යෙදුමෙන් කියවන්න

දුතියකම‍්මසුත‍්තං

4. 5. 4. 2.

4. 5. 4. 2.

[දුතියකම‍්මසුත‍්තං]

[දෙවන කර්‍ම සූත්‍රය]

33. චත‍්තාරිමානි භික‍්ඛවෙ කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානි. කතමානි චත‍්තාරි?

33. මහණෙනි, මේ කර්‍මයෝ සතර කෙනෙක් මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසන ලද්දාහු ය. කවර සතර කර්‍මයහ යත්:

අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.

මහණෙනි, අනිෂ්ටවිපාක ඇති අකුශලකර්‍මයෙක් ඇත. මහණෙනි, ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මයෙක් ඇත. මහණෙනි, අනිෂ්ට වූ ද ඉෂ්ට වූ ද විපාක ඇති කෘෂ්ණ-ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, අකෘෂ්ණ-අශුක්ල විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ලකර්‍මයෙක් ඇත.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො සබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සො සබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣං ලොකං උපපජ‍්ජති. තමෙනං සබ්‍යාපජ‍්ඣං ලොකං උපපන‍්නං සමානං සබ්‍යාපජ‍්ඣා ඵස‍්සා ඵුසන‍්ති. සො සබ්‍යාපජ‍්ඣෙහි ඵස‍්සෙහි ඵුට‍්ඨො සමානො සබ්‍යාපජ‍්ඣං වෙදනං වෙදියති එකන‍්තදුක‍්ඛං. සෙය්‍යථාපි සත‍්තා නෙරයිකා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං.

මහණෙනි, අනිෂ්ට විපාක ඇති අකුශලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව්හි ඇතැමෙක් සදොස් වූ (කායද්වාරිකචේතනා සඞ්ඛ්‍යාත) කායසංස්කාරය රැස් කෙරෙයි. සදොස් (වාග්ද්වාරිකචෙතනා සඞ්ඛ්‍යාත) වාක්සංස්කාරය රැස් කෙරෙයි. සදොස් වූ (මනෝද්වාරිකචේතනා සඞ්ඛ්‍යාත) මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ දොස් සහිත කායසංස්කාරය රැස් කොට දොස් සහිත වාක්සංස්කාරය රැස් කොට දොස් සහිත මනඃසංස්කාරය රැස් කොට දුක් සහිත ලෝකයට උත්පත්ති වශයෙන් පැමිණෙයි. දුක් සහිත ලොව්හි උපන් ඔහු දුක් සහිත විපාකස්පර්‍ශයෝ පහස්නාහ. දුක් සහිත ස්පර්‍ශයන් විසින් පහස්නා ලද හේ ඒකාන්තයෙන් දුක් වූ ආබාධ සහිත විපාකවේදනාව විඳියි. නිරිසතුන් සෙයිනි. මහණෙනි, මේ අනිෂ්ටවිපාක ඇති අකුශලකර්‍මය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො අබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, අබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, අබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සො අබ්‍යාපජ‍්ඣං කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා අබ්‍යාපජ‍්ඣං වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා අබ්‍යාපජ‍්ඣං මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා අබ්‍යාපජ‍්ඣං ලොකං උපපජ‍්ජති. තමෙනං අබ්‍යාපජ‍්ඣං ලොකං උපපන‍්නං සමානං අබ්‍යාපජ‍්ඣා ඵස‍්සා ඵුසන‍්ති. සො අබ්‍යාපජ‍්ඣෙහි ඵස‍්සෙහි ඵුට‍්ඨො සමානො අබ්‍යාපජ‍්ඣං වෙදනං වෙදියති එකන‍්තසුඛං. සෙය්‍යථාපි දෙවා සුභකිණ‍්හා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං.

මහණෙනි, ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මය කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් නිදොස් වූ කායසංස්කාරය රැස් කෙරෙයි. නිදොස් වූ වාක්සංස්කාරය රැස් කෙරෙයි. නිදොස් වූ මනඃසංස්කාරය රැස් කෙරෙයි. හේ නිදොස් වූ කායසංස්කාරය රැස් කොට නිදොස් වූ වාක්සංස්කාරය රැස් කොට නිදොස් වූ මනඃසංස්කාරය රැස් කොට නිදුක් ලොවට එළඹෙයි. නිදුක් ලොවට එළඹි ඔහු දුක් රහිත විපාක ස්පර්‍ශයෝ පහස්නාහ. නිදුක් ස්පර්‍ශයන් විසින් පහස්නා ලද හේ ඒකාන්තසුඛ වූ නිරාබාධවේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. මහණෙනි, මේ ඉෂ්ටවිපාක ඇති කුශලකර්‍මය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං? ඉධ භික‍්ඛවෙ එකච‍්චො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති. සො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි කායසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි වචීසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි මනොසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරිත්‍වා සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි ලොකං උපපජ‍්ජති. තමෙනං සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි ලොකං උපපන‍්නං සමානං සබ්‍යාපජ‍්ඣාපි අබ්‍යාපජ‍්ඣාපි ඵස‍්සා ඵුසන‍්ති. සො සබ්‍යාපජ‍්ඣෙහිපි අබ්‍යාපජ‍්ඣෙහිපි ඵස‍්සෙහි ඵුට‍්ඨො සමානො සබ්‍යාපජ‍්ඣම‍්පි අබ්‍යාපජ‍්ඣම‍්පි වෙදනං වෙදියති වොකිණ‍්ණසුඛදුක‍්ඛං. සෙය්‍යථාපි මනුස‍්සා එකච‍්චෙ ච දෙවා එකච‍්චෙ ච විනිපාතිකා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං.

මහණෙනි, ඉෂ්ටානිෂ්ට විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍ම කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් සදොස් වූත් නිදොස් වූත් කායසංස්කාර රැස් කෙරෙයි සදොස් වූත් නිදොස් වූත් වාක්සංස්කාර රැස් කෙරෙයි. සදොස් වූත් නිදොස් වූත් මනඃසංස්කාර රැස් කෙරෙයි. හේ සදොස් වූත් නිදොස් වූත් කායසංස්කාර රැස් කොට සදොස් වූත් නිදොස් වූත් වාක්සංස්කාර රැස් කොට සදොස් වූත් නිදොස් වූත් මනඃසංස්කාර රැස් කොට සදුක් වූ ද නිදුක් වූ ද ලෝකයට එළඹෙයි. සදුක් වූ ද නිදුක් වූ ද ලොවට එළඹි ඔහු දුක් සහිත වූ ද දුක් රහිත වූ ද විපාකස්පර්‍ශයෝ පහස්නාහ. සදුක් වූ ද නිදුක් වූ ද ස්පර්‍ශයන් විසින් පහස්නා ලද හේ ව්‍යතිමිශ්‍රසුඛදුඃඛ ඇති සදුක් වූත් නිදුක් වූත් විපාකවේදනා විඳියි. මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියන් හා ඇතැම් විනිපාතිකයන් ද සෙයිනි. මහණෙනි, මේ ඉටු අනිටු විපාක ඇති කෘෂ්ණශුක්ලකර්‍මය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති? තත්‍ර භික‍්ඛවෙ යමිදං කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං තස‍්ස පහාණාය යා චෙතනා, යම‍්පිදං කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං තස‍්ස පහාණාය යා චෙතනා, යම‍්පිදං කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං තස‍්ස පහාණාය යා චෙතනා, ඉදං වුච‍්චති භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හ අසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.

මහණෙනි, කර්‍මක්‍ෂය පිණිස පවත්නා කෘෂ්ණවිපාකත් නො වූ ශුක්ලවිපාකත් නො වූ අකෘෂ්ණඅශුක්ලකර්‍මය කවරේ ය? මහණෙනි, එහි ලා යම් කර්‍මයෙක් කෘෂ්ණ වේ ද කෘෂ්ණවිපාක වේ ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද්ද, යම් කර්‍මයෙක් ශුක්ල වේ ද ශුක්ලවිපාක වේ ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද්ද, යම් කර්‍මයෙක් කෘෂ්ණශුක්ල වේ ද කෘෂ්ණශුක්ලවිපාකත් වේ ද, ඒ කර්‍මයාගේ ප්‍රහාණය පිණිස යම් චේතනායෙක් ඇද්ද, මහණෙනි, මේ කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණඅශුක්ල වූ අකෘෂ්ණඅශුක්ලවිපාකත් වූ කර්‍මය යි කියනු ලැබේ.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානීති.

මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට පවසන ලදහ.