යෙදුමෙන් කියවන්න

ථූපාරහසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 5. 5. 5.

4. 5. 5. 5.

[ථූපාරහසුත‍්තං]

[ථූපාරහ සූත්‍රය]

47. චත‍්තාරොමෙ භික‍්ඛවෙ ථූපාරහා. කතමෙ චත‍්තාරො?

47. මහණෙනි, මේ ථූපාරහ පුද්ගලයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො ථූපාරහො, පච‍්චෙකබුද‍්ධො ථූපාරහො, තථාගතසාවකො ථූපාරහො, රාජා චක‍්කවත‍්තී ථූපාරහො.

තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ථුපාරහයහ. ප්‍රත්‍යෙක සම්බුද්ධයන් වහන්සේ ථූපාරහයහ. තථාගතශ්‍රාවකයන් වහන්සේ ථූපාරහයහ. සක්විති රජ ථුපාරහ යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො ථූපාරහාති.

මහණෙනි, මේ සතර දෙනා ථුපාරහයයෝ (=සෑ බැඳ පුදන්නට නිස්සෝ) යි.

4. 5. 5. 6.

4. 5. 5. 6.

[පඤ‍්ඤාවුද‍්ධි සුත‍්තං]

[පඤ්ඤාවුද්ධි සූත්‍රය]

48. චත‍්තාරොමෙ භික‍්ඛවෙ ධම‍්මා පඤ‍්ඤාවුද‍්ධියා සංවත‍්තන‍්තී. කතමෙ චත‍්තාරො?

48. මහණෙනි, මේ සතර දහම් කෙනෙක් ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්. කවර සතර දහම් කෙනෙක යත්:

සප‍්පුරිසසංසෙවො, සද‍්ධම‍්මසවණං, යොනිසො මනසිකාරො, ධම‍්මානුධම‍්මපටිපත‍්ති.

සත්පුරුෂයන් සෙවුනාබව ය, සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍මප්‍රතිපත් ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො ධම‍්මා පඤ‍්ඤාවුද‍්ධියා සංවත‍්තන‍්තීති.

මහණෙනි, මේ සතර දහම්හු ප්‍රඥාවෘද්ධිය පිණිස පවතිත්.

4. 5. 5. 7.

4. 5. 5. 7.

[බහුකාරසුත‍්තං]

[බහුකාර සූත්‍රය]

49. චත‍්තාරොමෙ භික‍්ඛවෙ ධම‍්මා මනුස‍්සභූතස‍්ස බහුකාරා හොන‍්ති. කතමෙ චත‍්තාරො?

49. මහණෙනි, සතර දහම් කෙනෙක් මනුෂ්‍යවූවක්හට බොහෝ උපකාර වෙති. කවර සතර දහම් කෙනෙක යත්:

සප‍්පුරිසසංසෙවො, සද‍්ධම‍්මසවණං, යොනිසො මනසිකාරො, ධම‍්මානුධම‍්මපටිපත‍්ති.

සත්පුරුෂයන් සෙවුනා බව ය. සද්ධර්‍මශ්‍රවණ ය, නුවණින් මෙනෙහි කිරීම ය, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ය යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො ධම‍්මා මනුස‍්සභූතස‍්ස බහුකාරා හොන‍්තීති.

මහණෙනි, මේ සතර දහම්හු මනුෂ්‍ය වූවක්හට බොහෝ උපකාර වෙති.

4. 5. 5. 8.

4. 5. 5. 8.

[අනරිය වොහාරසුත‍්තං]

[අනරියවෝහාර සූත්‍රය]

50. චත‍්තාරොමෙ භික‍්ඛවෙ අනරියවොහාරා. කතමෙ චත‍්තාරො?

50. මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අදිට‍්ඨෙ දිට‍්ඨවාදිතා, අසුතෙ සුතවාදිතා, අමුතෙ මුතවාදිතා, අවිඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදිතා.

අදෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, අමුතයෙහි මුතවාදිතා ය. අවිඥාතයෙහි විඥාතවාදිතා යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො අනරියවොහාරාති.

මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ යි.

4. 5. 5. 9.

4. 5. 5. 9.

[අරියවොහාරසුත‍්තං]

[අරියවෝහාර සූත්‍රය]

51. චත‍්තාරොමෙ භික‍්ඛවෙ අරියවොහාරා. කතමෙ චත‍්තාරො?

51. මහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අදිට‍්ඨෙ අදිට‍්ඨවාදිතා, අසුතෙ අසුතවාදිතා, අමුතෙ අමුතවාදිතා, අවිඤ‍්ඤාතෙ අවිඤ‍්ඤාතවාදිතා.

අදෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය, අශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, අමුතයෙහි අමුතවාදිතා ය, අවිඥාතයෙහි අවිඥාතවාදිතා යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො අරියවොහාරාති.

මහණෙනි, මේ සතර ආර්‍ය්‍යව්‍යවහාරයෝ යි.

4. 5. 5. 10.

4. 5. 5. 10.

[අනරිය වොහාරසුත‍්තං]

[අනරියවෝහාර සූත්‍රය]

52. චත‍්තාරොමෙ භික‍්ඛවෙ අනරියවොහාරා. කතමෙ චත‍්තාරො?

52. මහණෙනි, මේ අනාර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

දිට‍්ඨෙ අදිට‍්ඨවාදිතා, සුතෙ අසුතවාදිතා, මුතෙ අමුතවාදිතා, විඤ‍්ඤාතෙ අවිඤ‍්ඤාතවාදිතා.

දෘෂ්‍ටයෙහි අදෘෂ්ටවාදිතා ය. ශ්‍රැතයෙහි අශ්‍රැතවාදිතා ය, මුතයෙහි අමුතවාදිතා ය, විඥාතයෙහි අවිඥාතවාදිතා ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො අනරියවොහාරාති.

මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ යි.

4. 5. 5. 12.

4. 5. 5. 11.

[අරියවොහාරසුත‍්තං]

[අරියවෝහාර සූත්‍රය]

53. චත‍්තාරොමෙ භික‍්ඛවෙ අරියවොහාරා. කතමෙ චත‍්තාරො?

53. මහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

දිට‍්ඨෙ දිට‍්ඨවාදිතා, සුතෙ සුතවාදිතා, මුතෙ මුතවාදිතා, විඤ‍්ඤාතෙ විඤ‍්ඤාතවාදිතා.

දෘෂ්‍ටයෙහි දෘෂ්ටවාදිතා ය, ශ්‍රැතයෙහි ශ්‍රැතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඥාතයෙහි විඥාතවාදිතා ය.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො අරියවොහාරාති.

මහණෙනි, මේ සතර ආර්‍ය්‍යව්‍යවහාරයෝ ය.

ආපත‍්තිභයවග‍්ගො පඤ‍්චමො

ආපත්ති වර්‍ගය පස්වැනි යි.

පණ‍්ණාසකං පඤ‍්චමං.

පස්වන පණ්‍ණාසක ය යි.