සාවජ්ජ - අනවජ්ජ සුත්තං
4. 6. 10.
4. 6. 10.
[සාවජ්ජ - අනවජ්ජ සුත්තං]
[සාවජ්ජ - අනවජ්ජ සූත්‍රය]
10. චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති. සානුවජ්ජො විඤ්ඤූනං. බහුං ච අපුඤ්ඤං පසවති. කතමෙහි චතුහි?
10. මහණෙනි, මේ සතර කරුණෙකින් සමන්වාගත වූ බාල වූ අව්‍යක්ත වූ අසත්පුරුෂ ගුණ විසින් සාළ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ පව් ද රැස් කෙරෙයි. කවර සතරෙකින් යත්:
සාවජ්ජෙන කායකම්මෙන, සාවජ්ජෙන වචීකම්මෙන, සාවජ්ජෙන මනොකම්මෙන, සාවජ්ජාය දිට්ඨියා.
සාවද්‍ය වූ කායකර්මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ වාක්කර්මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ මනඃකර්මයෙන් යුක්ත වූයේ වෙයි. සාවද්‍ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො බාලො අව්යත්තො අසප්පුරිසො ඛතං උපහතං අත්තානං පරිහරති. සාවජ්ජො ච හොති සානුවජ්ජො විඤ්ඤූනං. බහුං ච අපුඤ්ඤං පසවතීති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ බාල අව්‍යක්ත අසත්පුරුෂ ගුණ විසින් සාරා දැමූ ගුණ විසින් නට ආත්මයක් පරිහරණය කෙරෙයි. සාවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද කටයුතු වූයේ බොහෝ අකුසල් ද රැස් කෙරෙයි.
චතුහි භික්ඛවෙ ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො ව්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුං ච පුඤ්ඤං පසවති. කතමෙහි චතූහි?
මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ පණ්ඩිත ව්‍යක්ත සත්පුරුෂ ගුණ විසින් සාරා නොදැමූ ගුණ විසින් නොනට ආත්මයක් පරිහරණය කෙරෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නොකටයුත්තේ බොහෝ පින් ද රැස් කෙරෙයි. කවර සතර කරුණෙකින් යත්:
අනවජ්ජෙන කායකම්මෙන, අනවජ්ජෙන වචීකම්මෙන, අනවජ්ජෙන මනොකම්මෙන, අනවජ්ජාය දිට්ඨියා.
අනවද්‍ය වූ කායකර්මයෙන් යුක්ත වූයේ වේ. අනවද්‍ය වූ වාක්කර්මයෙන් යුක්ත වූයේ වේ. අනවද්‍ය වූ මනඃකර්මයෙන් යුක්ත වූයේ වෙයි. අනවද්‍ය වූ දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො පණ්ඩිතො ව්යත්තො සප්පුරිසො අක්ඛතං අනුපහතං අත්තානං පරිහරති. අනවජ්ජො ච හොති අනනුවජ්ජො විඤ්ඤූනං. බහුඤ්ච පුඤ්ඤං පසවතීති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූ පණ්ඩිත වූ ව්‍යක්ත වූ සත්පුරුෂ ගුණ විසින් සාරා නො දැමූ ගුණ විසින් නොනටුවා වූ ආත්මයක් පරිහරණය කෙරෙයි. අනවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කටයුත්තේ බොහෝ කුසල් ද රැස් කෙරෙයි.
අභිඤ්ඤාවග්ගො ඡට්ඨො
අභිඥාවර්ගය සවැනි යි.