දුතිය සමාධි සුත්තං
11. 2. 9.
11. 2. 9.
දුතිය සමාධි සුත්තං
දුතිය සමාධි සූත්‍රය
[සාවත්ථි]
[සැවැත්]
තත්ර ඛො භගවා භික්ඛු ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
සියා නු ඛො භික්ඛවෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
මහණෙනි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම්, අප්හි අප්සංඥා නැතියේ වේ නම්, තේජස්හි තේජස්සංඥා නැතියේ වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නැතියේ වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නැතියේ වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නැතියේ වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නැතියේ වේ නම්, යම් මේ ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, මනසින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් ඇත් නම් එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
භගවම්මූලකා නො භන්තෙ ධම්මා, භගවන්නෙත්තිකා, භගවම්පටිසරණා, සාධු වත භන්තෙ භගවන්තඤ්ඤෙ ව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො භගවතො සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.
වහන්ස, අපගේ ධර්මයෝ භගවද්මූලකයහ, භගවද්නේතෘකයහ, භගවත්ප්රතිසරණයහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්ත්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම්, ඒකාන්තයෙන් මැනෑ මය. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි අසා භික්ෂූහු ධරන්නාහයි.
තෙන හි භික්ඛවෙ සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛු භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
මහණෙනි, එකරුණින් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමියි. ‘වහන්ස, එසේය’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ, භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
සියා භික්ඛවෙ භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
මහණෙනි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේ ද වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේය.
යථා කථං පන භන්තෙ සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
වහන්ස, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේ ද වේ නම් කෙසේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ දැයි?
ඉධ භික්ඛවෙ භික්ඛු එවංසඤ්ඤී හොති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාර සමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති”. එවං ඛො භික්ඛවෙ සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
මහණෙනි, මෙසස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. ‘යම්බඳු මේ සර්වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්තය, තෙල ප්‍රණීතය’යි. මහණෙනි, මෙසේ වනාහි යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, සිතින් අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, එබඳු සමාධිප්‍රතිලාභයෙක් භික්ෂුහට වන්නේ යයි.