පාපභික්ඛුසුත්තං
4. 5. 5. 1.
4. 5. 5. 1.
[පාපභික්ඛුසුත්තං]
[පාපභික්ඛු සූත්‍රය]
43. එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
43. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
අපි නු තං ආනන්ද අධිකරණං වුපසන්තන්ති? “කුතො තං. භන්තෙ අධිකරණං වුපසමිස්සති, ආයස්මතො භන්තෙ අනුරුද්ධස්ස බාහියො නාම සද්ධිවිහාරිකො කෙවලකප්පං සඞ්ඝභෙදාය ඨිතො. තත්ථායස්මා අනුරුද්ධො න එකවාචිකම්පි භණිතබ්බං මඤ්ඤතී” ති.
කිම ආනන්දය, ඒ (උපන්) අධිකරණය සන්සිඳුනේ වේ ද? “වහන්ස, කෙසේ ඒ අධිකරණ සන්සිඳෙන්නේ වේ ද, වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේගේ බාහිය නම් සද්ධිවිහාරිකයෙක් වටාගෙණ සඟුන් හි විරුද්ධවාදයට සිටියේ ය. එහි ලා ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ එක් බසකුත් බිණියයුතු සේ නහමක් සිතත්.”
කදා පනානන්ද අනුරුද්ධො සඞ්ඝමජ්ඣෙ අධිකරණෙසු වොයුඤ්ජති? නනු ආනන්ද යානි කානි චි අධිකරණානි උප්පජ්ජන්ති සබ්බානි තානි තුම්හෙ චෙව වූපසමෙථ සාරිපුත්තමොග්ගල්ලානා ච.
ආනන්දය, කිනම් දිනෙක අනුරුද්ධ සඟුන් මැද අධිකරණයෙහි අනුයෝගවතට නැගේ ද, ආනන්දය, යම්කිසි අධිකරණ කෙනෙක් ඇද්ද, එ හැම තෙපි හෝ සන්සිඳුවන්නාහු නො වේ ද, සැරියුත් මුගලන් දෙනම හෝ සන්සිඳුවන්නාහු නො වේ ද,
චත්තාරොමෙ ආනන්ද අත්ථවසෙ සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති. කතමෙ චත්තාරො?
ආනන්දය, මේ සතර කරුණක් දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් සතුටු වෙයි. කවර සතර කරුණෙක යත්:
ඉධානන්ද පාපභික්ඛු දුස්සීලො හොති පාපධම්මො අසුචි සඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො. තස්ස එවං හොති: “සචෙ ඛො මං භික්ඛූ ජානිස්සන්ති: ‘දුස්සීලො පාපධම්මො අසුචි සංකස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො අබ්රහ්මචාරී බ්රහ්මචාරීපටිඤ්ඤො අන්තොපූති අවස්සුතො කසම්බුජාතො’ති. සමග්ගා මං සන්තා නාසිස්සන්ති. වග්ගා පන මං න නාසිස්සන්තී”ති. ඉදං ආනන්ද පඨමං අත්ථවසං සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති.
ආනන්දය, මෙසස්නෙහි පවිටු මහණ දුසිල් වූයේ, ලමුදහම් ඇතියේ, කෙලෙසුන් විසින් අපවිත්‍ර වූයේ, සැකයෙන් සිහිකළ යුතු හැසිරීම් ඇතියේ, පිළිසන් කර්මාන්ත ඇතියේ, අශ්‍රමණ වූයේත්, ‘ශ්‍රමණයෙමි යි’ ප්‍රතිඥා කරණුයේ, අබ්රහ්මචාරී වූයේත්, ‘බ්‍රහ්මචාරීමි’ යි ප්‍රතිඥා කරණුයේ, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයේ, කෙලෙසුන් විසින් තෙත් වූයේ, හටගත් කෙලෙස්කසළ ඇතියේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු සිල් නැත්තෙක, පාපධර්ම ඇත්තෙක, කෙලෙසුන් විසින් අපවිත්රයෙක, සැකයෙන් සිහි කළයුතු හැසිරීම් ඇත්තෙක, පිළිසන් කර්මාන්ත ඇත්තෙක, අශ්‍රමණ වූයේත් ‘ශ්‍රමණයෙමි’ යි ප්‍රතිඥා කරන්නෙක, අබ්රහ්මචාරී වූයේත්, ‘බ්‍රහ්මචාරීමි’ යි ප්‍රතිඥා කරන්නෙක, කෙලෙසුන් විසින් ඇතුළත දුඟඳ වූයෙක, කෙලෙසුන් විසින් තෙත් වූයෙක, උපන් කෙලෙස් කසළ ඇතියෙකැ’ යි මා දනිත් නම් සමග වූ ඒ මහණහු මා නෙරත්. වැලිත් වර්ග වූවාහු මා නො නෙරත්” කියා යි ආනන්දය, මේ පළමුවන කරුණ දක්මින් පවිවු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
පුන චපරං ආනන්ද පාපභික්ඛු මිච්ඡාදිට්ඨිකො හොති අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො. තස්ස එවං හොති: “සචෙ ඛො මං භික්ඛූ ජානිස්සන්ති ‘මිච්ඡාදිට්ඨිකො අන්තග්ගාහිකාය දිට්ඨියා සමන්නාගතො’ති. සමග්ගා මං සන්තා නාසිස්සන්ති. වග්ගා පන මං න නාසිස්සන්තී”ති. ඉදං ආනන්ද දුතියං අත්ථවසං සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති.
තවද ආනන්දය, පවිටු මහණ මිසදුටු ඇතියේ අන්තග්රාහදෘෂ්ටියෙන් සමන්වාගත වූයේ වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් භික්ෂූහු මිථ්‍යාදෘෂ්ටිකයෙක, අන්තග්රාහදෘෂ්ටියෙන් සමන්වාගතයෙකැ’ යි මා දනිත් ද, සමඟ වූවාහු මා නෙරත්. වර්ග වූවාහු මා නො නෙරත් ය” කියා යි. ආනන්දය, මේ දෙවන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි:
පුන චපරං ආනන්ද පාපභික්ඛු මිච්ඡාආජීවො හොති. මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙති. තස්ස එවං හොති: “සචෙ ඛො මං භික්ඛූ ජානිස්සන්ති: ‘මිච්ඡාආජීවො මිච්ඡාආජීවෙන ජීවිකං කප්පෙතී’ති. සමග්ගා පන මං නාසිස්සන්ති. වග්ගා පන මං න නාසිස්සන්ති”ති. ඉදං ආනන්ද තතියං අත්ථවසං සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති.
තවද ආනන්දය, පවිටු මහණ මිථ්‍යාආජීව ඇති වෙයි. මිථ්‍යාආජීවයෙන් ජීවිකාව කෙරෙහි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු ‘මිථ්‍යා ආජීව ඇතියෙක. මිථ්‍යා ආජීවයෙන් ජීවිකා කෙරේ ය’යි මා දනිත් නම්, සමග්‍ර වූවාහු මා නෙරත්, ව්‍යග්‍ර වූවාහු මා නො නෙරත්ය” කියා යි. ආනන්දය, මේ තුන්වන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
පුන චපරං ආනන්ද පාපභික්ඛු ලාභකාමො හොති සක්කාරකාමො අනවඤ්ඤත්තිකාමො. තස්ස එවං හොති: “සචෙ ඛො මං භික්ඛු ජානිස්සන්ති: ‘ලාභකාමො සක්කාරකාමො අනවඤ්ඤත්තිකාමො’ති, සමග්ගා මං න සක්කරිස්සන්ති න ගරුකරිස්සන්ති න මානෙස්සන්ති න පූජෙස්සන්ති. වග්ගා පන මං සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්තී”ති. ඉදං ආනන්ද චතුත්ථං අත්ථවසං සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දති.
තවද ආනන්දය, පවිටු මහණ ලාභ කැමැති වෙයි. සත්කාර කැමැති වෙයි. නොගරහනු කැමැති වෙයි. ඔහුට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මහණහු ‘ලාභ කැමතියෙක, සත්කාර කැමතියෙක, නොගරහනු කැමැතියෙකැ’ යි මා දනිත් නම්, සමග්‍ර වූවාහු මා නෙරත්, ගරු නො කෙරෙත්, බුහුමන් නො කෙරෙත්, නොපුදත්. ව්‍යග්‍ර වූවාහු මට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙති” යි කියා යි. ආනන්දය, මේ සතරවන කරුණ දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.
ඉමෙ ඛො ආනන්ද චත්තාරො අත්ථවසෙ සම්පස්සමානො පාපභික්ඛු සඞ්ඝභෙදෙන නන්දතීති.
ආනන්දය, මේ සතර කරුණු දක්මින් පවිටු මහණ සඞ්ඝභේදයෙන් තුටු වෙයි.