යෙදුමෙන් කියවන්න

චතුත්‍ථ කම‍්මසුත‍්තං

4. 5. 4. 4.

4. 5. 4. 4.

[චතුත්‍ථ කම‍්මසුත‍්තං]

[සිවුවන කර්‍ම සූත්‍රය]

35. චත‍්තාරිමානි භික‍්ඛවෙ කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානි. කතමානි චත‍්තාරි?

35. මහණෙනි, මේ කර්‍මයෝ සතර දෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:

අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හාසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.

මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මයෙක් ඇත. මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්‍ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මයෙක් ඇත.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාතී හොති, අදින‍්නාදායී හොති, කාමෙසු මිච‍්ඡාචාරී හොති, මුසාවාදී හොති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨායී හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං.

මහණෙනි, කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මය කවරේය? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහ මෙර පීමෙහි සිටුනේ වෙයි. මහණෙනි, මේ කෘෂ්ණ විපාක ඇති කෘෂ්ණ කර්‍මය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො පාණාතිපාතා පටිවිරතො හොති, අදින‍්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච‍්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ‍්ජපමාදට‍්ඨානා පටිවිරතො හොති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං.

මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, මෙ ලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසාවායෙන් දුරු වූයේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙර පීමෙන් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ ශුක්ල විපාක ඇති ශුක්ල කර්‍මය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති -පෙ- [වචීසඞ‍්ඛාරං -පෙ- මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති.] ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං.

මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි ... [වාක්සංස්කාර ... මනස්සංස්කාර රැස් කෙරෙයි.] මහණෙනි, මේ කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති කෘෂ්ණ ශුක්ල කර්‍මය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති? තත්‍ර භික‍්ඛවෙ යමිදං කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං [තස‍්ස පහාණාය යා චෙතනා] -පෙ- ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.

මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා කෘෂ්ණ විපාක ඇති යම් කෘෂ්ණ කර්‍මයෙක් වේ ද [ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද,] මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ වූ ද අශුක්ල වූ ද විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මය යි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානීති.

මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.