යෙදුමෙන් කියවන්න

ආපත‍්තිභය සුත‍්තං

4. 5. 5. 2.

4. 5. 5. 2.

[ආපත‍්තිභය සුත‍්තං]

[ආපත්තිභය සූත්‍රය]

44. චත‍්තාරිමානි භික‍්ඛවෙ ආපත‍්තිභයානි. කතමානි චත‍්තාරි?

44. මහණෙනි, මේ ආපත්‍තිභය සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

සෙය්‍යථාපි භික‍්ඛවෙ චොරං ආගුචාරිං ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙය්‍යුං “අයං තෙ දෙව චොරො ආගුචාරී, ඉමස‍්ස දෙවො දණ‍්ඩං පණෙතූ”ති. තමෙනං රාජා එවං වදෙය්‍ය: ගච‍්ඡථ භො ඉමං පුරිසං දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථියාය රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙත්‍වා දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡින්‍දථාති. තමෙනං රඤ‍්ඤො පුරිසා දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථියාය රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙත්‍වා දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡින්‍දෙය්‍යුං. තත්‍රඤ‍්ඤතරස‍්ස ථලට‍්ඨස‍්ස පුරිසස‍්ස එවමස‍්ස පාපකං වත භො අයං පුරිසො කම‍්මං අකාසි ගාරය‍්හං සීසච‍්ඡෙජ‍්ජං, යත්‍ර හි නාම රඤ‍්ඤො පුරිසා දළ‍්හාය රජ‍්ජුයා පච‍්ඡාබාහං ගාළ‍්හබන්‍ධනං බන්‍ධිත්‍වා ඛුරමුණ‍්ඩං කරිත්‍වා ඛරස‍්සරෙන පණවෙන රථියාය රථියං සිඞ‍්ඝාටකෙන සිඞ‍්ඝාටකං පරිනෙත්‍වා දක‍්ඛිණද‍්වාරෙන නික‍්ඛාමෙත්‍වා දක‍්ඛිණතො නගරස‍්ස සීසං ඡින්‍දිස‍්සන‍්ති. සො වතස‍්සාහං එවරූපං පාපං කම‍්මං න කරෙය්‍යං ගාරය‍්හං සීසච‍්ඡෙජ‍්ජන‍්ති.

මහණෙනි, යම් පරිදි අපරාධ කරණ සොරහු ගෙණ රජුට දක්වත් ද, “දේවයෙනි, තොපට මේ සොරා අපරාධකාරීය. මොහුට දේවයෝ දඬුවම් එළවත්වා” කියා යි. රජ තුලුන් ගෙණ මෙසේ කිය යි: ‘භවත්නි, යව මේ මිනිසා දළරැහැණින් දොහොත් පිටත් කොට දැඩිසේ බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට හැද ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණු දික්හි හිස සිඳුව” කියා යි. රජුගේ පුරුෂයෝ ඒ සොරහු දළරැහැණින් දොහොත පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඩු කොට කැකුළු හඬ ඇති වදබෙරින් වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳිත්. එහි එකත්පස්ව සිටුනා අන්‍යතර පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, යම් කර්‍මයක් නිසා යම් පුරුෂයකු රජහුගේ පුරුෂයෝ දළරැහැණින් දෙ අත් පිටත ලා හයා දැඩි කොට බැඳ කර මුඬු කොට කැකුළු හඬ ඇති පණාබෙරින් වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට ගෙණ ගොස් දකුණු දොරින් නෙරවා නුවරට දකුණෙහි හිස සිඳින්නාහු ද, “මේ මිනිස් තෙමේ ගැරහිය යුතු හිස සිඳලිය යුතු එබඳු ලාමක කර්‍මයක් කෙළේම ය. හෙ මම නම් මෙබඳු ගැරහියයුතු හිස් සිඳියයුතු පාපකර්‍මයක් නො කෙරෙමි” යි.

එවමෙව ඛො භික‍්ඛවෙ යස‍්ස කස‍්සචි භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා එවං තිබ‍්බා භයසඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා හොති පාරාජිකෙසු ධම‍්මෙසු, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: අනාපන‍්නො වා පාරාජිකං ධම‍්මං න ආපජ‍්ජිස‍්සති. ආපන‍්නො වා පාරාජිකං ධම‍්මං යථාධම‍්මං පටිකරිස‍්සති.

මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පරිජිදහම්හි මෙසේ තීව්‍රභය සංඥා එළඹ සිටී ද, ඔහුට තෙල කැමැති වියයුතුයි: පරිජිඅවැතට නො පැමිණියේ පරිජිඇවැතට නො පැමිණෙන්නේ ය. පරිජිඇවැතට අවන්නේ හෝ ධර්‍මානුරූප කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය (=හෙරණ බැව්හි සිටුනේ ය.)

සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො කාළකං වත්‍ථං පරිධාය කෙසෙ පකිරිත්‍වා මුසලං ඛන්‍ධෙ ආරොපෙත්‍වා මහාජනකායං උපසඞ‍්කමිත්‍වා එවං වදෙය්‍ය: “අහං භන‍්තෙ පාපං කම‍්මං අකාසිං ගාරය‍්හං මොසල‍්ලං. යෙන මෙ ආයස‍්මන‍්තො අත‍්තමනා හොන‍්ති තං කරොමී”ති. තත්‍රඤ‍්ඤතරස‍්ස ථලට‍්ඨස‍්ස පුරිසස‍්ස එවමස‍්ස: “පාපකං වත භො අයං පුරිසො කම‍්මං අකාසි ගාරය‍්හං මොසල‍්ලං, යත්‍ර හි නාම කාළකං වත්‍ථං පරිධාය කෙසෙ පකිරිත්‍වා මුසලං ඛන්‍ධෙ ආරොපෙත්‍වා මහාජනකායං උපසඞ‍්කමිත්‍වා එවං වක‍්ඛති: ‘අහං භන‍්තෙ පාපං කම‍්මං අකාසිං ගාරය‍්හං මොසල‍්ලං. යෙන මෙ ආයස‍්මන‍්තො අත‍්තමනා හොන‍්ති, තං කරොමී”ති. සො වතස‍්සාහං එවරූපං පාපං කම‍්මං න කරෙය්‍යං ගාරය‍්හං මොසල‍්ලන‍්ති”.

මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මොහොලක් කර නගා ගෙණ මහජනකායට වැද මෙසේ කියන්නේ වේ ද: භවත්නි, මම ගැරහිය යුකු මොහොල් පහරට නිසි පාපකර්‍මයක් කෙළෙමි ආයුෂ්මත්හු මට දෙන යම් දඬුවමෙකින් සතුටු වවු නම්, එය කෙරෙමි කියා යි එහි දී එකත්පස් ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු මොහොලින් පහර දිය යුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද ඒ කෙරෙමි” යි යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මොහොලක් කර නගා ගෙණ මහජනකායට එළඹ මෙසේ කී ද’, මේ පුරුෂ ගැරහිය යුතු, මොහොලින් පහර දියයුතු, එබඳු පව්කමක් කෙළේය. හේ මම නම් එබඳු ගැරහිය යුතු මොහොලින් පහර දියයුතු පාපකර්‍මයක් නො කෙරෙම් ම ය.”

එවමෙව ඛො භික‍්ඛවෙ යස‍්ස කස‍්ස චි භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා එවං තිබ‍්බා භයසඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා හොති සඞ‍්ඝාදිසෙසෙසු ධම‍්මෙසු, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: අනාපන‍්නො වා සඞ‍්ඝාදිසෙසං ධම‍්මං න ආපජ‍්ජිස‍්සති. ආපන‍්නො වා සඞ‍්ඝාදිසෙසං ධම‍්මං යථාධම‍්මං පටිකරිස‍්සති.

මහණෙනි, එපරිදි ම යම් කිසි මහණෙකුට හෝ මෙහෙණකට හෝ සඟවෙසෙස් ඇවැත්හි මෙබඳු තීව්‍රභයසංඥා එළඹ සිටියා වේ ද, ඔහුට තෙල කැමැති වියයුතුයි: සඟවෙසෙස් ඇවතට නො පැමිණියේ හෝ නො අවදනේ ය. සඟවෙසෙස් ඇවතට අවන්නේ හෝ ධර්‍මානුකූල කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො කාළකං වත්‍ථං පරිධාය කෙසෙ පකිරිත්‍වා අස‍්සපුටං ඛන්‍ධෙ ආරොපෙත්‍වා මහාජනකායං උපසඞ‍්කමිත්‍වා එවං වදෙය්‍ය: “අහං භන‍්තෙ පාපං කම‍්මං අකාසිං ගාරය‍්හං අස‍්සපුටං යෙන මෙ ආයස‍්මන‍්තො අත‍්තමනා හොන‍්ති, තං කරොමී”ති. තත්‍රඤ‍්ඤතරස‍්ස ථලට‍්ඨස‍්ස පුරිසස‍්ස එවමස‍්ස: “පාපකං වත භො අයං පුරිසො කම‍්මං අකාසි ගාරය‍්හං අස‍්සපුටං. යත්‍ර හි නාම කාළකං වත්‍ථං පරිධාය කෙසෙ පකිරිත්‍වා අස‍්සපුටං ඛන්‍ධෙ ආරොපෙත්‍වා මහාජනකායං උපසඞ‍්කමිත්‍වා එවං වක‍්ඛති: ‘අහං භන‍්තෙ පාපං කම‍්මං අකාසිං ගාරය‍්හං අස‍්සපුටං. යෙන මෙ ආයස‍්මන‍්තො අත‍්තමනා හොන‍්ති, තං කරොමී’ති. සො වතස‍්සාහං එවරූපං පාපං කම‍්මං න කරෙය්‍යං ගාරය‍්හං අස‍්සපුටන‍්ති.”

මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ හළු පොදියක් කර නගා ගෙණ මහාජනකායට වැඳ මෙසේ කියන්නේ වේ ද: “භවත්නි, මම හළුපොදියෙන් හිසැ පැහැරිය යුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද, එය කෙරෙමි” යි. එහිදී එකත්පස්ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු හළු පොදියෙන් හිස පහර දුනමනා පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමෙකින් සතුටු වවු ද, එය කෙරෙමි’ යි කියා යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ හළුපොදියක් කර නගා ගෙණ මහජනකායට එළඹ මෙසේ කීයේ වේ ද, හේ මම නම් මෙබඳු ගැරහිය යුතු හළු පොදියක් නගා පහළ යුතු පාපකර්‍මයක් නො කෙරෙමි” යි.

එවමෙව ඛො භික‍්ඛවෙ යස‍්ස කස‍්ස චි භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා එවං තිබ‍්බා භයසඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා හොති පාචිත‍්තියෙසු ධම‍්මෙසු, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: අනාපන‍්නො වා පාචිත‍්තියං ධම‍්මං න ආපජ‍්ජිස‍්සති. ආපන‍්නො වා පාචිත‍්තියං ධම‍්මං යථා ධම‍්මං පටිකරිස‍්සති.

මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පචිති ඇවැත්හි මෙසේ තීව්‍ර වූ භය සංඥාව එළඹ සිටියා වේ ද, ඔහුට තෙල කැමැති විය යුතුය: පචිති ඇවැතට නො පැමිණියේ හෝ එයට නො අවදනේ යි. පචිති ඇවැතට අවන්නේ හෝ ධර්‍මානුකූල කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය.

සෙය්‍යථාපි භික‍්ඛවෙ පුරිසො කාළකං වත්‍ථං පරිධාය කෙසෙ පකිරිත්‍වා මහාජනකායං උපසඞ‍්කමිත්‍වා එවං වදෙය්‍ය: “අහං භන‍්තෙ පාපං කම‍්මං අකාසිං ගාරය‍්හං උපවජ‍්ජං. යෙන මෙ ආයස‍්මන‍්තො අත‍්තමනා හොන‍්ති, තං කරොමී”ති. තත්‍රඤ‍්ඤතරස‍්ස ථලට‍්ඨස‍්ස පුරිසස‍්ස එවමස‍්ස. “පාපකං වත භො අයං පුරිසො කම‍්මං අකාසි ගාරය‍්හං උපවජ‍්ජං, යත්‍ර හි නාම කාළකං වත්‍ථං පරිධාය කෙසෙ පකිරිත්‍වා මහාජනකායං උපසඞ‍්කමිත්‍වා එවං වක‍්ඛති: ‘අහං භන‍්තෙ පාපං කම‍්මං අකාසිං ගාරය‍්හං උපවජ‍්ජං. යෙන මෙ ආයස‍්මන‍්තො අත‍්තමනා හොන‍්ති, තං කරොමී”ති. සො වතස‍්සාහං එවරූපං පාපං කම‍්මං න කරෙය්‍යං ගාරය‍්හං උපවජ‍්ජන‍්ති.”

මහණෙනි, යම් පරිදි පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මහජනකායට වැද මෙසේ කියන්නේ වේ ද: “භවත්නි, මම ගැරහිය යුතු උපවාද කළ යුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමකින් සතුටු වවු ද, එය කෙරෙමි කියා යි. එහි දී එකත්පස්ව සිටුනා එක්තරා පුරුෂයකුට මෙබඳු සිතෙක් වෙයි: “භවත්නි, ‘මම ගැරහිය යුතු උපවාද කළයුතු පාපකර්‍මයක් කෙළෙමි. ආයුෂ්මත්හු මට කරණ යම් දඬුවමකින් සතුටු වවු ද, එය කෙරෙමි’ යි කියා යම් පුරුෂයෙක් කළුවතක් හැඳ කෙස් විසුරුවා ගෙණ මහාජනකායට අවුත් මෙසේ කී ද, හේ මම නම් මෙබඳු ගැරහිය යුතු උපවාද කළයුතු පව්කමක් නො කරමි” කියා යි

එවමෙව ඛො භික‍්ඛවෙ යස‍්ස කස‍්සචි භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා එවං තිබ‍්බා භයසඤ‍්ඤා පච‍්චුපට‍්ඨිතා හොති පාටිදෙසනීයෙසු ධම‍්මෙසු, තස‍්සෙතං පාටිකඞ‍්ඛං: අනාපන‍්නො වා පාටිදෙසනීයං ධම‍්මං න ආපජ‍්ජිස‍්සති. ආපන‍්නො වා පාටිදෙසනීයං ධම‍්මං යථා ධම‍්මං පටිකරිස‍්සති.

මහණෙනි, එපරිදි ම යම් කිසි මහණකුට හෝ මෙහෙණකට හෝ පාටිදේසනීය ඇවැත්නි මෙසේ තීව්‍ර වු භයසංඥාව එළඹ සිටී ද, ඔහුට මෙය කැමැති විය යුතුය: පාටිදේසනීය ඇවැතට නො පැමිණියේ හෝ නො අවදනේ ය. පාටිදේසනීය ඇවැතට අවන්නේ හෝ ධර්‍මානුකූල කොට ප්‍රතිකර්‍ම කරන්නේ ය කියා යි.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි ආපත‍්තිභයානීති.

මහණෙනි, මෙ සතර ආපත්තිභයහ.