තතිය කම‍්ම සුත‍්තං
4. 5. 4. 3.
4. 5. 4. 3.
[තතිය කම‍්ම සුත‍්තං]
[තෙවන කර්‍ම සූත්‍රය]
34. අථ ඛො සිඛාමොග‍්ගල‍්ලානො බ්‍රාහ‍්මණො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවතා සද‍්ධිං සම‍්මොදි. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සිඛාමොග‍්ගල‍්ලානො බ්‍රාහ‍්මණො භගවන‍්තං එතදවොච:
34. එකල්හි සිඛාමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී. සතුටට කරුණු වූ සිහි කරණුවට නිසි කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පස් ව හුන් සිළුමුගලන් බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ ය:
පුරිමානි භො ගොතම දිවසානි පුරිමතරානි සොණකායනො මාණවො යෙනාහං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා මං එතදවොච:
භවත් ගෞතමයන් වහන්ස, පුරිම වූත් පුරිමතර වූත් දිනයෙහි සෝණකායන නම් මාණවක මා කරා එළඹියේ ය. එළඹ මට තෙල කී ය:
සමණො ගොතමො සබ‍්බකම‍්මානං අකිරියං පඤ‍්ඤාපෙති. සබ‍්බකම‍්මානං ඛො පන අකිරියං පඤ‍්ඤාපෙන‍්තො උච‍්ඡෙදං ආහ ලොකස‍්ස. කම‍්මසච‍්චායං භො ලොකො, කම‍්මසමාරම‍්භට‍්ඨායීති.
මහණ ගොයුම් සියලු කර්‍මයන්ගේ අක්‍රියාව පණවයි. සියලු කර්‍මයන්ගේ අක්‍රියාව පණවන්නේ ලොවට උච්ඡේදයක් කියයි. භවත්නි, මේ ලෝකය කර්‍මය සැහැවි කොට ඇත. කර්‍මසමාරම්භයෙන් (කර්‍ම රැස් කිරීමෙන්) සිටුනාසුලු ය. (කර්‍ම නොකරණුයේ උච්ඡේදයට යෙයි යූසේය.)
[භගවා:]
[භාග්‍යවත්හු:]
දස‍්සනම‍්පි ඛො අහං බ්‍රාහ‍්මණ සොණකායනස‍්ස මාණවස‍්ස නාභිජානාමි. කුතො පනෙවරූපො කථාසල‍්ලාපො?
බමුණ, මම සෝණකායන නම් මාණවකයාගේ දැක්මක් ද නො දන්මි. මෙබඳු කථා සල්ලාපයෙක් කොහි වී ද?
චත‍්තාරිමානි බ්‍රාහ‍්මණ කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානි. කතමානි චත‍්තාරි?
බමුණ, මේ සතර කර්‍ම කෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
අත්‍ථි බ්‍රාහ‍්මණ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං. අත්‍ථි බ්‍රාහ‍්මණ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං. අත්‍ථි බ්‍රාහ‍්මණ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං. අත්‍ථි බ්‍රාහ‍්මණ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.
බමුණ, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මයෙක් ඇත. බමුණ, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. බමුණ, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍මයෙක් ඇති.
කතමඤ‍්ච බ්‍රාහ‍්මණ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං? ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චො සබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සො සබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣං ලොකං උපපජ‍්ජති. තමෙනං සබ්‍යාපජ‍්ඣං ලොකං උපපන‍්නං සමානං සබ්‍යාපජ‍්ඣා ඵස‍්සා ඵුසන‍්ති. සො සබ්‍යාපජ‍්ඣෙහි ඵස‍්සෙහි ඵුට‍්ඨො සමානො සබ්‍යාපජ‍්ඣං වෙදනං වෙදියති එකන‍්තදුක‍්ඛං. සෙය්‍යථාපි සත‍්තා නෙරයිකා. ඉදං වුච‍්චති බ්‍රාහ‍්මණ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං.
බමුණ, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් කායසංස්කාර රැස් කොට සදොස් වාක්සංස්කාර රැස් කොට සදොස් මනස්සංස්කාර රැස් කොට සදුක් වූ ලොවට එළඹෙයි. සදුක් ලොවට එළඹියහු සදුක් විපාකස්පර්‍ශයෝ පහස්නාහ. හේ සදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලද්දේ ම ඒකාන්ත දුඃඛ වූ සදුක් වේදනා විඳී. නිරිසතුන් සෙයිනි. බමුණ, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍ම යි කියනු ලැබේ.
කතමඤ‍්ච බ්‍රාහ‍්මණ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං? ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චො අබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, අබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, අබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සො අබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා අබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා අබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා අබ්‍යාපජ‍්ඣං ලොකං උපපජ‍්ජති. තමෙනං අබ්‍යාපජ‍්ඣං ලොකං උපපන‍්නං සමානං අබ්‍යාපජ‍්ඣා ඵස‍්සා ඵුසන‍්ති සො අබ්‍යාපජ‍්ඣෙහි ඵස‍්සෙහි ඵුට‍්ඨො සමානො අබ්‍යාපජ‍්ඣං වෙදනං වෙදියති එකන‍්තසුඛං. සෙය්‍යථාපි දෙවා සුභකිණ‍්හා. ඉදං වුච‍්චති බ්‍රාහ‍්මණ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං.
බමුණ, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් නිදොස් කායසංස්කාර රැස් කෙරෙයි. නිදොස් වාක්සංස්කාර රැස් කෙරෙයි. නිදොස් මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ නිදොස් කායසංස්කාර රැස් කොට නිදොස් වාක්සංස්කාර රැස් කොට නිදොස් මනස්සංස්කාර රැස් කොට නිදුක් ලෝකයට එළඹෙයි. නිදුක් ලෝකයට එළඹියහු නිදුක් ස්පර්‍ශයෝ පහස්නාහ. හේ නිදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලද්දේ ඒකාන්ත සුඛ වූ නිදුක් වේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. බමුණ, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍ම යි කියනු ලැබේ.
කතමඤ‍්ච බ්‍රාහ‍්මණ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං? ඉධ බ්‍රාහ‍්මණ එකච‍්චො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි ලොකං උපපජ‍්ජති. තමෙනං සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි ලොකං උපපන‍්නං සමානං සබ්‍යාපජ‍්ඣාපි අබ්‍යාපජ‍්ඣාපි ඵස‍්සා ඵුසන‍්ති. සො සබ්‍යාපජ‍්ඣෙහිපි අබ්‍යාපජ‍්ඣෙහිපි ඵස‍්සෙහි ඵුට‍්ඨො සමානො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි වෙදනං වෙදියති වොකිණ‍්ණසුඛදුක‍්ඛං. සෙය්‍යථාපි මනුස‍්සා එකච‍්චෙ ච දෙවා එකච‍්චෙ ච විනිපාතිකා. ඉදං වුච‍්චති බ්‍රාහ‍්මණ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං.
බමුණ, කෘෂ්ණ-ශුක්ලවිපාක ඇති කෘෂ්ණ-ශුක්ලකර්‍මය කවරේ ය? බමුණ, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ ද නිදොස් වූ ද වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූ ද නිදොස් වූ ද මනස්සංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාරය රැස් කොට සදොස් වූ ද නිදොස් වූ ද වාක්සංස්කාරය රැස් කොට සදොස් වූ ද නිදොස් වූ ද මනස්සංස්කාරය රැස් කොට සදුක් වූ ද නිදුක් වූ ද ලෝකයට එළඹෙයි. සදුක් වූ ද නිදුක් වූ ද ලොවට එළඹියහු සදුක් වූ ද නිදුක් වූ ද විපාකස්පර්‍ශයෝ පහස්නාහ. හේ සදුක් වූ ද නිදුක් වූ ද ස්පර්‍ශයන් විසින් පහස්නා ලද්දේ ව්‍යවකීර්‍ණ සුඛදුඃඛ ඇති සදුක් වූ ද නිදුක් වූ ද විපාකවේදනා විඳී. ඇතැම් මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියන් හා විනිපාතිකයන් ද සෙයිනි. බමුණ, මේ කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ල කර්‍ම යි කියනු ලැබේ.
කතමඤ‍්ච බ්‍රාහ‍්මණ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති? තත්‍ර බ්‍රාහ‍්මණ යමිදං කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං තස‍්ස පහාණාය යා චෙතනා, යම‍්පිදං කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං තස‍්ස පහාණාය යා චෙතනා, යම‍්පිදං කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං තස‍්ස පහාණාය යා චෙතනා, ඉදං වුච‍්චති බ්‍රාහ‍්මණ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හාසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.
බමුණ, කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? බමුණ, එහි ලා කෘෂ්ණවිපාක ඇති යම් කෘෂ්ණකර්‍මයෙක් ඇත් ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, ශුක්ලවිපාක ඇති යම් ශුක්ලකර්‍මයෙක් ඇත් ද ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, කෘෂ්ණශුක්ලවිපාක ඇති යම් කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත් ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇත් ද, බමුණ, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ල කර්‍ම යි කියනු ලැබේ.
ඉමානි ඛො බ්‍රාහ‍්මණ චත‍්තාරි කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානීති.
බමුණ, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.