යෙදුමෙන් කියවන්න

පඨම කම‍්මසුත‍්තං

4. 5. 4. 1.

4. 5. 4. 1.

[පඨම කම‍්මසුත‍්තං]

[ප්‍රථම කර්‍ම සූත්‍රය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

32. චත‍්තාරිමානි භික‍්ඛවෙ කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානි. කතමානි චත‍්තාරි?

32. මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලද්දාහු ය. කවර සතර කර්‍මයහ යත්:

අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හං කණ‍්හවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං සුක‍්කං සුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං කණ‍්හසුක‍්කං කණ‍්හසුක‍්කවිපාකං. අත්‍ථි භික‍්ඛවෙ කම‍්මං අකණ‍්හං අසුක‍්කං අකණ‍්හඅසුක‍්කවිපාකං කම‍්මක‍්ඛයාය සංවත‍්තති.

මහණෙනි, කෘෂ්ණවිපාක ඇති කෘෂ්ණ (අකුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, ශුක්ල විපාක ඇති ශුක්ල (කුශල) කර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ වූ ද ශුක්ල වූ ද විපාක ඇති (මිශ්‍රක වන) කෘෂ්ණ-ශුක්ලකර්‍මයෙක් ඇත. මහණෙනි, කෘෂ්ණ ද නො වූ ශුක්ල ද නො වූ විපාක ඇති කර්‍මක්‍ෂය පිණිස පවත්නා අකෘෂ්ණ-අශුක්ල (චතුර්මාර්‍ගඥාන) කර්‍මයෙක් ඇත.

ඉමානි ඛො භික‍්ඛවෙ චත‍්තාරි කම‍්මානි මයා සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා පවෙදිතානීති.

මහණෙනි, මේ සතර කර්‍මයෝ මා විසින් තමන් ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරණ ලදහ.