කුලසුත්තං
4. 6. 5.
4. 6. 5.
[කුලසුත්තං]
[කුල සූත්රය]
5. යානි කානි චි භික්ඛවෙ කුලානි භොගෙසු මහන්තතං පත්තානි න චිරට්ඨිතිකානි භවන්ති, සබ්බානි තානි චතුහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි චතුහි?
5. මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණ යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණෙකින් හෝ සතර කරුණු අතුරෙන් අන්යතරයෙකින් හෝ චිරස්ථායී නො වෙත්. කවර සතර කරුණෙන යත්:
නට්ඨං න ගවෙසන්ති, ජිණ්ණං න පටිසඞ්ඛරොන්ති, අපරිමිතපානභොජනා හොන්ති, දුස්සීලං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චෙ ඨපෙන්ති.
නට දැය නො සොයත්. දිරූ දැය පිළිසකර නො කෙරෙත්. පරිමාණ රහිත පානභෝජන වළඳනාහු වෙත්. සිල් නැති ස්ත්රියක හෝ පුරුෂයකු හෝ භාණ්ඩාගාරික භාවයෙහි තබත්.
යානි කානි චි භික්ඛවෙ කුලානි භොගෙසු මහන්තතං පත්තානි. න චිරට්ඨිතිකානි භවන්ති, සබ්බානි තානි ඉමෙහි චතුහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන.
මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරෙන් අන්යතරයෙකින් හෝ චිරස්ථායී නො වෙත්.
යානි කානි චි භික්ඛවෙ කුලානි භොගෙසු මහන්තතං පත්තානි චිරට්ඨිතිකානි භවන්ති, සබ්බානි තානි චතුහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙන. කතමෙහි චතුහි?
මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණින් හෝ සතර කරුණු අතුරින් අන්යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්. කවර සතර කරුණින් යත්:
නට්ඨං ගවෙසන්ති, ජිණ්ණං පටිසඞ්ඛරොන්ති, පරිමිතපානභොජනා හොන්ති, සීලවන්තං ඉත්ථිං වා පුරිසං වා ආධිපච්චෙ ඨපෙන්ති.
නට දෑ සොයත්. දිරූ දැය පිළිසකර කෙරෙත්. පරිමාණ සහිත පාන භෝජන වළඳනාහු වෙත්. සිල් ඇති ස්ත්රියක හෝ පුරුෂයකු හෝ අධිපතිභාවයෙහි තබත්.
යානි කානි චි භික්ඛවෙ කුලානි භොගෙසු මහන්තතං පත්තානි චිරට්ඨිතිකානි භවන්ති, සබ්බානි තානි ඉමෙහි චතුහි ඨානෙහි, එතෙසං වා අඤ්ඤතරෙනාති.
මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරින් අන්යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්.