සාවජ්ජ - අනවජ්ජකම්මසුත්තං
4. 5. 4. 8.
4. 5. 4. 8.
[සාවජ්ජ - අනවජ්ජකම්මසුත්තං]
[සාවජ්ජ - අනවජ්ජ කර්ම සූත්‍රය]
39. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
39. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්:
සාවජ්ජෙන කායකම්මෙන, සාවජ්ජෙන වචීකම්මෙන, සාවජ්ජෙන මනොකම්මෙන, සාවජ්ජාය දිට්ඨියා.
සාවද්‍යකායකර්‍මයෙන, සාවද්‍යවාක්කර්‍මයෙන, සාවද්‍යමඃකර්‍මයෙන, සාවද්‍ය දෘෂ්ටියෙනැ යි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එපරිදි නිරයෙහි වේ.
චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්ගයෙහි වේ. කවර සතරෙකින යත්:
අනවජ්ජෙන කායකම්මෙන අනවජ්ජෙන වචීකම්මෙන, අනවජ්ජෙන මනොකම්මෙන, අනවජ්ජාය දිට්ඨියා.
අනවද්‍ය කායකර්‍මයෙන, අනවද්‍ය වාක්කර්‍මයෙන, අනවද්‍ය මනඃකර්‍මයෙන, අනවද්‍ය දෘෂ්ටියෙනැ යි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසේ ස්වර්ගයෙහි වේ.
4. 5. 4. 9.
4. 5. 4. 9.
[සබ්‍යාපජ්ඣ - අබ්යාපජ්ඣකම්මසුත්තං]
[සඛ්‍යාපජ්ඣ - අබ්යාපජ්ඣ කර්ම සූත්‍රය]
40. චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි?
40. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් නිරයෙහි වේ. කවර සතරෙකින යත්:
සබ්යාපජ්ඣෙන කායකම්මෙන, සබ්යාපජ්ඣෙනවචීකම්මෙන, සබ්යාපජ්ඣෙන මනොකම්මෙන, සබ්යාපජ්ඣාය දිට්ඨියා.
සදොස් වූ කායකර්‍මයෙන, සදොස් වූ වාක්කර්‍මයෙන, සදොස් වූ මනඃකර්‍මයෙන, සදොස් වූ දෘෂ්ටියෙනැ යි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම් සේ ද, එසෙයින් නිරයෙහි වේ.
චතූහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙ. කතමෙහි චතූහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්ගයෙහි වේ. කවර සතරෙකින යත්:
අබ්යාපජ්ඣෙන කායකම්මෙන, අබ්යාපජ්ඣෙන වචීකම්මෙන, අබ්යාපජ්ඣෙන මනොකම්මෙන, අබ්යාපජ්ඣාය දිට්ඨියා.
නිදොස් වූ කායකර්‍මයෙන, නිදොස් වූ වාක්කර්‍මයෙන, නිදොස් වූ මනඃකර්‍මයෙන, නිදොස් වූ දෘෂ්ටියෙනැ යි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං සග්ගෙති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දේ යම්සේ ද, එසෙයින් ස්වර්ගයෙහි වේ.