සමණසුත්තං
4. 5. 4. 10.
4. 5. 4. 10.
[සමණසුත්තං]
[සමණ සූත්‍රය]
41. ඉධෙව භික්ඛවෙ සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො, සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙති. එවමෙතං භික්ඛවෙ සම්මා සීහනාදං නදථ.
41. මහණෙනි, ප්‍රථම (ස්‍රෝතාපන්න) මහණ ද මෙසස්නෙහිම ය. දෙවන (සකෘදාගාමී) මහණ ද මෙසස්නෙහිම ය. තෙවන (අනාගාමී) මහණ ද මෙසස්නෙහි ම ය. සිවුවන (අර්හත්) මහණ ද මෙසස්නෙහි ම ය. අන්‍ය වූ පරප්‍රවාදයෝ ශ්රමණයන් කෙරෙන් තොරයහ යි. මහණෙනි, මෙසේ මොනොවට සිංහනාද කරව.
කතමො ච භික්ඛවෙ සමණො? ඉධ භික්ඛවෙ භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. අයං භික්ඛවෙ සමණො.
මහණෙනි, ප්‍රථම (ස්‍රෝතාපන්න) ශ්‍රමණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ත්‍රිවිධසංයෝජනයන්ගේ ක්ෂය කිරීමෙන් අවිනිපාතස්වභාව ඇති නියත වූ සම්බෝධිපරායණ වූ ස්‍රොතාපන්නයෙක් වේ. මහණෙනි, මේ (ප්‍රථම) ශ්‍රමණ යි.
කතමො ච භික්ඛවෙ දුතියො සමණො? ඉධ භික්ඛවෙ භික්ඛු තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයං භික්ඛවෙ දුතියො සමණො.
මහණෙනි, දෙවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ත්‍රිවිධසංයෝජනයන් ක්ෂය කිරීමෙන් රාගද්වේෂමෝහයන් තුනු බැවින් සකෘදාගාමී වෙයි. එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහණෙනි, මේ දෙවන මහණ යි.
කතමො ච භික්ඛවෙ තතියො සමණො? ඉධ භික්ඛවෙ භික්ඛු පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා අයං භික්ඛවෙ තතියො සමණො.
මහණෙනි, තෙවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්ෂය කිරීමෙන් එ බඹලොව පිරිනිවෙනසුලු එලොවින් වටාලා නොඑනසුලු ඕපපාතික වේ. මහණෙනි, මේ තෙවන මහණ යි.
කතමො ච භික්ඛවෙ චතුත්ථො සමණො? ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයං භික්ඛවෙ චතුත්ථො සමණො.
මහණෙනි, සිවුවන මහණ කවරේ ය? මහණෙනි, මෙසස්නෙහි මහණ ආස්රවක්ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි තමන් විසින් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට එළඹ වෙසේ, මහණෙනි, මේ සිවුවන මහණ යි.
ඉධෙව භික්ඛවෙ සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ’ති. එවමෙතං භික්ඛවෙ සම්මා සීහනාදං නදථාති.
මහණෙනි, පළමු මහණ මෙසස්නෙහි ය. දෙවන මහණ මෙසස්නෙහි ය. තෙවන මහණ මෙසස්නෙහි ය. සිවුවන මහණ මෙසස්නෙහි ය. අන්‍ය වූ පරප්‍රවාදයෝ මහණුන් කෙරෙන් තොරයහ. මහණෙනි, මෙසේ මොනොවට තෙල සිංහනාදය කරව.