ඡට්ඨකම්මසුත්තං
4. 5. 4. 6.
4. 5. 4. 6.
[ඡට්ඨකම්මසුත්තං]
[සවන කර්ම සූත්‍රය]
37. චත්තාරිමානි භික්ඛවෙ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි. කතමානි චත්තාරි?
37. මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන සාක්ෂාත් කොට වදාරණ ලදහ. කවර සතර කර්‍මයහ යත්:
අත්ථි භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං. අත්ථි භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ කර්මයෙක් ඇත. ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මයෙක් ඇත. කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මයෙක් ඇත. කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මයෙක් ඇත.
කතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති -පෙ- ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හං කණ්හවිපාකං.
මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණකර්‍මය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො අබ්යාපජ්ඣං කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, -පෙ- ඉදං වුච්චති භික්ඛවෙ කම්මං සුක්කං සුක්කවිපාකං.
මහණෙනි, ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ ශුක්ලවිපාක ඇති ශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං? ඉධ භික්ඛවෙ එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, -පෙ- ඉදං වුච්චති භික්ඛවෙ කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං.
මහණෙනි, කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූ ද නිදොස් වූ ද කායසංස්කාරය රැස් කෙරෙයි ... මහණෙනි, මේ කෘෂ්ණශුක්ලවිපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.
කතමඤ්ච භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති? සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
මහණෙනි, කර්මක්ෂය පිණිස පවත්නා අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශුක්ලකර්‍මය කවරේ ය? සම්‍යග් දෘෂ්ටිය .. සම්‍යක් සමාධි යි. මහණෙනි, කර්මක්ෂය පිණිස පවත්නා මේ අකෘෂ්ණ අශුක්ලවිපාක ඇති අකෘෂ්ණ අශූකලකර්මය යි කියනු ලැබේ.
ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානීති.
මහණෙනි, මේ සතර කර්මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට පවසන ලදහ.