දුතිය ආජානීය සුත්තං
4. 6. 7.
4. 6. 7.
[දුතිය ආජානීය සුත්තං]
[දෙවැනි ආජානීය සූත්‍රය]
7. චතුහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි චතූහි?
7. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ රජසතු භද්‍ර අශ්වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කටයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යේ. කවර සතර කරුණින් යත්:
ඉධ භික්ඛවෙ රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති, බලසම්පන්නො ච, ජවසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච.
මහණෙනි, මෙ ලොව රජසතු භද්‍ර අශ්වාජානීය වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, මේ සතර කරුණින් යුත් රාජකීය භද්‍ර අශ්වාජානීය තෙමේ රාජාර්‍හ ද වෙයි. රාජභෝග්‍ය ද වෙයි. රජුගේ අවයවයෙකැ යි ගණනට යෙයි.
එවමෙව ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොතී, [පාහුණෙය්යො - දක්ඛිණෙය්යො - අඤ්ජලිකරණීයො] -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි චතූහි?
මහණෙනි, එ පරිදි ම සතර කරුණෙකින් යුක්ත වූ මහණ ආහුන්‍යෙය වෙයි. පාහුණ්‍යෙය වෙයි. දක්ඛිණ්යෙය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර කරුණින් යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො ච හොති, බලසම්පන්නො ච ජවසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්න ද වෙයි. ජවසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ වර්‍ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල් ඇත්තේ වේ ද ... සිකපදයන් සමාදන් ව ගෙණ හික්මේ ද, මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු බලසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ආරද්ධවිරියො විහරති. ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු බලසම්පන්නො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ බලසම්පන්න වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ රුකළ වැර ඇත්තේ බලවත් වූයේ දෘඪපරාක්‍රම ඇත්තේ කුසල්දහම්හි බහා නොතැබූ ධුර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මහණ මෙසේ බලසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ජවසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ආසවානං ඛයා -පෙ- සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ජවසම්පන්නො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ ජවසම්පන්න වේ ද? මහණෙනි, මේ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්ෂාත් කොට එයට පැමිණ වෙසෙයි. මහණෙනි, මහණ මෙසේ ජවසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ආරොහපරිණාහසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ලාභී හොති. චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරානං. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආරොහපරිණාහසම්පන්නො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ ආරෝහපරිණාහසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නේ වෙයි. මහණෙනි, මෙසේ මහණ ආරෝහපරිණාහසම්පන්න වෙයි.
ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති, [පාහුණෙය්යො - දක්ඛිණෙය්යො - අඤ්ජලිකරණීයො] -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත මහණ ආහුනෙය්‍ය වෙයි. පාහුණෙය්‍ය වෙයි. දක්ඛිණෙය්‍ය වෙයි. අඤ්ජලිකරණීය වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.