යෙදුමෙන් කියවන්න

තතිය සමාධි සුත‍්තං

11. 2. 10.

11. 2. 10.

තතිය සමාධි සුත‍්තං

තතිය සමාධි සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

අථ ඛො සම‍්බහුලා භික‍්ඛු යෙනායස‍්මා සාරිපුත‍්තො තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා සාරිපුත‍්තෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛු ආයස‍්මන‍්තං සාරිපුත‍්තං එතදවොචුං.

එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා එළඹියහ, එළඹ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හා සමග සතුටුවූහ. සම්මෝදනයට නිසි සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් එ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට තෙල කීහ:

සියානු ඛො ආවුසො සාරිපුත‍්ත භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති?

ඇවැත් ශාරීපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැතියේ වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?

සියා ආවුසො භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

ඇවැත්නි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් .... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යයි.

යථා කථම‍්පන ආවුසො සාරිපුත‍්ත සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති?

ඇවැත් ශාරීපුත්‍රයෙනි, යම්පරිද්දෙකින් පඨවියෙහි පෘථිවිසංඥා නැති වේ නම් .... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා ඇතියේත් සංඥා නැතියේත් වේ නම්, මහණ එබඳු සමාධිප්‍රතිලාභයෙක් කෙසේ වන්නේ දැයි?

ඉධාවුසො භික‍්ඛු එවංසඤ‍්ඤී හොති: “එතං සන‍්තං එතං පණීතං යදිදං සබ‍්බසඞ‍්ඛාර සමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානන‍්ති”. එවං ඛො ආවුසො සියා භික‍්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ‍්ඤී අස‍්ස -පෙ- යම‍්පිදං දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං පත‍්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්‍රාපි න සඤ‍්ඤී අස‍්ස, සඤ‍්ඤී ච පන අස‍්සාති.

ඇවැත්නි, මෙසස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. යම්බඳු මේ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්‍ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. ඇවැත්නි, යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නොවේ නම් ... යම් මේ මනසින් ප්‍රාප්ත වූ, පර්‍ය්‍යෙෂිත වූ, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා ඇතියේ නොවේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වේ යයි.