යෙදුමෙන් කියවන්න

4. කම‍්මවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. කර්ම වර්ගය

1. පඨම කම‍්මසුත‍්තවණ‍්ණනා

1. ප්‍රථම කර්ම සූත්‍ර වර්ණනාව

චතුත්‍ථස‍්ස පඨමෙ කණ‍්හන‍්ති කාළකං දසඅකුසලකම‍්මපථකම‍්මං. කණ‍්හවිපාකන‍්ති අපායෙ නිබ‍්බත‍්තනතො කාළකවිපාකං. සුක‍්කන‍්ති පණ‍්ඩරකං කුසලකම‍්මපථකම‍්මං. සුක‍්කවිපාකන‍්ති සග‍්ගෙ නිබ‍්බත‍්තනතො පණ‍්ඩරකවිපාකං. කණ‍්හසුක‍්කන‍්ති මිස‍්සකකම‍්මං. කණ‍්හසුක‍්කවිපාකන‍්ති සුඛදුක‍්ඛවිපාකං. මිස‍්සකකම‍්මඤ‍්හි කත්‍වා අකුසලෙන තිරච‍්ඡානයොනියං මඞ‍්ගලහත්‍ථිට‍්ඨානාදීසු උප‍්පන‍්නො කුසලෙන පවත‍්තෙ සුඛං වෙදියති. කුසලෙන රාජකුලෙපි නිබ‍්බත‍්තො අකුසලෙන පවත‍්තෙ දුක‍්ඛං වෙදියති. අකණ‍්හං අසුක‍්කන‍්ති කම‍්මක‍්ඛයකරං චතුමග‍්ගඤාණං අධිප‍්පෙතං. තඤ‍්හි යදි කණ‍්හං භවෙය්‍ය, කණ‍්හවිපාකං දදෙය්‍ය. යදි සුක‍්කං භවෙය්‍ය, සුක‍්කවිපාකං දදෙය්‍ය. උභයවිපාකස‍්ස පන අප‍්පදානතො අකණ‍්හං අසුක‍්කන‍්ති අයමෙත්‍ථ අත්‍ථො.

සිවුවැනි වර්ගයේ පළමු සූත්‍රයෙහි කණ්හං යනු කළු (කිලිටි) දශ අකුශල කර්‍ම පථකර්‍මයයි, කණ්හවිපාකං යනු අපායෙහි උපදනා බැවින් කිළිටි විපාකයයි, සුක්කං යනු සුදුවූ කුශලකර්‍මපථකර්‍මයයි, සුක්කවිපාකං යනු ස්වර්‍ගයෙහි උපදනා බැවින් සුදු විපාකයයි, කණ්හසුක්කං යන මිශ්‍ර වූ කර්‍මයයි, කණ්හසුක්කවිපාකං යනු සුඛ දුක්ඛ විපාකයයි, මිශ්‍රක කර්‍මයක් කොට අකුසලයෙන් තිරිසන් යෝනියෙහි මඟුල් ඇත් තැන් ආදියෙහි උපන්නේ කුසල බලයෙන් ප්‍රවෘත්ති විපාකයෙහි සැපවිඳියි, කුශලයෙන් රාජකුලයෙහි උපන්නේද අකුශල බලයෙන් ප්‍රවෘත්තියෙහි දුක් විඳියි, අකණ්හං අසුක්කං යනු කර්‍මක්ෂය කරන්නා වූ සිවුමඟ නුවණ අදහස් කරන ලදි. එය ද ඉදින් පාපය වන්නේ ද පාප විපාකය දෙන්නේය, ඉදින් කුශලය වන්නේ ද කුශල විපාකය දෙන්නේය, විපාක දෙකම නොදෙන බැවින් අකණ්හ අසුක්කය යනු මෙහි අර්‍ත්‍ථයයි.

2. දුතියකම‍්මසුත‍්තවණ‍්ණනා

2. දෙවන කර්ම සූත්‍ර වර්ණනාව

දුතියෙ සබ්‍යාබජ‍්ඣන‍්ති සදොසං. කායසඞ‍්ඛාරන‍්ති කායද‍්වාරචෙතනං. අභිසඞ‍්ඛරොතීති ආයූහති සම‍්පිණ‍්ඩෙති. සෙසද‍්වයෙපි එසෙව නයො. සබ්‍යාබජ‍්ඣං ලොකන‍්ති සදුක‍්ඛං ලොකං. සබ්‍යාබජ‍්ඣා ඵස‍්සාති සදුක‍්ඛා විපාකඵස‍්සා. සබ්‍යාබජ‍්ඣං වෙදනං වෙදියතීති සාබාධං විපාකවෙදනං වෙදියති. එකන‍්තදුක‍්ඛන‍්ති එකන‍්තෙනෙව දුක‍්ඛං, න සුඛසම‍්මිස‍්සං. සෙය්‍යථාපි සත‍්තා නෙරයිකාති එත්‍ථ සෙය්‍යථාපීති නිදස‍්සනත්‍ථෙ නිපාතො. තෙන කෙවලං නෙරයිකසත‍්තෙ දස‍්සෙති, අඤ‍්ඤෙ පන තංසරික‍්ඛකා නාම නත්‍ථි. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. සෙය්‍යථාපි මනුස‍්සාතිආදීසු පන මනුස‍්සානං තාව කාලෙන සුඛා වෙදනා උප‍්පජ‍්ජති, කාලෙන දුක‍්ඛා වෙදනා. එකච‍්චෙ ච දෙවාති එත්‍ථ පන කාමාවචරදෙවා දට‍්ඨබ‍්බා. තෙසඤ‍්හි මහෙසක‍්ඛතරා දෙවතා දිස‍්වා නිසින‍්නාසනතො වුට‍්ඨානං, පාරුතඋත‍්තරාසඞ‍්ගස‍්ස ඔතාරණං, අඤ‍්ජලිපග‍්ගණ‍්හනන‍්තිආදීනං වසෙන කාලෙන දුක‍්ඛං උප‍්පජ‍්ජති, දිබ‍්බසම‍්පත‍්තිං අනුභවන‍්තානං කාලෙන සුඛං. එකච‍්චෙ ච විනිපාතිකාති එත්‍ථ වෙමානිකපෙතා දට‍්ඨබ‍්බා. තෙ නිරන‍්තරමෙව එකස‍්මිං කාලෙ සුඛං, එකස‍්මිං කාලෙ දුක‍්ඛං වෙදියන‍්ති. නාගසුපණ‍්ණහත්‍ථිඅස‍්සාදයො පන මනුස‍්සා විය වොකිණ‍්ණසුඛදුක‍්ඛාව හොන‍්ති. පහානාය යා චෙතනාති එත්‍ථ විවට‍්ටගාමිනී මග‍්ගචෙතනා වෙදිතබ‍්බා. සා හි කම‍්මක‍්ඛයාය සංවත‍්තතීති.

දෙවැන්නෙහි සව්‍යාපජ්ඣං යනු ද්වේෂ සහගතවූයි, කායසංඛාරං යනු කායද්වාරයෙහි චෙතනාවයි, අභිසඞ්කරොති යනු රැස්කරයි, එකතුකරයි, සෙසු දෙකෙහි ද මේ ක්‍රමයමැයි, සව්‍යාපජ්ඣං ලොකං යනු දුක්සහිත ලෝකයයි, සව්‍යාජඣා ඵස්සා යනු දුක්සහිතවූ විපාක ස්පර්‍ශයයි, සව්‍යාපජ්ඣං වෙදනං වෙදියති යනු ආබාධ සහිත විපාක වේදනාව විඳියි, එකන්තදුක්ඛං යනු ඒකාන්තයෙන්ම දුකයි, සුවමුසුවූවක් නොවේ. සෙය්‍යථාපි සත්තා නෙරයිකා යනු මෙහි සෙය්‍යථාපි යනු නිදර්‍ශනාර්ථයෙහි නිපාතයෙකි, එයින් හුදෙක් නිරාගත සතුන් දක්වයි, ඊට සමාන වූ වෙනත් අය නම් නැත. මේ ක්‍රමයෙන් සියලු තැන අර්ථය දතයුතුයි, සෙය්‍යථාපි මනුස්සා යනාදියෙහි මිනිසුන්ට කලෙක සුඛවේදනාව උපදියි, කලෙක දුක්ඛවේදනාව උපදියි, එකච්වෙව දෙවා යනු මෙහි කාමාවචර දෙවිවරු දැක්විය යුත්තාහ, ඔවුනට වනාහි මහෙසාඛ්‍යතර වූ දෙවියන් දැක හුන් අසුනෙන් නැගිටීම, පෙරවූ උතුරු සළුව පහත හෙළීම, ඇඳිලි බැඳීම ආදි වශයෙන් කලෙක දුක් උපදියි, දිව සැපත් විඳින්නවුනට කලෙක සැපයයි, එකච්වෙ ව විනිපාතිකා යනු මෙහි විමාන ප්‍රේතයෝ දැක්විය යුත්තාහ, ඔවුහු නිරන්තරයෙන්ම එක් කලෙක සැපය ද එක් කලෙක දුක ද විඳිත්, නාග සුපර්‍ණ හස්ති අශ්වාදීහු මිනිසුන්ගෙන් මිශ්‍ර වූ සුවදුක් ඇත්තෝම වෙති, පහානාය යා චෙතනා යනු මෙහි නිර්‍වාණගාමී මාර්‍ගචෙතනාව දතයුතුය, එය කර්‍මක්ෂය සඳහා පවතියි.

3. තතිය කම‍්ම සුත‍්තවණ‍්ණනා

3. තෙවන කර්ම සූත්‍ර වර්ණනාව

තතියෙ සිඛාමොග‍්ගල‍්ලානොති සීසමජ‍්ඣෙ ඨිතාය මහතියා සිඛාය සමන‍්නාගතො මොග‍්ගල‍්ලානගොත‍්තො බ්‍රාහ‍්මණො. පුරිමානීති අතීතානන‍්තරදිවසතො පට‍්ඨාය පුරිමානි, දුතියාදිතො පට‍්ඨාය පුරිමතරානි වෙදිතබ‍්බානි. සොණකායනොති තස‍්සෙව අන‍්තෙවාසිකො. කම‍්මසච‍්චායං භො ලොකොති භො අයං ලොකො කම‍්මසභාවො. කම‍්මසමාරම‍්භට‍්ඨායීති කම‍්මසමාරම‍්භෙන තිට‍්ඨති. කම‍්මං ආයූහන‍්තොව තිට‍්ඨති, අනායූහන‍්තො උච‍්ඡිජ‍්ජතීති දීපෙති. සෙසං හෙට‍්ඨා වුත‍්තනයමෙව.

තෙවැන්නෙහි සිඛාමොග්ගල්ලානො යනු හිස මැද පිහිටි මහත් සිළුවකින් යුක්ත වූ මොග්ගලාන ගොත්‍රයෙහි වූ බමුණායි, පුරිමානි යනු අතීතයට අනතුරු දිනයෙහි පටන් පුරිමානි (මුලින්වූ) නමි, දෙවැනි දින ආදියෙහි සිට පුමතරානි යි දතයුතුය, සොනකායනො යනු ඔහුත්ම අතවැසියායි, කම්මසච්චායං භො ලොකො යනු භවත්නි, මේ ලෝකය කර්‍මය ස්වභාවකොට ඇත්තේය, කම්මසමාරම්හට්ඨායි යනු කර්‍මය ඇරඹීමෙන් සිටියි, කර්‍මය රැස්කරන්නේම සිටියි, රැස් නොකරන්නේ විනාශ වේ යයි දක්වයි. සෙස්ස යට කියන ලද ක්‍රමය ඇත්තේමය,

4. චතුත්‍ථ කම‍්මසුත‍්තවණ‍්ණනා

4. සිවුවන කර්ම සූත්‍ර වර්ණනාව

චතුත්‍ථාදීනිපි උත‍්තානත්‍ථානෙව. මග‍්ගඞ‍්ගෙසු පන යස‍්මා සතියා උපට‍්ඨපෙත්‍වා පඤ‍්ඤාය පරිච‍්ඡින්‍දති, තස‍්මා උභයමෙව කම‍්මං. සෙසා අඞ‍්ගානෙව හොන‍්ති, නො කම‍්මන‍්ති වුත‍්තං. බොජ‍්ඣඞ‍්ගෙසුපි එසෙව නයො. අභිධම‍්මෙ පන සබ‍්බම‍්පෙතං අවිසෙසෙන චෙතනාසම‍්පයුත‍්තකම‍්මන‍්තෙව වණ‍්ණිතං.

සතරවැන්න ආදිය ද පැහැදිලි අරුත් ඇත්තේමය, මාර්ගාඞ්ගයන්හි වනාහි යම්හෙයකින් සිහියෙන් එළවා ප්‍රඥාවෙන් පිරිසිඳියි ද එහෙයින් දෙකම කර්‍මයයි, සෙස්සෝ අංගයෝම වෙති, කර්‍ම නොවෙතියි කියන ලදි, බොධ්‍යංගයන්හි මේ ක්‍රමයමයි, අභිධර්‍මයෙහි වනාහි මේ සියල්ල අවිශේෂයෙන් චේතනා සම්ප්‍රයුක්ත කර්‍මයකැයි වර්ණිතය.

10. සමණසුත‍්තවණ‍්ණනා

10. සමණ සූත්‍ර වර්ණනාව

දසමෙ ඉධෙවාති ඉමස‍්මිංයෙව සාසනෙ. අයං පන නියමො සෙසපදෙසුපි වෙදිතබ‍්බො. දුතියාදයොපි හි සමණා ඉධෙව, න අඤ‍්ඤත්‍ථ. සුඤ‍්ඤාති රිත‍්තා තුච‍්ඡා. පරප‍්පවාදාති චත‍්තාරො සස‍්සතවාදා, චත‍්තාරො එකච‍්චසස‍්සතිකා, චත‍්තාරො අන‍්තානන‍්තිකා, චත‍්තාරො අමරාවික‍්ඛෙපිකා, ද‍්වෙ අධිච‍්චසමුප‍්පන‍්නිකා, සොළස සඤ‍්ඤිවාදා, අට‍්ඨ අසඤ‍්ඤිවාදා, අට‍්ඨ නෙවසඤ‍්ඤිනාසඤ‍්ඤිවාදා, සත‍්ත උච‍්ඡෙදවාදා, පඤ‍්ච දිට‍්ඨධම‍්මනිබ‍්බානවාදාති ඉමෙ සබ‍්බෙපි බ්‍රහ‍්මජාලෙ ආගතද‍්වාසට‍්ඨිදිට‍්ඨියො ඉතො බාහිරානං පරෙසං පවාදා පරප‍්පවාදා නාම. තෙ සබ‍්බෙපි ඉමෙහි චතූහි ඵලට‍්ඨකසමණෙහි සුඤ‍්ඤා. න හි තෙ එත්‍ථ සන‍්ති. න කෙවලඤ‍්ච එතෙහෙව සුඤ‍්ඤා, චතූහි පන මග‍්ගට‍්ඨකසමණෙහිපි, චතුන‍්නං මග‍්ගානං අත්‍ථාය ආරද‍්ධවිපස‍්සකෙහිපීති ද‍්වාදසහිපි සමණෙහි සුඤ‍්ඤා එව. ඉදමෙව අත්‍ථං සන්‍ධාය භගවතා මහාපරිනිබ‍්බානෙ (දී· නි· 2.214) වුත‍්තං –

දසවැන්නෙහි ඉධෙව යනු මේ සසුනෙහිමයි, මේ වනාහි නියමයයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමයි, දෙවැනි ආදී වූ ශ්‍රමණයෝ ද මේ සසුනෙහිමය, වෙනතැනක නොවෙත්: සුඤ්ඤා යනු හිස්, පහත්වූයි, පරප්පවාදා යනු සස්සතවාද සතරය, එකච්චස්සතිකවාද සතරය, අන්තාන්නතික සතරය, අමරාවික්ඛෙපික සතරය, අධිච්චසමුප්පන්නික දෙකය, සඤ්ඤිවාද සොළසය, අසඤ්ඤිවාද අටය, නෙවසඤ්ඤිනාසඤ්ඤිවාද අටය, උච්ඡෙදවාද සතය, දිට්ඨධම්මනිබ්බානවාද පසය යන මේ සියලුම බ්‍රහ්මජාල සූත්‍රයෙහි ආවාවූ දෙසැට දෘෂ්ටීහුයි, මෙයින් බාහිර වූ අන් අයගේ ප්‍රවාදයෝ පරප්පවාද නම් වෙති, ඒ සියල්ලෝම මෙම සතර ඵලස්ථ ශ්‍රමණයන්ගෙන් හිස්වෙති, ඔවුහු මෙහි නොවෙත්, හුදෙක් මොවුන්ගෙන් පමණක් සිස්වූවෝ නොවෙත්, සතර මාර්‍ගස්ථ ශ්‍රමණයන්ගෙන් සතර මාර්‍ගය සඳහා අරඹන ලද විදර්‍ශකයන්ගෙන් ද යන දොළොස් වැදෑරුම් ශ්‍රමණයන්ගෙන් ද ශුන්‍යම වෙති, මේ කරුණ සඳහාම භාග්‍යවතුන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දේශනා කරන ලදි.

“එකූනතිංසො වයසා සුභද‍්ද, යං පබ‍්බජිං කිංකුසලානුඑසී; වස‍්සානි පඤ‍්ඤාස සමාධිකානි, යතො අහං පබ‍්බජිතො සුභද‍්ද; ඤායස‍්ස ධම‍්මස‍්ස පදෙසවත‍්තී, ඉතො බහිද‍්ධා සමණොපි නත්‍ථි”.

සුහද්‍රය, වයසින් එකුන්තිස්වූ මම යහපත කුමක්දැයි සොයමින් පැවිද්වීමි යන යමක් වේද? සුභද්‍රය, යම්තාක් මම පණස් වසකට අධිකව පැවිද්දෙක් වීම්ද එතෙක් මෙයින් බාහිරව නිර්‍වාණ ධර්‍මය සඳහා අරඹන ලද විදසුන් ඇති ශ්‍රමණයෙක් නැත. දෙවැනි ශ්‍රමණයා ද නැත, තෙවැනි ශ්‍රමණයා ද නැත, සිවුවැනි ශ්‍රමණයා ද නැත, අන්‍ය පරප්‍රවාදයෝ ශ්‍රමණයන්ගෙන් ශුන්‍යය යනුවෙනි.

“දුතියොපි සමණො නත්‍ථි, තතියොපි සමණො නත්‍ථි, චතුත්‍ථොපි සමණො නත්‍ථි, සුඤ‍්ඤා පරප‍්පවාදා සමණෙහි අඤ‍්ඤෙහී”ති. එත්‍ථ හි පදෙසවත‍්තීති ආරද‍්ධවිපස‍්සකො අධිප‍්පෙතො. තස‍්මා සොතාපත‍්තිමග‍්ගස‍්ස ආරද‍්ධවිපස‍්සකං මග‍්ගට‍්ඨං ඵලට‍්ඨන‍්ති තයොපි එකතො කත්‍වා “සමණොපි නත්‍ථී”ති ආහ, සකදාගාමිමග‍්ගස‍්ස ආරද‍්ධවිපස‍්සකං මග‍්ගට‍්ඨං ඵලට‍්ඨන‍්ති තයොපි එකතො කත්‍වා “දුතියොපි සමණො නත්‍ථී”ති ආහ. ඉතරෙසුපි ද‍්වීසු එසෙව නයො. එකාදසමං උත‍්තානත්‍ථමෙවාති.

මෙහි පදෙසවත්තී යනු අරඹන ලද විදර්‍ශනා ඇත්තේයි අදහස් කරන ලදි, එහෙයින්, සෝවාන් මාර්‍ගය සඳහා අරඹන ලද විදසුන් ඇත්තා මාර්‍ගස්ථයා හා ඵලස්ථයා යන තුන්දෙනාම එක්කොට සමණොපිනත්‍ථි යි කීහ. සකෘදාගාමී මාර්‍ගය සඳහා අරඹන ලද විදසුන් ඇත්තා මාර්‍ගස්ථයා හා ඵලස්ථයා යන තිදෙනාම එක්කො දුතියොපි සමණො නත්‍ථි යි කීහ. ඉතිරි දෙකෙහි ද මේ ක්‍රමයමයි, එකොළොස්වැන්න පැහැදිලි අරුත් ඇත්තේමය.

කම‍්මවග‍්ගො චතුත්‍ථො.

සතරවැනිවූ මහා වර්‍ගයයි.