යෙදුමෙන් කියවන්න

අභිඤ‍්ඤා සුත‍්තං

4. 6. 1.

4. 6. 1.

[අභිඤ‍්ඤා සුත‍්තං]

[අභිඤ්ඤා සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. චත‍්තාරොමෙ භික‍්ඛවෙ ධම‍්මා, කතමෙ චත‍්තාරො?

1. මහණෙනි, මේ ධර්‍මයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා. අත්‍ථි භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා.

මහණෙනි, ප්‍රඥායෙන් දැන (පරිඥේය) අවබෝධ කටයුතු ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍ය (ප්‍රහාණය කළයුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන භාවිතව්‍ය (=බැවිය යුතු) ධර්‍ම කෙනෙක් ඇත. මහණෙනි, ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍ය (ප්‍රත්‍යක්‍ෂ කටයුතු) ධර්‍ම කෙනෙක් ඇත.

කතමෙ ච භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා? පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා පරිඤ‍්ඤෙය්‍යා.

මහණෙනි, ප්‍රඥායෙන් දැන පරිඥෙය්‍ය ධර්‍මයෝ කවරහ: පඤ්චඋපාදානස්‍කන්‍ධයෝ යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන පරිඥේය (අවබෝධකටයුතු) හ යි කියනු ලැබෙත්.

කතමෙ ච භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා? අවිජ‍්ජා ච භවතණ‍්හා ච ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා පහාතබ‍්බා.

මහණෙනි, ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ: අවිද්‍යාව හා භවතෘෂ්ණා යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන ප්‍රහාතව්‍යයහ යි කියනු ලැබෙත්.

කතමෙ ච භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා? සමථො ච විපස‍්සනා ච ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා භාවෙතබ‍්බා.

මහණෙනි, ප්‍රඥායෙන් දැන භාවිතව්‍ය ධර්‍මයෝ කවරහ: සමථය හා විදර්‍ශනා යි. මහණෙනි, මෙ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන භාවිතව්‍යයහ යි කියනු ලැබෙත්.

කතමෙ ච භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා? විජ‍්ජා ච විමුත‍්ති ච ඉමෙ වුච‍්චන‍්ති භික‍්ඛවෙ ධම‍්මා අභිඤ‍්ඤා සච‍්ඡිකාතබ‍්බා.

මහණෙනි, ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍ය ධර්‍මයෝ කවරහ: විද්‍යාව හා විමුක්ති යි. මහණෙනි, මේ ධර්‍මයෝ ප්‍රඥායෙන් දැන සාක්‍ෂාත් කර්‍තව්‍යයහ යි කියනු ලැබෙත්.

ඉමෙ ඛො භික‍්ඛවෙ චත‍්තාරො ධම‍්මාති.

මහණෙනි, මේ සතර ධර්‍මයෝ යි.