යෙදුමෙන් කියවන්න

පඤ‍්චම කම‍්මසුත‍්තං

4. 5. 4. 5.

4. 5. 4. 5.

[පඤ‍්චම කම‍්මසුත‍්තං]

[පස්වන කර්‍ම සූත්‍රය]

36. චත‍්තාරිමානි භික‍්ඛවෙ කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානි. කතමානි චත‍්තාරි?

36. මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:

අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.

මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං? ඉධ භික‍්ඛවෙ එකච‍්චෙන මාතා ජීවිතා වොරොපිතා හොති, පිතා ජීවිතා වොරොපිතො හොති, අරහං ජීවිතා වොරොපිතො හොති, තථාගතස‍්ස දුට‍්ඨෙන චිත‍්තෙන ලොහිතං උප‍්පාදිතා හොති. සඞ‍්ඝොපි භින‍්නො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං.

මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙ ලොව ඇතැමකු විසින් මව දිවියෙන් තොරකරණ ලදු වෙයි. පියා දිවියෙන් තොර කරණ ලද්දේ වෙයි. රහත් දිවියෙන් තොර කරණ ලද්දේ වෙයි. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ කයෙහි ලේ සොල්වන ලද්දේ වෙයි. සඞ්ඝයා බිඳනා ලද්දේ වෙයි. මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, පිසුණාවාචා පටිවිරතො හොති, ඵරුසාවාචා පටිවිරතො හොති, සම‍්ඵප‍්පලාපා පටිවිරතො හොති, අනභිජ‍්ඣාලු හොති, අබ්‍යාපන‍්නචිත‍්තො හොති, සම‍්මාදිට‍්ඨිකො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං.

මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසාවායෙන් දුරුවූයේ වෙයි. පිසුණු බසින් දුරුවූයේ වෙයි. පරොස්බසින් දුරුවූයේ වෙයි. පලපින් දුරුවූයේ වෙයි. දළ ලෝභ නැතියේ වෙයි. ව්‍යාපාදයට නොපත් සිත් ඇතියේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, -පෙ- ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං.

මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති? තත්‍ර භික‍්ඛවෙ යමිදං කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං [තස‍්ස පහාණාය යා චෙතනා] -පෙ- ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හාසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.

මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා යම් කර්‍මයක් කෘෂ්ණ වේ ද කෘෂ්ණවිපාක ඇත්තේ වේ ද [ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද් ද] ... මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා මෙය අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය යි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානීති.

මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට වදාරණ ලදහ.