යෙදුමෙන් කියවන්න

මාලුඞ‍්ක්‍යපුත‍්තසුත‍්තං

4. 6. 4.

4. 6. 4.

[මාලුඞ‍්ක්‍යපුත‍්තසුත‍්තං]

[මාලුඞ්ක්‍යපුත්ත සූත්‍රය]

4. අථ ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො භගවන‍්තං එතදවොච:

4. එකල්හි ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළහ:

සාධු ඛො මෙ භන‍්තෙ භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු, යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.

මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ඒකාකී වූයෙම් ගණසඞ්ගණිකායේන් වෙන් වූයෙම් අප්‍රමත්ත වූයෙම් කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙම් ජීවිතනිරපේක්‍ෂක වූයෙම් වෙසෙම් ද, වහන්ස, ආයාචනා කරමි. භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් එබඳු දහමක් දෙසන සේක්වා යනුයි.

එත්‍ථදානි මාලුඞ‍්ක්‍යපුත‍්ත කිං දහරෙ වක‍්ඛාම, යත්‍ර හි නාම ත්‍වං ජිණ‍්ණො වුද‍්ධො මහල‍්ලකො තථාගතස‍්ස සඞ‍්ඛිත‍්තෙන ඔවාදං යාචසීති.

මාලුඞ්ක්‍යපුත්‍රය, යම් හෙයෙකින් තෝ දිරූයෙහි වයෝවෘද්ධ වූයෙහි මහලු වූයෙහි සැකෙවින් තථාගතයන්ගේ අවවාදය යදනෙහි ද, තෙල අවවාද දානයෙහි ලා දැන් තරුණ යෝගාවචරයනට කුමක් කියමෝ ද,

”දෙසෙතු මෙ භන‍්තෙ භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං, දෙසෙතු සුගතො සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං, අප‍්පෙවනාමාහං භගවතො භාසිතස‍්ස අත්‍ථං ආජානෙය්‍යං අප‍්පෙවනාමාහං භගවතො භාසිතස‍්ස දායාදො අස‍්සන‍්ති.”

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දහම් දෙසන සේක්වා! සුගතයන් වහන්සේ සැකෙවින් දහම් දෙසන සේක්වා. මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුලෙහි අරුත් දැනගණිම් නම් මැනව, මම භාග්‍යවතුන් වහන්සේගේ තෙපුලට දායාද වන්නෙම් නම් මැනව.

චත‍්තාරොමෙ මාලුඞ‍්ක්‍යපුත‍්ත තණ‍්හුප‍්පාදා යත්‍ථ භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති. කතමෙ චත‍්තාරො?

මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ තෘෂ්ණෝත්‍පාදයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

චීවරහෙතු වා මාලුඞ‍්ක්‍යපුත‍්ත භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, පිණ‍්ඩපාතහෙතු වා මාලුඞ‍්ක්‍යපුත‍්ත භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, සෙනාසනහෙතු වා මාලුඞ‍්ක්‍යපුත‍්ත භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, ඉති භවාභවහෙතු වා මාලුඞ‍්ක්‍යපුත‍්ත භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති.

මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට, චීවරහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට පිණ්ඩපාතහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට සයනාසනහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී. මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට ඉති භවාභවහේතුයෙන් හෝ උපදනා තෘෂ්ණායෙක් උපදී.

ඉමෙ ඛො මාලුඞ‍්ක්‍යපුත‍්ත චත‍්තාරො තණ‍්හුප‍්පාදා යත්‍ථ භික‍්ඛුනො තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති.

මාලුඞ්ක්‍යපුත්‍රය, මහණහට යම් අරමුණෙක උපදනා තෘෂ්ණාව උපදිනී වේ ද, මේ සතර ඒ තෘෂ්ණෝත්පාදයෝ යි.

යතො ඛො මාලුඞ‍්ක්‍යපුත‍්ත භික‍්ඛුනො තණ‍්හා පහීණා හොති, උච‍්ඡින‍්නමූලා තාලාවත්‍ථුකතා අනභාවකතා ආයතිං අනුප‍්පාදධම‍්මා. අයං වුච‍්චති මාලුඞ‍්ක්‍යපුත‍්ත භික‍්ඛු අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයි සංයොජනං, සම‍්මාමානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.

මාලුඞ්ක්‍යපුත්‍රයා, යම් කලෙක මහණහට තෘෂ්ණාව ප්‍රහීණ වේ ද, මුලුසුන් වේ ද, මස්තකච්ඡින්න තාලයක් සෙයින් අවස්තුක බවට පමුණුවන ලද ද, පුන පුනා කළ අභාවය ඇද්ද, මතුයෙහි අනුත්පාද ස්වභාවය ඇද්ද, මාලුඞ්ක්‍යපුත්‍රය, මේ මහණ තෘෂ්ණා සිඳපී ය යි සංයෝජන පෙරළාලී ය යි මොනොවට මානයාගේ ප්‍රහාණාභිසමයයෙන් දුක් කෙළවර කෙළේ ය යි කියනු ලැබේ.

අථ ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො භගවතා ඉමිනා ඔවාදෙන ඔවදිතො උට‍්ඨායාසනා භගවන‍්තං අභිවාදෙත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. අථ ඛො ආයස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො න චිරස‍්සෙව යස‍්සත්‍ථාය කුලපුත‍්තා සම‍්මදෙව අගාරස‍්මා අනගාරියං පබ‍්බජන‍්ති, තදනුත‍්තරං බ්‍රහ‍්මචරියපරියොසානං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති අබ‍්භඤ‍්ඤාසි.

එක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අවවාදයෙන් අවවාද කරණ ලද්දාහු හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියහ. එක්බිති ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙර ඒකාකී වූයේ ගණසඞ්ගණිකායේන් වෙන් වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇත්තේ නිවනට ගිය සිත් ඇතියේ වෙසෙමින් මඳ කලෙකින් යම් අර්‍හත්ත්‍වයක් පිණිස කුලපුත්‍රයෝ මොනොවට ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය කෙළවර කොට ඇති ඒ අර්‍හත්ත්‍වය වර්‍තමාන භවයෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ විසී. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වැස නිමවින. සතර මග කිස කරණ ලදි. මේ අර්‍හත්ත්‍වය පිණිස අන් දැයෙක් නැති යි දත්හ.

අඤ‍්ඤතරො ච පනායස‍්මා මාලුඞ‍්ක්‍යපුත‍්තො අරහතං අහොසීති.

ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්‍ර මහතෙරහු රහතුන් කෙරෙහි එක්තරා කෙනෙක් ද වූහු.