යෙදුමෙන් කියවන්න

බලසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 6. 8.

4. 6. 8.

[බලසුත‍්තං]

[බල සූත්‍රය]

8. චත‍්තාරිමානි භික‍්ඛවෙ බලානි. කතමානි චත‍්තාරි?

8. මහණෙනි, මේ සතර බලකෙනෙකි. කවර සතර දෙනෙක යත්:

විරියබලං සතිබලං සමාධිබලං පඤ‍්ඤාබලං. ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි බලානීති.

වීර්‍ය්‍යබල ය, ස්‍මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල යි. මහණෙනි, මේ බල සතර යි.

4. 6. 9.

4. 6. 9.

[අරඤ‍්ඤසෙනාසන සුත‍්තං]

[අරඤ්ඤසේනාසන සූත්‍රය]

9. චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු නාලං අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවිතුං. කතමෙහි චතූහි?

9. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ අරණ සෙනසුන ද, මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද, අරණෙහි ඉතා දුරසෙනසුන් ද, සෙවීමට නොනිසි වෙයි. කවර සතරෙකින් යත්:

කාමවිතක‍්කෙන, ව්‍යාපාදවිතක‍්කෙන, විහිංසාවිතක‍්කෙන, දුප‍්පඤ‍්ඤො හොති ජළො එලමූගො.

කාමවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ව්‍යාපාදවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. විහිංසාවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ජඩ වූයේ වහතොලු වූයේ දුෂ්ප්‍රාඥ ද වෙයි.

ඉමෙහි ඛො භික‍්ඛවෙ චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු නාලං අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවිතුන‍්ති.

මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත වූ මහණ අරණසෙනසුන ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුරසෙනසුන් ද සෙවීමට නො නිසි වෙයි.

චතුහි භික‍්ඛවෙ ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලං අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවිතුං. කතමෙහි චතූහි?

මහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත මහණ අරණසෙනසුන ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුර සෙනසුන් ද සෙවීමට නිසි වෙයි. කවර සතර කරුණෙන යත්:

නෙක‍්ඛම‍්මවිතක‍්කෙන, අව්‍යාපාදවිතක‍්කෙන, අවිහිංසාවිතක‍්කෙන, පඤ‍්ඤවා හොති අජළො අනෙළමූගො.

නෛෂ්ක්‍රම්‍යවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. අව්‍යාපාදවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. අවිහිංසාවිතර්‍කයෙන් යුක්ත වූයේ වේ. ජඩ නොවූයේ වහතොලු නොවූයේ පැණැතියේ ද වේ.

ඉමෙහි ඛො භික‍්ඛවෙ චතුහි ධම‍්මෙහි සමන‍්නාගතො භික‍්ඛු අලං අරඤ‍්ඤෙ වනපත්‍ථානි පන‍්තානි සෙනාසනානි පටිසෙවිතුන‍්ති.

මහණෙනි, මේ සතර කරුණින් සමන්‍වාගත මහණ අරණසෙනසුන් ද මිනිස්හසර ඉක්ම වූ වනසෙනසුන් ද අරණෙහි ඉතා දුරසෙනසුන් ද සෙවීමට නිසි වෙයි.