යෙදුමෙන් කියවන්න

සික‍්ඛානිසංසසුත‍්තං

4. 5. 5. 3.

4. 5. 5. 3.

[සික‍්ඛානිසංසසුත‍්තං]

[සික්ඛාපදානිසංස සූත්‍රය]

45. සික‍්ඛානිසංසමිදං භික‍්ඛවෙ බ්‍රහ‍්මචරියං වුස‍්සති පඤ‍්ඤුත‍්තරං විමුත‍්තිසාරං සතාධිපතෙය්‍යං.

45. මහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උතුම් කොට ඇති, විමුක්ති හර කොට ඇති, ස්‍මෘති ආධිපත්‍යය කොට ඇති, මෙ බඹසර වසනු ලැබේ.

කථඤ‍්ච භික‍්ඛවෙ සික‍්ඛානිසංසං හොති? ඉධ භික‍්ඛවෙ මයා සාවකානං ආභිසමාචාරිකා සික‍්ඛා පඤ‍්ඤත‍්තා අප‍්පසන‍්නානං පසාදාය, පසන‍්නානං භිය්‍යොභාවාය. යථා යථා භික‍්ඛවෙ මයා සාවකානං ආභිසමාචාරිකා සික‍්ඛා පඤ‍්ඤත‍්තා අප‍්පසන‍්නානං පසාදාය, පසන‍්නානං භිය්‍යොභාවාය, තථා තථා සො තස‍්සා සික‍්ඛාය අඛණ‍්ඩකාරී හොති අච‍්ඡිද‍්දකාරී අසබලකාරී අකම‍්මාසකාරී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. පුන චපරං භික‍්ඛවෙ මයා සාවකානං ආදිබ්‍රහ‍්මචරියිකා සික‍්ඛා පඤ‍්ඤත‍්තා සබ‍්බසො සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. යථා යථා භික‍්ඛවෙ මයා සාවකානං ආදිබ්‍රහ‍්මචරියිකා සික‍්ඛා පඤ‍්ඤත‍්තා සබ‍්බසො සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. තථා තථා සො තස‍්සා සික‍්ඛාය අඛණ‍්ඩකාරී හොති. අච‍්ඡිද‍්දකාරී අසබලකාරී අකම‍්මාසකාරී සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු. එවං භික‍්ඛවෙ සික‍්ඛානිසංසං හොති.

මහණෙනි, මේ බඹසර කෙසේ ශික්‍ෂා අනුසස් කොට ඇත්තේය යත්: මහණෙනි, මෙසස්නෙහි සව්වනට මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස ආභිසමාචාරික (උතුම්වත් පිළිබඳ) ශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස ප්‍රසන්නයන්ගේ භූයෝභාවය පිණිස සව්වනට ආභිසමාචාරික ශික්‍ෂා පණවන ලද ද, ඒ ඒ සැටියෙන් හේ (ශික්‍ෂාකාමී මහණ තෙම) ඒ ශික්‍ෂායෙහි අඛණ්‍ඩකාරී වේ. අච්‍ඡිද්‍රකාරී වේ. අශබලකාරී වේ. අකල්මාෂකාරී වේ. මොනොවට සමාදන්ව ශික්‍ෂාපදයෙහි හික්මේ. තව ද, මහණෙනි, මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍ය (මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට මුල් වූ සංවර) ශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍යශික්‍ෂා පණවන ලදු. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නස්නා පිණිස ශ්‍රාවකයනට ආදිබ්‍රහ්මචර්‍ය්‍යශික්‍ෂා පණවන ලදු ද, ඒ ඒ සැටියෙන් හේ ඒ ශික්‍ෂායෙහි අඛණ්ඩකාරී වෙයි. අච්ඡිද්‍රකාරී වෙයි. අශබලකාරී වෙයි. අකල්මාෂකාරී වෙයි. මොනොවට සමාදන් ව ශික්‍ෂාපදයෙහි හික්මෙයි. මහණෙනි, මෙසේ මේ බඹසර ශික්‍ෂා අනුසස් කොට ඇති වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ පඤ‍්ඤුත‍්තරං හොති? ඉධ භික‍්ඛවෙ මයා සාවකානං ධම‍්මා දෙසිතා සබ‍්බසො සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. යථා යථා භික‍්ඛවෙ මයා සාවකානං ධම‍්මා දෙසිතා සබ‍්බසො සම‍්මා දුක‍්ඛක‍්ඛයාය, තථා තථාස‍්ස තෙ ධම‍්මා පඤ‍්ඤාය සමවෙක‍්ඛිතා හොන‍්ති. එවං ඛො භික‍්ඛවෙ පඤ‍්ඤුත‍්තරං හොති.

මහණෙනි, බඹසර කෙසේ ප්‍රඥාව උත්තර කොට ඇත්තේ ය යත්: මහණෙනි, මෙසස්නෙහි සව්වනට මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස චතුඃසත්‍ය ධර්‍මයෝ දෙසන ලදහ. මහණෙනි, යම් යම් සැටියෙකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලද ද, ඒ ඒ සැටියෙන් ඔහු විසින් ඒ ධර්‍මයෝ ප්‍රඥායෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත්. මහණෙනි, මෙසේ මේ බඹසර ප්‍රඥාව උත්තර කොට ඇති වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ විමුත‍්තිසාරං හොති? ඉධ භික‍්ඛවෙ මයා සාවකානං ධම‍්මා දෙසිතා සබ‍්බසො සම‍්මා දුක‍්ඛක‍්ඛයාය. යථා යථා භික‍්ඛවෙ මයා සාවකානං ධම‍්මා දෙසිතා සබ‍්බසො සම‍්මා දුක‍්ඛක‍්ඛයාය, තථා තථාස‍්ස තෙ ධම‍්මා විමුත‍්තියා ඵස‍්සිතා හොන‍්ති. එවං ඛො භික‍්ඛවෙ විමුත‍්තිසාරං හොති.

මහණෙනි, බඹසර කෙසේ විමුක්තිය සාර කොට ඇත්තේ ය යත්: මහණෙනි, මෙසස්නෙහි මා විසින් සර්‍වප්‍රකාරයෙන් දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලදී. මහණෙනි, යම් යම් සැටියකින් මා විසින් සර්‍වප්‍රකාරයෙන් මොනොවට දුක් නසනු පිණිස ශ්‍රාවකයනට දහම් දෙසන ලද ද, ඒ ඒ සැටියෙන් ඔහු විසින් ඒ ධර්‍මයෝ විමුක්ති (ඥාන) යෙන් පහස්නා ලද්දාහු වෙති. මහණෙනි, මෙසේ බඹසර විමුක්තිය සාර කොට ඇත්තේ වෙයි.

කථඤ‍්ච භික‍්ඛවෙ සතාධිපතෙය්‍යං හොති? ඉති අපරිපූරං වා ආභිසමාචාරිකං සික‍්ඛං පරිපූරෙස‍්සාමි, පරිපූරං වා ආභිසමාචාරිකං සික‍්ඛං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමීති. අජ‍්ඣත‍්තං යෙව සති සූපට‍්ඨිතා හොති. ඉති අපරිපූරං වා ආදිබ්‍රහ‍්මචරියිකං සික‍්ඛං පරිපූරෙස‍්සාමි, පරිපූරං වා ආදිබ්‍රහ‍්මචරියිකං සික‍්ඛං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමීති අජ‍්ඣත‍්තං යෙව සති සූපට‍්ඨිතා හොති. ඉති අසමවෙක‍්ඛිතං වා ධම‍්මං පඤ‍්ඤාය සමවෙක‍්ඛිස‍්සාමි, සමවෙක‍්ඛිතං වා ධම‍්මං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමීති. අජ‍්ඣත‍්තං යෙව සති සූපට‍්ඨිතා හොති. ඉති අඵස‍්සිතං වා ධම‍්මං විමුත‍්තියා ඵස‍්සිස‍්සාමි. ඵස‍්සිතං වා ධම‍්මං තත්‍ථ තත්‍ථ පඤ‍්ඤාය අනුග‍්ගහෙස‍්සාමීති. අජ‍්ඣත‍්තං යෙව සති සූපට‍්ඨිතා හොති. එවං ඛො භික‍්ඛවෙ සතාධිපතෙය්‍යං හොති.

මහණෙනි, කෙසේ බඹසර ස්‍මෘතිය ආධිපත්‍යය කොට ඇත්තේය යත්: මෙසේ අපරිපූර්‍ණ වූ හෝ ආභිසමාචාරිකශික්‍ෂා පුරමි යි, පරිපූර්‍ණ වූ හෝ ආභිසමාචාරිකශික්‍ෂා ඒ ඒ තැන විදර්‍ශනාප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි තමා සතන්හි ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මෙසේ අපරිපූර්‍ණ වූ හෝ ආදිබ්‍රහ්මචර්‍ය්‍යකශික්‍ෂා පුරමි යි, පරිපූර්‍ණ වූ හෝ ආදිබ්‍රහ්මචර්‍ය්‍යකශික්‍ෂා ඒ ඒ තැන විදර්‍ශනා ප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙහි. මෙසේ මාර්‍ගප්‍රඥායෙන් නො දක්නා ලද හෝ චතුස්සත්‍යධර්‍මය මාර්‍ගප්‍රඥායෙන් දක්මි යි මාර්‍ගප්‍රඥායෙන් දක්නා ලද හෝ චතුස්සත්‍යධර්‍මය ඒ ඒ තැන මාර්‍ගප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මෙසේ ඥානස්පර්‍ශයෙන් නො පහස්නා ලද ධර්‍මය අර්‍හත්ඵලවිමුක්තියෙන් පහස්නෙමි යි පහස්නා ලද හෝ ධර්‍මය ඒ ඒ තැන ප්‍රඥායෙන් ලුහුබැඳ ගන්මි යි අධ්‍යාත්මයෙහි ම ස්මෘතිය මොනොවට එළඹ සිටුනී වෙයි. මහණෙනි, මෙසේ බඹසර ස්මෘතිය අධිපති කොට ඇති වෙයි.

සික‍්ඛානිසංසමිදං භික‍්ඛවෙ බ්‍රහ‍්මචරියං වුස‍්සති පඤ‍්ඤුත‍්තරං විමුත‍්තිසාරං සතාධිපතෙය්‍යන‍්ති ඉති යන‍්තං වුත‍්තං, ඉදමෙතං පටිච‍්ච වුත‍්තන‍්ති.

මහණෙනි, ශික්‍ෂා අනුසස් කොට ඇති, ප්‍රඥා උත්තර කොට ඇති, විමුක්තිය හර කොට ඇති, ස්මෘතිය ආධිපත්‍යය කොට ඇති, මේ බඹසර වැසේය යි මෙසේ යමක් වදාරණ ලද ද, මෙය තෙල කරුණ පිණිස වදාරණ ලදී.