සෙය්යාසුත්තං
4. 5. 5. 4.
4. 5. 5. 4.
[සෙය්යාසුත්තං]
[සෙය්යා සූත්‍රය]
46. චතස්සො ඉමා භික්ඛවෙ සෙය්යා. කතමා චතස්සො?
46. මහණෙනි, මේ ශය්‍යාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
පෙතසෙය්‍යා, කාමභොගීසෙය්යා, සීහසෙය්‍යා, තථාගතසෙය්‍යා.
ප්‍රේතශය්‍යා ය, කාමභෝගීශය්‍යා, සිංහශය්‍යා ය, තථාගතශය්‍යා යි.
කතමා ච භික්ඛවෙ පෙතසෙය්‍යා? යෙභුය්යෙන භික්ඛවෙ පෙතා උත්තානා සෙන්ති. අයං වුච්චති භික්ඛවෙ පෙතසෙය්‍යා.
මහණෙනි, ප්‍රේතශය්‍යා කවර? මහණෙනි, මළාහු උඩුහුරුව හොවිත්. මහණෙනි, මේ ප්‍රේතශය්‍යා යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ කාමභොගීසෙය්යා? යෙභුය්යෙන භික්ඛවෙ කාමභොගී වාමෙන පස්සෙන සෙන්ති. අයං වුච්චති භික්ඛවෙ කාමභොගීසෙය්යා.
මහණෙනි, කාමභෝගීශය්‍යා නම් කවර? මහණෙනි, බෙහෙවින් කාමභොගීහු වම්පසින් හොවිත්. මහණෙනි, මේ කාමභෝගීශය්‍යා යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ සීහසෙය්‍යා? සීහො භික්ඛවෙ මිගරාජා දක්ඛිණෙන පස්සෙන සෙය්යං කප්පෙති පාදෙ පාදං අච්චාධාය, අන්තරා සත්ථීනං නඞ්ගුට්ඨං අනුක්ඛිපිත්වා. සො පටිබුජ්ඣිත්වා පුරිමං කායං අබ්භුන්නාමෙත්වා පච්ඡිමං කායං අනුවිලොකෙති. සචෙ භික්ඛවෙ සීහො මිගරාජා කිඤ්චි පස්සති කායස්ස වික්ඛිත්තං වා විසටං වා, තෙන භික්ඛවෙ සීහො මිගරාජා අනත්තමනො හොති. සචෙ පන භික්ඛවෙ සීහො මිගරාජා න කිඤ්චි පස්සති කායාස්ස වික්ඛිත්තං වා විසටං වා, තෙන භික්ඛවෙ සීහො මිගරාජා අත්තමනො හොති. අයං වුච්චති භික්ඛවෙ සීහසෙය්‍යා.
මහණෙනි, සිංහශය්‍යා නම් කවර? මහණෙනි, මෘගරාජන් වූ සිංහ පාපිට පය මඳක් ඇද තබා දෙකළවේ අතර නගුට බහා තබා දකුණු ඇළයෙන් ශය්‍යා කෙරෙයි. හේ පිබිද උඩුකය නගාගෙණ යටකය විමසා බලයි. මහණෙනි, ඉදින් මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් ඉදින් දක්නේ නම් මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ නො සතුටු වෙයි. මහණෙනි, මෘගරාජන් වූ සිංහ ශරීරාවයව විසිරීමක් හෝ විහිටීමක් හෝ කිසිත් නොදක්නේ නම්, මහණෙනි, එයින් මෘගරාජන් වූ සිංහ සතුටු වෙහි. මහණෙනි, මෙ සිංහශය්‍යා යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ තථාගතසෙය්‍යා? ඉධ භික්ඛවෙ තථාගතො විවිච්චෙව කාමෙහි [-පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං] -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති භික්ඛවෙ තථාගතසෙය්‍යා.
මහණෙනි, තථාගතශය්‍යා නම් කවර? මහණෙනි, මෙලොව තථාගතයන් වහන්සේ කාමයෙන් වෙන්ව ම … ප්‍රථම ධ්‍යානයට ... ද්විතීය ධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළඹ වෙසෙති. මහණෙනි, මේ තථාගතශය්‍යා යි කියනු ලැබේ.
ඉමා ඛො භික්ඛවෙ චතස්සො සෙය්යාති.
මහණෙනි, මේ සතර ශය්‍යාවෝ යි.