6. අභිඤ්ඤාවග්ගො අට්ඨකථා
6. අභිඤ්ඤා වර්ගය
1. අභිඤ්ඤා සුත්තවණ්ණනා
1. අභිඤ්ඤා සූත්‍ර වර්ණනාව
ඡට්ඨස්ස පඨමෙ අභිඤ්ඤායාති ජානිත්වා. සමථො ච විපස්සනා චාති චිත්තෙකග්ගතා ච සඞ්ඛාරපරිග්ගහවිපස්සනාඤාණඤ්ච. විජ්ජා ච විමුත්ති චාති මග්ගඤාණවිජ්ජා ච සෙසා සම්පයුත්තකධම්මා ච.
සවැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අභිඤ්ඤා යනු ප්‍රඥාවෙන් මනාව දැනෙයි, සමථො ච විපස්සනා ච යනු සිතෙහි එකඟතාව හා සංස්කාරයන් විමසන විදර්ශනා ඥානයයි. විජ්ජා ච විමුත්ති ච යනු මාර්‍ගඥානවිද්‍යාව හා ඉතිරි සම්ප්‍රයුක්තක වූ ධර්මයෝයි.
2. පරියෙසනා සුත්තවණ්ණනා
2. පරියෙසනා සූත්‍ර වර්ණනාව
දුතියෙ අනරියපරියෙසනාති අනරියානං එසනා ගවෙසනා. ජරාධම්මන්ති ජරාසභාවං. සෙසෙසුපි එසෙව නයො. තතියං උත්තානමෙව.
දෙවැන්නෙහි අනරියපරියෙසනා යනු අනාර්යයන්ගේ සෙවීමයි, පර්යේෂණයයි, ජරාධම්මං යනු ජරා ස්වභාවයයි, සෙසෙහි ද මේ ක්‍රමයමැයි, තෙවැන්න පැහැදිලිමය.
4. මාලුඞ්ක්යපුත්තසුත්තවණ්ණනා
4. මාලුඞ්ක්යපුත්ත සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ මාලුක්යපුත්තොති මාලුක්යබ්රාහ්මණියා පුත්තො. එත්ථාති එතස්මිං තව ඔවාදයාචනෙ. ඉමිනා ථෙරං අපසාදෙතිපි උස්සාදෙතිපි. කථං? අයං කිර දහරකාලෙ පච්චයෙසු ලග්ගො හුත්වා පච්ඡා මහල්ලකකාලෙ අරඤ්ඤවාසං පත්ථෙන්තො කම්මට්ඨානං යාචති. අථ භගවා “එත්ථ දහරෙ කිං වක්ඛාම, මාලුක්‍යපුත්තො විය තුම්හෙපි තරුණකාලෙ පච්චයෙසු ලග්ගිත්වා මහල්ලකකාලෙ අරඤ්ඤං පවිසිත්වා සමණධම්මං කරෙය්යාථා”ති ඉමිනා අධිප්පායෙන භණන්තො ථෙරං අපසාදෙති නාම. යස්මා පන ථෙරො මහල්ලකකාලෙව අරඤ්ඤං පවිසිත්වා සමණධම්මං කාතුකාමො, තස්මා භගවා “එත්ථ දහරෙ කිං වක්ඛාම, අයං අම්හාකං මාලුක්‍යපුත්තො මහල්ලකකාලෙපි අරඤ්ඤං පවිසිත්වා සමණධම්මං කාතුකාමො කම්මට්ඨානං යාචති. තුම්හෙ තාව තරුණකාලෙපි වීරියං න කරොථා”ති ඉමිනා අධිප්පායෙන භණන්තො ථෙරං උස්සාදෙති නාමාති යොජනා.
සිවුවැන්නෙහි මාලුඞ්ක්යපුත්තො යනු මාලුඞ්ක්‍ය බැමිණියගේ පුතායි, එත්ථ යනු මේ ඔබගේ ඔවදන් ඉල්වීමෙහිය, මෙයින් තෙරුන් හෙළා දකියි ද ඔසවා තබයි ද වේ. කෙසේදයත්? මෙතෙම කුඩා අවදියෙහි ප්‍රත්‍යයන්හි ඇලී සිට පසුව මහලු කල්හි අරණ්‍යවාසය කැමතිවන්නේ කමටහන් අයදියි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙහි බාලයන්ට කුමක් කියමුද මාලුඞ්ක්‍ය පුත්‍රයා මෙන් නුඹලා ද තරුණ කාලයෙහි ප්‍රත්‍යයන්හි ඇලී මහලු කල්හි අරණට පිවිස මහණදම් කරන්නහුද යන අදහසින් කියන සේක් තෙරුන් හෙළාදකියි නමි. යම් හෙයකින් තෙරණුවෝ මහලූකල අරණට පිවිස මහණදම් කරනු කැමැත්තෝ ද එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙහි බාලයන්ට කුමක් කියමුද? මේ නුඹලාගේ මාලුඞ්ක්‍ය පුත්‍රතෙමේ මහලු කල්හි ද අරණට පිවිස මහණදම් කරනු කැමැත්තේ කමටහන් අයදියි නුඹලා වනාහි තුරුණු කල්හි ද වීර්ය නොකරන්නහුදැයි යන මේ අදහසින් කියන සේක් තෙරුන් ඔසවා තබයි නමි යනුවෙන් යෙදිය යුතුය.
5-10. කුලසුත්තාදිවණ්ණනා
5-10. කුල ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමෙ ආධිපච්චෙ ඨපෙන්තීති භණ්ඩාගාරිකට්ඨානෙ ඨපෙන්ති. ඡට්ඨෙ වණ්ණසම්පන්නොති සරීරවණ්ණෙන සමන්නාගතො. බලසම්පන්නොති කායබලෙන සමන්නාගතො. භික්ඛුවාරෙ වණ්ණසම්පන්නොති ගුණවණ්ණෙන සමන්නාගතො. බලසම්පන්නොති වීරියබලෙන සමන්නාගතො. ජවසම්පන්නොති ඤාණජවෙන සමන්නාගතො. සත්තමෙපි එසෙව නයො. සෙසමෙත්ථ උත්තානමෙවාති.
පස්වැන්නෙහි ආධිපච්චෙ ඨපෙන්ති යනු භාණ්ඩාගාරික තනතුරෙහි තබත්, සයවැන්නෙහි වණ්ණසම්පන්නො යනු ශරීර වර්ණයෙන් යුක්තවූයේයි, බලසම්පන්නො යනු කායබලයෙන් යුක්තවූයේයි, භික්ඛුවණ්ණසම්පන්නො යනු ගුණ පැහැයෙන් යුක්ත වූයේයි. බලසම්පන්නො යනු වීර්‍ය්‍යබලයෙන් යුක්තවූයේයි, ජවසම්පන්නො යනු ඥාන ජවයෙන් යුක්තවූයේයි, සත්වැන්නෙහි ද මේ ක්‍රමයමැයි, මෙහි පැහැදිලිමය.
අභිඤ්ඤාවග්ගො ඡට්ඨො.
සවැනි වූ අභිඤ්ඤා වර්ගයයි