පච්ඡිමපඤ්චසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
පච්ඡිමපඤ්චසික්ඛාපදවණ්ණනා
පච්ඡිමපඤ්චසික්ඛාපදවණ්ණනා
ඉදානි යං වුත්තං –
දැන් :
“යොජෙතබ්බං තතො යුත්තං, පච්ඡිමෙස්වපි පඤ්චසු; ආවෙණිකඤ්ච වත්තබ්බං, ඤෙය්‍යා හීනාදිතාපි චා”ති.
“එයින් ගැලපෙන දෙය පසු ශික්ෂාපද පහ පිළිබඳව ද යෙදිය යුතුය. ආවේනිකය ද කිව යුතුය. හීනාදි බවද දත යුතුය”යි.
තස්සායං අත්ථවණ්ණනා – එතිස්සා පුරිමපඤ්චසික්ඛාපදවණ්ණනාය යං යුජ්ජති, තං තතො ගහෙත්වා පච්ඡිමෙස්වපි පඤ්චසු සික්ඛාපදෙසු යොජෙතබ්බං. තත්ථායං යොජනා – යථෙව හි පුරිමසික්ඛාපදෙසු ආරම්මණතො ච සුරාමෙරයමජ්ජපමාදට්ඨානං රූපායතනාදිඅඤ්ඤතරසඞ්ඛාරාරම්මණං, තථා ඉධ විකාලභොජනං. එතෙන නයෙන සබ්බෙසං ආරම්මණභෙදො වෙදිතබ්බො.
යමක් කියන ලද්දේ ද මේ එහි අර්ථ වර්ණනාවයි - මේ මුල් ශික්ෂා පද පහ පිළිබඳ වර්ණනාවෙහි යමක් යෙදේද එය එයින් ගෙන පසු ශික්ෂාපද පහ සම්බන්ධයෙන් ද යෙදිය යුතුය. මේ ඒ පිළිබඳ යෝජනාවයි. යම්සේ මුල් ශික්ෂපදයන් අතුරෙන් ආරම්මන වශයෙන් සුරාමෙරය මජ්ජපමාදට්ඨාන ශික්ෂාපදය රූපායතන ආදී එක්තරා සංස්කාරයක් අරමුණු කොට ඇත්තේ ද මෙහි විකාල භෝජනය ද එසේමය. මේ ක්‍රමයට සියලු ශික්ෂාපදයන්ගේ ආරම්මණ භේදය දත යුතුය.
ආදානතො ච යථා පුරිමානි සාමණෙරෙන වා උපාසකෙන වා සමාදියන්තෙන සමාදින්නානි හොන්ති, තථා එතානිපි. අඞ්ගතොපි යථා තත්ථ පාණාතිපාතාදීනං අඞ්ගභෙදො වුත්තො, එවමිධාපි විකාලභොජනස්ස චත්තාරි අඞ්ගානි – විකාලො, යාවකාලිකං, අජ්ඣොහරණං, අනුම්මත්තකතාති. එතෙනානුසාරෙන සෙසානම්පි අඞ්ගවිභාගො වෙදිතබ්බො. යථා ච තත්ථ සමුට්ඨානතො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං කායතො ච කායචිත්තතො චාති ද්විසමුට්ඨානං, එවමිධ විකාලභොජනං. එතෙන නයෙන සබ්බෙසං සමුට්ඨානං වෙදිතබ්බං. යථා ච තත්ථ වෙදනාතො අදින්නාදානං තීසු වෙදනාසු අඤ්ඤතරවෙදනාසම්පයුත්තං, තථා ඉධ විකාලභොජනං. එතෙන නයෙන සබ්බෙසං වෙදනාසම්පයොගො වෙදිතබ්බො.
ආදාන වශයෙන් ද යම්සේ මුල් ශික්ෂා පද පහ සාමණේරයන් වහන්සේ විසින් හෝ උපාසකයෙකු විසින් හෝ සමාදන් වනු ලබන්නේ මැනවින් ගත්තේ වේද මේ ශික්ෂා පද පහ ද එසේමය. අඞ්ග වශයෙන් ද යම්සේ එහි ප්‍රාණඝාතාදීන්ගේ අඞ්ග භේදය කියන ලද්දේ ද එසේ මෙහිද විකාල භෝජනයෙහි අඞ්ග හතරකි. විකාලයක් වීම, යාවකාලික වස්තුවක් වීම, අනුභව කිරීම, උමතු නොවීම යනුයි. මේ අනුසාරයෙන් සෙසු ශික්ෂාවන්ගේ ද අඞ්ගවිභාගය දත යුතුය. යම්සේ එහි සමුට්ඨාන වශයෙන් සුරාමේරය මජ්ජපමාදට්ඨානය කයින් ද කාය චින්තයෙන්දැයි සමුට්ඨාන දෙකක් වේද මෙහි විකාල භෝජනය ද එසේය. මේ ක්‍රමයට සියලු ශික්ෂාපදයන්ගේ වේදනා සම්ප්රයෝගය දත යුතුය.
යථා ච තත්ථ අබ්රහ්මචරියං ලොභමොහමූලං, එවමිධ විකාලභොජනං. අපරානි ච ද්වෙ එතෙන නයෙන සබ්බෙසං මූලභෙදො වෙදිතබ්බො. යථා ච තත්ථ පාණාතිපාතාදයො කායකම්මං, එවමිධාපි විකාලභොජනාදීනි. ජාතරූපරජතප්පටිග්ගහණං පන කායකම්මං වා සියා වචීකම්මං වා කායද්වාරාදීහි පවත්තිසබ්භාවපරියායෙන, න කම්මපථවසෙන.
යම්සේ එහි අබ්‍රහ්මචරියාව ලෝභ මෝහ මූල වන්නේ ද මෙහි විකාල භෝජනය ද අනෙක් ශික්ෂා පද දෙකද එසේමය. මේ ක්‍රමයට සියලු ශික්ෂා පදයන්ගේ මූලභේදය දත යුතුය. එහි ප්‍රාණඝාතාදිය යම්සේ කායකර්ම වේද මෙහි විකාල භෝජනාදිය ද එසේය. ජාතරූපරජතපටිග්ගහණය වනාහි කායද්වාරාදියෙහි පැවති ස්වභාවය අනුව කායකර්මය හෝ වචී කර්මය හෝ වන්නේය. කර්මපථ වශයෙන් නොවන්නේය.
විරමතොති යථා ච තත්ථ විරමන්තො අත්තනො වා පරෙසං වා පාණාතිපාතාදිඅකුසලතො විරමති, එවමිධාපි විකාලභොජනාදිඅකුසලතො, කුසලතොපි වා එකතො. යථා ච පුරිමා පඤ්ච වෙරමණියො චතුසමුට්ඨානා කායතො, කායචිත්තතො, වාචාචිත්තතො, කායවාචාචිත්තතො චාති, සබ්බා සුඛවෙදනාසම්පයුත්තා වා අදුක්ඛමසුඛවෙදනාසම්පයුත්තා වා, අලොභාදොසමූලා වා අලොභාදොසාමොහමූලා වා, සබ්බා ච නානප්පකාරඉට්ඨඵලනිබ්බත්තකා, තථා ඉධාපීති.
“විරමතා” (වෙන්වීම් වශයෙන්) යම්සේ ඒ පූර්ව ශික්ෂාපදයන්හි වෙන්වන්නේ තමාගේ හෝ අනුන්ගේ හෝ ප්‍රාණඝාතාදී අකුශලයෙන් වෙන්වේද එසේම මෙහිද විකාල භෝජනාදි අකුශලයෙන් හෝ එක් අතකින් කුශලයන්ගෙන් වෙන්වීමත් සිදු වේ. යම්සේ පූර්ව වෙන්වීම් පහ කයින්, කාය චිත්තයෙන්, වාචා චිත්තයෙන්, කාය වාචා චිත්තයෙන් යයි සමුට්ඨාන හතරක් වේද, එසේම ඒ සියල්ල සුඛ වේදනා සම්ප්‍රයුක්ත හෝ අදුක්ඛමසුඛ වේදනා සම්ප්‍රයුක්ත හෝ වේද එසේම අලෝභ, අදොස මූල හෝ අලෝභ, අදෝස, අමෝහ, මූල හෝ වේද සියල්ලම නොයෙක් ආකාරයේ ඉෂ්ට ඵල නිපදවන්නේ ද මේ වෙන්වීම් වලදී ද එසේමය.
“යොජෙතබ්බං තතො යුත්තං, පච්ඡිමෙස්වපි පඤ්චසු; ආවෙණිකඤ්ච වත්තබ්බං, ඤෙය්‍යා හීනාදිතාපි චා”ති. –
“ඉන්පසු (මුල් ශික්ෂාපද පහ පිළිබඳ විස්තරයෙහි) සුදුසු අර්ථ ගෙන පසු ශික්ෂාපද පහෙහි ද යෙදිය යුතුය. (ඒ ඒ ශික්ෂාපදයට) ආවේණික ලක්ෂණ ද කිව යුතුය. හීනප්‍රණීත ආදිය ද දත යුතුය.”
එත්ථ පන විකාලභොජනන්ති මජ්ඣන්හිකවීතික්කමෙ භොජනං. එතඤ්හි අනුඤ්ඤාතකාලෙ වීතික්කන්තෙ භොජනං, තස්මා “විකාලභොජන”න්ති වුච්චති, තතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනන්ති එත්ථ නච්චං නාම යංකිඤ්චි නච්චං, ගීතන්ති යංකිඤ්චි ගීතං, වාදිතන්ති යංකිඤ්චි වාදිතං. විසූකදස්සනන්ති කිලෙසුප්පත්තිපච්චයතො කුසලපක්ඛභින්දනෙන විසූකානං දස්සනං, විසූකභූතං වා දස්සනං විසූකදස්සනං. නච්චා ච ගීතා ච වාදිතා ච විසූකදස්සනා ච නච්චගීතවාදිතවිසූකදස්සනා. විසූකදස්සනඤ්චෙත්ථ බ්රහ්මජාලෙ වුත්තනයෙනෙව ගහෙතබ්බං. වුත්තඤ්හි තත්ථ –
යන ප්‍රකාශයට අනුව මෙහි වනාහි “විකාලභොජනං” යනු මධ්‍යාහ්නය ඉක්මීමෙන් පසු ආහාර ගැනීමයි. මෙය වනාහි අනුදැන වදාළ කාලය ඉමෙන කල්හි ආහාර ගැනීම වේ. එහෙයින් විකාලභොජන යයි කියනු ලැබේ. එම විකාල භෝජනයෙන්, “නච්චගීතවාදිත විසූකදස්සනං” යන මෙහි ‘නච්චං’ නම් යම්කිසි නැටීමකි. ගීතං යනු යම්කිසි ගායනයකි. “වාදිතං” යනු යම්කිසි වාදනයකි. “විසූක දස්සනං” යනු කෙලෙස් ඉපදීමට හේතුවන බැවින් කුශල පක්ෂය බිඳීම කරණ කොට ගෙන විසූකයන්ගේ (කෝලම් රූපාදිය) දැකීම නැතහොත් විසූක වූවක් දැකීම = විසූක දස්සන වේ. නච්චා ච ගීතාච වාදිතා ච විසූක දස්සනාච (නැටීම් ද ගායනයෝ ද වාදනයෝ ද විසූක දර්ශනයෝ ද) = නච්චගීතවාදිත විසූකදස්සනා වේ. මෙහි විසූක දර්ශනය බ්‍රහ්මජාල (සූත්‍රයෙහි) දේශනා කළ අයුරින්ම ගත යුතුය. එහිදී මෙසේ කියන ලදී.
“යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනමනුයුත්තා විහරන්ති, සෙය්යථිදං, නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාලං කුම්භථූණං සොභනකං චණ්ඩාලං වංසං ධොවනං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිංසයුද්ධං උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්යොධිකං බලග්ගං සෙනාබ්යූහං අනීකදස්සනං ඉති වා, ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො සමණො ගොතමො”ති (දී· නි· 1.12).
“යම්සේ සමහර පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම්, ගැයුම්, වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක්ව ජනසමූහයා ඉදිරියෙහි දක්වන නැටුම්) ආඛ්‍යාන (මහාභාරත රාමායණාදි කථා කීම හෝ ඇසීම) පාණිස්වර (අතින් බොහෝ බෙර ගැසීම හෝ අත්කල ගැසීම) වේතාල (ලී මුවා තාලම් පට ගැසීම හෝ මන්ත්‍ර ජප කොට මළ සිරුරු නැගිටුවීම) කුම්භථුන (සිවුරක් බෙර වැයීම) ශෝභනක (රංගබලී කරණය හෙවත් රඟමඬලෙහි දී දේවතාවන්ට ස්තෝත්ර වශයෙන් නාන්දි ගීත ගායනය නොහොත් ප්‍රතිභාන චිත්‍ර) සණදොවුන් කෙළිය (හෝ අයෝගුඩ ක්‍රීඩාව) උණ ගස් ඔසවාගෙන කෙරෙන ක්‍රීඩාව, අස්ති ධොවනය (මළවුන්ගේ ඇට සුවඳ කවා තබා නැකැත් සමයෙහි ඒ වටා සිට උත්සව කිරීම) ඇත් යුද (ඇතුන් පිට සිට යුද කිරීම) අස්යුද (අසුන් නැග යුද කිරීම) හෝ ඇත්පොර, අස්පොර, මී හරක් පොර, ගොන්පොර, එළු පොර, බැටළු පොර, කුකුළු පොර, වටු පොර, පොලු හරඹ, මිටි යුද, මල්ල පොර, යුද පවත්නා තැන් දක්නට යාම, බලසෙන් ගණින තැන් දක්නට යාම, බලසෙන් බෙදන තැනට යාම, බලඇණි දක්නට යාම යන මෙබඳු විසූක දර්ශනයෙහි යෙදී වසත් ද ශ්‍රමණ භවත් ගෞතම තෙමේ මේ ආදී හෝ මෙබඳු වූ විසූක දර්ශනයෙන් වැළැක්කේ වෙයි” යනුවෙනි.
අථ වා යථාවුත්තෙනත්ථෙන නච්චගීතවාදිතානි එව විසූකානි නච්චගීතවාදිතවිසූකානි, තෙසං දස්සනං නච්චගීතවාදිතවිසූකදස්සනං, තස්මා නච්චගීතවාදිතවිසූකදස්සනා. “දස්සනසවනා”ති වත්තබ්බෙ යථා “සො ච හොති මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො”ති එවමාදීසු (අ· නි· 1.308) අචක්ඛුද්වාරප්පවත්තම්පි විසයග්ගහණං “දස්සන”න්ති වුච්චති, එවං සවනම්පි “දස්සන”න්ත්වෙව වුත්තං. දස්සනකම්යතාය උපසඞ්කමිත්වා පස්සතො එව චෙත්ථ වීතික්කමො හොති. ඨිතනිසින්නසයනොකාසෙ පන ආගතං ගච්ඡන්තස්ස වා ආපාථගතං පස්සතො සියා සංකිලෙසො, න වීතික්කමො. ධම්මූපසංහිතම්පි චෙත්ථ ගීතං න වට්ටති, ගීතූපසංහිතො පන ධම්මො වට්ටතීති වෙදිතබ්බො.
නැතහොත් (ඉහත) කියන ලද අර්ථයෙන් නච්චගීතවාදිතානි එව විසූකානි (නච්චගීතවාදිතයෝම විසූකයෝ වූයේ) = නච්චගීතවාදිත විසූකානි වේ. ඔවුන්ගේ දැකීම = නච්චගීතවාදිතවිසූකදස්සන වේ. ඒ නච්චගීත වාදිත විසූකදස්සනයෙන්, “දස්සනසවණා” යයි කිවයුතු තන්හි “සොච හොති මිච්ඡාදිට්ඨිකො විපරීතසදස්සනො” යන මේ ආදී තන්හි මෙන් චක්ඛුද්වාරයෙහි නොපැවතුනත් අරමුණු ගැනීම “දස්සන” යයි කියනු ලැබේ. මෙසේ ශ්‍රවණය ද දර්ශනය යයිම කියන ලදී. දකිනු කැමැත්තෙන් එළඹ බලන්නාහට මෙසේ මෙහි ඉක්මවීම වේ. සිටි හෝ හුන් හෝ නිදන හෝ තැනට පැමිණි දෙයක් හෝ ගමන් කරන තැනැත්තාගේ ඇසට යොමුවූවක් හෝ බලන තැනැත්තා හට සිත කිළිටිවීම වන්නේය. ශික්ෂාපදය ඉක්මවීම නොවන්නේය. මෙහිදී ගීතය ධම්මුපසංහිත වුව ද නොවටී. ගීතූපසංගිත ධර්මය වනාහි වටී යයි දත යුතුය.
මාලාදීනි ධාරණාදීහි යථාසඞ්ඛ්යං යොජෙතබ්බානි. තත්ථ මාලාති යංකිඤ්චි පුප්ඵජාතං. විලෙපනන්ති යංකිඤ්චි විලෙපනත්ථං පිසිත්වා පටියත්තං. අවසෙසං සබ්බම්පි වාසචුණ්ණධූපනාදිකං ගන්ධජාතං ගන්ධො. තං සබ්බම්පි මණ්ඩනවිභූසනත්ථං න වට්ටති, භෙසජ්ජත්ථන්තු වට්ටති, පූජනත්ථඤ්ච අභිහටං සාදියතො න කෙනචි පරියායෙන න වට්ටති. උච්චාසයනන්ති පමාණාතික්කන්තං වුච්චති. මහාසයනන්ති අකප්පියසයනං අකප්පියත්ථරණඤ්ච. තදුභයම්පි සාදියතො න කෙනචි පරියායෙන වට්ටති. ජාතරූපන්ති සුවණ්ණං. රජතන්ති කහාපණො, ලොහමාසකදාරුමාසකජතුමාසකාදි යං යං තත්ථ තත්ථ වොහාරං ගච්ඡති, තදුභයම්පි ජාතරූපරජතං. තස්ස යෙන කෙනචි පකාරෙන සාදියනං පටිග්ගහො නාම, සො න යෙන කෙනචි පරියායෙන වට්ටතීති එවං ආවෙණිකං වත්තබ්බං.
මාලා ආදිය දැරීම් ආදියේ දී ද සුදුසු පරිදි යෙදිය යුතුය. එහි “මාලා” යනු යම්කිසි මල් වර්ගයක්, ‘විලෙපනං’ යනු ශරිරාලේපය සඳහා අඹරා පිළියෙළ කළ යම්කිසි දෙයකි. අවශේෂ සියලුම වත්සුණු දුම් යනාදි සුවඳ ජාති ‘ගන්ධ’ වේ. ඒ සියල්ලම සැරසීම සඳහා පැළදීම සඳහා නොවටී. බෙහෙත් වශයෙන් වනාහි වටී. පූජාව සඳහා ගෙනෙන ලද දෙය ද භාර ගැනීමට කිසිම හේතුවකින් නොවටී. “උච්චාසයනං” යන්නෙන් ප්‍රමාණය ඉක්ම වූ ආසනය කියනු ලැබේ. “මහාසයනං” යනු අකැප සයනය හා අකැප ඇතිරිල්ලයි. ඒ දෙකම පිළිගැනීමට කිසිම අයුරකින් නොවටී. “ජාත රූපං” යනු රන්ය. ‘රජතං’ යනු කහවණුය. ලෝහ මස්ස, ලී මස්ස, ලාකඩ මස්ස ආදී යමක් යම් තැනක ව්‍යවහාර කෙරේද ඒ දෙකම ‘ජාතරූපරජත’ වේ. එය කිසියම් ආකාරයකින් පිළිගැනීම ‘පටිග්ගහ’ නම් වේ. එය කිසිම අයුරකින් පිළිගැනීම) නොවටී යයි මෙසේ ආවේණිකය ද කිව යුතුය.
දසපි චෙතානි සික්ඛාපදානි හීනෙන ඡන්දෙන චිත්තවීරියවීමංසාහි වා සමාදින්නානි හීනානි, මජ්ඣිමෙහි මජ්ඣිමානි, පණීතෙහි පණීතානි. තණ්හාදිට්ඨිමානෙහි වා උපක්කිලිට්ඨානි හීනානි, අනුපක්කිලිට්ඨානි මජ්ඣිමානි, තත්ථ තත්ථ පඤ්ඤාය අනුග්ගහිතානි පණීතානි. ඤාණවිප්පයුත්තෙන වා කුසලචිත්තෙන සමාදින්නානි හීනානි, සසඞ්ඛාරිකඤාණසම්පයුත්තෙන මජ්ඣිමානි, අසඞ්ඛාරිකෙන පණීතානීති එවං ඤෙය්‍යා හීනාදිතාපි චාති.
මේ ශික්ෂාපද දහයම හීන වූ ඡන්දය ඇති තැනැත්තා විසින් හෝ හීන වූ චිත්ත, විරිය, විමංසා, ඇත්තන් විසින් හෝ සමාදන් වූයේ “හීන” වේ. මධ්‍යමයන් විසින් සමාදන් වූයේ මධ්‍යම වේ. ප්රණීතයන් විසින් සමාදන් වූයේ ප්‍රණීත වේ. තණ්හා දිට්ඨි මානයන්ගෙන් කිලිටි වූයේ හීන වේ. කිලිටි නොවූයේ මධ්‍යම වේ. ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ ලැබුවේ ප්‍රණීත වේ. ඥානයෙන් තොර වූ කුශල චිත්තයෙන් සමාදන් වූයේ හීන වේ. සසංස්කාරික ඥානයෙන් යුත් සිතින් සමාදන් වූයේ මධ්‍යම වේ. අසංස්කාරික ඥානයෙන් යුත් සිතින් සමාදන් වූයේ ප්‍රණීත වේ යයි මෙසේ හීනාදි වශයෙන් ද දත යුතුය.
එත්තාවතා ච යා පුබ්බෙ “යෙන යත්ථ යදා යස්මා”තිආදීහි ඡහි ගාථාහි සික්ඛාපදපාඨස්ස වණ්ණනත්ථං මාතිකා නික්ඛිත්තා, සා අත්ථතො පකාසිතා හොතීති.
මෙපමණකින් මා විසින් පෙර “යෙන යත්ථ යදා යස්මා” යනාදී ගාථා හයකින් ශික්ෂාපද පාඨයාගේ වර්ණනාව සඳහා මාතෘකා තබන ලද්දේ ද එය අර්ථ වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ වේ.
පරමත්ථජොතිකාය ඛුද්දකපාඨ-අට්ඨකථාය සික්ඛාපදවණ්ණනා නිට්ඨිතා.
සික්ඛාපද වර්ණනාව නිමියේය.