චතුත්ථ සමාධි සුත්තං
11. 2. 11.
11. 2. 11.
චතුත්ථ සමාධි සුත්තං
චතුත්‍ථසමාධි සූත්‍රය
[සාවත්ථි]
[සැවැත්]
තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛු ආමන්තෙසි -පෙ-
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මහණුන් ඇමතූහ ...
සියානු ඛො ආවුසො භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
ඇවැත්නි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා ඇතියේ නොවේ නම්, අප්හි අප්සංඥා ඇති නො වේ නම්, තේජස්හි තේජස්සංඥා ඇති නොවේ නම්, වායුවෙහි වායුසංඥා ඇති නො වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ඇති නො වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා ඇති නො වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා ඇති නො වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා ඇති නො වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා ඇති නො වේ නම්, යම් බඳු මේ මනසින් ප්‍රාප්ත වූ, පර්‍ය්‍යෙෂිත වූ, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නැතියේත් සංඥා ඇතියේත් වේ නම්, මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැ යි?
දූරතොපි ඛො මයං ආවුසො ආගච්ඡෙය්යාම ආයස්මතො සාරිපුත්තස්ස සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. සාධු වතායස්මන්තං යෙව සාරිපුත්තං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. ආයස්මතො සාරිපුත්තස්ස සුත්වා භික්ඛු ධාරෙස්සන්තීති.
ඇවැත් ශාරීපුත්‍රයෙනි, අපි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් හමුයෙහි තෙල භාෂිතයාගේ අර්ත්ථය දැන ගැනුම සඳහා දුර සිට එමු. තෙල භාෂිතයාගේ අර්ත්ථය ආයුෂ්මත් ශාරීපුත්‍රයනට ම වැටහේ නම් මැනෑ මය. ආයුෂ්මත් ශාරීපුත්රන්ගේ භාෂිතය අසා භික්ෂූහු ධරන්නාහයි.
තෙනහාවුසො සුණාථ සාධුකං මනසිකරොථ භාසිස්සාමීති. එවමාවුසොති ඛො තෙ භික්ඛු ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
ඇවැත්නි, එ කරුණින් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමැයි. ඇවැත්නි, එසේ යයි එ භික්ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍රයනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල කරුණ වදාළහ.
සියා ආවුසො භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
ඇවැත්නි, යම් පරිද්දෙකින් යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේයයි.
යථා කථම්පන ආවුසො සාරිපුත්ත සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස -පෙ- යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති?
ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, යම් පරිද්දෙකින් යම්පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැති වේ නම් ... යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම්, එහිදු සංඥා නැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම් මහණහට කෙසේ නම් එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ දැයි?
ඉධාවුසො භික්ඛු එවංසඤ්ඤී හොති: “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාර සමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානන්ති”. එවම්පි ඛො ආවුසො සියා භික්ඛුනො තථාරූපො සමාධිපටිලාභො යථා නෙව පඨවියං පඨවිසඤ්ඤී අස්ස, න ආපස්මිං ආපොසඤ්ඤී අස්ස, න තෙජස්මිං තෙජොසඤ්ඤී අස්ස, න වායස්මිං වායොසඤ්ඤී අස්ස, න ආකාසානඤ්චායතනෙ ආකාසානඤ්චායතනසඤ්ඤී අස්ස, න විඤ්ඤාණඤ්චායතනෙ විඤ්ඤාණඤ්චායතනසඤ්ඤී අස්ස, න ආකිඤ්චඤ්ඤායතනෙ ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤී අස්ස, න නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤී අස්ස, න ඉධ ලොකෙ ඉධලොකසඤ්ඤී අස්ස, න පරලොකෙ පරලොකසඤ්ඤී අස්ස, යම්පිදං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තත්රාපි න සඤ්ඤී අස්ස, සඤ්ඤී ච පන අස්සාති.
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ මෙබඳු සංඥා ඇතියේ වෙයි. යම්බඳු මේ සර්වසංස්කාරයන්ගේ ශමථයෙක්, සර්‍වොපධීන්ගේ ප්‍රතිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරෝධයෙක්, නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍රණීත ය’යි. ඇවැත්නි, යම් පරිද්දෙකින් පෘථිවියෙහි පෘථිවිසංඥා නොමැතියේ වේ නම්, අප්හි අප්සංඥා ඇති නොවේ නම්, තේජස්හි තේජස්සංඥා නොමැති වේ නම්, වායුයෙහි වායුසංඥා නොමැති වේ නම්, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා නොමැති වේ නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනසංඥා නොමැති වේ නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනසංඥා නොමැති වේ නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නොමැති වේ නම්, ඉහලෝකයෙහි ඉහලෝකසංඥා නොමැතියේ වේ නම්, පරලෝකයෙහි පරලෝකසංඥා නොමැති වේ නම්, යම්බඳු මේ මනසින් ප්‍රාප්ත, පර්‍ය්‍යෙෂිත, අනුවිචරිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤාතයෙක් වේ නම් එහිදු සංඥා නොමැතියේ වේ නම්, සංඥා ඇතියේත් වේ නම්, මහණහට මෙසේ එබඳු සමාධිප්‍රතිලාභයෙක් වන්නේ යි.
අනුස්සතිවග්ගො දුතියො.
අනුස්සති වර්ගය දෙවැනි යි.
තත්රුද්දානං:
එහි උද්දානය:
ද්වෙ මහානාමා ච නන්දියෙන සුභූතිනා ච මෙත්තා, දසමො ද්වෙ ච ගොපාලො චත්තාරො ච සමාධිනාති.
මහානාම සූත්‍ර දෙකය, නන්දිය සූත්‍රය, සුභූති සූත්‍රය, මෙත්තානිසංස සූත්‍රය, දසමගහපති සූත්‍රය, ගෝපාල සූත්‍ර දෙකය, සමාධි සූත්‍ර සතර දැයි එකොළොසෙකි.