යෙදුමෙන් කියවන්න

පරියෙසනා සුත‍්තං

4. 6. 2.

4. 6. 2.

[පරියෙසනා සුත‍්තං]

[පරියේසනා සූත්‍රය]

2. චතස‍්සො ඉමා භික‍්ඛවෙ අනරියපරියෙසනා කතමා චතස‍්සො?

2. මහණෙනි, මේ අනාර්‍ය්‍යයන්ගේ පර්‍ය්‍යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ජරාධම‍්මො සමානො ජරාධම‍්මං යෙව පරියෙසති. අත‍්තනා ව්‍යාධිධම‍්මො සමානො ව්‍යාධිධම‍්මං යෙව පරියෙසති. අත‍්තනා මරණධම‍්මො සමානො මරණධම‍්මං යෙව පරියෙසති. අත‍්තනා සංකිලෙසධම‍්මො සමානො සංකිලෙසධම‍්මං යෙව පරියෙසති.

මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ම ජරාස්වභාවය ම සොයයි. තෙමේ ව්‍යාධිස්වභාව ඇතියේ ම ව්‍යාධිස්වභාවය ම සොයයි. තෙමේ මරණස්වභාව ඇතියේ ම මරණස්වභාවය ම සොයයි. තෙමේ සඞ්ක්ලේශස්වභාවය ඇතියේ ම සඞ්ක්ලේශස්වභාවය ම සොයයි.

ඉමා ඛො භික‍්ඛවෙ චතස‍්සො අනරියපරියෙසනාති.

මහණෙනි, මේ සතර අනාර්‍ය්‍ය පර්‍ය්‍යෙෂණාවෝ යි.

චතස‍්සො ඉමා භික‍්ඛවෙ අරියපරියෙසනා. කතමා චතස‍්සො?

මහණෙනි, මේ ආර්‍ය්‍යයන්ගේ පර්‍ය්‍යෙෂණාවෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ එකච‍්චො අත‍්තනා ජරාධම‍්මො සමානො ජරාධම‍්මෙ ආදීනවං විදිත්‍වා අජරං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති. අත‍්තනා ව්‍යාධිධම‍්මො සමානො ව්‍යාධිධම‍්මෙ ආදීනවං විදිත්‍වා අව්‍යාධිං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති. අත‍්තනා මරණධම‍්මො සමානො මරණධම‍්මෙ ආදීනවං විදිත්‍වා අමතං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති. අත‍්තනා සංකිලෙසධම‍්මො සමානො සංකිලෙසධම‍්මෙ ආදීනවං විදිත්‍වා අසංකිලිට‍්ඨං අනුත‍්තරං යොගක‍්ඛෙමං නිබ‍්බානං පරියෙසති.

මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ජරාස්වභාව ඇතියේ ජරාස්වභාවයෙහි ආදීනව දැන ජරා රහිත අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි. තෙමේ ව්‍යාධිස්වභාව ඇතියේ ව්‍යාධිස්වභාවයෙහි ආදීනව දැන ව්‍යාධි රහිත අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි. තෙමේ මරණස්‍වභාව ඇතියේ ම මරණස්වභාවයෙහි ආදීනව දැන මරණ රහිත වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි. තෙමේ සඞ්ක්ලේශස්වභාවය ඇතියේ සඞ්ක්ලේශස්වභාවයෙහි ආදීනව දැන සඞ්ක්ලේශ රහිත වූ අනුත්තර වූ යෝගක්‍ෂේම වූ නිර්‍වාණය සොයයි.

ඉමෙ ඛො භික‍්ඛවෙ චතස‍්සො අරියපරියෙසනාති.

මහණෙනි, මේ සතර ආර්‍ය්‍යපර්‍ය්‍යෙෂණාවෝ යි.