ගොපාලක සුත්තං
11. 2. 7.
11. 2. 7.
ගොපාලක සුත්තං
ගෝපාලක සූත්‍රය
එකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං ඵාතිකත්තුං. කතමෙහි එකාදසහි. ඉධ භික්ඛවෙ ගොපාලකො න රූපඤ්ඤූ හොති, න ලක්ඛණකුසලො හොති, න ආසාටිකං සාටෙතා හොති, න වණං පටිච්ඡාදෙතා හොති, න ධූමං කත්තා හොති. න තිත්ථං ජානාති, න පීතං ජානාති, න වීථිං ජානාති, න ගොචරකුසලො හොති, අනවසෙසදොහී ච හොති. යෙ තෙ උසභා ගොපිතරො ගොපරිනායකා තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො අභබ්බො ගොගණං පරිහරිතුං, ඵාතිකත්තුං.
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්වාගත ගොපලු තෙම ගොමණ්ඩලය පරිහරණය කරනු පිණිස වඩනු පිණිස අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙ ලොව්හි ගොපලු තෙම (ගණන් විසින් හෝ පැහැ විසින්) රූපඥ නො වෙයි, ලක්ෂණ කුශල නො වේ, මැසි බිජු (ඉහඳ) ඉවත් නො කෙරෙයි, වණ පිළිසන් නොකරන්නේ වෙයි, (ගොවුදය වටා) ධූම නොකරනුයේ වෙයි, (සම හෝ විෂම) තීර්ත්ථය නො දන්නේ ය, පන්පීවහු නො දන්නේ ය, මං නො දන්නේ ය, (පඤ්චාහික චාර සන්තාහක චාර වශයෙන්) ගෝචර කුසල නො වේ, නිරවශේෂ කොට දෝනා සුලුයේ ද වෙයි, ගෝපිතෘ ගෝපරිනේතෘ වූ යම් ඒ වෘෂ්භයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණෙන් සමන්වාගත ගොපලු තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වඩන්නට නො නිසි වෙයි.
එවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං. කතමෙහි එකාදසහි:
මහණෙනි, එපරිද්දෙන් ම එකොළොස් කරුණෙකින් සමන්වාගත මහණ මෙ ධර්ම විනයෙහි වෘද්ධියට, විරූඪියට, වෛපුල්‍යයට පැමිණීමට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති. න ලක්ඛණකුසලො හොති, න ආසාටිකං සාටෙතා හොති, න වණං පටිච්ඡාදෙතා හොති, න ධූමං කත්තා හොති, න තිත්ථං ජානාති, න පීතං ජානාති, න ගොචරකුසලො හොති. අනවසෙසදොහී ච හොති. යෙ තෙ භික්ඛු ථෙරාරත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ (මහාභූතරූප, උපාදායරූප විසින්) රූපඥ නො වෙයි, (බාලලක්‍ෂණ, පණ්ඩිත ලක්ෂණ විසින්) ලක්ෂණ කුශල නොවෙයි, (කාමවිතර්කාදී) මක්‍ෂිකාණ්ඩ නො හරනේ වෙයි, (ඉන්ද්රිය සංවර සංඞ්ඛ්යාත) ව්රණ ප්‍රතිච්ඡාදන නො කරනුයේ වෙයි, (ධර්මදේශනා සඞ්ඛ්‍යාත) ධූම නො කරන්නේ වෙයි, (බහුශ්‍රුත ස්ථවිර සඞ්ඛ්‍යාත) තීර්‍ත්‍ථ නො දන්නේ වෙයි, (ධර්මොපසංහිත ප්‍රමෝද සඞ්ඛ්‍යාත) පීතය නොදන්නේ ය, (අරීඅටඟිමග නැමැති) වීථිය නො දන්නේ ය, (සතිපට්ඨාන සඞ්ඛ්‍යාත) ගෝචර කුශල නොවේ, (ප්‍රතිග්‍රහණයෙහි මාත්‍රඥතා සඞ්ඛ්‍යාත) මාත්‍ර නොදන්නා හෙයින් අනවසේස ද්‍රෝහී ද වෙයි, චිරරාත්‍රඥ, චිරප්‍රව්‍රජිත, සඞ්ඝපීතෘ, සඞ්ඝපරිනේතෘ වූ යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් නො පුදනුයේ වෙයි.
1. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න රූපඤ්ඤූ හොති: ඉධ භික්ඛවෙ භික්ඛු යං කිඤ්චි රූපං සබ්බං තං රූපං චත්තාරි මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපන්ති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛූ න රූපඤ්ඤූ හොති.
1. මහණෙනි, මහණ කෙසේ රූපඥ නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි රූප වේ නම් එ හැම රූප සතර මහා භූතය, සතරමහා භූතයන්ගේ උපාදාය රූපයයි යථාභූතය නො දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ රූපය රූපඥ නොවේ.
2. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු, කම්ම ලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො’ති යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ලක්ඛණකුසලො හොති.
2. මහණෙනි, මහණ කෙසේ ලක්ෂණයන්හි කුසල නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘බාල තෙමේ කර්ම ලක්ෂණ කොට ඇත්තේ ය, පණ්ඩිත තෙමේ කර්‍මලක්‍ෂණ කොට ඇත්තේය’යි යථාභූතය නො දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ ලක්ෂණ කුශල නො වේ.
3. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ආසාටිකං සාටෙතා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. උප්පන්නං විහිංසාවිතක්කං අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති, න අනභාවං ගමෙති. උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අධිවාසෙති නප්පජහති න විනොදෙති න බ්යන්තීකරොති න අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ආසාටිකං සාටෙතා හොති.
3. මහණෙනි, කෙසේ මහණ (කාමවිතර්ක සඞ්ඛ්‍යාත) මක්‍ෂිකාණ්ඩය පහ නො කරන්නේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්ක ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපන් ව්‍යාපාද විතර්කය ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපන් විහිංසා විතර්කය ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. උපනුපන් ලමු අකුසල් දහම් ඉවසනේ ය, දුරු නො කරන්නේ ය, පහ නො කරන්නේ ය, විගතාන්ත නො කරන්නේ ය, අභාවයට නො යවන්නේ ය. මහණෙනි, මෙසේ මහණ මක්‍ෂිකාණ්ඩය පහ නො කරන්නේ වේ.
4. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න වණං පටිච්ඡාදෙතා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, ‘යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ න සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසාධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති අනුබ්යඤ්ජනග්ගාහී, යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලාධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය න පටිපජ්ජති, න රක්ඛති, මනින්ද්රියං මනින්ද්රියෙ සංවරං නාපජ්ජති. එවං භික්ඛවෙ භික්ඛු න වණං පටිච්ඡාදෙතා හොති.
4. මහණෙනි, කෙසේ මහණ ව්‍රණය නො පිළිසන් කරනුයේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිති ගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන ගන්නා සුලුයේ වෙයි. යම් හෙයකින් චක්ෂුරින්ද්රියය අසංවෘත කොට වාස කරන තෙල පුඟුල් කරා අභිධ්‍යා දෞම්නස්ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් ඔහුගේ සංවරය පිණිස නො පිළිපදනේ ය, චක්ෂුන්ද්රිරිය නො රක්නේ ය, චක්ෂුන්ද්රිරියයෙහි සංවරයට නො පැමිණේ. ශ්‍රෝත්‍රයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගඳ අසා ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්මාරම්මණය දැන නිමිති ගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන ගන්නා සුලුයේ වෙයි. යම් හෙයෙකින් මනින්ද්රියය අසංවෘත කොට වාස කරන තෙල පුඟුල් කරා අභිධ්‍යා-දෞම්නස්ය සඞ්ඛ්‍යාත ලමු අකුසල් දහම්හු ලුහුබඳනාහු නම් එ සංවරය පිණිස නො පිළිපදනේ ය, මනිද්රිරිය නො රක්නේ ය, මනිද්රිරියයෙහි සංවරයට නො පැමිණේය. මහණෙනි, මෙසේ මහණ ව්රණ ප්‍රතිච්ඡාදන නො කරන්නේ වේ.
5. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ධූමං කත්තා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු න යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ධූමං කත්තා හොති.
5. මහණෙනි, කෙසේ නම් මහණ (ධර්මදේශනා සඞ්ඛ්‍යාත) ධූම නො කරන්නේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසූ පරිදි පිරිවැහූ පරිදි ධර්මය විතර විසින් පරහට නො දෙසනුයේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ධූම නො කරනුයේ වෙයි.
6. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න තිත්ථං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා න පරිපුච්ඡති, න පරිපඤ්හති, ‘ඉදං භන්තෙ කථං, ඉමස්ස කො අත්ථොති? තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව න විවරන්ති, අනුත්තානීකතඤ්ච න උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං න පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න තිත්ථං ජානාති.
6. මහණෙනි, කෙසේ මහණ (බහුශ්‍රුත සඞ්ඛ්‍යාත) තීර්ත්ථය නො දන්නේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආගතාගම ඇති ධර්මධර විනයධර මාතිකාධර යම් ඒ තෙර මහණහු වෙත් ද ඔවුන් කරා කලින් කල එළඹ පරිවෘච්ඡා නො කෙරෙයි. පරිප්‍රශ්න නො කෙරෙයි: ‘වහන්ස, මේ කෙසේ ද මේ භාෂිතයාගේ අර්ත්ථ කවරේ දැ’යි, ඔහට ඒ ආයුෂ්මත්හු අවිවෘත අර්ත්ථය ද විවෘත නො කෙරෙත්. අප්‍රකට අර්ත්ථය ද ප්‍රකට නො කෙරෙත්, අනේකවිධ සැක කටයුතු දහම් විසාහි සැක දුරු නො කෙරෙත්. මහණෙනි, මෙසේ මහණ තීර්‍ත්‍ථ නො දන්නේ ය.
7. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න පීතං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ න ලභති අත්ථවෙදං, න ලභති ධම්මවෙදං, න ලභති ධම්මූපසංහිතං පාමුජ්ජං. එවං ඛො භික්ඛවෙ භික්ඛු න පීතං ජානාති.
7. මහණෙනි, කෙසේ මහණ පීතය නො දන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගත ප්‍රවිදිත ධර්ම විනය දෙසනු ලබත් ම අර්ත්ථවේද නො ලබනේ ය. ධර්මවේද නො ලබනේ ය. ධර්මොපසංහිත ප්‍රමෝදය නො ලබනේ ය. මහණෙනි, මෙසේ පීතය නො දන්නේ ය.
8. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න වීථිං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න වීථිං ජානාති.
8. මහණෙනි, කෙසේ නම්, මහණ වීථිය නො දන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අරිඅටඟිමග යථාභූත නොදන්නේ ය. මහණෙනි, මෙසේ වීථිය නො දන්නේ ය.
9. කථඤ්ච භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං නප්පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු න ගොචරකුසලො හොති.
9. මහණෙනි, කෙසේ නම්, මහණ ගෝචර කුසල නො වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුසීවටන් යථාභූත කොට නොදන්නේ ය. මහණෙනි, මෙසේ මහණ ගෝචර කුශල නො වේ.
10. කථඤ්ච භික්ඛවෙ භික්ඛු අනවසෙසදොහී හොති: ඉධ භික්ඛවෙ භික්ඛුං සද්ධා ගහපතිකා අභිහට්ඨුං පවාරෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. තත්ර භික්ඛු මත්තං න ජානාති පටිග්ගහණාය, එවං ඛො භික්ඛවෙ භික්ඛු අනවසෙසදොහී හොති.
10. මහණෙනි, කෙසේ නම්, මහණ අනවසේස දෝහී වේය යත්: මහණෙනි, සැදැහැති ගිහියෝ මෙ සස්නෙහි මහණහු ඉදිරියට එළවා චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යය පරිෂ්කාරයෙන් පවරත්. මහණෙනි, එහිලා මහණ පිළිගැනුමට මාත්‍ර නොදන්නේ ය. මහණෙනි, මහණ මෙසේ අනවශේෂ දෝහී වෙයි.
11. කථඤ්ච භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා, තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති. ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා, තෙසු න මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච න මෙත්තං වචීකම්මං -පෙ- න මෙත්තං මනො කම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච. එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා, තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං.
11. මහණෙනි, කෙසේ නම්, මහණ යම් ඒ චිරරාත්‍රඥ සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ ස්ථවිර භික්ෂූහු වෙත් නම් ඔවුන් අතිරේකපූජායෙන් නො පුදනේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම් ඒ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞඝපිතෘ වූ සඞ්ඝපරිනායක වූ ස්ථවිර භික්ෂූහු වෙත් නම් ඔවුන් කෙරෙහි මෛත්‍රීකායකර්‍මය හමුයෙහි හා නො හමුයෙහිත් නො එළවන්නේ ය. මෛත්රීවාක්කර්මය නො ම එළවන්නේ ය ... මෛත්‍රීමනඃකර්‍මය හමුයෙහි හා නො හමුයෙහි නො එළවන්නේ ය. මහණෙනි, මෙසේ වනාහි මහණ යම් ඒ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ ස්ථවිර භික්ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් නො පුදන්නේ වෙයි. මහණෙනි, මේ එකොළොස් කරුණින් සමන්වාගත මහණ මෙ ධර්මවිනයෙහි වෘද්ධියට විරූඪියට විපුලත්වයට පැමිණෙන්නට අභව්‍ය වේ.
එකාදසහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො භබ්බො ගොගණං පරිහරිතුං, ඵාතිකත්තුං, කතමෙහි එකාදසහි: ඉධ භික්ඛවෙ ගොපාලකො රූපඤ්ඤූ හොති. ලක්ඛණකුසලො හොති, ආසාටිකං සාටෙතා හොති, වණං පටිච්ඡාදෙතා හොති, ධූමං කත්තා හොති, තිත්ථං ජානාති, පීතං ජානාති, වීථිං ජානාති, ගොචරකුසලො හොති, සාවසෙසදොහී හොති, යෙ තෙ උසභා ගොපිතරො ගොපරිනායකා, තෙ අතිරෙක පූජාය පූජෙතා හොති. ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි අඞ්ගෙහි සමන්නාගතො ගොපාලකො භබ්බො ගොගණං පරිහරිතුං, ඵාතිකත්තුං.
මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්වාගත ගොපලු ගොමණ්ඩල පරිහරණයට හා වඩනට භව්‍ය වෙයි. කවර එකොළොසකින යත්: මහණෙනි, මෙලොව්හි ගොපලු රූපඥ වෙයි, ලක්ෂණ කුශල වෙයි, මක්‍ෂිකාණ්ඩ දුරු කරනුයේ වෙයි, වණ පිළිසන් කරනුයේ වෙයි, දුම් කරනුයේ වෙයි, පීතය දන්නේ ය, වීථිය දන්නේ ය, ගෝචරකුශල වෙයි, සාවශේෂදෝහී වෙයි, ගෝපිතෘ වූ ගෝපරිනේතෘ වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම් උන් අතිරේකපූජායෙන් පුදනුයේ වෙයි. මහණෙනි, මේ එකොළොස් කරුණින් සමන්වාගත ගොපලු ගොමණ්ඩල පරිහරණයට හා වර්ධනයට භව්‍ය වෙයි.
එවමෙව ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො ඉමස්මිං ධම්ම විනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුං කතමෙහි එකාදසහි:
මහණෙනි, එ පරිදිම එකොළොස් කරුණින් සමන්වාගත මහණ මේ ධර්මවිනයෙහි වෘද්ධියට විරූඪියට විපුලභාවයට පැමිණීමට භව්‍ය වෙයි. කවර එකොළොස් කරුණින යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති ලක්ඛණ කුසලො හොති, ආසාටිකං සාටෙතා හොති, වණං පටිච්ඡාදෙතා හොති, ධූමං කත්තා හොති, තිත්ථං ජානාති, පීතං ජානාති, ගොචරකුසලො හොති, සාවසෙසදොහී හොති, යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා, තෙ අතිරෙක පූජාය පූජෙතා හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපඥ වෙයි, ලක්ෂණ කුශල වෙයි, මක්‍ෂිකාණ්ඩ දුරලනුයේ වෙයි, ව්රණප්රතිච්ඡාදනය කරනුයේ වෙයි, දුම් කරනුයේ වෙයි, තීර්ත්ථය දන්නේ ය, පීතය දන්නේ ය, ගෝචරකුශල වෙයි, සාවශේෂදොශී වෙයි, චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපීතෘ සඞ්ඝපරිනායක යම් ඒ ස්ථවිර භික්ෂූහු වෙත් නම් ඔවුන් අතිරේක පූජායෙන් පුදන්නේ වෙයි.
1. කථඤ්ච භික්ඛවෙ භික්ඛු රූපඤ්ඤූ හොති: ඉධ භික්ඛවෙ භික්ඛු යං කිඤ්චි රූපං සබ්බං තං රූපං චත්තාරි මහාභූතානි, චතුන්නඤ්ච මහාභූතානං උපාදාය රූපන්තී යථාභූතං පජානාති, එවං ඛො භික්ඛවෙ භික්ඛූ රූපඤ්ඤූ හොති.
1. මහණෙනි, කෙසේ මහණ රූපඥ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි රූප වේ නම් එ හැම රූප සතරමහාභුතය, සතරමහාභූතයන්ගේ උපාදාය රූපය යි යථාභූතව දන්නේය. මහණෙනි, මෙසේ මහණ රූපඥ වෙයි.
2. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු ‘කම්මලක්ඛණො බාලො, කම්මලක්ඛණො පණ්ඩිතො’ති යථාභූතං පජානාති, එවං ඛො භික්ඛවෙ භික්ඛු ලක්ඛණකුසලො හොති.
2. මහණෙනි. කෙසේ මහණ ලක්ඛණකුසල වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘බාලයා කර්‍මලක්‍ෂණ කොට ඇත්තේ ය, පණ්ඩිතයා කර්‍මලක්‍ෂණ කොට ඇත්තේ ය’ යි යථාභූතය දනී. මහණෙනි, මෙසේ මහණ ලක්ෂණ කුශල වෙයි.
3. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ආසාටිකං සාටෙතා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති, අනභාවං ගමෙති, උප්පන්නං ව්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසා විතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආසාටිකං සාටෙතා හොති.
3. මහණෙනි, කෙසේ මහණ මක්ෂිණාකාණ්ඩ දුරලනුයේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උපන් කාමවිතර්කය නො ඉවසයි, පහකෙරෙයි, දුරලයි, විගාන්ත කරයි, අභාවය ට යවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය ... උපන් විහිංසාවිතර්කය ... උපනුපන් ලමු අකුසල් දහම් නො ඉවසයි, හැරලයි, පහ කෙරෙයි, විගතාන්ත කරයි, අභාවයට යවයි. මහණෙනි, මෙසේ මහණ මක්‍ෂිකාණ්ඩ දුරලන්නේ වෙයි.
4. කථඤ්ච භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙනන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය ආපජ්ජති. එවං ඛො භික්ඛවෙ භික්ඛු වණං පටිච්ඡාදෙතා හොති.
4. මහණෙනි, කෙසේ මහණ වණ පිළිසන් කරන්නේ වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති නොගන්නා සුලුයේ අනුව්‍යඤ්ජන නො ගන්නා සුලුයේ වෙයි. යමක් හේතුකොට ගෙන චක්ෂුන්ද්රිරියය අසංවාත කොට වාසය කරන තෙල පුඟුල් කරා අභිධ්යාදෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලාමක අකුශල ධර්මයෝ ලුහුබඳනාහු නම් එ අවුරනු සඳහා පිළිපදනේය, චක්ෂුන්ද්රිරිය රක්නේය, චක්ෂුන්ද්රිරියෙහි සංවරයට පැමිණේ. ශ්‍රෝතයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධ අසා ... ජීව්හායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය පැහැස ... මනසින් ධර්මාලම්බනය දැන නිමිති නොගන්නා සුලුයේ වෙයි, යමක් හේතුකොට ගෙන මනින්ද්රියය අසංවෘත කොට වාසය කරන තෙල පුඟුල් කරා අභිධ්යාදෞර්මනස්ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ ලුහුබඳනාහු නම් එ අවුරනු සඳහා පිළිපදනේය. මහණෙනි, මෙසේ මහණ වණ පිළිසන් කරනුයේ වෙයි.
5. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ධූමං කත්තා හොති: ඉධ භික්ඛවෙ භික්ඛු යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙතා හොති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ධූමං කත්තා හොති.
5. මහණෙනි, කෙසේ මහණ ධූම කරන්නේ වේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විස්තර විසින් පරහට දෙසන්නේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ධූම කරන්නේ වෙයි.
6. කථඤ්ච භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු බහුස්සුතා ආගතාගමා ධම්මධරා විනයධරා මාතිකාධරා, තෙ කාලෙන කාලං උපසඞ්කමිත්වා පරිපුච්ඡති, පරිපඤ්හති, ‘ඉදං භන්තෙ කථං ඉමස්ස කො අත්ථො’ති, තස්ස තෙ ආයස්මන්තො අවිවටඤ්චෙව විවරන්ති, අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති. අනෙකවිහිතෙසු ච කඞ්ඛාඨානීයෙසු ධම්මෙසු කඞ්ඛං පටිවිනොදෙන්ති. එවං ඛො භික්ඛවෙ භික්ඛු තිත්ථං ජානාති.
6. මහණෙනි, කෙසේ මහණ තීර්‍ත්‍ථ දන්නේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ආගතාගම ඇති ධර්මධර විනයධර මාතෘකාධර යම් ඒ බහුශ්‍රුත භික්ෂූහු වෙත් ද, ඔවුන් කරා එළඹ කලින් කල පරිවෘච්ඡා කරයි, පරිප්‍රශ්න කරයි, ‘වහන්ස, මෙ කෙසේ ද? මෙ භාෂිතයාගේ අර්ත්ථ කවරේ දැ’යි. ඒ ආයුෂ්මත්හු ඔහට අවිවෘත වූ අර්ත්ථය විවෘත කරත්, අප්රකටාර්ත්ථය ප්‍රකට කරත්, නානාවිධ සැකකටයුතු ධර්මයන් කෙරෙහි සැක දුරලත්. මහණෙනි, මෙසේ මහණ තීර්ත්ථය දන්නේ ය.
7. කථඤ්ච භික්ඛවෙ භික්ඛු පීතං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජං එවං ඛො භික්ඛවෙ භික්ඛු පීතං ජානාති.
7. මහණෙනි, කෙසේ මහණ පීතය දන්නේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තථාගතප්‍රවිදිත ධර්මවිනය දෙසන ලබන කල්හි අර්‍ත්‍ථවේදය ලබනේය, ධර්මවේදය ලබනේය, ධර්‍මොපනිඃශ්‍රිත ප්‍රමෝදය ලබනේය. මහණෙනි, මෙසේ මහණ පීතය දන්නේ ය.
8. කථඤ්ච භික්ඛවෙ භික්ඛු වීථිං ජානාති: ඉධ භික්ඛවෙ භික්ඛු අරියංඅට්ඨඞ්ගිකං මග්ගං යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු වීථිං ජානාති.
8. මහණෙනි, කෙසේ මහණ වීථිය දන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අරීඅටඟිමග යථාභූත කොට දන්නේ ය. මහණෙනි, මෙසේ මහණ වීථිය දන්නේය.
9. කථඤ්ච භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො හොති: ඉධ භික්ඛවෙ භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ගොචරකුසලො හොති.
9. මහණෙනි, කෙසේ මහණ ගෝචරකුශල වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවු සීවටන් යථාභූත කොට දන්නේය. මහණෙනි, මෙසේ මහණ ගෝචරකුශල වෙයි.
10. කථඤ්ච භික්ඛවෙ භික්ඛු සාවසෙසදොහී හොති: ඉධ භික්ඛවෙ භික්ඛු සද්ධා ගහපතිකා අභිහට්ඨුං පවාරෙන්ති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානප්පච්චයභෙසජ්ජපරික්ඛාරෙන. තත්ර භික්ඛු මත්තං ජානාති පටිග්ගහණාය. එවං ඛො භික්ඛවෙ භික්ඛු සාවසෙසදොහී හොති.
10. මහණෙනි, කෙසේ මහණ සාවසේසදෝහී වේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු සැදැහැති ගෙහෙවියෝ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් එළවා පවරත්. එහිලා මහණ පිළිගැනීමට මාත්‍ර දන්නේය. මහණෙනි, මෙසේ මහණ සාවසේසදෝහී වෙයි.
11. කථඤ්ච භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා තෙ අතිරෙකපූජාය පූජෙතා හොති.
11. මහණෙනි, කෙසේ මහණ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපිතෘ සඞ්ඝපරිනායක යම් ඒ තෙරමහණහු වෙත්නම්, ඔවුන් අතිරේක පූජායෙන් පුදන්නේය යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා තෙසු මෙත්තං කායකම්මං පච්චුපට්ඨාපෙති ආවී චෙව රහො ච. මෙත්තං වචීකම්මං -පෙ- මෙත්තං මනොකම්මං පච්චචුපට්ඨාපෙති ආවී චෙව රහො ච. එවං ඛො භික්ඛවෙ භික්ඛු යෙ තෙ භික්ඛු ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිනායකා තෙ අතිරෙක පූජාය පූජෙතා හොති.
මහණෙනි, මෙ සස්නෙහි මහණ චිරරාත්‍රඥ වූ චිරප්‍රව්‍රජිත සඞ්ඝපිතෘ වූ සඞ්ඝපරිනායක වූ යම් එ ස්ථිවිර භික්ෂූහු වෙත් නම් ඔවුන් කෙරෙහි මෛත්‍රීකායකර්‍මය හමුයෙහි ද නොහමුයෙහි ද එළවයි. මෛත්රීවාක්කර්ම ... මෛත්රීමනඃකර්ම හමුයෙහි ද නොහමුයෙහි ද එළවයි. මහණෙනි, මෙසේ මහණ චිරරාත්‍රඥ චිරප්‍රව්‍රජිත සඞ්ඝපිතෘ සඞ්ඝපරිනායක යම් ඒ ස්ථිවිර භික්ෂූහු වෙත් නම්, ඔවුන් අතිරේක පූජායෙන් පුදන්නේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ එකාදසහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජිතුන්ති.
මහණෙනි, මෙ එකොළොස් කරුණින් සමන්වාගත මහණ මෙ ධර්මවිනයෙහි වෘද්ධියට, විපුලභාවයට පැමිණෙන්නට භව්‍ය වෙයි.