යෙදුමෙන් කියවන්න

පඨම සමාධි සුත‍්තං

11. 2. 8.

11. 2. 8.

පඨම සමාධි සුත‍්තං

පඨම සමාධි සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

අථ ඛො සම‍්බහුලා භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛු භගවන‍්තං එතදවොචුං:

එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ මහණහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:

සියා නු ඛො භන‍්තෙ භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස, න ආපස‍්මිං ආපොසඤ‍්ඤී අස‍්ස, න තෙජස‍්මිං තෙජොසඤ‍්ඤී අස‍්ස, න වායස‍්මිං වායොසඤ‍්ඤී අස‍්ස, න ආකාසානඤ‍්චායතනෙ ආකාසානඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න විඤ‍්ඤාණඤ‍්චායතනෙ විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ‍්ඤී අස‍්ස, න පරලොකෙ පරලොකසඤ‍්ඤී අස‍්ස, යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං තං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති?

වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසඥා ඇති නො වේ නම්, අප්හි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස් සංඥා ඇති නො වේ නම්, වායුයෙහි වායු සංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසනාඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් මේ ප්‍රාප්ත වූ පර්‍ය්‍යෙෂිත වූ මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා ඇති නොවේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණ හට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?

සියා භික‍්ඛවෙ භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං තං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

මහණෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නොවේ නම් ... යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත මනසින් අනුවිචරිත දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට එ බඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය යි.

යථා කථං පන භන‍්තෙ සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං තං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති?

වහන්ස, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇති නොමැති වේ නම් ... යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත සිතින් අනුවිචරිත දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් ද, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට කෙසේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?

ඉධ භික‍්ඛවෙ භික‍්ඛු එවංසඤ‍්ඤී හොති: “එතං සන‍්තං එතං පණීතං යදිදං සබ‍්බසඞ‍්ඛාර සමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානන‍්ති”. එවං ඛො භික‍්ඛවෙ සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස, න ආපස‍්මිං ආපොසඤ‍්ඤී අස‍්ස, න තෙජස‍්මිං තෙජොසඤ‍්ඤී අස‍්ස, න වායස‍්මිං වායොසඤ‍්ඤී අස‍්ස, න ආකාසානඤ‍්චායතනෙ ආකාසානඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න විඤ‍්ඤාණඤ‍්චායතනෙ විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤී අස‍්ස, න ආකිඤ‍්චඤ‍්ඤායතනෙ ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤී අස‍්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ‍්ඤී අස‍්ස, න පරලොකෙ පරලොකසඤ‍්ඤී අස‍්ස, යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි: ‘යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. මහණෙනි, මෙසේ යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, අප්හි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස්සංඥා නැතියේ වේ නම්, වායුයෙහි වායුසංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැතියේ වේ නම්, යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ද ඇත් නම් එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය යි.