සත්තමකම්මසුත්තං
4. 5. 4. 7.
4. 5. 4. 7.
[සත්තමකම්මසුත්තං]
[සත්වන කර්ම සූත්රය]
38. චත්තාරිමානි භික්ඛවෙ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
38. මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්රකාශ කරණ ලදහ. කවර සතර කර්මයහ යත්:
අත්ථි භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මයෙක් ඇත. මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්මයෙක් ඇත. මහණෙනි, කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්මයෙක් ඇත.
කතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති -පෙ- [වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං -පෙ-] ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර ... [මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්මය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති -පෙ- [වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං -පෙ-] ඉදං වුච්චති භික්ඛවෙ කම්ම සුක්කං සුක්කවිපාකං.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාර රැස් කෙරෙයි ... [වාක්සංස්කාර ... මනඃසංස්කාර ...] මහණෙනි, මේ ශුක්ල විපාක ඇති ශුක්ලකර්මය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති -පෙ- [වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං -පෙ-] ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
මහණෙනි, කෘෂ්ණ ශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාර රැස් කෙරෙයි [වාක්සංස්කාර ... මනඃසංස්කාර] මහණෙනි, මේ කෘෂ්ණශුක්ල විපාක ඇති කෘෂ්ණශුක්ලකර්මය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? සතිසම්බොජ්ඣඞ්ගො, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො, විරියසම්බොජ්ඣඞ්ගො, පීතිසම්බොජ්ඣඞ්ගො, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, සමාධිසම්බොජ්ඣඞ්ගො, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හ අසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
මහණෙනි, කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ල විපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්මය කවරේ ය? ස්මෘතිසම්බොධ්යඞ්ගය, ධර්මවිචයසම්බෝධ්යඞ්ගය, වීර්ය්යයසම්බෝධ්යඞ්ගය, ප්රීතිසම්බෝධ්යඞ්ගය, ප්රශ්රබ්ධිසම්බෝධ්යඞ්ගය, සමාධිසම්බෝධ්යඞ්ගය, උපේක්ෂාසම්බෝධ්යඞ්ග යි. මහණෙනි, මේ කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්මය යි කියනු ලැබේ.
ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්රකාශ කරණ ලදහ.