පඨම ආජානීයසුත්තං
4. 6. 6.
4. 6. 6.
[පඨම ආජානීයසුත්තං]
[ප්‍රථම ආජානීය සූත්‍රය]
6. චතුහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමෙහි චතුහි?
6. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූ රජසතු භද්‍ර අශ්වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කළයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යෙයි. කවර සතර කරුණින් යත්:
ඉධ භික්ඛවෙ රඤ්ඤො භද්රො අස්සාජානීයො වණ්ණසම්පන්නො ච හොති, බලසම්පන්නො ච, ජවසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි අඞ්ගෙහි සමන්නාගතො රඤ්ඤො භද්රො අස්සාජානීයො රාජාරහො හොති රාජභොග්ගො. රඤ්ඤො අඞ්ගන්ත්වෙව සඞ්ඛං ගච්ඡති.
මහණෙනි, මෙ ලොව රජක්හුගේ භද්‍ර අශ්වාජානීයයෙක් වර්‍ණසම්පන්නත් වේ ද, බලසම්පන්නත් වේ ද, ජවසම්පන්නත් වේ ද, අරෝහපරිණාහ සම්පන්නත් වේ ද, මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත වූ රජසතු භද්‍ර අශ්වාජානීය රාජාර්‍හ වෙයි. රජු විසින් වළඳ කළයුතු වෙයි. රජුගේ අවයවයෙකැයි ගණනට යෙයි.
එවමෙව ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- [පාහුණෙය්යො -පෙ- දක්ඛිණෙය්යො -පෙ- අඤ්ජලිකරණීයො -පෙ-] අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි චතුහි?
මහණෙනි, එ පරිදි ම සතර ධර්මයෙකින් සමන්වාගත වූ මහණ ආහුනාර්හ වෙයි. ප්‍රාඝුණාර්‍හ වෙයි. දක්ෂිණාර්හ වෙයි. අඤ්ජලිකරණාර්හ වෙයි. ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතර ධර්මයෙකින් යත්:
ඉධ භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො ච හොති, බලසම්පන්නො ච, ජවසම්පන්නො ච, ආරොහපරිණාහසම්පන්නො ච.
මහණෙනි, මෙ සස්නෙහි මහණ වර්‍ණසම්පන්න ද වෙයි. බලසම්පන්නද වෙයි. ජවසම්පන්න ද වෙයි. අරෝහපරිණාහසම්පන්න ද වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු සීලවා හොති -පෙ- සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු වණ්ණසම්පන්නො හොති.
මහණෙනි, මහණ කෙසේ වර්‍ණසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි. … සිකපදයෙහි සමාදන් ව ගෙණ හික්මෙයි. මහණෙනි, මෙසේ මහණ වර්‍ණසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු බලසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛූ ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහාණාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. එවං ඛො භික්ඛවෙ භික්ඛු බලසම්පන්නො හොති.
මහණෙනි, කෙසේ නම් මහණ බලසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ අකුසල් දහම් ප්රහාණය පිණිස කුසල් දහම් රැස් කිරීම පිණිස ඇරඹු වැර ඇත්තේ ථාමයෙන් යුක්ත වූයේ දැඩි පැරකුම් ඇතියේ කුසල්දහම්හි බහා නොතැබූ වීර්‍ය්‍යධූර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ බලසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ජවසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛසමුදයොති -පෙ- අයං දුක්ඛනිරොධොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. එවං ඛො භික්ඛවෙ භික්ඛු ජවසම්පන්නො හොති.
මහණෙනි, මහණ කෙසේ නම් ජවසම්පන්න වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ මේ දුඃඛය යි තත් වූ පරිදි දනී. මේ දුඃඛසමුදය යි ... මේ දුඃඛනිරෝධය යි ... මේ දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාය යි තත් වූ පරිදි දනී. මහණෙනි, මෙසේ මහණ ජවසම්පන්න වෙයි.
කථඤ්ච භික්ඛවෙ භික්ඛු ආරොහපරිණාහසම්පන්නො හොති? ඉධ භික්ඛවෙ භික්ඛු ලාභී හොති චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරානං. එවං ඛො භික්ඛවෙ භික්ඛු ආරොහපරිණාහසම්පන්නො හොති. ඉමෙහි ඛො භික්ඛවෙ චතුහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති -පෙ- [පාහුණෙය්යො -පෙ- දක්ඛිණෙය්යො -පෙ- අඤ්ජලිකරණීයො] -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
මහණෙනි, කෙසේ මහණ ආරෝහපරිණාහයෙන් යුක්ත වූයේ වේ ද? මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙයි. මහණෙනි, මෙසේ මහණ ආරෝහ පරිණාහ සම්පන්න වූයේ වෙයි. මහණෙනි, මේ සතර ධර්මයෙන් සමන්වාගත වූ මහණ ආහුන්‍යෙය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි.