ඨානතා අප‍්පාබාධතා අසොකිතා පියෙහි මනාපෙහි සද‍්ධිං අවිප‍්පයොගතා දීඝායුකතාති එවමාදීනි ඵලානි.

ප්‍රාණඝාතයෙන් වෙන්වීමෙන් මෙහිදී සම්පූර්‍ණ වූ අඟපසඟ ඇති බව, ආරෝහ පරිනාහ සම්පන්න බව, ජව සම්පත් ඇති බව, මනාකොට බිම පිහිටන පා ඇති බව, මනෝඥ ශරීර ඇති බව, මෘදු වූ ශරීර ඇති බව, පිරිසිදු ශරීර ඇති බව, ශූර බව, මහත් වූ කාය බල ඇති බව, නොපැකිළ කියන්නාවූ වචන ඇති බව, ලෝවැස්සන්ට ප්‍රිය බව, නිදොස් බව, නොබිඳෙන පිරිස් ඇති බව, කිසිවෙකුට භය නැති බව, කිසිවෙකු විසින් මැඬ පැවැත්විය නොහැකි බව, අනුන්ගේ උපක්‍රමයකින් නොමියන බව, අප්‍රමාණ පිරිවර ඇති බව, සුරූපී බව, යහපත් ශරීර සටහන් ඇති බව, අල්ප ආබාධ ඇති බව, ශෝක නොකරන බව, ප්‍රියමනාප අයගෙන් වෙන් නොවන බව, බොහෝ ආයු ඇති බව, මේ ආදී ඵලයෝ වෙති.

අදින‍්නාදානා වෙරමණියා මහද‍්ධනතා පහූතධනධඤ‍්ඤතා අනන‍්තභොගතා අනුප‍්පන‍්නභොගුප‍්පත‍්තිතා උප‍්පන‍්නභොගථාවරතා ඉච‍්ඡිතානං භොගානං ඛිප‍්පප‍්පටිලාභිතා රාජචොරුදකග‍්ගිඅප‍්පියදායාදෙහි අසාධාරණභොගතා අසාධාරණධනප‍්පටිලාභිතා ලොකුත‍්තමතා නත්‍ථිකභාවස‍්ස අජානනතා සුඛවිහාරිතාති එවමාදීනි.

අදින්නාදානයෙන් වෙන්වීමෙන් - මහත් ධන ඇති බව, බොහෝ ධන ධාන්‍ය ඇති බව, අප්‍රමාණ භෝග ඇති බව, නූපන් භෝග උපදින බව, උපන් භෝග ස්ථාවර වන බව, කැමති භෝග වහා ලැබෙන බව, රජුන් විසින්, සොරුන් විසින්, ජලයෙන්, ගින්නෙන්, අප්‍රිය උරුමකරුවන් විසින් විනාශ නොවන්නා වූ භෝග ඇති බව, අන්‍යයන්ට සාධාරණ නොවූ ධනයට හිමිකරු වන බව, ලෝකයට උතුම් වන බව, නැත යන බසක් නොදන්නා බව, සැප විහරණ ඇති බව යන මේ ආදී ඵලයෝ වෙති.

අබ්‍රහ‍්මචරියා වෙරමණියා විගතපච‍්චත්‍ථිකතා සබ‍්බජනපියතා අන‍්නපානවත්‍ථසයනාදීනං ලාභිතා සුඛසයනතා සුඛප‍්පටිබුජ‍්ඣනතා අපායභයවිනිමුත‍්තතා ඉත්‍ථිභාවප‍්පටිලාභස‍්ස වා නපුංසකභාවප‍්පටිලාභස‍්ස වා අභබ‍්බතා අක‍්කොධනතා පච‍්චක‍්ඛකාරිතා අපතිතක‍්ඛන්‍ධතා අනධොමුඛතා ඉත්‍ථිපුරිසානං අඤ‍්ඤමඤ‍්ඤපියතා පරිපුණ‍්ණින්‍ද්‍රියතා පරිපුණ‍්ණලක‍්ඛණතා නිරාසඞ‍්කතා අප‍්පොස‍්සුක‍්කතා සුඛවිහාරිතා අකුතොභයතා පියවිප‍්පයොගාභාවතාති එවමාදීනි.

අබ්‍රහ්මචරියාවෙන් වෙන්වීමෙන් පහවූ සතුරන් ඇති බව, සියලු ජනයාට ප්‍රියවීම, ආහාර පාන වස්ත්‍ර සයනාදිය ලැබීම, සුවසේ සැතපීම, සුවසේ පිබිදීම, අපාය භයෙන් මිදීම, ස්ත්‍රී භාවය ලැබීමට හෝ නපුංසක භාවය ලැබීමට නුසුදුසු බව, ක්‍රෝධ නොකරන බව, ප්‍රත්‍යක්‍ෂ කොට කරන කටයුතු ඇති බව, යටිකුරු නොවන බව, බිමබලා නොයන බව, ස්ත්‍රී පුරුෂ දෙපක්‍ෂයෙහි ඔවුනොවුන්ට ප්‍රිය වන බව, පිරිපුන් ඉඳුරන් ඇති බව, පිරිපුන් ලකුණු ඇති බව, කිසිතැනක සැක නැති බව, නිරුත්සාහයෙන් කටයුතු සිද්ධ වන බව, සැප විහරණ ඇති බව, කිසි තැනකින් එන බියක් නැති බව, ප්‍රිය මනාප වස්තූන්ගෙන් වෙන් නොවන බව, මේ ආදී ඵලයෝ වෙති.

මුසාවාදා වෙරමණියා විප‍්පසන‍්නින්‍ද්‍රියතා විස‍්සට‍්ඨමධුරභාණිතා සමසිතසුද‍්ධදන‍්තතා නාතිථූලතා නාතිකිසතා නාතිරස‍්සතා නාතිදීඝතා සුඛසම‍්ඵස‍්සතා උප‍්පලගන්‍ධමුඛතා සුස‍්සූසකපරිජනතා ආදෙය්‍යවචනතා කමලුප‍්පලසදිසමුදුලොහිතතනුජිව‍්හතා අනුද‍්ධතතා අචපලතාති එවමාදීනි.

මුසාවාදයෙන් වෙන්වීමෙන් - ප්‍රසන්න ඉන්ද්‍රියයන් ඇති බව, නොපැකිල කියන මිහිරි වචන ඇති බව, සමවූ පිරිසිදු දත් ඇති බව, ඉතා මහත් නොවන බව, ඉතා කෙට්ටු නොවන බව, ඉතා මිටි නොවන බව, ඉතා උස් නොවන බව, සැප ස්පර්ශ ඇති බව, මහනෙල් මල් සුවඳ හමන මුව ඇති බව, කීකරු පිරිවර ජනයා ඇති බව, ඇදහිය යුතු වචන ඇති බව, නෙලුම් මල් මහනෙල් මල් පෙති සේ මෘදු වූ රතු වූ තුනී වූ දිව ඇති බව, උඩඟු නොවන බව, චපල නොවන බව යන මේ ආදී (ඵලයෝ වෙති.)

සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා වෙරමණියා අතීතානාගතපච‍්චුප‍්පන‍්නෙසු සබ‍්බකිච‍්චකරණීයෙසු ඛිප‍්පං පටිජානනතා සදා උපට‍්ඨිතසතිතා අනුම‍්මත‍්තකතා ඤාණවන‍්තතා අනලසතා අජළතා අනෙලමූගතා අමත‍්තතා අප‍්පමත‍්තතා අසම‍්මොහතා අච‍්ඡම‍්භිතා අසාරම‍්භිතා අනුස‍්සඞ‍්කිතා සච‍්චවාදිතා අපිසුණාඵරුසාසම‍්ඵපලාපවාදිතා රත‍්තින්‍දිවමතන්‍දිතතා කතඤ‍්ඤුතා කතවෙදිතා අමච‍්ඡරිතා චාගවන‍්තතා සීලවන‍්තතා උජුතා අක‍්කොධනතා හිරිමනතා ඔත‍්තප‍්පිතා උජුදිට‍්ඨිකතා මහාපඤ‍්ඤතා මෙධාවිතා පණ‍්ඩිතතා අත්‍ථානත්‍ථකුසලතාති එවමාදීනි ඵලානි. එවමෙත්‍ථ පාණාතිපාතාදිවෙරමණීනං සමුට‍්ඨානවෙදනාමූලකම‍්මඵලතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

මදයට හා ප්‍රමාදයට හේතුවන රහමෙර පානයෙන් වෙන්වීමෙන් - අතීත අනාගත වර්‍තමාන කාලයන්හි කටයුතු කිරීමේ දී වහා දැනගන්නා බව, හැමවිටම එළඹ සිටි සිහියෙන් යුක්ත බව, උමතු නොවන බව, නුවණැති බව, අලස නොවන බව, ජඩ නොවන බව, කෙළිතොළු නොවන බව, මත්නොවන බව, අප්‍රමාද බව, මුළා නොවන බව, තැති නොගන්නා බව, කළ එකට වැඩියක් නොකරන බව, ඊර්‍ෂ්‍යා නැති බව, සත්‍යවාදී බව, කේළාම්, පරුෂ වචන, හිස් වචන නොකියන බව, රෑ දවල් දෙකෙහි අප්‍රමාදී බව, කෘතඥ බව, කළ උපකාර දන්නා බව, (කෘතවේදී බව) මසුරු නැති බව, ත්‍යගවන්ත බව, ශීලවන්ත බව, සෘජු බව, ක්‍රෝධ නොකරන බව, ලජ්ජා ඇති බව, පවට භය ඇති බව, සෘජු දෘෂ්ටි ඇති බව, මහත් ප්‍රඥා ඇති බව, ඤාණවන්ත බව, පණ්ඩිත බව, වැඩ අවැඩ දන්නා බව යන මේ ආදී (ඵලයෝ වෙති) මෙසේ මේ ප්‍රාණඝාතාදියෙන් වෙන් වීමෙහි සමුට්ඨාන, වේදනා, මූල, කම්ම ඵල වශයෙන් විනිශ්චය දත යුතුය.