යෙදුමෙන් කියවන්න

5. ආපත‍්තිභයවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. ආපත්තිභය වර්ගය

1. පාපභික‍්ඛුසුත‍්තවණ‍්ණනා

1. පාපභික්ඛු සූත්‍ර වර්ණනාව

පඤ‍්චමස‍්ස පඨමෙ අපි නු තං, ආනන්‍ද, අධිකරණන‍්ති විවාදාධිකරණාදීසු අඤ‍්ඤතරං අධිකරණං භික‍්ඛුසඞ‍්ඝස‍්ස උප‍්පජ‍්ජි, සත්‍ථා තස‍්ස වූපසන‍්තභාවං පුච‍්ඡන‍්තො එවමාහ. කුතො තං, භන‍්තෙති, භන‍්තෙ, කුතො කින‍්ති කෙන කාරණෙන තං අධිකරණං වූපසමිස‍්සතීති වදති. කෙවලකප‍්පන‍්ති සකලං සමන‍්තතො. සඞ‍්ඝභෙදාය ඨිතොති සඞ‍්ඝෙන සද‍්ධිං වාදත්‍ථාය කථිතං පටිකථෙන‍්තොව ඨිතො. තත්‍රායස‍්මාති තස‍්මිං එවං ඨිතෙ ආයස‍්මා අනුරුද‍්ධො. න එකවාචිකම‍්පි භණිතබ‍්බං මඤ‍්ඤතීති “මා, ආවුසො, සඞ‍්ඝෙන සද‍්ධිං එවං අවචා”ති එකවචනම‍්පි වත‍්තබ‍්බං න මඤ‍්ඤති. වොයුඤ‍්ජතීති අනුයුඤ‍්ජති අනුයොගං ආපජ‍්ජති. අත්‍ථවසෙති කාරණවසෙ. නාසෙස‍්සන‍්තීති උපොසථප‍්පවාරණං උපගන‍්තුං අදත්‍වා නික‍්කඩ‍්ඪිස‍්සන‍්ති. සෙසං පාළිවසෙනෙව වෙදිතබ‍්බං.

පස්වැනි වර්‍ගයෙහි පළමු සූත්‍රයෙහි අපි නු තං ආනන්ද අධිකරණ යනු විවාදාධිකරණයන් අතුරින් එක්තරා අධිකරණයක් භික්ෂු සංඝයාට උපන්නේය, ශාස්තෲන් වහන්සේ එය සංසිඳුණු බව විමසන සේක් මෙසේ පැවසූ සේක. කුතො තං භන්තෙ යනු ස්වාමීනි කුමකින් කුමක් කවර කරුණකින් එය සංසිඳෙන්නේදැයි පවසයි. කෙවලකප්පං යනු සියල්ල, හාත්පසින් යනුයි, සඞ්ඝභෙදාය ඨිතො යනු සඞ්ඝයා සමග වාදය සඳහා කියන ලද යළි කියමින්ම සිටියේයි, තත්‍ථායස්මා යනු ඔහු එසේ සිටිකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ යනුයි, න එකවාචිකම්පි භණිතබ්බං මඤ්ඤති යනු ඇවැත්නි, සංඝයා සමඟ මෙසේ නොකියවයි එක්වචනයකුදු කියයුතු කොට නොහඟියි, වොයුඤ්ජති යනු යෙදෙයි, අනුයෝගයට එළඹෙයි, අත්‍ථවසෙ යන කරුණු පිළිබඳවයි, නාසිස්සන්ති යනු උපොසථපවාරණයන්ට එළඹීමට නොදී පිටකරත් (ඇද දමත්) සෙස්ස පෙළ වශයෙන්ම දතයුතුය.

2. ආපත‍්තිභය සුත‍්තවණ‍්ණනා

2. ආපත්තිභය සූත්‍ර වර්ණනාව

දුතියෙ ඛුරමුණ‍්ඩං කරිත්‍වාති පඤ‍්ච සිඛණ‍්ඩකෙ ඨපෙත්‍වා ඛුරෙන මුණ‍්ඩං කරිත්‍වා. ඛරස‍්සරෙනාති කක‍්ඛළසද‍්දෙන. පණවෙනාති වජ‍්ඣභෙරියා. ථලට‍්ඨස‍්සාති එකමන‍්තෙ ඨිතස‍්ස. සීසච‍්ඡෙජ‍්ජන‍්ති සීසච‍්ඡෙදාරහං. යත්‍ර හි නාමාති යං නාම. සො වතස‍්සාහන‍්ති සො වත අහං අස‍්සං, යං එවරූපං පාපං න කරෙය්‍යන‍්ති අත්‍ථො. යථාධම‍්මං පටිකරිස‍්සතීති ධම‍්මානුරූපං පටිකරිස‍්සති, සාමණෙරභූමියං ඨස‍්සතීති අත්‍ථො. කාළවත්‍ථං පරිධායාති කාළපිලොතිකං නිවාසෙත්‍වා. මොසල‍්ලන‍්ති මුසලාභිපාතාරහං. යථාධම‍්මන‍්ති ඉධ ආපත‍්තිතො වුට‍්ඨාය සුද‍්ධන‍්තෙ පතිට‍්ඨහන‍්තො යථාධම‍්මං කරොති නාම. භස‍්මපුටන‍්ති ඡාරිකාභණ‍්ඩිකං. ගාරය‍්හං භස‍්මපුටන‍්ති ගරහිතබ‍්බඡාරිකාපුටෙන මත්‍ථකෙ අභිඝාතාරහං. යථාධම‍්මන‍්ති ඉධ ආපත‍්තිං දෙසෙන‍්තො යථාධම‍්මං පටිකරොති නාම. උපවජ‍්ජන‍්ති උපවාදාරහං. පාටිදෙසනීයෙසූති පටිදෙසෙතබ‍්බෙසු. ඉමිනා සබ‍්බාපි සෙසාපත‍්තියො සඞ‍්ගහිතා. ඉමානි ඛො, භික‍්ඛවෙ, චත‍්තාරි ආපත‍්තිභයානීති, භික‍්ඛවෙ, ඉමානි චත‍්තාරි ආපත‍්තිං නිස‍්සාය උප‍්පජ‍්ජනකභයානි නාමාති.

දෙවැන්නෙහි ඛුරමුණ්ඩං රිත්වා යනු කුඩුම්බි පසක් තබා කුරයෙන් මුඬු කොටයි, බරස්සරෙන යනු රළු හඩිනි, පණවෙන යනු වාදා බෙරයෙනි, ථලට්ඨස්ස යනු එකත්පසෙක සිටියහුගේයි, සීසච්ඡෙජ්ජං යනු හිසසිඳීමට සුදුසුවූයි, යත්‍රහිනාම යනු යමකු නම් යනුයි, සො වතස්සං යනු ඒ මම වෙමි යනුයි, මෙබඳු වූ පාපයක් නොකරන්නෙමි යන අර්‍ත්‍ථයයි, යථා ධම්මං පටිකරිස්සති යනු ධර්‍මානුරූපව පිළියම් කරයි සාමණේර භූමියෙහි සිටින්නේ යයි අරුත්ය, කාළකං වත්‍ථං පරිධාය යනු කළු වැරහැල්ලක් හැඳයි, මොසල්ලං යනු මොහොලෙන් තැලීමට සුදුසුවූයි, යථාධම්මං යනු මෙහි ඇවතින් නැඟිට පිරිසුදු බවෙහි පිහිටන්නේ ධර්‍මානුකූලව කටයුතු කරයි නමි, අස්සපුටං යනු අලු පොදියයි, ගාරය්හං අස්සපුටං යනු ගැරහිය යුතු අලු පොදියකින් හිසෙහි ගසා නැසීමට සුදුසුවූයි, යථාධම්මං යනු මෙහි ඇවත දෙසන්නේ ධර්‍මානුකූලව කරයි නමි, උපවජ්ජං යනු නින්දාවට සුදුසු වූයි, පාටිදෙනීයෙසු යනු නැවත දෙසිය යුත්තෙහියි, මෙයින් සියලු ඇවැත් එක්කොට ගන්නා ලදි, ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි ආපත්තිභයානි යනු මහණෙනි, මේ සතර පැවැති නිසා උපදින බිය නම් වෙයි.

3. සික‍්ඛානිසංසසුත‍්තවණ‍්ණනා

3. සික්ඛාපදානිසංස සූත්‍ර වර්ණනාව

තතියෙ සික‍්ඛා ආනිසංසා එත්‍ථාති සික‍්ඛානිසංසං. පඤ‍්ඤා උත‍්තරා එත්‍ථාති පඤ‍්ඤුත‍්තරං. විමුත‍්ති සාරො එත්‍ථාති විමුත‍්තිසාරං. සති ආධිපතෙය්‍යා එත්‍ථාති සතාධිපතෙය්‍යං. එතෙසං හි සික‍්ඛාදිසඞ‍්ඛාතානං ආනිසංසාදීනං අත්‍ථාය වුස‍්සතීති වුත‍්තං හොති. ආභිසමාචාරිකාති උත‍්තමසමාචාරිකා. වත‍්තවසෙන පඤ‍්ඤත‍්තසීලස‍්සෙතං අධිවචනං. තථා තථා සො තස‍්සා සික‍්ඛායාති තථා තථා සො සික‍්ඛාකාමො භික‍්ඛු තස‍්මිං සික‍්ඛාපදෙ.

තෙවැන්නෙහි ශික්ෂා ආනිසංශයෝ මෙහිනුයි සික්ඛානිසංසං නමි, විමුක්තිසාරය මෙහිනුයි විමුත්තිසාරං නමි, සිහියේ බලය මෙහිනුයි සතාධිපතෙය්‍යං නමි, ශික්ෂාපද සංඛ්‍යාත වූ මේ ආනිසංශාදිය සඳහා මෙසේයයි කියන ලද්දේ වෙයි, ආභිසමාචාරිකා යනු උතුම් සමාචාරයට අයත්දැයයි, වත්වශයෙන් පැනවුණු ශීලයට මෙය නමෙකි, තථා තථා සො තස්සා සික්ඛාය යනු ඒ ඒ අයුරින් ඒ ශික්ෂාකාමී භික්ෂුව එම ශික්ෂා පදයෙහියි,

ආදිබ්‍රහ‍්මචරියිකාති මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස ආදිභූතානං චතුන‍්නං මහාසීලානමෙතං අධිවචනං. සබ‍්බසොති සබ‍්බාකාරෙන. ධම‍්මාති චතුසච‍්චධම‍්මා. පඤ‍්ඤාය සමවෙක‍්ඛිතා හොන‍්තීති සහවිපස‍්සනාය මග‍්ගපඤ‍්ඤාය සුදිට‍්ඨා හොන‍්ති. විමුත‍්තියා ඵුසිතා හොන‍්තීති අරහත‍්තඵලවිමුත‍්තියා ඤාණඵස‍්සෙන ඵුට‍්ඨා හොන‍්ති. අජ‍්ඣත‍්තංයෙව සති සූපට‍්ඨිතා හොතීති නියකජ‍්ඣත‍්තෙයෙව සති සුට‍්ඨු උපට‍්ඨිතා හොති. පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමීති විපස‍්සනාපඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමි. පඤ‍්ඤාය සමවෙක‍්ඛිස‍්සාමීති ඉධාපි විපස‍්සනාපඤ‍්ඤා අධිප‍්පෙතා. ඵුසිතං වා ධම‍්මං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමීති එත්‍ථ පන මග‍්ගපඤ‍්ඤාව අධිප‍්පෙතා.

ආදිබ්‍රහ්මචරියකා යනු මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ සතර මහා ශීලයන්ට මෙය නමෙකි, සබ්බසො යනු සර්‍වාකාරයෙනි, ධම්මා යනු සිවුසස් දහම්ය, පඤ්ඤාය සමවෙක්ඛිතා හොන්ති යනු විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලද්දෝ වෙත්, විමුත්තියා ඵස්සිතා හොන්ති යනු අරහත්තඵල විමුක්තියෙන් ඥානස්පර්‍ශයෙන් ස්පර්‍ශ කරන ලද්දෝ වෙත්, අජඣත්තංයෙව සති සුපට්ඨිතා හොති යනු ස්වකීය අධ්‍යාත්මයෙහි සිහිය මනාව එළඹ සිටියේ වෙයි, පඤ්ඤාය අනුග්ගහෙස්සාමි යනු විදර්‍ශනා ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි, පඤ්ඤාය සමවෙක්ඛිස්සාමි යනු මෙහි වනාහි මාර්‍ග ප්‍රඥාවම අදහස් කරන ලදි.

4. සෙය්‍යාසුත‍්තවණ‍්ණනා

4. සෙය්‍යා සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ පෙතාති කාලකතා වුච‍්චන‍්ති. උත‍්තානා සෙන‍්තීති තෙ යෙභුය්‍යෙන උත‍්තානකාව සයන‍්ති. අථ වා පෙත‍්තිවිසයෙ නිබ‍්බත‍්තා පෙතා නාම, තෙ අප‍්පමංසලොහිතත‍්තා අට‍්ඨිසඞ‍්ඝාතජටිතා එකෙන පස‍්සෙන සයිතුං න සක‍්කොන‍්ති, උත‍්තානාව සෙන‍්ති. අනත‍්තමනො හොතීති තෙජුස‍්සදත‍්තා සීහො මිගරාජා ද‍්වෙ පුරිමපාදෙ එකස‍්මිං, පච‍්ඡිමපාදෙ එකස‍්මිං ඨානෙ ඨපෙත්‍වා නඞ‍්ගුට‍්ඨං අන‍්තරසත්‍ථිම‍්හි පක‍්ඛිපිත්‍වා පුරිමපාදපච‍්ඡිමපාදනඞ‍්ගුට‍්ඨානං ඨිතොකාසං සල‍්ලක‍්ඛෙත්‍වා ද‍්වින‍්නං පුරිමපාදානං මත්‍ථකෙ සීසං ඨපෙත්‍වා සයති. දිවසම‍්පි සයිත්‍වා පබුජ‍්ඣමානො න උත‍්තසන‍්තො පබුජ‍්ඣති, සීසං පන උක‍්ඛිපිත්‍වා පුරිමපාදාදීනං ඨිතොකාසං සල‍්ලක‍්ඛෙත්‍වා සචෙ කිඤ‍්චි ඨානං විජහිත්‍වා ඨිතං හොති, “නයිදං තුය‍්හං ජාතියා, න සූරභාවස‍්ස අනුරූප”න‍්ති අනත‍්තමනො හුත්‍වා තත්‍ථෙව සයති, න ගොචරාය පක‍්කමති. ඉදං සන්‍ධාය වුත‍්තං – “අනත‍්තමනො හොතී”ති. අවිජහිත්‍වා ඨිතෙ පන “තුය‍්හං ජාතියා ච සූරභාවස‍්ස ච අනුරූපමිද”න‍්ති හට‍්ඨතුට‍්ඨො උට‍්ඨාය සීහවිජම‍්භනං විජම‍්භිත්‍වා කෙසරභාරං විධුනිත්‍වා තික‍්ඛත‍්තුං සීහනාදං නදිත්‍වා ගොචරාය පක‍්කමති. තෙන වුත‍්තං – “අත‍්තමනො හොතී”ති.

සතරවැන්නෙහි කලුරිය කළාහු පෙතායි කියනු ලැබෙත්, උත්තානා සෙන්ති යනු ඔවුහු බොහෝ සෙයින් උඩුකුරුව නිදත්, නැතහොත් ප්‍රේත ආත්මභාවයෙහි උපන් ප්‍රේතයෝ නම් වෙති. ඔවුහු අල්ප වූ මස්ලේ ඇති බැවින් ඇටසැකිල්ලෙන් වෙළුනාහු එක් පසෙකින් හිදීමට නොහැකි වෙති, උඩුකුරුවූවාහුම හොවිති, අනත්තමනො හොති යනු සිංහ මෘගරාජ තෙම් තෙද වැඩි බැවින් ඉදිරි පා දෙක එක් තැනක ද පසු පා දෙක එක තැනක ද තබා නගුට කලවා අතරෙහි බහා ඉදිරි හා පසුපස හා නගුට පිහිටි තැන සලකා ඉදිරි පා දෙක මත්තෙහි හිස තබා නිදයි, දවසකුදු නිදා පිබිදෙන්නේ නැති නොගනිමින් පිබිදෙයි, හිස ඔසවා ඉදිරි පා ආදිය පිහිටි තැන සලකා ඉදින් කිසිතැනක් අත්හරින ලද්දේ වෙයිද (තැබූ තැන වෙනස්වී ඇත්ද) මෙය ඔබගේ ජාතියෙහි ශූරභාවයට නොසුදුසුයයි අසතුටුවූයේ එහිම නිදයි, ගොදුරු සඳහා නොයයි, මේ සඳහා “අනත්තමනො හොති”යි කියන ලදි. (තැන) නොහැර සිටි විට ඔබේ ජාතියට ද ශූරභාවයට ද මෙය සුදුසුයයි සතුටුවූයේ නැඟිට හිරිපොළා කෙසරුසලා තෙවරක් සිංහනාදය කොට ගොදුරු සඳහා යයි, එහෙයින් “අත්තමනො”යි කියන ලදි.

5. ථූපාරහසුත‍්තවණ‍්ණනා

5. ථූපාරහ සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ රාජා චක‍්කවත‍්තීති එත්‍ථ කස‍්මා භගවා අගාරමජ‍්ඣෙ වසිත්‍වා කාලකතස‍්ස රඤ‍්ඤො ථූපකරණං අනුජානාති, න සීලවතො පුථුජ‍්ජනභික‍්ඛුස‍්සාති? අනච‍්ඡරියත‍්තා. පුථුජ‍්ජනභික‍්ඛූනඤ‍්හි ථූපෙ අනුඤ‍්ඤායමානෙ තම‍්බපණ‍්ණිදීපෙ තාව ථූපානං ඔකාසො න භවෙය්‍ය, තථා අඤ‍්ඤෙසු ඨානෙසු. තස‍්මා “අනච‍්ඡරියා තෙ භවිස‍්සන‍්තී”ති නානුජානාති. චක‍්කවත‍්තී රාජා එකොව නිබ‍්බත‍්තති, තෙනස‍්ස ථූපො අච‍්ඡරියො හොති. පුථුජ‍්ජනසීලවතො පන පරිනිබ‍්බුතභික‍්ඛුනො විය මහන‍්තම‍්පි සක‍්කාරං කාතුං වට‍්ටතියෙව. ඡට‍්ඨසත‍්තමානි උත‍්තානත්‍ථානෙව.

පස්වැන්නෙහි රාජා චක්කවත්ති යනු මෙහි කුමක්හෙයින් භාග්‍යවතුන් වහන්සේ ගිහිගෙහි වැස කලුරිය කළ රජුට ස්තූපකරණය අනුදන්නා සේක්ද? සිල්වත් පෘථග්ජන භික්ෂුවට නොඅනුදත් සේක්ද? ආශ්චර්‍ය්‍යවත් බැවිනි, පෘථග්ජන භික්ෂූන්ට ස්තූපයන් අනුදන්නා කල්හි තම්බපණ්ණි දිවයිනෙහි (ලංකාවෙහි) ගම් පටුන්වල ඉඩ ද නැතිවන්නේය. අන් තැන්හිද එසේය, එබැවින් ඒවා ආශ්චර්යයවත් නොවන්නේයයි නොඅනුදනිති, එකම (සක්විති රජ කෙනෙක් උපදියි. එබැවින් ඔහුගේ ස්තූපය ආශ්චර්‍ය්‍යවත් වෙයි, පුහුදුන් සිල්වතාට පිරිනිවන් පෑ භික්ෂුවට මෙන් මහත්වූද සත්කාර කිරීමට වටනේමය, සවැනි සත්වැනි සූත්‍ර පැහැදිලි අරුත් ඇත්තේමය.

8. අනරිය වොහාරසුත‍්තවණ‍්ණනා

8. අනරියවොහාර සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අනරියවොහාරාති අනරියානං කථා. සෙසෙසුපි එසෙව නයො.

අටවැන්නෙහි අනරියවොහාරා යනු අනාර්යයන්ගේ කථායි, සෙසු තැන්හි ද මේ ක්‍රමයයි.

ආපත‍්තිභයවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි වූ ආපත්තිභය වර්‍ගයයි.

පඤ‍්චමපණ‍්ණාසකං නිට‍්ඨිතං.