යෙදුමෙන් කියවන්න

අනිච‍්චානුපස‍්සනා සුත‍්තං

11. 3. 1-8.

11. 3. 1-8.

අනිච‍්චානුපස‍්සනා සුත‍්තං

අනිච්චානුපස්සනාදි සූත්‍රයෝ

එකාදසහි භික‍්ඛවෙ අඞ‍්ගෙහි සමන‍්නාගතො ගොපාලකො අභබ‍්බො ගොගණං පරිහරිතුං ඵාතිකත‍්තුං, කතමෙහි එකාදසහි: ඉධ භික‍්ඛවෙ ගොපාලකො න රූපඤ‍්ඤූ හොති, න ලක‍්ඛණ කුසලො හොති, න ආසාටිකං සාටෙතා හොති, න වණං පටිච‍්ඡාදෙතා හොති, න ධූමං කත‍්තා හොති, න තිත්‍ථං ජානාති, න පීතං ජානාති, න වීථිං ජානාති, න ගොචරකුසලො හොති, අනවසෙසදොහී ච හොති, යෙ තෙ උසභා ගොපිතරො ගොපරිනායකා තෙ න අතිරෙකපූජාය පූජෙතා හොති, ඉමෙහි ඛො භික‍්ඛවෙ එකාදසහි අඞ‍්ගෙහි සමන‍්නාගතො ගොපාලකො අභබ‍්බො ගොගණං පරිහරිතුං ඵාතිකත‍්තුං.

මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්‍වාගත ගොපලු ගොමණ්ඩලය පරිහරණය කරන්නට හෝ වඩන්නට අභව්‍ය වෙයි. කවර එකොළොසෙකින යත්: මහණෙනි, මෙලොව්හි ගොපලු තෙම රූපඥ නො වෙයි. ලක්‍ෂණ කුශල නො වේ, මක්‍ෂිකාණ්ඩ නො හරනේ වෙයි. ව්‍රණප්‍රතිච්ඡාදන නො කරන්නේ වෙයි. ධූම නො කරන්නේ වෙයි. තීර්‍ත්‍ථය නො දන්නේය. පීතය නො දන්නේ ය. වීථිය නො දන්නේ ය. ගෝචර කුශල නොවන්නේ ය. අනවශේෂද්‍රෝහී ද වෙයි. ගෝපිතෘ වූ ගෝපරිනායක වූ යම් ඒ වෘෂභයෝ වෙත් නම් උන් අතිරේක පූජායෙන් නො පුදනුයේ වෙයි. මහණෙනි, මෙ එකොළොස් කරුණින් සමන්‍වාගත ගෝපාල තෙම ගොමණ්ඩල පරිහරණයට හෝ වර්ධනයට අභව්‍ය වෙයි.

එවමෙව ඛො භික‍්ඛවෙ එකාදසහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අභබ‍්බො චක‍්ඛුස‍්මිං අනිච‍්චානුපස‍්සී විහරිතුං -පෙ- අභබ‍්බො චක‍්ඛුස‍්මිං දුක‍්ඛානුපස‍්සී විහරිතුං -පෙ- අභබ‍්බො චක‍්ඛුස‍්මිං අනත‍්තානුපස‍්සී විහරිතුං -පෙ- අභබ‍්බො චක‍්ඛුස‍්මිං ඛයානුපස‍්සී විහරිතුං -පෙ- අභබ‍්බො චක‍්ඛුස‍්මිං වයානුපස‍්සී විහරිතුං -පෙ- අභබ‍්බො චක‍්ඛුස‍්මිං විරාගානුපස‍්සී විහරිතුං -පෙ- අභබ‍්බො චක‍්ඛුස‍්මිං නිරොධානුපස‍්සී විහරිතුං -පෙ- අභබ‍්බො චක‍්ඛුස‍්මිං පටිනිස‍්සග‍්ගානුපස‍්සී විහරිතුං -පෙ-

මහණෙනි, එපරිද්දෙන්ම එකොළොස් කරුණකින් සමන්‍වාගත මහණ චක්‍ෂුස්හි අනිත්‍යානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි දුඃඛානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි අනාත්මානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි, -පෙ- චක්‍ෂුස්හි ක්‍ෂයානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි. .... චක්‍ෂුස්හි ව්‍යයානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි. .... චක්‍ෂුස්හි විරාගානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි නිරොධානු දර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ... චක්‍ෂුස්හි ප්‍රතිනිඃසර්‍ගානුදර්ශීව වාසය කරන්නට අභව්‍ය වෙයි ...